1 රාජාවලිය 1:1-53

1 රාජාවලිය 1:1-53 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දාවිත් රජු වියපත් ව, වයස්ගත ව සිටියදී, ඔවුන් පොරෝනවලින් ඔහු වැසූ නමුදු, ඔහු උණුසුම් ව තැබිය නො හැකි විය. එබැවින් ඔහුගේ සේවකයෝ ඔහු අමතා, “රජතුමාට උපස්ථාන කරන්නටත්, සාත්තු කරන්නටත් යොවුන් කන්‍යාවක් සොයන්නට අපට අවසර; අපගේ ස්වාමි රජතුමාට උණුසුම ලැබෙන පිණිස, ඔබේ ළයෙහි සැතපෙන්නටත් ඇයට හැකි යැ” යි පැවසූහ. ඉන්පසු ඔවුහු සුරූපී තරුණියක ඉශ්‍රායෙල් දේශය පුරා සෙවූහ. ඔවුනට ෂූනම්මීය අබිෂග් හමු වූයෙන්, ඔවුහු රජු වෙත ඇය ගෙන ආහ. ඈ ඉතා සුරූපී තරුණියක වූවා ය; ඈ රජුට සාත්තු සප්පායම් කරමින්, ඔහුට මෙහෙ කළා ය. එහෙත් රජු, ඇය හා කායික ව එක්වූයේ නැත. මේ අතර හග්ගීත්ගේ පුත් අදොනීයා තමා ම උසස් කර ගෙන, “මම රජවන්නෙමි” යි පැවසී ය; එබැවින් ඔහු තමාට ම අශ්ව-රථ හා අසරුවන් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පනස්දෙනකු ද සූදානම් කර ගත්තේ ය. “ඔබ මෙසේ හැසිරෙන්නේ මන්දැ?” යි කිසි දිනෙක ඔහුගේ පියා ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණේ නැත. ඔහු ද ඉතා කඩවසම් කෙනකු විය. අබ්සලොම් ළඟට වැඩිමලා ඔහු ය. අදොනීයා, සෙරූයාගේ පුත් යෝවාබ් හා පූජක අබියාතර් සමඟ සාකච්ඡා කළේ ය. ඔවුහු ඔහුට සහයෝගය දුන්හ. එහෙත් පූජක සාදෝක්, යෙහෝයාදාගේ පුත් බෙනායා, දිවැසිවර නාතාන්, ෂිමෙයි හා රේයි ද දාවිත්ගේ විශේෂ ආරක්ෂක කණ්ඩායම ද අදොනීයාට එකතු වුණේ නැත. ඉන්පසු අදොනීයා ඒන්-රොගේල් සමීපයේ සොහෙලෙත් ගල ළඟ බැටළුවන් ද ගවයින් ද තර වස්සන් ද යාග කළේ ය. ඔහු රජුගේ පුතුන් වූ තමාගේ සහෝදරයින් සියලු දෙනාට ද යූදාහි රාජකීය නිලධාරීන් වූ සියලු දෙනාට ද ඇරියුම් කළේ ය. එහෙත් ඔහු දිවැසිවර නාතාන්ට, බෙනායාට, විශේෂ ආරක්ෂක කණ්ඩායමට හෝ තම සහෝදර සාලමොන්ට ඇරියුම් කළේ නැත. එවිට නාතාන්, සාලමොන්ගේ මව වූ බැත්ෂෙබා අමතා, “අපගේ ස්වාමියාණන් වන දාවිත් නො දැන, හග්ගීත්ගේ පුත් අදොනීයා රජකමට පත් වූ වග ඔබට සැල වූයේ නැති ද? එබැවින් දැන් ඔබේ ම ජීවිතයත්, ඔබේ පුත් සාලමොන්ගේ ජීවිතයත් ගලවා ගැනීමට ඔබට අවවාදයක් දෙන්නට ඉඩ දෙන්න. යන්න, ගොස් දාවිත් රජුට කතා කොට මෙසේ කියන්න: ‘මා ස්වාමියාණන් වන රජතුමනි, ඔබ ඔබගේ දාසියට ශපථ කරමින්, “සැබවින් ම ඔබේ පුත් සාලමොන් මට පසුව රජකමට පත් වන්නේ ය; ඔහු මගේ සිහසුන මත හිඳගන්නේ යැ” යි දිවුරුවා නො වේ ද? එසේ නම් අදොනීයා රජ වී සිටින්නේ මන්දැ?’ යි අසන්න. ඔබ රජු සමඟ එසේ කතා කරමින් සිටින අතර මම ඇතුළට ඇවිදින්, ඔබ කී දෑ ස්ථිර කරන්නෙමි” යි පැවසී ය. එබැවින් බැත්ෂෙබා, රජු බැහැ දකින්නට ඔහුගේ කාමරයට ගියා ය. රජු සිටියේ ඉතා වියපත් ව ය. ෂූනම්මීය අබිෂග් රජුට ආවතේව කරමින් සිටියා ය. බැත්ෂෙබා නැමී, රජුට ආචාර කර, වැන්දා ය. එවිට රජු, “ඔබට මොනවද ඕනෑ?” යි ඇසී ය. ඈ ඔහුට පිළිතුරු දෙමින්, “මා ස්වාමිනී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් ඔබේ දාසියට ඔබ දිවුරමින්, ‘ඔබේ පුත් සාලමොන් මට පසුව රජකමට පත් වන්නේ ය. ඔහු මගේ සිහසුන මත හිඳගනු ඇතැ’ යි කීවා නො වේ ද? එහෙත් දැන් අන්න, අදොනීයා රජ වෙලා! ඒත් ඒ වග මා ස්වාමියාණන් වන රජතුමා දන්නේ නැත. ඔහු ගවයින්, තර වස්සන් හා බැටළුවන් මහ ගණනක් යාග කර, රජුගේ පුතුන් සියලු දෙනාටත්, පූජක අබියාතර්ටත්, හමුදාපති යෝවාබ්ටත් ඇරියුම් කර ඇති නමුත්, ඔබේ සේවක සාලමොන්ට ඇරියුම් කර නැත. මා ස්වාමියාණන් වන රජතුමාගෙන් පසු සිංහාසනාරූඪ විය යුත්තේ කවුරුන්දැයි ඔබගෙන් දැනගන්නට අන්න! ඉශ්‍රායෙල් හැමදෙනාගේ ම ඇස් ඔබතුමා දෙස යොමු වී තිබේ. එසේ නූනහොත් මා ස්වාමියාණන් වන රජතුමා තම පියවරුන් සමඟ සැතපුණු වහාම, මා ද මා පුත් සාලමොන් ද වරදකරුවන් සේ සලකනු ලබනවා ඇතැ” යි පැවසුවා ය. ඇය රජු සමඟ කතා කරමින් සිටියදී, දිවැසිවර නාතාන් ද ඇතුළට ආයේ ය. “දිවැසිවර නාතාන් පැමිණ ඇතැ” යි රජුට දන්වන ලදී. එවිට ඔහු රජු ඉදිරියට ගොස්, තම මුහුණ බිමට නමා, රජුට වැන්දේ ය. නාතාන් කතා කොට, “මා ස්වාමි රජතුමනි, ඔබගෙන් පසු අදොනීයා රජ විය යුතු වගත්, ඔහු ඔබගේ සිංහාසනයේ හිඳ ගන්නා වගත් රජතුමා ප්‍රකාශ කර තිබුණේ ද? අද ඔහු ගොස්, ගවයින්, තර වස්සන් හා බැටළුවන් විශාල ගණනක් යාග කර, රජුගේ සියලු පුතුන්ටත්, හමුදා අණ දෙන්නන්ට හා පූජක අබියාතර්ටත් ඇරියුම් කර තිබේ. අන්න දැන්, ඔවුන්, ‘අදොනීයා රජු දිනේවා!’ යි කියමින් ඔහු සමඟ කමින්-බොමින්. එහෙත් ඔහු ඔබගේ සේවක මටත්, පූජක සාදෝක්ටත්, යෙහෝයාදාගේ පුත්‍ර බෙනායාටත්, ඔබගේ සේවක සාලමොන්ටත් ඇරියුම් කළේ නැත. මා ස්වාමි රජතුමාගෙන් පසුව සිංහාසනාරූඪ විය යුත්තේ කවරෙක්දැයි ඔබගේ සේවකයින්ට නො දන්වා මා ස්වාමි රජතුමා එසේ කළාවත් දැ?” යි ඇසී ය. එවිට දාවිත් රජු, “බැත්ෂෙබා ඇතුළට කැඳවන්නැ” යි කීවේ ය. එබැවින් ඈ රජු අබියසට පැමිණ, ඔහු ඉදිරියේ සිටගත්තා ය. එවිට රජු දිවුරුමක් කරමින්, “හැම විපතකින් ම මා ගැලවූ ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් මා ඔබට කළ දිවුරුම සැබවින් ම අද ඉෂ්ට කරන්නෙමි. ඔබේ පුත් සාලමොන් මට පසුව රජකමට පත් වන්නේ ය. ඔහු මගේ සිංහාසනය මත හිඳ, මගේ තැනට පත් වන්නේ යැ” යි කීවේ ය. එවිට තම මුහුණ බිමට නමා, ආචාර කළ බැත්ෂෙබා, රජු ඉදිරියේ වැඳ, “මා ස්වාමියාණන් වන දාවිත් රජු සදා දිනේවා!” යි පැවසුවා ය. එවිට දාවිත් රජු, “පූජක සාදෝක්, දිවැසිවර නාතාන් හා යෙහෝයාදාගේ පුත්‍ර බෙනායා ඇතුළට කැඳවන්නැ” යි කීවේ ය. ඔවුන් රජු ඉදිරියට පැමිණි කල, රජු ඔවුන් අමතමින්, “ඔබේ ස්වාමියාණන්ගේ සේවකයින් කැඳවාගෙන, මගේ පුත් සාලමොන්, මගේ ම කොටළුවා පිට හිඳුවා, ගීහොන් වෙත ගෙන යන්න. එහිදී පූජක සාදෝක් හා දිවැසිවර නාතාන් ඉශ්‍රායෙල් කෙරෙහි රජු කොට ඔහු ආලේප කරත්වා! ඉන්පසු හොරණෑ පිඹ, ‘සාලමොන් රජු දිනේවා!’ යි කියමින්, ඔල්වරසන් දෙත්වා! ඉන්පසු ඔබ ඔහු කැටුව යා යුතුයි. ඔහු අවුත්, මගේ සිහසුන මත හිඳ, මා වෙනුවට රජකම් කළ යුතුයි. මම ඔහු ඉශ්‍රායෙල් හා යූදා පාලකයා කොට පත් කළෙමි” යි පැවසී ය. යෙහෝයාදාගේ පුත් බෙනායා, රජුට පිළිතුරු දෙමින්, “ආමෙන්! මා ස්වාමියාණන් වන රජුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ එය ම ප්‍රකාශ කරන සේක්වා! ස්වාමින්වහන්සේ මා ස්වාමියාණන් වන රජතුමා සමඟ සිටි පරිද්දෙන් සාලමොන් සමඟ ද සිට ඔහුගේ සිහසුන මා ස්වාමියාණන් වන දාවිත් රජතුමාගේ සිහසුනට වඩා ශ්‍රේෂ්ඨ කරන සේක්වා!” යි පැවසී ය. එවිට පූජක සාදෝක් ද දිවැසිවර නාතාන් ද යෙහෝයාදාගේ පුත් බෙනායා ද කෙරේතිවරු හා පෙලේතිවරු ද පිටත් ව, දාවිත් රජුගේ කොටළුවා පිට සාලමොන් හිඳුවා, ඔහු පිරිවරා ගීහොන් වෙත ගෙන ගියහ. සාදෝක් පූජකයා ශුද්ධ මණ්ඩපයෙන් තෙල්-අඟ ගෙන, සාලමොන් ආලේප කළේ ය. ඉන්පසු ඔවුහු හොරණෑ හැඬවූහ. මුළු ජනතාව, “සාලමොන් රජු දිගු කල් දිනේවා!” යි කියමින් ඔල්වරසන් දුන්හ. මුළු ජනතාව භූමිය දෙදරුම් කන තරම් හඬින් නළා පිඹිමින්, ප්‍රීති ඝෝෂා කරමින්, ඔහු පසු පස ගියහ. අදොනීයා හා ඔහු සමඟ සිටි සියලු ආරාධිතයින් සිය භෝජන සංග්‍රහය නිම කරන විට, ඔවුන්ට එය ඇසිණි. හොරණෑ හඬ ඇසූ යෝවාබ්, “මොකක් ද ඒ පුරවරෙන් ඇහෙන ඝෝෂාවේ තේරුම යැ?” යි ඇසී ය. ඔහු එසේ පවසමින් සිටියදී ම, පූජක අබියාතර්ගේ පුත් යොනාතාන් පැමිණියේ ය. එවිට අදොනීයා, “එන්න ඇතුළට; ඔබ විශ්වාස මිනිසෙක්; ඔබ ගෙනෙන්නේ සුබ ආරංචියක් ම යැ” යි පැවසී ය. “ඇත්තට ම එහෙම නො වෙයි!” පිළිතුරු දුන් යොනාතාන්, “අපගේ ස්වාමියාණන් වන දාවිත් රජු, රජකමට සාලමොන් පත් කරලා. රජු, ඔහු සමඟ සාදෝක් පූජකයා ද නාතාන් දිවැසිවරයා ද යෙහෝයාදාගේ පුත්‍ර බෙනායා ද කෙරේතිවරුන් හා පෙලේතිවරුන් ද යැවුවා. ඔවුන් ඔහු නංවාගෙන ගියේ රජුගේ කොටළුවා පිටයි. ගීහොන්හි දී රජකමට ඔහු ආලේප කළේ සාදෝක් පූජකයා හා නාතාන් දිවැසිවරයායි; එතැනින් පිටත් වූ ඔවුන් පුරවරය රැව් පිළිරැව් දෙවමින් නැගූ ජය ඝෝෂා හඬයි දැන් ඔබට ඇසුණේ. දැන් සාලමොන් රාජකීය සිංහාසනයේ අසුන් අරගෙන. එපමණක් නො වෙයි, අපේ ස්වාමියාණන් වන දාවිත් රජුට ප්‍රීතිය ප්‍රකාශ කරන්නට ආ රාජකීය නිලධාරීන් ඔහුට කීවේ, ‘ඔබේ දෙවියන්වහන්සේ ඔබේ නාමයට වඩා සාලමොන්ගේ නාමය බොහෝ කීර්තිමත් වන්නටත්, ඔබට වඩා ඔහුගේ සිහසුන ශ්‍රේෂ්ඨ වන්නටත් සලසන සේක්වා!’ කියායි. එවිට රජු තම සයනය මත නමස්කාර පූර්වක ව හිස නමමින්, කීවේ, ‘අද දවසේ මගේ ම ඇස්වලින් දකින්නට මගේ සිහසුනේ හිඳගන්නට කෙනකු දුන් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා!’ කියායි” පැවසී ය. එවිට අදොනීයාගේ සියලු ආරාධිතයෝ තැති ගෙන, නැගිට, විසිර ගියහ. එහෙත් අදොනීයා, සාලමොන්ට බියෙන් නැගිට ගොස්, පූජාසනයේ අං අල්ලා ගත්තේ ය. එවිට, “අදොනීයා, සාලමොන්ට භයෙන් පූජාසනයේ අං අල්ලාගෙන, ‘සාලමොන් රජු තම සේවකයා කඩුවෙන් නො මරන වගට අද දවසේ මට දිවුරත්වා’ කියා කියතැ” යි සාලමොන්ට දන්වන ලදී. සාලමොන් ඊට ප්‍රතිචාර දක්වමින්, “තමා විශ්වසනීය මිනිසකු වග ඔහු පෙන්වන්නේ නම්, ඔහුගේ හිස කෙසකුදු බිම වැටෙන්නේ නැත; එහෙත් ඔහු තුළ නපුර හමු වුවහොත් ඔහු මරණයට පත් වනු ඇතැ” යි පැවසී ය. එවිට සාලමොන් රජු මිනිසුන් යැවුවෙන්, ඔවුහු පූජාසනය වෙතින් ඔහු ගෙන ආහ. අදොනීයා අවුත්, සාලමොන් රජුට වැන්දේ ය. “ඔබේ නිවසට යන්නැ” යි සාලමොන් පැවසී ය.

1 රාජාවලිය 1:1-53 Sinhala Revised Old Version (SROV)

