1 රාජාවලිය 12:6-11 - Compare All Versions
1 රාජාවලිය 12:6-11 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු රෙහොබොවම් රජු තම පියා වූ සාලමොන්ගේ ජීවිත සමයේ ඔහු ඉදිරිපිට සිටි වැඩිහිටියන්ගෙන් උපදෙස් අසමින්, “මෙම ජනතාවට පිළිතුරු දීමට ඔබ මට දෙන දැනමුතුකම කුමක් දැ” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “අද ඔබ මේ ජනතාවට සේවකයකු වී, ඔවුන්ට මෙහෙ කොට, සතුටුදායී පිළිතුරක් ඔවුන්ට දෙන්නේ නම්, ඔවුන් හැමදාට ම ඔබේ සේවකයින් වනු ඇතැ” යි පැවසූහ. එහෙත් වැඩිහිටියන් තමාට දුන් උපදෙස ප්‍රතික්ෂේප කළ රෙහොබොවම් තමා සමඟ හැදුණු වැඩුණු, තමාට සේවය කරන තරුණයින්ගෙන් උපදෙස් පැතී ය. ඔහු ඔවුන් අමතමින්, “ඔබගේ දැනමුතුකම කුමක් ද? ‘ඔබගේ පියා අප පිට තැබූ වියගහ සැහැල්ලු කරන්නැ’ යි මට පවසන මේ මිනිසුන්ට අප පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ” යි ඇසී ය. ඔහු සමඟ වැඩුණු තරුණයින් ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ පියා බර වියගහක් අප පිට තැබී ය. අපගේ වියගහ සැහැල්ලු කරන්නැ’ යි ඔබට පවසන මිනිසුන්ට ඔබ කිව යුත්තේ මෙසේයි. ‘මගේ පියාගේ ඉඟටියට වඩා මගේ සුළැඟිල්ල ලොකු ය. මගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම එය තවත් බර කරන්නෙමි. මගේ පියා ඔබ හික්මවූයේ කසවලිනි. මා ඔබ හික්මවන්නේ ගෝනුස්සන්ගෙනි’ යි කියන්නැ” යි පැවසූහ.
1 රාජාවලිය 12:6-11 SROV (Sinhala Revised Old Version)
රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණය කරමින්: මේ සෙනඟට උත්තරදෙන පිණිස නුඹලා මට දෙන දැනමුතුකම කුමක්දැයි ඇසුවේය. ඔව්හු: ඔබ අද මේ සෙනඟට සේවකයෙක් වී, ඔවුන්ට සේවයකොට, ප්‍රිය වචන ඔවුන්ට කථාකර උත්තරදෙන්නෙහි නම්, ඔවුන් සෑමකල්ම ඔබගේ සේවකයන් වෙනවා ඇතැයි ඔහුට කීවෝය. එහෙත් වැඩිමහල්ලන් ඔහුට කීවාවූ දැනමුතුකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණාවූ තමා ඉදිරියෙහි සිටියාවූ තරුණයන් සමඟ මන්ත්‍රණය කරමින්, ඔවුන්ට කථාකොට: ඔබගේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලුකළමැනවැයි මට කීවාවූ මේ සෙනඟට අප විසින් උත්තර දෙන පිණිස නුඹලා මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කථාකොට: ඔබගේ පියාණෝ අප පිට බර වියගහක් තැබූහ, එහෙත් ඔබ ඒක අපට සැහැල්ලුකළමැනවැයි කියා ඔබට කීවාවූ මේ සෙනඟට ඔබ මෙසේ කිය යුතුය–මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ සුළගිල්ල ලොකුය. එසේය, මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, මම වනාහි නුඹලාගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් නුඹලාට දඬුවම් කළාහ, මම ගෝනුස්සන්ගෙන් නුඹලාට දඬුවම්කරන්නෙමියි කියා ඔවුන්ට කිය යුතුයයි කීවෝය.
1 රාජාවලිය 12:6-11 NRSV (Sinhala New Revised Version)
රෙහොබෝවම් රජ තම පිය සලමොන් ජීවත් ව සිටිය දී ඔහුට උපදෙස් දුන් ප්‍රජා මූලිකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ මට දෙන දැනුමැතිකම කුමක් දැ”යි ඇසී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබ අද මේ සෙනඟට සේවකයෙකු වී, ඔවුන්ට සේවය කොට, ප්‍රිය වචනයෙන් ඔවුන්ට කතා කරමින් උත්තර දෙන්නෙහි නම්, ඔවුන් සෑම කල්හි ඔබේ සේවකයන් වනු ඇතැ”යි කී හ. එහෙත්, ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණු තමන්ට උපදේශ දුන් තරුණයන් සමඟ මන්ත්‍රණය කරමින්, ඔවුන්ට කතා කොට, “ ‘ඔබේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනව’යි මට කී සෙනඟට මා උත්තර දෙන පිණිස ඔබ මන්ත්‍රණය කර කියන්නේ කුමක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කතා කොට, “ ‘ඔබේ පියාණෝ අප පිට බර වියගහක් තැබූ හ. එහෙත්, ඔබ එය අපට සැහැල්ලු කළ මැනව’යි ඔබට කී මේ සෙනඟට ඔබ මෙසේ කිව යුතු ය: ‘මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ සුළැඟිල්ල ලොකු ය. එසේ ය, මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. මම වනාහි ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ, සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම කටු කසවලින් ඔබට දඬුවම් කරන්නෙමි’යි ඔවුන්ට දැන්විය යුතු ය”යි කී හ.
1 රාජාවලිය 12:6-11 SNRV (Sinhala New Revised Version 2018)

1 රාජාවලිය 12:6-11 NIV (New International Version)
Then King Rehoboam consulted the elders who had served his father Solomon during his lifetime. “How would you advise me to answer these people?” he asked. They replied, “If today you will be a servant to these people and serve them and give them a favorable answer, they will always be your servants.” But Rehoboam rejected the advice the elders gave him and consulted the young men who had grown up with him and were serving him. He asked them, “What is your advice? How should we answer these people who say to me, ‘Lighten the yoke your father put on us’?” The young men who had grown up with him replied, “These people have said to you, ‘Your father put a heavy yoke on us, but make our yoke lighter.’ Now tell them, ‘My little finger is thicker than my father’s waist. My father laid on you a heavy yoke; I will make it even heavier. My father scourged you with whips; I will scourge you with scorpions.’ ”