1 රාජාවලිය 1:28-40
1 රාජාවලිය 1:28-40 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට දාවිත් රජු, “බැත්ෂෙබා ඇතුළට කැඳවන්නැ” යි කීවේ ය. එබැවින් ඈ රජු අබියසට පැමිණ, ඔහු ඉදිරියේ සිටගත්තා ය. එවිට රජු දිවුරුමක් කරමින්, “හැම විපතකින් ම මා ගැලවූ ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් මා ඔබට කළ දිවුරුම සැබවින් ම අද ඉෂ්ට කරන්නෙමි. ඔබේ පුත් සාලමොන් මට පසුව රජකමට පත් වන්නේ ය. ඔහු මගේ සිංහාසනය මත හිඳ, මගේ තැනට පත් වන්නේ යැ” යි කීවේ ය. එවිට තම මුහුණ බිමට නමා, ආචාර කළ බැත්ෂෙබා, රජු ඉදිරියේ වැඳ, “මා ස්වාමියාණන් වන දාවිත් රජු සදා දිනේවා!” යි පැවසුවා ය. එවිට දාවිත් රජු, “පූජක සාදෝක්, දිවැසිවර නාතාන් හා යෙහෝයාදාගේ පුත්‍ර බෙනායා ඇතුළට කැඳවන්නැ” යි කීවේ ය. ඔවුන් රජු ඉදිරියට පැමිණි කල, රජු ඔවුන් අමතමින්, “ඔබේ ස්වාමියාණන්ගේ සේවකයින් කැඳවාගෙන, මගේ පුත් සාලමොන්, මගේ ම කොටළුවා පිට හිඳුවා, ගීහොන් වෙත ගෙන යන්න. එහිදී පූජක සාදෝක් හා දිවැසිවර නාතාන් ඉශ්‍රායෙල් කෙරෙහි රජු කොට ඔහු ආලේප කරත්වා! ඉන්පසු හොරණෑ පිඹ, ‘සාලමොන් රජු දිනේවා!’ යි කියමින්, ඔල්වරසන් දෙත්වා! ඉන්පසු ඔබ ඔහු කැටුව යා යුතුයි. ඔහු අවුත්, මගේ සිහසුන මත හිඳ, මා වෙනුවට රජකම් කළ යුතුයි. මම ඔහු ඉශ්‍රායෙල් හා යූදා පාලකයා කොට පත් කළෙමි” යි පැවසී ය. යෙහෝයාදාගේ පුත් බෙනායා, රජුට පිළිතුරු දෙමින්, “ආමෙන්! මා ස්වාමියාණන් වන රජුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ එය ම ප්‍රකාශ කරන සේක්වා! ස්වාමින්වහන්සේ මා ස්වාමියාණන් වන රජතුමා සමඟ සිටි පරිද්දෙන් සාලමොන් සමඟ ද සිට ඔහුගේ සිහසුන මා ස්වාමියාණන් වන දාවිත් රජතුමාගේ සිහසුනට වඩා ශ්‍රේෂ්ඨ කරන සේක්වා!” යි පැවසී ය. එවිට පූජක සාදෝක් ද දිවැසිවර නාතාන් ද යෙහෝයාදාගේ පුත් බෙනායා ද කෙරේතිවරු හා පෙලේතිවරු ද පිටත් ව, දාවිත් රජුගේ කොටළුවා පිට සාලමොන් හිඳුවා, ඔහු පිරිවරා ගීහොන් වෙත ගෙන ගියහ. සාදෝක් පූජකයා ශුද්ධ මණ්ඩපයෙන් තෙල්-අඟ ගෙන, සාලමොන් ආලේප කළේ ය. ඉන්පසු ඔවුහු හොරණෑ හැඬවූහ. මුළු ජනතාව, “සාලමොන් රජු දිගු කල් දිනේවා!” යි කියමින් ඔල්වරසන් දුන්හ. මුළු ජනතාව භූමිය දෙදරුම් කන තරම් හඬින් නළා පිඹිමින්, ප්‍රීති ඝෝෂා කරමින්, ඔහු පසු පස ගියහ.
