1 රාජාවලිය 12:1-30
1 රාජාවලිය 12:1-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රෙහොබොවම් ෂෙකෙම් වෙත ගියේ ය. මන්ද සියලු ඉශ්‍රායෙල්වරු ඔහු රජකමට පත් කරන්නට එහි ගොස් සිටියහ. සාලමොන්ගේ මරණය ඇසූ විගස, නෙබාට්ගේ පුත් යෙරොබොවම් ඊජිප්තුවේ සිට පෙරළා ආවේ ය. (මන්ද ඔහු සාලමොන් රජු වෙතින් ඊජිප්තුවට පලා ගොස් තවම එහි සිටියේ ය.) එබැවින් ඔවුහු යෙරොබොවම් කැඳවා යැවූහ. ඔහු මුළු ඉශ්රායෙල් සභාව සමඟ රෙහොබොවම් වෙත ගොස්, ඔහුට කතා කොට, “ඔබේ පියා බර වියගහක් අප පිට තැබී ය. එහෙත් දැන් ඒ කර්කශ මෙහෙවර ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කරන්න. එවිට අපි ඔබට මෙහෙ කරන්නෙමු” යි පැවසී ය. රෙහොබොවම් පිළිතුරු දෙමින්, “යන්න, තව දින තුනකින් නැවත මා වෙත එන්නැ” යි පැවසී ය. එබැවින් ජනයා යන්නට ගියහ. ඉන්පසු රෙහොබොවම් රජු තම පියා වූ සාලමොන්ගේ ජීවිත සමයේ ඔහු ඉදිරිපිට සිටි වැඩිහිටියන්ගෙන් උපදෙස් අසමින්, “මෙම ජනතාවට පිළිතුරු දීමට ඔබ මට දෙන දැනමුතුකම කුමක් දැ” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “අද ඔබ මේ ජනතාවට සේවකයකු වී, ඔවුන්ට මෙහෙ කොට, සතුටුදායී පිළිතුරක් ඔවුන්ට දෙන්නේ නම්, ඔවුන් හැමදාට ම ඔබේ සේවකයින් වනු ඇතැ” යි පැවසූහ. එහෙත් වැඩිහිටියන් තමාට දුන් උපදෙස ප්‍රතික්ෂේප කළ රෙහොබොවම් තමා සමඟ හැදුණු වැඩුණු, තමාට සේවය කරන තරුණයින්ගෙන් උපදෙස් පැතී ය. ඔහු ඔවුන් අමතමින්, “ඔබගේ දැනමුතුකම කුමක් ද? ‘ඔබගේ පියා අප පිට තැබූ වියගහ සැහැල්ලු කරන්නැ’ යි මට පවසන මේ මිනිසුන්ට අප පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ” යි ඇසී ය. ඔහු සමඟ වැඩුණු තරුණයින් ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ පියා බර වියගහක් අප පිට තැබී ය. අපගේ වියගහ සැහැල්ලු කරන්නැ’ යි ඔබට පවසන මිනිසුන්ට ඔබ කිව යුත්තේ මෙසේයි. ‘මගේ පියාගේ ඉඟටියට වඩා මගේ සුළැඟිල්ල ලොකු ය. මගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම එය තවත් බර කරන්නෙමි. මගේ පියා ඔබ හික්මවූයේ කසවලිනි. මා ඔබ හික්මවන්නේ ගෝනුස්සන්ගෙනි’ යි කියන්නැ” යි පැවසූහ. “තුන් වන දින මා වෙත යළි එන්නැ” යි රජු කියා තිබූ පරිදි යෙරොබොවම් සහ මුළු ජනතාව තුන් වන දින රෙහොබොවම් වෙත යළි පැමිණියහ. රජු පරුෂ අන්දමින් ජනයාට පිළිතුරු දුන්නේ වැඩිහිටියන්ගේ උපදෙස ප්‍රතික්ෂේප කරමිනි. තරුණයින්ගේ උපදෙසට අනුව ඔහු ඔවුන් අමතමින්, “මගේ පියා ඔබගේ වියගහ බර කළේ ය. මම එය තවත් බර කරන්නෙමි. මගේ පියා ඔබ හික්මවූයේ කසවලිනි. මා ඔබ හික්මවන්නේ ගෝනුස්සන්ගෙනි” යි පැවසී ය. මෙසේ රජු ජනතාවට සවන් දුන්නේ නැත. මන්ද ස්වාමින්වහන්සේ ෂීලෝනීය අහියා ලවා නෙබාට්ගේ පුත් යෙරොබොවම්ට පවසා තිබූ වචනය සම්පූර්ණ වන පිණිස, මේ ලෙස කාරණා වෙනස් වීම පැමිණියේ ස්වාමින්වහන්සේ වෙතිනි. රජු තමන්ට