දාවිත් රජ මහලුව වයස්ගතව සිටිය කල වස්ත්‍රවලින් වසනු ලැබූ නුමුත් ඔහුට උණුහුම ලැබුණේ නැත. එබැවින් ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: රජ්ජුරුවන් ඉදිරියෙහි සිටීමටත් ඔබට සාත්තුකාරියක් වී අපේ ස්වාමිවූ රජ්ජුරුවන්ට උණුහුම ලැබෙන පිණිස ඔබගේ ළයෙහි සැතපීමටත් සුදුසුවූ තරුණ කන්‍යාවක් අපේ ස්වාමිවූ රජ්ජුරුවන්ට සොයාදෙන්ට අපට අවසර ලැබේවයි කීවෝය. ඔව්හු ශෝභන තරුණියෙකු සියලු ඉශ්‍රායෙල් සීමා තුළ සොයා ෂුනම්මිය අබිෂග් සම්බවී ඈ රජු ළඟට ගෙනාවෝය. තරුණියද ඉතා ශෝභනව සිටියාය; ඈ රජුට සාත්තුකාරියක් වී ඔහුට මෙහෙවර කළාය. එහෙත් රජ ඈ නොහැඳින්නේය. එකල හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා: මම රජවෙමියි කියා තමාම උසස්කරගෙන රථද අසරුවන්ද තමාට පෙරටුව දුවන පිණිස මනුෂ්‍යයන් පනස්දෙනෙක්ද සපයාගත්තේය. නුඹ මෙසේ කළේ මන්දැයි කියා ඔහුගේ පියා කවදාවත් ඔහුට සැරකළේ නැත. තවද ඔහු ඉතා ශෝභමාන මනුෂ්‍යයෙක් විය; ඔහු අබ්සලොම්ට පසුව උපන්නේය. ඔහු ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සහ අබියාතර් පූජකයා සමඟ මන්ත්‍රණයකෙළේය. ඔව්හු අදොනියාට පක්ෂව ඔහුට උපකාරකළෝය. නුමුත් ශාදොක් පූජකයාද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අනාගතවක්තෘවූ නාතාන්ද ෂිමෙයිද රේයිද දාවිත්ට අයිති බලවන්තයෝද අදොනියා සමඟ නොවූහ. අදොනියා ඒන්-රොගෙල් ළඟ තිබෙන සොහෙලෙත් ගල ළඟදී බැටළුවන්ද හරකුන්ද තර වස්සන්ද මරා රජුගේ පුත්‍රයන්වූ තමාගේ සියලු සහෝදරයන්ද රජුගේ සේවකයන්වූ සියලු යූදා මනුෂ්‍යයන්ද කැඳෙවූවේය. නුමුත් ඔහු අනාගතවක්තෘවූ නාතාන්ද බෙනායාද බලවන්තයන්ද තමාගේ සහෝදරවූ සාලමොන්ද කැඳෙව්වේ නැත. එවිට නාතාන් සාලමොන්ගේ මව්වූ බැත්-ෂෙබාට කථාකොට: අපේ ස්වාමිවූ දාවිත් නොදැනුවත්ව හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා රජවී සිටින බව නුඹට සැලනොවීද? එබැවින් නුඹේ ජීවිතයත් නුඹේ පුත්‍රවූ සාලමොන්ගේ ජීවිතයත් නුඹ විසින් ආරක්ෂාකරගන්න පිණිස නුඹට දැනමුතුකමක් දෙන්ට මට අවසර ලැබේවා. නුඹ ගොස් දාවිත් රජු ළඟට පැමිණ ඔහුට කථාකොට: මගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි–සැබවින් නුඹේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජවී ඔහු මාගේ සිංහාසනය පිට හිඳගන්නේය කියා ඔබගේ මෙහෙකාරීට ඔබ දිවුරුම් දුන්නා නොවේද? එසේවීනම් අදොනියා රජ වී සිටින්නේ මන්දැයි ඔහුට කියන්න. නුඹ එහි රජ්ජුරුවන් සමඟ කථාකරද්දීම මමත් නුඹට පසුව ඇවිත් නුඹේ වචන ස්ථිර කරන්නෙමියි කීවේය. බැත්-ෂෙබා ඇතුල්ගෙයි සිටි රජු ළඟට ගියාය. රජ ඉතා මහලුව සිටියේය; ෂුනම්මිය අබිෂග් රජුට මෙහෙකරමින් සිටියාය. බැත්-ෂෙබා නැමී රජුට වැන්දාය. නුඹට ඕනෑ මොකදැයි රජ ඇසුවේය. එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔබගේ මෙහෙකාරීට ඔබ දිවුරමින්–සැබවින් නුඹේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජ වී මාගේ සිංහාසනය පිට හිඳගන්නේයයි කීවෙහිය. එහෙත් දැන් අදොනියා රජව සිටියි. මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබ එය නොදන්නෙහිය. ඔහු හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද පූජකවූ අබියාතර්ද සේනාපතිවූ යෝවාබ්ද කැඳෙව්වේය. නුමුත් ඔහු ඔබගේ සේවකයාවූ සාලමොන් කැඳෙවුවේ නැත. ඉතින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබට පසුව මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සිංහාසනය පිට හිඳගත යුත්තේ කවුද කියා ඔබ විසින් ඉශ්‍රායෙල්වරුන්ට දන්වනවා ඇත කියා ඔවුන් සියල්ලෝ බලා සිටිති. එසේ නොකළොත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමන්ගේ පියවරුන් සමඟ සැතපුණාම මාද මාගේ පුත්‍රවූ සාලමොන්ද වරදකාරයන් වෙනවා ඇතැයි ඔහුට කීවාය. ඈ රජු සමඟ කථාකරද්දීම අනාගතවක්තෘවූ නාතාන් ඇතුළට ආයේය. අනාගතවක්තෘවූ නාතාන් ඇවිත් ඉන්නේය කියා රජුට දැන්වූ කල ඔහු රජු ඉදිරියට ඇවිත් මුහුණින් බිමට නැමී රජුට වැන්දේය. නාතාන් කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, අදොනියා මට පසුව රජ වී මාගේ සිංහාසනය පිට හිඳගත යුතුය කියා ඔබ කීයෙහිද? මක්නිසාද ඔහු අද බැස ගොස් හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද සේනාපතීන්ද පූජකවූ අබියාතර්ද කැඳෙවුවේය; ඔව්හු ඔහු ඉදිරියෙහි කා බී–අදොනියා රජු සැරදේවයි කියති. නුමුත් ඔහු මා, එසේය, ඔබගේ මෙහෙකරුවූ මාද පූජකවූ ශාදොක්ද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද ඔබගේ මෙහෙකරුවූ සාලමොන්ද කැඳෙවුවේ නැත. මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට පසු ස්වකීය සිංහාසනයෙහි හිඳගත යුත්තේ කවුද කියා ඔබගේ මෙහෙකරුවන්ට නොදන්වා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් විසින් මේ දේ කරනලද්දේදැයි ඇසුවේය. එවිට දාවිත් රජ උත්තරදෙමින්: බැත්-ෂෙබා මා ළඟට කැඳවාගෙන එන්නැයි කීවේය. ඈ රජු වෙතට ඇවිත් රජු ඉදිරියෙහි සිටියාය. එවිට රජ කථාකොට: සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය මිදුවාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම, සැබවින් නුඹේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජ වී මා වෙනුවට මාගේ සිංහාසනයෙහි හිඳින්නේය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් මා විසින් නුඹට දිවුරුම් දුන් ලෙසම සැබවින් අද දවසේ කරමියි කියා දිවුළේය. එවිට බැත්-ෂෙබා මුහුණින් බිමට නැමී රජුට වැඳ: මාගේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවෝ සදහටම ජීවත්වේවයි කීවාය. තවද දාවිත් රජ: ශාදොක් පූජකයාත් නාතාන් අනාගතවක්තෘත් යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාත් මා ළඟට කැඳවාගෙන එන්නැයි කීවේය. ඔව්හු රජු ඉදිරියට ආවෝය. රජද: නුඹලාගේ ස්වාමිහුගේ සේවකයන් කැඳවාගන මාගේ පුත්‍රවූ සාලමොන් මාගේම අශ්වතරයා පිට නංවාගන ගීහොන්ට යන්න. එහිදී ශාදොක් පූජකයා සහ නාතාන් අනාගතවක්තෘ ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේප කෙරෙත්වා. නුඹලාත් හොරණෑව පිඹ–සාලමොන් රජු සැරදේවයි කියන්න. එවිට නුඹලා ඔහු අනුව නැගී එන්න, ඔහුද ඇවිත් මාගේ සිංහාසනය පිට හිඳ ගනීවා; ඔහුම මා වෙනුවට රජ වන්නේය. ඔහු ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද කෙරෙහි අධිපතියා කොට පත්කෙළෙමියි ඔවුන්ට කීවේය. එවිට යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා රජුට උත්තරදෙමින්: ආමෙන්. මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ත් එසේ කියනසේක්වා. ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ සිටියාක් මෙන්ම සාලමොන් සමඟත් සිට ඔහුගේ සිංහාසනය මාගේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවන්ගේ සිංහාසනයටත් වඩා උතුම් කරනසේක්වයි කීවේය. මෙසේ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුද පෙලෙතිවරුද බැස ගොස් දාවිත් රජුගේ අශ්වතරයා පිට සාලමොන් නංවාගන ගීහොන්ට ගියෝය. ශාදොක් පූජකයා කූඩාරමෙන් තෙල් කුලාව රැගෙන ගොස් සාලමොන් ආලේපකෙළේය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝය; මුළු සෙනඟද: සාලමොන් රජු සැරදේවයි කීවෝය. මුළු සෙනඟ ඔහු අනුව ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම්වූ ඔවුන්ගේ ශබ්දයෙන් මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණෝය. එවිට ඔවුන් කා තීන්දුවෙන කොටම අදොනියාටද ඔහු සමඟ කෑමට ඇවිත් සිටි සියල්ලන්ටද ඒ ඇසුණේය. යෝවාබ් හොරණෑ ශබ්දය අසා: නුවර කලඹන මේ ඝෝෂාව මොකක් නිසාදැයි ඇසීය. ඔහු කථාකරද්දීම අබියාතර් පූජකයාගේ පුත්‍රවූ යොනාතාන් ආයේය. එවිට අදොනියා කථාකොට: ඇතුළට එන්න; නුඹ විශ්වාස මනුෂ්‍යයෙක්ය, නුඹ හොඳ ආරංචි ගෙනෙනවා ඇතැයි ඔහුට කීවේය. යොනාතාන් උත්තරදෙමින්: නැත, අපේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවෝ සැබවින් සාලමොන් රජකමට පත්කළාහ. රජ ඔහු සමඟ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද යැවුවේය, ඔව්හු රජුගේ අශ්වතරයා පිට ඔහු නැංගෙවුවෝය. ශාදොක් පූජකයා හා නාතාන් අනාගතවක්තෘ ගීහොන්හිදී ඔහු රජකොට ආලේපකළෝය. නුවර පිළිරැව්දෙන තරම් ඔව්හු ප්‍රීතිවෙවී එතැනින් නැගී ආවෝය. නුඹලාට ඇසුණු ඝෝෂාව ඒකය. තවද සාලමොන් රාජ සිංහාසනය පිට හිඳින්නේය. ඇරත් රජුගේ සේවකයෝ අපේ ස්වාමිවූ දාවිත් රජුට ආශීර්වාදකරන්ට ඇවිත්–දෙවියන්වහන්සේ සාලමොන්ගේ නාමය ඔබගේ නාමයට වඩා උසස්කර ඔහුගේ සිංහාසනය ඔබගේ සිංහාසනයට වඩා උතුම්කරනසේක්වයි කීවෝය. රජද යහන පිටදී නමස්කාර කෙළේය. තවද රජ කථාකොට: මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන්නාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීයේයයි අදොනියාට කීවේය. එවිට අදොනියා සමඟ කෑමට ඇවිත් සිටි සියල්ලෝම භයපත්වී නැගිට එකිනෙකා තම තමාගේ ස්ථානයට ගියෝය. අදොනියා සාලමොන්ට භයින් නැගිට ගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය. අදොනියා සාලමොන් රජුට භයවී–සාලමොන් රජු තමාගේ මෙහෙකරුවා කඩුවෙන් නොමරන ලෙස අද මට දිවුරාවායි කියමින් පූජාසනයේ අං අල්ලාගෙන සිටීයයි සාලමොන්ට දන්වනලද්දේය. සාලමොන්ද: ඔහු විශ්වාස මනුෂ්‍යයෙක් බව පෙනුණොත් ඔහුගේ හිසකෙසක්වත් බිම නොවැටෙන්නේය. නුමුත් ඔහු අත නපුරුකම සම්බවුණොත් ඔහු නසින්නේයයි කීවේය. එවිට සාලමොන් රජ මිනිසුන් යවා ඔහු පූජාසනය ළඟින් ගෙන්විය. ඔහු ඇවිත් සාලමොන් රජුට වැන්දේය. සාලමොන්ද: නුඹේ ගෙට යන්නැයි ඔහුට කීවේය.

