1 රාජාවලිය 1:29-30
1 රාජාවලිය 1:29-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට රජු දිවුරුමක් කරමින්, “හැම විපතකින් ම මා ගැලවූ ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් මා ඔබට කළ දිවුරුම සැබවින් ම අද ඉෂ්ට කරන්නෙමි. ඔබේ පුත් සාලමොන් මට පසුව රජකමට පත් වන්නේ ය. ඔහු මගේ සිංහාසනය මත හිඳ, මගේ තැනට පත් වන්නේ යැ” යි කීවේ ය.
1 රාජාවලිය 1:29-30 Sinhala Revised Old Version (SROV)
එවිට රජ කථාකොට: සියලු විපත්තිවලින් මාගේ ප්රාණය මිදුවාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම, සැබවින් නුඹේ පුත්රවූ සාලමොන් මට පසුව රජ වී මා වෙනුවට මාගේ සිංහාසනයෙහි හිඳින්නේය කියා ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් මා විසින් නුඹට දිවුරුම් දුන් ලෙසම සැබවින් අද දවසේ කරමියි කියා දිවුළේය.
1 රාජාවලිය 1:29-30 Sinhala New Revised Version (NRSV)
එවිට රජ තෙම කතා කොට, “සියලු විපත්තිවලින් මාගේ ප්රාණය මිදූ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන්, ‘ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මා වෙනුවට මාගේ සිහසුන අරා හිඳින්නේ ය’යි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා ඔබට දිවුරුම් දුන් ලෙස සැබැවින් ම අද දවසේ කරමි”යි දිවුළේ ය.
1 රාජාවලිය 1:29-30 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට රජ තෙම කතා කොට, “සියලු විපත්තිවලින් මාගේ ප්රාණය මිදූ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන්, ‘ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මා වෙනුවට මාගේ සිහසුන අරා හිඳින්නේ ය’යි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා ඔබට දිවුරුම් දුන් ලෙස සැබැවින් ම අද දවසේ කරමි”යි දිවුළේ ය.
1 රාජාවලිය 1:29-30 New International Version (NIV)
The king then took an oath: “As surely as the LORD lives, who has delivered me out of every trouble, I will surely carry out this very day what I swore to you by the LORD, the God of Israel: Solomon your son shall be king after me, and he will sit on my throne in my place.”