1 රාජාවලිය 2:2-3
1 රාජාවලිය 2:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මේ මිහි මත සියල්ලන් යන මාර්ගයේ මා යන්නට ළඟයි. දැන් ඔබ ශක්තිමත් වන්න. පුරුෂයකු මෙන් සිටින්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නීති පිළිපදින්න: උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්න; මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි උන්වහන්සේගේ නියෝග හා ආඥා ද උන්වහන්සේගේ නියමයන් හා පනත් ද පිළිපදින්න; එසේ කළ යුත්තේ, ඔබ කරන හැම දෙයකදී හා ඔබ යන එන කොතැනකදී ඔබ සමෘද්ධිමත් වන පිණිසත්
1 රාජාවලිය 2:2-3 Sinhala Revised Old Version (SROV)
මම පොළොවේ සියල්ලන් යන ගමන යමි. එබැවින් නුඹ බලවත්ව පුරුෂයෙකු මෙන් සිටින්න; නුඹ කරන සියල්ලේදීද නුඹ යන සෑම තැන්වලදීද නුඹට ශුභසිද්ධ වෙන පිණිසත්, ස්වාමීන්වහන්සේ මට කථාකොට–නුඹේ පුත්‍රයෝ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මා ඉදිරියෙහි සැබෑකමින් හැසිරෙන හැටියට තමුන්ගේ මාර්ගය බලාගන්නෝ නම් ඉශ්රායෙල් සිංහාසනය පිට හිදීමට නුඹට කෙනෙක් නැතුව නොයන්නේයයි කියා උන්වහන්සේ කීවාවූ තමන්ගේ වචනය උන්වහන්සේ ඉෂ්ටකරන පිණිසත්
1 රාජාවලිය 2:2-3 Sinhala New Revised Version (NRSV)
“කොයිකාටත් පොදු අන්තිම ගමන මම යමි. එබැවින් ඔබ ශක්තිමත් වී, වීරයෙකු මෙන් ක්‍රියා කරන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියමයන් ඉටු කරමින්, දෙවි මඟ ගමන් කරන්න. ඔබ කරන සියල්ලේ දී ද ඔබ යන සෑම තැන්වල දී ද ඔබට ශුභසිද්ධිය සැලසෙන පිණිස මෝසෙස්ගේ නීති සංග්‍රහයේ සටහන් පරිදි උන් වහන්සේගේ ආඥා හා පණත් ද විනිශ්චයයන් හා ශික්ෂා පද ද පිළිපදින්න.
1 රාජාවලිය 2:2-3 Sinhala New Revised Version 2018 (SNRV)
“කොයිකාටත් පොදු අන්තිම ගමන මම යමි. එබැවින් ඔබ ශක්තිමත් වී, වීරයෙකු මෙන් ක්‍රියා කරන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියමයන් ඉටු කරමින්, දෙවි මඟ ගමන් කරන්න. ඔබ කරන සියල්ලේ දී ද ඔබ යන සෑම තැන්වල දී ද ඔබට ශුභසිද්ධිය සැලසෙන පිණිස මෝසෙස්ගේ නීති සංග්‍රහයේ සටහන් පරිදි උන් වහන්සේගේ ආඥා හා පනත් ද විනිශ්චයයන් හා ශික්ෂා පද ද පිළිපදින්න.
1 රාජාවලිය 2:2-3 New International Version (NIV)
“I am about to go the way of all the earth,” he said. “So be strong, act like a man, and observe what the LORD your God requires: Walk in obedience to him, and keep his decrees and commands, his laws and regulations, as written in the Law of Moses. Do this so that you may prosper in all you do and wherever you go