1 රාජාවලිය 1:1-53 Sinhala New Revised Version (NRSV)

දාවිත් රජු මහලු ව වයස්ගත ව සිටි කල කම්බිලිවලින් වසනු ලැබූ නමුත්, ඔහුට උණුසුම ලැබුණේ නැත. එබැවින් ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ස්වාමීන් වන රජතුමෙනි, ඔබ ඉදිරියෙහි සිටීමටත්, ඔබට සාත්තු සප්පායම් කරමින් ඔබට උණුසුම ලැබෙන පිණිස ඔබේ ළයෙහි සැතපීමටත් සුදුසු තරුණ කාන්තාවක සොයා දෙන්නට අපට අවසර දුන මැනවැ”යි කී හ. ඔව්හු රුවැති තරුණියක මුළු ඉශ්රායෙල් දේශ සීමා තුළ සොයා, ෂුනම්මීය අබිෂග් නම් තරුණිය සම්බ වී ඈ රජු ළඟට ගෙනාවෝ‍ ය. තරුණිය ඉතා රූමත් වූවා ය. ඈ රජුට සාත්තු සප්පායම් කොට, ඔහුට ආවතේව කළ නමුත්, රජ ඇය සමඟ එක් නො වී ය. එකල හග්ගිත්ගේ පුත් අදොනියා, “මම රජ වෙමි”යි තමා ම උසස් කරගෙන රථ ද අසරුවන් ද තමාට පෙරටුවෙන් දුවන පිණිස මිනිසුන් පණස්දෙනෙකු ද සපයාගත්තේ ය. “ඔබ මෙසේ කෙළේ මන්දැ”යි ඔහුගේ පියා ඔහුට කවදාවත් තරවටු කෙළේ නැත. අදොනියා කඩවසම් පෙනුමක් ඇති මිනිසෙකි. මොහු අබ්සලොම්ට පසු ව උපන්නේ ය. ඔහු ශෙරුයාගේ පුත් ජෝවාබ් සහ අබියාතර් නමැති පූජකවරයා සමඟ සම්මන්ත්‍රණය කෙළේ ය. මොවුහු ද අදොනියාට පක්ෂ වී ඔහුට උපකාර කළෝ ය. එහෙත්, ශාදොක් පූජකවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද දිවැසිවර නාතාන් ද ෂිමෙයි සහ රේයි යන අය ද දාවිත්ගේ ආරක්ෂක පිරිස ද අදොනියා සමඟ නො වූ හ. අදොනියා ඒන්-රොගෙල් නම් ස්ථානය ළඟ තිබෙන සොහෙලෙත් නම් නාග පර්වතය අසල බැටළුවන් ද හරකුන් ද තර වස්සන් ද මරා, රාජ කුමාරයන් වන ස්වකීය සහෝදරයන් ද රජුගේ සේවකයන් වන ජුදා ගෝත්‍රයේ සියලු මිනිසුන් ද කැඳවී ය. එහෙත්, ඔහු දිවැසිවර නාතාන් ද බෙනායා ද ආරක්ෂක පිරිස ද ස්වකීය සහෝදර සලමොන් ද කැඳෙව්වේ නැත. එවිට නාතාන් සලමොන්ගේ මව වන බැත්-ෂෙබාට කතා කොට, “අපේ ස්වාමීන් වන දාවිත් රජ නොදැනුවත් ව හග්ගිත්ගේ පුත් අදොනියා රජ වී සිටින බව ඔබට සැළ නොවී ද? එබැවින් දැන් එන්න, ඔබේ ජීවිතයත්, ඔබ පුත් සලමොන්ගේ ජීවිතයත් ඔබ ආරක්ෂා කරගන්න පිණිස ඔබට දැනුමැතිකමක් දීමට මට අවසර දෙන්න. ඔබ ගොස් දාවිත් රජු ළඟට පැමිණ, ඔහු අමතා, ‘මාගේ ස්වාමීන් වන රජතුමෙනි, සැබැවින් ම ඔබ පුත් සලමොන් මට පසු ව රජ වී ඔහු මාගේ සිහසුන අරා හිඳගන්නේ ය, කියා ඔබේ දාසී හට ඔබ දිවුරුම් දුන්නා නොවේ ද? එසේ නම්, අදොනියා රජ වී සිටින්නේ මන්දැ’යි ඔහුගෙන් අසන්න. ඔබ එහි රජතුමා සමඟ කතා කරන විට මම ද ඔබට පසු ව පැමිණ ඔබේ වචන ස්ථීර කරන්නෙමි”යි කීවේ ය. බැත්-ෂෙබා සයනාගාරයේ සිටි රජතුමා ළඟට ගියා ය. රජ තෙම ඉතා මහලු ව සිටියේ ය. ෂුනම්මීය අබිෂග් නම් තරුණිය රජතුමාට ආවතේව කරමින් සිටියා ය. බැත්-ෂෙබා නැමී රජුට ආචාර කළා ය. රජතුමා, “ඔබට කුමක් උවමනා දැ”යි ඇසූ විට, ඈ එතුමාට පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබේ දාසී හට ඔබ දිවුරමින්, ‘සැබැවින් ම ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මාගේ සිහසුන අරා හිඳගන්නේ ය’යි කීවෙහි ය. එහෙත්, දැන් අදොනියා කුමරු රජ වී සිටියි. මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබ එය නොදන්නෙහි ය. තවද, ඔහු හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ‍ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද පූජක අබියාතර් ද සේනාපති ජෝවාබ් ද කැඳෙව්වේ ය. එහෙත්, ඔහු ඔබ සේවකයා වන සලමොන් කැඳෙව්වේ නැත. ඉතින්, මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබට පසු ව මාගේ ස්වාමීන් වන රජතුමාගේ සිහසුන අරා හිඳගත යුත්තේ කවරෙක් දැ යි ඔබ ඉශ්රායෙල්වරුන්ට දැන්විය යුතු ය කියා ඔව්හු සියල්ලෝ බලා සිටිති. එසේ නොකළොත්, මාගේ ස්වාමීන් වන රජතුමා මියගිය පසු මා ද මාගේ පුත්‍ර සලමොන් ද වරදකාරයන් වනු ඇතැ”යි කීවා ය. තවද, ඈ මෙසේ රජු සමඟ කතා කරද්දී ම දිවැසිවර නාතාන් ඇතුළට පැමිණියේ ය. “දිවැසිවර නාතාන් පැමිණ සිටී”යි රජතුමාට දැන්වූ කල ඔහු රජු ඉදිරියට අවුත් මුණින්තළා වී රජුට වැන්දේ ය. නාතාන් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ‘අදොනියා කුමරු මට පසු ව රජ වී මාගේ සිහසුන අරා හිඳගත යුතු ය’යි ඔබ කීවෙහි ද? මන්ද, ඔහු අද ගොස් හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ‍ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද ඔබේ හමුදා සෙන්පති ජෝවාබ් ද පූජක අබියාතර් ද කැඳෙව්වේ ය. ඔව්හු ඔහු ඉදිරියෙහි ආහාර පාන වළඳා, ‘අදොනියා රජු සැරදේ’ කියා කියති. එහෙත්, ඔහු ඔබේ මෙහෙකරු වන මා ද පූජක ශාදොක් ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද ඔබේ මෙහෙකරු වූ සලමොන් ද කැඳෙව්වේ නැත. මාගේ ස්වාමීන් වන රජතුමාට පසු ඔබ සිහසුන අරා හිඳගත යුත්තේ කවරෙක් ද කියා ඔබේ මෙහෙකරුවන්ට නොදන්වා ඔබ මේ දේ කෙළෙහි දැ”යි ඇසුවේ ය. එවිට දාවිත් රජ උත්තර දෙමින්, “බැත්-ෂෙබා මා වෙත කැඳවාගෙන එන්නැ”යි කීවේ ය. ඈ රජු වෙත පැමිණ රජු ඉදිරියෙහි සිටියා ය. එවිට රජ තෙම කතා කොට, “සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය මිදූ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන්, ‘ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මා වෙනුවට මාගේ සිහසුන අරා හිඳින්නේ ය’යි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා ඔබට දිවුරුම් දුන් ලෙස සැබැවින් ම අද දවසේ කරමි”යි දිවුළේ ය. එවිට බැත්-ෂෙබා මුණින්තළා වී රජුට වැඳ, “දාවිත් රජතුමා සදහට ම ජීවත් වේ වා!”