1 රාජාවලිය 16:21-30
1 රාජාවලිය 16:21-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ඉශ්‍රායෙල් ජනයා දෙපිලකට බෙදුණහ. එක් පිලක් ගීනත්ගේ පුත් තිබ්නී රජකර ගැනීමට ඔහුට සහාය දැක් වූ අතර අනෙක් පිල ඔම්රීට සහාය දැක්වී ය. එහෙත් ඔම්රීගේ සගයින් ගීනත්ගේ පුත් තිබ්නීගේ අයට වඩා බලවත් වූයෙන්, තිබ්නී මිය ගියේ ය. ඔම්රී රජකමට පත් විය. යූදාහි රජු වූ ආසාගේ තිස් එක් වන වසරේ, ඔම්රී ඉශ්‍රායෙල්හි රජකමට පත් වී දොළොස් වසරක් රජකම් කළේ ය. ඉන් වසර හයක් තිර්සාහි දී ය. ඔහු සමාරිය කන්ද, ෂෙමෙර්ගෙන් රිදී තලෙන්ත දෙකකට මිල දී ගෙන, ඒ කන්ද පිට පුරවරයක් ඉදි කොට, ඊට සමාරිය යන නම තැබුවේ, කන්දේ මුල් හිමිකරු වන ෂෙමෙර්ගේ නමට අනුව ය. එහෙත් ඔම්රී ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුර කරමින්, ඔහුට පෙර සිටි සියල්ලන්ට ම වඩා පව් කළේ ය. ඔහු නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ මුළු මාර්ගයේ යමින්, තමන්ගේ නිරර්ථක දේවතා පිළිම මගින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෝප ගැන්වීමට ඉශ්‍රායෙල්වරුන්ට සැලැස්වීමෙන් ඔහු කළ පාපයේ ගැලුණේ ය. ඔම්රී සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ දෑ හා ඔහු කළ බලවත් ක්‍රියා ද ඉශ්‍රායෙල්හි රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? ඔම්රී තම පියවරුන් සමඟ සැතපුණෙන්, සමාරියෙහි භූමදාන කෙරිණි. ඔහුගේ පුත් ආහාබ් ඔහු වෙනුවට රජකමට පත් විය. යූදාහි රජු වූ ආසාගේ තිස්අට වන වසරේ ඔම්රීගේ පුත් ආහාබ්, ඉශ්‍රායෙල්හි රජකමට පත් වී, සමාරියෙහි වසර විසිදෙකක් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම් කළේ ය. ඔම්රීගේ පුත් ආහාබ් තමාට පෙර සිටි හැමට වඩා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුර කළේ ය.
1 රාජාවලිය 16:21-30 Sinhala Revised Old Version (SROV)
එකල ඉශ්රායෙල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත්‍රවූ තිබ්නී රජකරගන්ට ඔහුට එකතුවුණේය; අනික් කොටස ඔම්රීට එකතුවුණේය. නුමුත් ඔම්රීට එකතුවුණ සෙනඟ ගීනත්ගේ පුත්‍රවූ තිබ්නීට එකතුවුණ සෙනඟ පරාජය කළෝය. මෙසේ තිබ්නී මෙළේය, ඔම්රී රජවුණේය. යූදාහි රජවූ ආසාගේ තිස් එක්වෙනි අවුරුද්දේදී ඔම්රී ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී දොළොස් අවුරුද්දක් රජකම්කෙළේය. තිර්ශාහි ඔහු අවුරුදු හයක් රජකම්කෙළේය. ඔහු සමාරිය කන්ද රිදී තලෙන්ත දෙකකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි ගොඩනගා, තමා ගොඩනැගූ නුවරට කන්ද අයිතිකාරයාවූ ෂෙමෙර්ගේ නාමය ප්‍රකාර සමාරිය යන නම තැබුවේය. ඔම්රී ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට තමාට පළමුවෙන් සිටි සියල්ලටම වඩා දුෂ්ටලෙස ක්‍රියාකෙළේය. මක්නිසාද ඔහු නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ සියලු මාර්ගවලද තමාගේ නිරර්ථක රූපවලින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට ඉශ්‍රායෙල්ට පව් කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපවල හැටියටද හැසුරුණේය. ඔම්රී කළාවූ අනික් ක්‍රියාද ඔහු කළ බලවන්තකම්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? ඔම්රී තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආහබ් ඔහු වෙනුවට රජවුණේය. යූදාහි රජවූ ආසාගේ තිස් අටවෙනි අවුරුද්දේදී ඔම්රීගේ පුත්‍රවූ ආහබ් ඉශ්‍රායෙල් කෙරෙහි රජ වී, සමාරියේ විසි දෑවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කෙළේය. ඔම්රීගේ පුත්‍රවූ ආහබ්ද තමාට පළමුවෙන් සිටි සෑමදෙනාට වඩා ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