සවන් දීම ප්‍රතික්ෂේප කළ වග දුටු මුළු ඉශ්‍රායෙල් ජනයා රජුට ප්‍රති උත්තර දෙමින්, “දාවිත් සමඟ අපට ඇති පංගුකාරකම කුමක් ද? යෙස්සේගේ පුතා සමඟ අපට මොන උරුමයක් ද? එම්බා ඉශ්‍රායෙල්, නුඹලාගේ කූඩාරම්වලට යනු! එම්බා දාවිත්! ඔබ ඔබේ ම වංශය බලා ගන්නැ” යි පැවසූහ. මෙසේ ඉශ්‍රායෙල්වරු තම තමන්ගේ කූඩාරම් වෙත ගියහ. එහෙත් රෙහොබොවම්, යූදා නගරවල විසූ ඉශ්‍රායෙල්වරුන් පාලනය කළේ ය. රෙහොබොවම් රජු බැළ මෙහෙවර බාර ව සිටි අදොරාම් යැවී ය. එහෙත් සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගසා මැරූහ. රෙහොබොවම් රජු තම රථයට නැග, බේරී යෙරුසලමට පලා යන්නට සමත් විය. මෙසේ ඉශ්‍රායෙල්වරු අද දවස දක්වා දාවිත්ගේ වංශයට එරෙහිව කැරලි ගසමින් සිටිති. යෙරොබොවම් ආපසු පැමිණ ඇති වග ඇසූ සියලු ඉශ්‍රායෙල්වරු ඔහු කැඳවා යවා, රැස්වීමට ඔහු කැඳවාගෙන අවුත්, මුළු ඉශ්‍රායෙල් සඳහා රජකමට ඔහු පත් කර ගත්හ. යූදා ගෝත්‍ර වංශය පමණක් දාවිත් වංශයට පක්ෂපාතී ව සිටියේ ය. යෙරුසලමට පැමිණි රෙහොබොවම්, ඉශ්‍රායෙල් වංශයට එරෙහිව යුද්ධ කර, සාලමොන්ගේ පුත් රෙහොබොවම්ට යළි රාජ්‍යය අත්කර ගන්නා පිණිස මුළු යූදා ගෝත්‍ර වංශයෙන් හා බෙන්යමින් ගෝත්‍රයෙන් තෝරාගත් රණශූරයින් එක්ලක්ෂ අසූදහසක් එක් රැස් කළේ ය. එහෙත් දෙවියන්වහන්සේගේ වචනය, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ ෂෙමායා වෙත පැමිණියේ ය: “සාලමොන්ගේ පුත්, යූදාහි රජු වූ රෙහොබොවම්ටත්, යූදා මුළු වංශයටත්, බෙන්යමින්ටත්, සෙසු ජනයාටත් මෙසේ කියන්න, ‘ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඔබේ සහෝදරයන් වන ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව සටනට නො යන්න. ඔබ එකිනෙකා තම තමන්ගේ නිවසට ආපසු යන්න. මන්ද මේ දේ මගෙන් පැමිණියකි.’ ” එබැවින් ඔවුහු ස්වාමින්වහන්සේ නියෝග කර තිබූ පරිද්දෙන්, ස්වාමින්වහන්සේගේ වචනයට කීකරු වී, ආපසු තම නිවෙස් කරා ගියහ. ඉන්පසු යෙරොබොවම්, එප්‍රායිම් කඳුකරයේ ෂෙකෙම් ගොඩ නගා, එහි වාසය කළේ ය. ඔහු එතැනින් පිටත් ව ගොස්, පෙනූවෙල් ගොඩ නැගුවේ ය. යෙරොබොවම් කල්පනා කරමින්, “දැන් මේ රාජ්‍යය දාවිත් වංශය වෙත ආපසු හැරී යන්නට පුළුවන. මේ ජනයා යෙරුසලමේ ස්වාමින්වහන්සේගේ මාලිගයේ යාග පූජා ඔප්පු කරන්නට ගියොත්, ඔවුන් තම ස්වාමියා වන යූදාහි රජ රෙහොබොවම්ට තම පක්ෂපාතීත්වය යළි දක්වනු ඇත. ඔවුහු මා මරා, රෙහොබොවම් රජු වෙත ආපසු හැරී යනු ඇතැ” යි සිතී ය. රජු උපදෙස් ගෙන, රන් වස්සන් දෙදෙනකු සෑදවී ය. ඔහු ජනයාට කතා කොට, “යෙරුසලම වෙත යන්නට නුඹලාට වෙහෙස වැඩියි. එම්බා ඉශ්‍රායෙල්! ඊජිප්තුවෙන් නුඹලා පිටතට ගෙනාවා වූ නුඹලාගේ දෙවිවරු මෙන්න!” යි පැවසී ය. ඔහු එකක් බෙතෙල්හි පිහිටුවා, අනෙකා දාන්හි තැබී ය. මෙය පාපයක් බවට පත් විය; ජනයා ඊට වැඳුම් පිදුම් කරන්නට දාන් දක්වා දුර ගියහ.