යි කීවා ය. තවද, දාවිත් රජු, “ශාදොක් පූජකවරයාත්, නාතාන් දිවැසිවරයාත්, ජෙහෝයාදාගේ පුත් බෙනායාත් මා ළඟට කැඳවාගෙන එන්නැ”යි කී විට, ඔව්හු රජතුමා ඉදිරියට ආවෝ‍ ය. රජ තෙම ඔවුන් අමතා, “ඔබේ ස්වාමීන්ගේ නිලධාරීන් කැඳවාගෙන, මා පුත් සලමොන් මාගේ ම කොටළුවා පිට නංවාගෙන ගීහොන් නමැති දිය උල්පත් ළඟට යන්න. එහි දී ශාදොක් පූජකවරයා සහ නාතාන් දිවැසිවරයා ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කොට අභිෂේක කරත් වා. ඔබ ද හොරණෑව පිඹ ‘සලමොන් රජ තෙම සැරදේ වා’යි කියන්න. ඉන්පසු ඔහුට පිටුපසින් ඔබ ආ යුතු ය. ඔහු ද අවුත් මාගේ සිහසුන අරා හිඳගත යුතු ය. ඔහු මා වෙනුවට රජ වනු ඇත. ඔහු ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද කෙරෙහි අධිපතියා කොට පත් කෙළෙමි”යි කීවේ ය. එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා රජුට උත්තර දෙමින්, “එසේ ම වේ වා! මාගේ ස්වාමීන් වන රජතුමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ එසේ වදාරන සේක් වා! සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජතුමන් සමඟ වැඩසිටින ලෙස ම සලමොන් සමඟත් වැඩසිට ඔහුගේ සිහසුන මාගේ ස්වාමීන් වන දාවිත් රජතුමන්ගේ සිහසුනටත් වඩා උසස් කරන සේක් වා!”යි කීවේ ය. මෙසේ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජොහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද ගොස්, දාවිත් රජුගේ කොටළුවා පිට සලමොන් නංවාගෙන ගීහොන් නම් ස්ථානයට පැමිණියහ. ශාදොක් පූජකවරයා මණ්ඩපයෙන් තෙල් කුලාව රැගෙන ගොස් සලමොන් අභිෂේක කෙළේ ය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝ ය. මුළු සෙනඟ ද, “සලමොන් රජු සැරදේ වා”යි කීවෝ‍ ය. මුළු සෙනඟ ඔහු පසුපස ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම් වූ ඔවුන්ගේ ශබ්දයෙන් ඉමහත් ප්‍රීතියකින් ප්‍රීති ප්‍රමෝද වූ හ. එවිට අදොනියා ද ඔහු සමඟ සිටි සියලු අමුත්තන් ද ආහාර අනුභව කොට අවසාන වනවාත් සමඟ ම ඔවුන්ට ඒ ශබ්දය ඇසිණි. ජෝවාබ් හොරණෑ ශබ්දය අසා, “නගරය දෙවනත් කරන මේ ඝෝෂාව කුමක් නිසා දැ”යි පිළිවිසී ය. ඔහු කතා කරද්දී ම අබියාතර් පූජකවරයාගේ පුත් ජොනතන් පැමිණියේ ය. එවිට අදොනියා ඔහුට කතා කොට, “ඇතුළට එන්න, ඔබ අවංක මිනිසෙකි, ඔබ සුබ ආරංචි ගෙනෙනු ඇතැ”යි කීවේ ය. ජොනතන් උත්තර දෙමින්, “නැත, අපේ ස්වාමීන් වන දාවිත් රජ තෙම සැබැවින් ම සලමොන් කුමරු රජකමට පත් කෙළේ ය. තවද, රජ තෙම ඔහු සමඟ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද යැව්වේ ය. ඔව්හු ඔහුට රජුගේ කොටළුවා පිට නැඟී යාමට සැලැස්සූ හ. ඇරත්, ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ගීහොන් නම් ස්ථානයේ දී ඔහු රජු වශයෙන් අභිෂේක කළෝ ය. ඉන්පසු ඔව්හු එතැනින් පිටත් ව අවුත් ප්‍රීති ප්‍රමෝද වූ හ. ඝෝෂාවෙන් නුවර රැව් පිළිරැව් දිනි. ඔබ සැමට ඇසුණු ඝෝෂාව ඒක ය. තවද, සලමොන් රජ සිංහාසනය අරා හිඳින්නේ ය. ඇරත්, රාජ නිලධාරීහු අපේ ස්වාමීන් වන දාවිත් රජු හට ආශීර්වාද කරන්නට පැමිණ, ‘දෙවියන් වහන්සේ සලමොන්ගේ නාමය ඔබේ නාමයට වඩා උසස් කර, ඔහුගේ සිංහාසනය ඔබේ සිංහාසනයට වඩා සෞභාග්‍යවත් කරන සේක් වා!’යි කීවෝ‍ ය. රජ තෙම ද යහනේ සිට නැමී ආචාර කෙළේ ය. තවදුරටත් රජ තෙම කතා කරමින්, ‘මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා!’කියා කීවේ ය”යි අදොනියාට සැළ කෙළේ ය. එවිට අදොනියා සමඟ සිටි අමුත්තෝ සියල්ලෝ ම බියපත් වී, නැඟිට එකිනෙකා තමතමන් කැමැති දෙසට යන්නට ගියෝ ය. අදොනියා ද සලමොන් රජතුමාට බිය වී, නැඟිට ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය. තවද, “ ‘සලමොන් රජු තම මෙහෙකරුවා කඩුවෙන් නොමරන ලෙස අද මට දිවුරුම් දිය යුතු ය’යි කියමින්, අදොනියා පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගෙන සිටී”යයි සලමොන් රජතුමාට දන්වන ලදී. සලමොන් රජ තෙම ද, “ඔහු විශ්වාස මනුෂ්‍යයෙකු බව මට පෙනේ නම්, ඔහුගේ කෙස් ගහක් වත් බිම නොවැටෙන්නේ ය. එහෙත්, ඔහු දුෂ්ට කෙනෙකු බව පෙනේ නම්, ඔහු නසින්නේ ය”යි කීවේ ය. එවිට සලමොන් රජ මිනිසුන් යවා ඔහු පූජාසනය ළඟින් ගෙන්වී ය. අදොනියා ද අවුත් නැමී රජතුමාට වැන්දේ ය. රජ තෙම ඔහුට කතා කොට, “ඔබේ ගෙදරට යන්නැ”යි කීවේ ය.