1 රාජාවලිය 1:28-40 Sinhala Revised Old Version (SROV)
එවිට දාවිත් රජ උත්තරදෙමින්: බැත්-ෂෙබා මා ළඟට කැඳවාගෙන එන්නැයි කීවේය. ඈ රජු වෙතට ඇවිත් රජු ඉදිරියෙහි සිටියාය. එවිට රජ කථාකොට: සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය මිදුවාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම, සැබවින් නුඹේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජ වී මා වෙනුවට මාගේ සිංහාසනයෙහි හිඳින්නේය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් මා විසින් නුඹට දිවුරුම් දුන් ලෙසම සැබවින් අද දවසේ කරමියි කියා දිවුළේය. එවිට බැත්-ෂෙබා මුහුණින් බිමට නැමී රජුට වැඳ: මාගේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවෝ සදහටම ජීවත්වේවයි කීවාය. තවද දාවිත් රජ: ශාදොක් පූජකයාත් නාතාන් අනාගතවක්තෘත් යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාත් මා ළඟට කැඳවාගෙන එන්නැයි කීවේය. ඔව්හු රජු ඉදිරියට ආවෝය. රජද: නුඹලාගේ ස්වාමිහුගේ සේවකයන් කැඳවාගන මාගේ පුත්‍රවූ සාලමොන් මාගේම අශ්වතරයා පිට නංවාගන ගීහොන්ට යන්න. එහිදී ශාදොක් පූජකයා සහ නාතාන් අනාගතවක්තෘ ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේප කෙරෙත්වා. නුඹලාත් හොරණෑව පිඹ–සාලමොන් රජු සැරදේවයි කියන්න. එවිට නුඹලා ඔහු අනුව නැගී එන්න, ඔහුද ඇවිත් මාගේ සිංහාසනය පිට හිඳ ගනීවා; ඔහුම මා වෙනුවට රජ වන්නේය. ඔහු ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද කෙරෙහි අධිපතියා කොට පත්කෙළෙමියි ඔවුන්ට කීවේය. එවිට යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා රජුට උත්තරදෙමින්: ආමෙන්. මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ත් එසේ කියනසේක්වා. ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ සිටියාක් මෙන්ම සාලමොන් සමඟත් සිට ඔහුගේ සිංහාසනය මාගේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවන්ගේ සිංහාසනයටත් වඩා උතුම් කරනසේක්වයි කීවේය. මෙසේ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුද පෙලෙතිවරුද බැස ගොස් දාවිත් රජුගේ අශ්වතරයා පිට සාලමොන් නංවාගන ගීහොන්ට ගියෝය. ශාදොක් පූජකයා කූඩාරමෙන් තෙල් කුලාව රැගෙන ගොස් සාලමොන් ආලේපකෙළේය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝය; මුළු සෙනඟද: සාලමොන් රජු සැරදේවයි කීවෝය. මුළු සෙනඟ ඔහු අනුව ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම්වූ ඔවුන්ගේ ශබ්දයෙන් මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණෝය.