1 රාජාවලිය 12:1-30 Sinhala Revised Old Version (SROV)
රෙහොබොවම් ෂෙකෙම්ට ගියේය. මක්නිසාද ඔහු රජකොට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරු ෂෙකෙම්ට ආවෝය. තවද සාලමොන් රජු කෙරෙන් පලාගොස් මිසරයෙහි වාසයකළාවූ, නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයෙහි සිටියදීම ඒ බව ඔහුට සැලවිය. ඔව්හු පණිවුඩයක් යවා ඔහු ගෙන්වා ගත්තෝය. යෙරොබොවම්ද මුළු ඉශ්‍රායෙල් සභාවද ඇවිත් රෙහොබොවම්ට කථාකොට: ඔබගේ පියාණෝ අප පිට බර වියගහක් තැබුවාහ. එබැවින් ඔබගේ පියාණන්ගේ දුෂ්කර සේවයද ඔහු අප පිට තැබූ බර වියගහද සැහැල්ලුකළ මැනවි, එවිට අපි ඔබට සේවයකරන්නෙමුයයි කීවෝය. නුඹලා ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැයි ඔහු ඔවුන්ට කීවේය. සෙනඟ පිටත්ව ගියෝය. රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණය කරමින්: මේ සෙනඟට උත්තරදෙන පිණිස නුඹලා මට දෙන දැනමුතුකම කුමක්දැයි ඇසුවේය. ඔව්හු: ඔබ අද මේ සෙනඟට සේවකයෙක් වී, ඔවුන්ට සේවයකොට, ප්‍රිය වචන ඔවුන්ට කථාකර උත්තරදෙන්නෙහි නම්, ඔවුන් සෑමකල්ම ඔබගේ සේවකයන් වෙනවා ඇතැයි ඔහුට කීවෝය. එහෙත් වැඩිමහල්ලන් ඔහුට කීවාවූ දැනමුතුකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණාවූ තමා ඉදිරියෙහි සිටියාවූ තරුණයන් සමඟ මන්ත්‍රණය කරමින්, ඔවුන්ට කථාකොට: ඔබගේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලුකළමැනවැයි මට කීවාවූ මේ සෙනඟට අප විසින් උත්තර දෙන පිණිස නුඹලා මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කථාකොට: ඔබගේ පියාණෝ අප පිට බර වියගහක් තැබූහ, එහෙත් ඔබ ඒක අපට සැහැල්ලුකළමැනවැයි කියා ඔබට කීවාවූ මේ සෙනඟට ඔබ මෙසේ කිය යුතුය–මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ සුළගිල්ල ලොකුය. එසේය, මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, මම වනාහි නුඹලාගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් නුඹලාට දඬුවම් කළාහ, මම ගෝනුස්සන්ගෙන් නුඹලාට දඬුවම්කරන්නෙමියි කියා ඔවුන්ට කිය යුතුයයි කීවෝය. තුන්වෙනි දා නැවත මා ළඟට එන්නැයි රජ නියමකළ හැටියට යෙරොබොවම්ද මුළු සෙනඟද තුන්වෙනි දා රෙහොබොවම් ළඟට ආවෝය. තවද රජ සෙනඟට තද ලෙස උත්තරදෙමින්, වැඩිමහල්ලන් ඔහුට දුන් දැනමිතිකම අත්හැර, තරුණයන්ගේ දැනමිතිකමේ හැටියට ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, නුමුත් මම නුඹලාගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසලවලින් නුඹලාට දඬුවම් කළාහ, මම වනාහි ගෝනුස්සන්ගෙන් නුඹලාට දඬුවම් කරන්නෙමියි කීවේය. මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ පිලොනිය අහියා ලවා නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ට කියෙවු තමන්ගේ වචනය ඉෂ්ටකරන පිණිස ඒ කාරණය