1 රාජාවලිය 16:21-30 Sinhala New Revised Version (NRSV)
එකල ඉශ්රායෙල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත් තිබ්නී රාජ ධුරයට පත් කරගැනීමට ඔහුට එකතු වූ හ. අනෙක් කොටස ඔම්රීට එකතු වූ හ. එහෙත්, ඔම්රීට එකතු වුණ සෙනඟ ගීනත්ගේ පුත් තිබ්නීට එකතු වූ සෙනඟ පරාජය කළෝ ය. මෙසේ තිබ්නී මළේ ය. ඔම්රී රජ විය. ජුදාහි රජ වූ ආසාගේ තිස්එක් වන අවුරුද්දේ දී ඔම්රී ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දොළොස් අවුරුද්දක් රජකම් කෙළේ ය. තිර්ශාහි ඔහු අවුරුදු හයක් රජකම් කෙළේ ය. ඔහු සමාරිය කන්ද රිදී කාසි හයදහසකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි නගරයක් ගොඩනඟා, තමා ගොඩනැඟුවාවූ නගරයට කන්ද අයිතිකරු වූ ෂෙමෙර්ගේ නාමය අනුව සමාරිය යන නම තැබී ය. ඔම්රී සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට තමාට පළමුවෙන් සිටි සියල්ලන්ට ම වඩා දුෂ්ට ලෙස ක්‍රියා කෙළේ ය. මන්ද, ඔහු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ සියලු මාර්ගවල ද තමාගේ නිරර්ථක දේව රූපවලින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවන ලෙස ඉශ්රායෙල්වරුන්ට කරන්නට සැලැස්සූ ඔහුගේ පාප හැටියට ද පව් කෙළේ ය. ඔම්රී කළ අනික් ක්‍රියා ද ඔහු කළ බලවන්තකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? ඔම්රී මරණයට පත් වූ විට සමාරියෙහි භූමිදාන කරනු ලැබී ය. ඔහුගේ පුත් ආහබ් ඔහු වෙනුවට රජ විය. ජුදාහි රජ වූ ආසාගේ තිස්අට වන අවුරුද්දේ දී ඔම්රීගේ පුත් ආහබ් ඉශ්රායෙල්වරුන්ගේ රජ වී සමාරියේ විසිදෑවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය. ඔම්රීගේ පුත් ආහබ් ද තමාට පළමුවෙන් සිටි සෑම දෙනාට වඩා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
1 රාජාවලිය 16:21-30 Sinhala New Revised Version 2018 (SNRV)

1 රාජාවලිය 16:21-30 New International Version (NIV)
Then the people of Israel were split into two factions; half supported Tibni son of Ginath for king, and the other half supported Omri. But Omri’s followers proved stronger than those of Tibni son of Ginath. So Tibni died and Omri became king. In the thirty-first year of Asa king of Judah, Omri became king of Israel, and he reigned twelve years, six of them in Tirzah. He bought the hill of Samaria from Shemer for two talents of silver and built a city on the hill, calling it Samaria, after Shemer, the name of the former owner of the hill. But Omri did evil in the eyes of the LORD and sinned more than all those before him. He followed completely the ways of Jeroboam son of Nebat, committing the same sin Jeroboam had caused Israel to commit, so that they aroused the anger of the LORD, the God of Israel, by their worthless idols. As for the other events of Omri’s reign, what he did and the things he achieved, are they not written in the book of the annals of the kings of Israel? Omri rested with his ancestors and was buried in Samaria. And Ahab his son succeeded him as king. In the thirty-eighth year of Asa king of Judah, Ahab son of Omri became king of Israel, and he reigned in Samaria over Israel twenty-two years. Ahab son of Omri did more evil in the eyes of the LORD than any of those before him.