1 රාජාවලිය 1:28-40 Sinhala New Revised Version (NRSV)
එවිට දාවිත් රජ උත්තර දෙමින්, “බැත්-ෂෙබා මා වෙත කැඳවාගෙන එන්නැ”යි කීවේ ය. ඈ රජු වෙත පැමිණ රජු ඉදිරියෙහි සිටියා ය. එවිට රජ තෙම කතා කොට, “සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය මිදූ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන්, ‘ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මා වෙනුවට මාගේ සිහසුන අරා හිඳින්නේ ය’යි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා ඔබට දිවුරුම් දුන් ලෙස සැබැවින් ම අද දවසේ කරමි”යි දිවුළේ ය. එවිට බැත්-ෂෙබා මුණින්තළා වී රජුට වැඳ, “දාවිත් රජතුමා සදහට ම ජීවත් වේ වා!”යි කීවා ය. තවද, දාවිත් රජු, “ශාදොක් පූජකවරයාත්, නාතාන් දිවැසිවරයාත්, ජෙහෝයාදාගේ පුත් බෙනායාත් මා ළඟට කැඳවාගෙන එන්නැ”යි කී විට, ඔව්හු රජතුමා ඉදිරියට ආවෝ ය. රජ තෙම ඔවුන් අමතා, “ඔබේ ස්වාමීන්ගේ නිලධාරීන් කැඳවාගෙන, මා පුත් සලමොන් මාගේ ම කොටළුවා පිට නංවාගෙන ගීහොන් නමැති දිය උල්පත් ළඟට යන්න. එහි දී ශාදොක් පූජකවරයා සහ නාතාන් දිවැසිවරයා ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කොට අභිෂේක කරත් වා. ඔබ ද හොරණෑව පිඹ ‘සලමොන් රජ තෙම සැරදේ වා’යි කියන්න. ඉන්පසු ඔහුට පිටුපසින් ඔබ ආ යුතු ය. ඔහු ද අවුත් මාගේ සිහසුන අරා හිඳගත යුතු ය. ඔහු මා වෙනුවට රජ වනු ඇත. ඔහු ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද කෙරෙහි අධිපතියා කොට පත් කෙළෙමි”යි කීවේ ය. එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා රජුට උත්තර දෙමින්, “එසේ ම වේ වා! මාගේ ස්වාමීන් වන රජතුමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ එසේ වදාරන සේක් වා! සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජතුමන් සමඟ වැඩසිටින ලෙස ම සලමොන් සමඟත් වැඩසිට ඔහුගේ සිහසුන මාගේ ස්වාමීන් වන දාවිත් රජතුමන්ගේ සිහසුනටත් වඩා උසස් කරන සේක් වා!”යි කීවේ ය. මෙසේ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජොහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද ගොස්, දාවිත් රජුගේ කොටළුවා පිට සලමොන් නංවාගෙන ගීහොන් නම් ස්ථානයට පැමිණියහ. ශාදොක් පූජකවරයා මණ්ඩපයෙන් තෙල් කුලාව රැගෙන ගොස් සලමොන් අභිෂේක කෙළේ ය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝ ය. මුළු සෙනඟ ද, “සලමොන් රජු සැරදේ වා”යි කීවෝ ය. මුළු සෙනඟ ඔහු පසුපස ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම් වූ ඔවුන්ගේ ශබ්දයෙන් ඉමහත් ප්‍රීතියකින් ප්‍රීති ප්‍රමෝද වූ හ.
1 රාජාවලිය 1:28-40 Sinhala New Revised Version 2018 (SNRV)

1 රාජාවලිය 1:28-40 New International Version (NIV)
Then King David said, “Call in Bathsheba.” So she came into the king’s presence and stood before him. The king then took an oath: “As surely as the LORD lives, who has delivered me out of every trouble, I will surely carry out this very day what I swore to you by the LORD, the God of Israel: Solomon your son shall be king after me, and he will sit on my throne in my place.” Then Bathsheba bowed down with her face to the ground, prostrating herself before the king, and said, “May my lord King David live forever!” King David said, “Call in Zadok the priest, Nathan the prophet and Benaiah son of Jehoiada.” When they came before the king, he said to them: “Take your lord’s servants with you and have Solomon my son mount my own mule and take him down to Gihon. There have Zadok the priest and Nathan the prophet anoint him king over Israel. Blow the trumpet and shout, ‘Long live King Solomon!’ Then you are to go up with him, and he is to come and sit on my throne and reign in my place. I have appointed him ruler over Israel and Judah.” Benaiah son of Jehoiada answered the king, “Amen! May the LORD, the God of my lord the king, so declare it. As the LORD was with my lord the king, so may he be with Solomon to make his throne even greater than the throne of my lord King David!” So Zadok the priest, Nathan the prophet, Benaiah son of Jehoiada, the Kerethites and the Pelethites went down and had Solomon mount King David’s mule, and they escorted him to Gihon. Zadok the priest took the horn of oil from the sacred tent and anointed Solomon. Then they sounded the trumpet and all the people shouted, “Long live King Solomon!” And all the people went up after him, playing pipes and rejoicing greatly, so that the ground shook with the sound.