ස්වාමීන්වහන්සේගෙන් විය. සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, නුඹලාගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්, නුඹ නුඹේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය. නුමුත් යූදා නුවරවල විසූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි රෙහොබොවම් රජකම් කෙළේය. එවිට රෙහොබොවම් රජ රාජකාරියේ මුලාදෑනියාවූ අදොරාම් යැවීය; සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මැරුවෝය. එවිට රෙහොබොවම් රජ යෙරුසලමට පලායන පිණිස ඉක්මනින් රථයට නැගුණේය. මෙසේ අද දක්වා තිබෙන ප්‍රකාරයට ඉශ්‍රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධව කැරළිගැසුවෝය. යෙරොබොවම් නැවත ආ බව සියලු ඉශ්රායෙල්වරු අසා සභාවට ඔහු ගෙන්වාගන සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකොට පත්කළෝය. යූදා ගෝත්‍රයම මිස දාවිත්ගේ වංශය අනුව ගියාවූ වෙන කිසිවෙක් නොවීය. රෙහොබොවම් යෙරුසලමට පැමිණි විට, ඉශ්රායෙල් වංශයට විරුද්ධව යුද්ධකොට සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම්ට රාජ්‍යය නැවත ගෙනදෙන පිණිස ඔහු මුළු යූදා වංශයද බෙන්යමින් ගෝත්‍රයද වූ තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූ දහසක් රැස්කෙළේය. එහෙත් දෙවියන්වහන්සේගේ වචනය දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ ෂෙමායා වෙතට පැමිණ කියනුයේ: නුඹ සාලමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ රෙහොබොවම්ටත් මුළු යූදා වංශයටත් බෙන්යමින් වංශයටත් ඉතිරි සෙනඟටත් කථාකොට මෙසේ කියන්න– නුඹලා නොයන්න, ඉශ්‍රායෙල් පුත්‍රයන් වන නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මක්නිසාද මේ කාරණය පැමුණුණේ මාගෙන්ය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය. මෙසේ ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දී ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස හැරී ගියෝය. යෙරොබොවම් වනාහි එප්‍රායිම් කඳු රටෙහි ෂෙකෙම් ගොඩනගා එහි වාසයකෙළේය; ඔහු එතැනින් ගොස් පෙනුයෙල් ගොඩනැගුවේය. තවද යෙරොබොවම් තමාගේ සිතින් සිතනුයේ: ඉතින් රාජ්‍යය දාවිත්ගේ වංශයට හැරීයන්නේය. මේ සෙනඟ යෙරුසලමේ තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි පූජා ඔප්පුකරන්ට ගියොත් මේ සෙනඟගේ සිත් තමුන්ගේ ස්වාමිවූ යූදාවරුන්ගේ රජවූ රෙහොබොවම් වෙතට හැරීයන්නේය; තවද ඔවුන් මා මරා යූදාහි රජවූ රෙහොබොවම් වෙතට හැරී යනවා ඇතැයි කීවේය. එවිට රජ මන්ත්‍රණයකොට රන් වස්සන් දෙන්නෙක් සාදවා: යෙරුසලමට නැගීයාම නුඹලාට අමාරු වැඩිය; ඉශ්‍රායෙල්වරුනි, නුඹලා මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹලාගේ දෙවිවරු මේයයි ඔවුන්ට කීවේය. ඔහු එකෙක් බෙතෙල්හි සිටවා අනිකා දාන්හි තැබීය. ඒ කාරණය පාපයක් විය, මක්නිසාද මිනිස්සු ඒ ඉදිරියෙහි වඳින පිණිස දාන් දක්වා ගියේය.
