1 රාජාවලිය 15:33-34
1 රාජාවලිය 15:33-34 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යූදාහි රජු වූ ආසාගේ තුන්වෙනි වසරේ අහියාගේ පුත් බාෂා, මුළු ඉශ්රායෙල් කෙරෙහි තිර්සාහි රජකමට පත් වී, වසර විසිහතරක් රජකම් කළේ ය. ඔහු යෙරොබොවම් විසින් ඉශ්රායෙල්ට කරන්නට සැලැස් වූ ඔහුගේ පාපයේ හා ඔහුගේ අඩිපාරේ යමින්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු ව තිබූ දේ කළේ ය.
1 රාජාවලිය 15:33-34 Sinhala Revised Old Version (SROV)
යූදාහි ආසාගේ තුන්වෙනි අවුරුද්දේදී අහියාගේ පුත්රවූ බාෂා තිර්ශාහි සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජවී විසිහතර අවුරුද්දක් රජකම්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට යෙරොබොවම්ගේ මාර්ගයෙහිද ඉශ්රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපයේ හැටියටද හැසුරුණේය.
1 රාජාවලිය 15:33-34 Sinhala New Revised Version (NRSV)
ජුදාහි ආසාගේ තුන් වන අවුරුද්දේ දී අහියාගේ පුත්ර වූ බාෂා තිර්ශාහි සියලු ඉශ්රායෙල්වරුන්ගේ රජ වී විසිහතර අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කර ජෙරොබෝවම්ගේ අඩි පාරේ යමින් ඉශ්රායෙල්වරුන් පව් කරන්න සැලැස්සූ පාපය ද කෙළේ ය.
1 රාජාවලිය 15:33-34 Sinhala New Revised Version 2018 (SNRV)
ජුදාහි ආසාගේ තුන් වන අවුරුද්දේ දී අහියාගේ පුත්ර වූ බාෂා තිර්ශාහි සියලු ඉශ්රායෙල්වරුන්ගේ රජ වී විසිහතර අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කර ජෙරොබෝවම්ගේ අඩි පාරේ යමින් ඉශ්රායෙල්වරුන් පව් කරන්න සැලැස්සූ පාපය ද කෙළේ ය.
1 රාජාවලිය 15:33-34 New International Version (NIV)
In the third year of Asa king of Judah, Baasha son of Ahijah became king of all Israel in Tirzah, and he reigned twenty-four years. He did evil in the eyes of the LORD, following the ways of Jeroboam and committing the same sin Jeroboam had caused Israel to commit.