1 රාජාවලිය 1:1-53 Sinhala New Revised Version 2018 (SNRV)

දාවිත් රජු මහලු ව වයස්ගත ව සිටි කල කම්බිලිවලින් වසනු ලැබූ නමුත්, ඔහුට උණුසුම ලැබුණේ නැත. එබැවින් ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ස්වාමීන් වන රජතුමෙනි, ඔබ ඉදිරියෙහි සිටීමටත්, ඔබට සාත්තු සප්පායම් කරමින් ඔබට උණුසුම ලැබෙන පිණිස ඔබේ ළයෙහි සැතපීමටත් සුදුසු තරුණ කාන්තාවක සොයා දෙන්නට අපට අවසර දුන මැනවැ”යි කී හ. ඔව්හු රුවැති තරුණියක මුළු ඉශ්රායෙල් දේශ සීමා තුළ සොයා, ෂුනම්මීය අබිෂග් නම් තරුණිය සම්බ වී ඈ රජු ළඟට ගෙනාවෝ‍ ය. තරුණිය ඉතා රූමත් වූවා ය. ඈ රජුට සාත්තු සප්පායම් කොට, ඔහුට ආවතේව කළ නමුත්, රජ ඇය සමඟ එක් නො වී ය. එකල හග්ගිත්ගේ පුත් අදොනියා, “මම රජ වෙමි”යි තමා ම උසස් කරගෙන රථ ද අසරුවන් ද තමාට පෙරටුවෙන් දුවන පිණිස මිනිසුන් පනස්දෙනෙකු ද සපයාගත්තේ ය. “ඔබ මෙසේ කෙළේ මන්දැ”යි ඔහුගේ පියා ඔහුට කවදාවත් තරවටු කෙළේ නැත. අදොනියා කඩවසම් පෙනුමක් ඇති මිනිසෙකි. මොහු අබ්සලොම්ට පසු ව උපන්නේ ය. ඔහු ශෙරුයාගේ පුත් ජෝවාබ් සහ අබියාතර් නමැති පූජකවරයා සමඟ සම්මන්ත්‍රණය කෙළේ ය. මොවුහු ද අදොනියාට පක්ෂ වී ඔහුට උපකාර කළෝ ය. එහෙත්, ශාදොක් පූජකවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද දිවැසිවර නාතාන් ද ෂිමෙයි සහ රේයි යන අය ද දාවිත්ගේ ආරක්ෂක පිරිස ද අදොනියා සමඟ නො වූ හ. අදොනියා ඒන්-රොගෙල් නම් ස්ථානය ළඟ තිබෙන සොහෙලෙත් නම් නාග පර්වතය අසල බැටළුවන් ද හරකුන් ද තර වස්සන් ද මරා, රාජ කුමාරයන් වන ස්වකීය සහෝදරයන් ද රජුගේ සේවකයන් වන ජුදා ගෝත්‍රයේ සියලු මිනිසුන් ද කැඳවී ය. එහෙත්, ඔහු දිවැසිවර නාතාන් ද බෙනායා ද ආරක්ෂක පිරිස ද ස්වකීය සහෝදර සලමොන් ද කැඳෙව්වේ නැත. එවිට නාතාන් සලමොන්ගේ මව වන බැත්-ෂෙබාට කතා කොට, “අපේ ස්වාමීන් වන දාවිත් රජ නොදැනුවත් ව හග්ගිත්ගේ පුත් අදොනියා රජ වී සිටින බව ඔබට සැළ නොවී ද? එබැවින් දැන් එන්න, ඔබේ ජීවිතයත්, ඔබ පුත් සලමොන්ගේ ජීවිතයත් ඔබ ආරක්ෂා කරගන්න පිණිස ඔබට දැනුමැතිකමක් දීමට මට අවසර දෙන්න. ඔබ ගොස් දාවිත් රජු ළඟට පැමිණ, ඔහු අමතා, ‘මාගේ ස්වාමීන් වන රජතුමෙනි, සැබැවින් ම ඔබ පුත් සලමොන් මට පසු ව රජ වී ඔහු මාගේ සිහසුන අරා හිඳගන්නේ ය, කියා ඔබේ දාසී හට ඔබ දිවුරුම් දුන්නා නොවේ ද? එසේ නම්, අදොනියා රජ වී සිටින්නේ මන්දැ’යි ඔහුගෙන් අසන්න. ඔබ එහි රජතුමා සමඟ කතා කරන විට මම ද ඔබට පසු ව පැමිණ ඔබේ වචන ස්ථීර කරන්නෙමි”යි කීවේ ය. බැත්-ෂෙබා සයනාගාරයේ සිටි රජතුමා ළඟට ගියා ය. රජ තෙම ඉතා මහලු ව සිටියේ ය. ෂුනම්මීය අබිෂග් නම් තරුණිය රජතුමාට ආවතේව කරමින් සිටියා ය. බැත්-ෂෙබා නැමී රජුට ආචාර කළා ය. රජතුමා, “ඔබට කුමක් උවමනා දැ”යි ඇසූ විට, ඈ එතුමාට පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබේ දාසී හට ඔබ දිවුරමින්, ‘සැබැවින් ම ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මාගේ සිහසුන අරා හිඳගන්නේ ය’යි කීවෙහි ය. එහෙත්, දැන් අදොනියා කුමරු රජ වී සිටියි. මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබ එය නොදන්නෙහි ය. තවද, ඔහු හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ‍ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද පූජක අබියාතර් ද සේනාපති ජෝවාබ් ද කැඳෙව්වේ ය. එහෙත්, ඔහු ඔබ සේවකයා වන සලමොන් කැඳෙව්වේ නැත. ඉතින්, මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබට පසු ව මාගේ ස්වාමීන් වන රජතුමාගේ සිහසුන අරා හිඳගත යුත්තේ කවරෙක් දැ යි ඔබ ඉශ්රායෙල්වරුන්ට දැන්විය යුතු ය කියා ඔව්හු සියල්ලෝ බලා සිටිති. එසේ නොකළොත්, මාගේ ස්වාමීන් වන රජතුමා මියගිය පසු මා ද මාගේ පුත්‍ර සලමොන් ද වරදකාරයන් වනු ඇතැ”යි කීවා ය. තවද, ඈ මෙසේ රජු සමඟ කතා කරද්දී ම දිවැසිවර නාතාන් ඇතුළට පැමිණියේ ය. “දිවැසිවර නාතාන් පැමිණ සිටී”යි රජතුමාට දැන්වූ කල ඔහු රජු ඉදිරියට අවුත් මුණින්තළා වී රජුට වැන්දේ ය. නාතාන් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ‘අදොනියා කුමරු මට පසු