1 රාජාවලිය 12:1-30 Sinhala New Revised Version (NRSV)
රෙහොබෝවම් ෂෙකෙම් නම් ස්ථානයට ගියේ ය. මන්ද, ඔහු රජ කොට පත් කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ෂෙකෙම්ට පැමිණි බැවිනි. තවද, සලමොන් රජු කෙරෙන් පලා ගොස් මිසර දේශයෙහි වාසය කළ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් මිසරයෙහි සිටිය දී ම ඒ බව ඔහුට සැළ විය. මිනිස්සු පණිවුඩයක් යවා ඔහු ගෙන්වාගත්හ. ජෙරොබෝවම් හා මුළු ඉශ්රායෙල් සභාව පැමිණ, රෙහොබෝවම්ට කතා කොට, “ඔබේ පියාණෝ අප පිට බර වියගහක් තැබූ හ. එබැවින් ඔබේ පියාණන් පැවරූ දුෂ්කර සේවය ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කළ මැනව. එවිට අපි ඔබට සේවය කරන්නෙමු”යි කීවෝ ය. “ඔබ ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැ”යි ඔහු ඔවුන්ට කී විට සෙනඟ පිටත් ව ගියහ. රෙහොබෝවම් රජ තම පිය සලමොන් ජීවත් ව සිටිය දී ඔහුට උපදෙස් දුන් ප්‍රජා මූලිකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ මට දෙන දැනුමැතිකම කුමක් දැ”යි ඇසී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබ අද මේ සෙනඟට සේවකයෙකු වී, ඔවුන්ට සේවය කොට, ප්‍රිය වචනයෙන් ඔවුන්ට කතා කරමින් උත්තර දෙන්නෙහි නම්, ඔවුන් සෑම කල්හි ඔබේ සේවකයන් වනු ඇතැ”යි කී හ. එහෙත්, ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණු තමන්ට උපදේශ දුන් තරුණයන් සමඟ මන්ත්‍රණය කරමින්, ඔවුන්ට කතා කොට, “ ‘ඔබේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනව’යි මට කී සෙනඟට මා උත්තර දෙන පිණිස ඔබ මන්ත්‍රණය කර කියන්නේ කුමක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කතා කොට, “ ‘ඔබේ පියාණෝ අප පිට බර වියගහක් තැබූ හ. එහෙත්, ඔබ එය අපට සැහැල්ලු කළ මැනව’යි ඔබට කී මේ සෙනඟට ඔබ මෙසේ කිව යුතු ය: ‘මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ සුළැඟිල්ල ලොකු ය. එසේ ය, මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. මම වනාහි ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ, සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම කටු කසවලින් ඔබට දඬුවම් කරන්නෙමි’යි ඔවුන්ට දැන්විය යුතු ය”යි කී හ. ‘තුන් වන දින නැවත මා ළඟට එන්න’ කියා රජු නියම කළ හැටියට ජෙරොබෝවම් හා මුළු සෙනඟ තුන් වන දින රෙහොබෝවම් ළඟට පැමිණියහ. රජ ද ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම අත්හැර, සෙනඟට තදින් උත්තර දෙමින්, තරුණයන්ගේ දැනුමැතිකමේ හැටියට ඔවුන්ට කතා කොට, “මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. එහෙත්, මම ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි”යි කී ය. මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ෂිලෝහි අහියා ලවා නෙබාත්ගේ පුත්‍ර වූ ජෙරොබෝවම්ට දෙන ලද තමන්ගේ පණිවුඩය ඉෂ්ට කරන පිණිස ඒ කරුණු එලෙස උන් වහන්සේගෙන් විය. සියලු ඉශ්රායෙල්වරු රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කුමක් ද? ජෙස්සේගේ පුතුගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ ගෙවලට යන්න. ඉතින් දාවිත් රජතුමෙනි, ඔබ ඔබේ ම ගෝත්‍රය බලාගන්නැ”යි කියා තම තමන්ගේ ගෙවලට ගියෝ ය. එහෙත්, ජුදා නගරවල විසූ ඉශ්රායෙල් ජනයා කෙරෙහි රෙහොබෝවම් රජකම් කෙළේ ය. එවිට රෙහොබෝවම් රජ රාජකාරියේ නිලධාරියා වන අදොරාම් යැවී ය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මරණයට පත් කළෝ ය. එසේ වූ විට රෙහොබෝවම් රජ ජෙරුසලමට පලා යන පිණිස ඉක්මනින් රථයට නැඟුණේ ය. මෙසේ අද දක්වා තිබෙන පරිදි ඉශ්රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධ ව කැරලි ගසන්න වූ හ. ජෙරොබෝවම් නැවත පැමිණි බව සියලු ඉශ්රායෙල්වරු අසා, සභාවට ඔහු ගෙන්වාගෙන, සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජ කොට පත් කළෝ ය. ජුදා ගෝත්‍රය මිස දාවිත්ගේ වංශයට පක්ෂපාත වූ වෙන කිසිවෙක් නො වූ හ. සලමොන්ගේ පුත්‍ර වන රෙහොබෝවම් ජෙරුසලමට පැමිණි විට, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව යුද්ධ කොට, තමාට රාජ්‍යය නැවත දිනාගනු පිණිස, මුළු ජුදා ගෝත්‍රයෙන් හා බෙන්‍ජමින් ගෝත්‍රයෙන් යුද්ධ භටයන් එක්ලක්ෂ අසූදහසක් රැස් කෙළේ ය. එහෙත්, දෙවියන් වහන්සේගේ පණිවුඩය උන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන ෂෙමායා වෙත පැමිණ, “නුඹ සලමොන්ගේ පුත්‍ර ජුදාහි රජ වන රෙහොබෝවම්ටත්, මුළු ජුදා ගෝත්‍රයටත් බෙන්‍ජමින් ගෝත්‍රයටත්, ඉතිරි, සෙනඟටත් කතා කොට මෙසේ කියන්න, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ඉශ්රායෙල් ජනයා වන නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධ ව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මන්ද, මේ කාරණය පැමුණුණේ සමිඳාණන් වහන්සේ වන මගෙන් යැ”යි දැන්වී ය. මෙසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට ඇහුම්කන් දී උන් වහන්සේගේ පණිවුඩය ලෙස හැරී ගියෝ ය. ජෙරොබෝවම් එප්‍රායිම් කඳු රටෙහි ෂෙකෙම් ගොඩනඟා එහි වාසය කෙළේ ය. ඔහු එතැනින් ගොස් පෙනුයෙල් නගරය ශක්තිමත් කෙළේ ය. තවද, ජෙරොබෝවම් කල්පනා කරමින්, ‘දැන් තිබෙන තත්ත්වය අනුව මේ රාජ්‍යයේ සෙනඟ දාවිත්ගේ වංශයට හැරී යනු ඇත. මේ සෙනඟ ජෙරුසලමේ තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පූජා ඔප්පු කරන්න ගියොත්, මේ සෙනඟගේ සිත් තම ස්වාමීන් වූ ජුදාවරුන්ගේ රජ වන රෙහොබෝවම් වෙත ඇදී යන්නේ ය, එවිට ඔවුන් මා මරාදමා ජුදාහි රජ වන රෙහොබෝවම් වෙත හැරී යනු ඇතැ’යි සිතී ය. මෙසේ රජ කල්පනා කොට රන් වස්සන් දෙන්නෙකු සාදා සෙනඟට කතා කොට, “පූජා කිරීම පිණිස ඔබ ජෙරුසලමට මෙතෙක් කල් ගියා ඇති. ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ ගෙනා ඔබේ දෙවිවරු මේ ය”යි ඔවුන්ට කී ය. ඔහු එකෙකු බෙතෙල්හි සිටුවා අනිකා දාන්හි තැබී ය. මෙසේ කිරීම පාපයක් විය. මන්ද, මිනිස්සු ඒ ඉදිරියෙහි වඳින පිණිස දාන් දක්වා ගියෝ ය.
1 රාජාවලිය 12:1-30 Sinhala New Revised Version 2018 (SNRV)

1 රාජාවලිය 12:1-30 New International Version (NIV)
Rehoboam went to Shechem, for all Israel had gone there to make him king. When Jeroboam son of Nebat heard this (he was still in Egypt, where he had fled from King Solomon), he returned from Egypt. So they sent for Jeroboam, and he and the whole assembly of Israel went to Rehoboam and said to him: “Your father put a heavy yoke on us, but now lighten the harsh labor and the heavy yoke he put on us, and we will serve you.” Rehoboam answered, “Go away for three days and then come back to me.” So the people went away. Then King Rehoboam consulted the elders who had served his father Solomon during his lifetime. “How would you advise me to answer these people?” he asked. They replied, “If today you will be a servant to these people and serve them and give them a favorable answer, they will always be your servants.” But Rehoboam rejected the advice the elders gave him and consulted the young men who had grown up with him and were serving him. He asked them, “What is your advice? How should we answer these people who say to me, ‘Lighten the yoke your father put on us’?” The young men who had grown up with him replied, “These people have said to you, ‘Your father put a heavy yoke on us, but make our yoke lighter.’ Now tell them, ‘My little finger is thicker than my father’s waist. My father laid on you a heavy yoke; I will make it even heavier. My father scourged you with whips; I will scourge you with scorpions.’ ” Three days later Jeroboam and all the people returned to Rehoboam, as the king had said, “Come back to me in three days.” The king answered the people harshly. Rejecting the advice given him by the elders, he followed the advice of the young men and said, “My father made your yoke heavy; I will make it even heavier. My father scourged you with whips; I will scourge you with scorpions.” So the king did not listen to the people, for this turn of events was from the LORD, to fulfill the word the LORD had spoken to Jeroboam son of Nebat through Ahijah the Shilonite. When all Israel saw that the king refused to listen to them, they answered the king: “What share do we have in David, what part in Jesse’s son? To your tents, Israel! Look after your own house, David!” So the Israelites went home. But as for the Israelites who were living in the towns of Judah, Rehoboam still ruled over them. King Rehoboam sent out Adoniram, who was in charge of forced labor, but all Israel stoned him to death. King Rehoboam, however, managed to get into his chariot and escape to Jerusalem. So Israel has been in rebellion against the house of David to this day. When all the Israelites heard that Jeroboam had returned, they sent and called him to the assembly and made him king over all Israel. Only the tribe of Judah remained loyal to the house of David. When Rehoboam arrived in Jerusalem, he mustered all Judah and the tribe of Benjamin—a hundred and eighty thousand able young men—to go to war against Israel and to regain the kingdom for Rehoboam son of Solomon. But this word of God came to Shemaiah the man of God: “Say to Rehoboam son of Solomon king of Judah, to all Judah and Benjamin, and to the rest of the people, ‘This is what the LORD says: Do not go up to fight against your brothers, the Israelites. Go home, every one of you, for this is my doing.’ ” So they obeyed the word of the LORD and went home again, as the LORD had ordered. Then Jeroboam fortified Shechem in the hill country of Ephraim and lived there. From there he went out and built up Peniel. Jeroboam thought to himself, “The kingdom will now likely revert to the house of David. If these people go up to offer sacrifices at the temple of the LORD in Jerusalem, they will again give their allegiance to their lord, Rehoboam king of Judah. They will kill me and return to King Rehoboam.” After seeking advice, the king made two golden calves. He said to the people, “It is too much for you to go up to Jerusalem. Here are your gods, Israel, who brought you up out of Egypt.” One he set up in Bethel, and the other in Dan. And this thing became a sin; the people came to worship the one at Bethel and went as far as Dan to worship the other.