ව රජ වී මාගේ සිහසුන අරා හිඳගත යුතු ය’යි ඔබ කීවෙහි ද? මන්ද, ඔහු අද ගොස් හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ‍ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද ඔබේ හමුදා සෙන්පති ජෝවාබ් ද පූජක අබියාතර් ද කැඳෙව්වේ ය. ඔව්හු ඔහු ඉදිරියෙහි ආහාර පාන වළඳා, ‘අදොනියා රජු සැරදේ’ කියා කියති. එහෙත්, ඔහු ඔබේ මෙහෙකරු වන මා ද පූජක ශාදොක් ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද ඔබේ මෙහෙකරු වූ සලමොන් ද කැඳෙව්වේ නැත. මාගේ ස්වාමීන් වන රජතුමාට පසු ඔබ සිහසුන අරා හිඳගත යුත්තේ කවරෙක් ද කියා ඔබේ මෙහෙකරුවන්ට නොදන්වා ඔබ මේ දේ කෙළෙහි දැ”යි ඇසුවේ ය. එවිට දාවිත් රජ උත්තර දෙමින්, “බැත්-ෂෙබා මා වෙත කැඳවාගෙන එන්නැ”යි කීවේ ය. ඈ රජු වෙත පැමිණ රජු ඉදිරියෙහි සිටියා ය. එවිට රජ තෙම කතා කොට, “සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය මිදූ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන්, ‘ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මා වෙනුවට මාගේ සිහසුන අරා හිඳින්නේ ය’යි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා ඔබට දිවුරුම් දුන් ලෙස සැබැවින් ම අද දවසේ කරමි”යි දිවුළේ ය. එවිට බැත්-ෂෙබා මුණින්තළා වී රජුට වැඳ, “දාවිත් රජතුමා සදහට ම ජීවත් වේ වා!”යි කීවා ය. තවද, දාවිත් රජු, “ශාදොක් පූජකවරයාත්, නාතාන් දිවැසිවරයාත්, ජෙහෝයාදාගේ පුත් බෙනායාත් මා ළඟට කැඳවාගෙන එන්නැ”යි කී විට, ඔව්හු රජතුමා ඉදිරියට ආවෝ‍ ය. රජ තෙම ඔවුන් අමතා, “ඔබේ ස්වාමීන්ගේ නිලධාරීන් කැඳවාගෙන, මා පුත් සලමොන් මාගේ ම කොටළුවා පිට නංවාගෙන ගීහොන් නමැති දිය උල්පත් ළඟට යන්න. එහි දී ශාදොක් පූජකවරයා සහ නාතාන් දිවැසිවරයා ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කොට අභිෂේක කරත් වා. ඔබ ද හොරණෑව පිඹ ‘සලමොන් රජ තෙම සැරදේ වා’යි කියන්න. ඉන්පසු ඔහුට පිටුපසින් ඔබ ආ යුතු ය. ඔහු ද අවුත් මාගේ සිහසුන අරා හිඳගත යුතු ය. ඔහු මා වෙනුවට රජ වනු ඇත. ඔහු ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද කෙරෙහි අධිපතියා කොට පත් කෙළෙමි”යි කීවේ ය. එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා රජුට උත්තර දෙමින්, “එසේ ම වේ වා! මාගේ ස්වාමීන් වන රජතුමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ එසේ වදාරන සේක් වා! සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජතුමන් සමඟ වැඩසිටින ලෙස ම සලමොන් සමඟත් වැඩසිට ඔහුගේ සිහසුන මාගේ ස්වාමීන් වන දාවිත් රජතුමන්ගේ සිහසුනටත් වඩා උසස් කරන සේක් වා!”යි කීවේ ය. මෙසේ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජොහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද ගොස්, දාවිත් රජුගේ කොටළුවා පිට සලමොන් නංවාගෙන ගීහොන් නම් ස්ථානයට පැමිණියහ. ශාදොක් පූජකවරයා මණ්ඩපයෙන් තෙල් කුලාව රැගෙන ගොස් සලමොන් අභිෂේක කෙළේ ය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝ ය. මුළු සෙනඟ ද, “සලමොන් රජු සැරදේ වා”යි කීවෝ‍ ය. මුළු සෙනඟ ඔහු පසුපස ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම් වූ ඔවුන්ගේ ශබ්දයෙන් ඉමහත් ප්‍රීතියකින් ප්‍රීති ප්‍රමෝද වූ හ. එවිට අදොනියා ද ඔහු සමඟ සිටි සියලු අමුත්තන් ද ආහාර අනුභව කොට අවසාන වනවාත් සමඟ ම ඔවුන්ට ඒ ශබ්දය ඇසිණි. ජෝවාබ් හොරණෑ ශබ්දය අසා, “නගරය දෙවනත් කරන මේ ඝෝෂාව කුමක් නිසා දැ”යි පිළිවිසී ය. ඔහු කතා කරද්දී ම අබියාතර් පූජකවරයාගේ පුත් ජොනතන් පැමිණියේ ය. එවිට අදොනියා ඔහුට කතා කොට, “ඇතුළට එන්න, ඔබ අවංක මිනිසෙකි, ඔබ සුබ ආරංචි ගෙනෙනු ඇතැ”යි කීවේ ය. ජොනතන් උත්තර දෙමින්, “නැත, අපේ ස්වාමීන් වන දාවිත් රජ තෙම සැබැවින් ම සලමොන් කුමරු රජකමට පත් කෙළේ ය. තවද, රජ තෙම ඔහු සමඟ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද යැව්වේ ය. ඔව්හු ඔහුට රජුගේ කොටළුවා පිට නැඟී යාමට සැලැස්සූ හ. ඇරත්, ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ගීහොන් නම් ස්ථානයේ දී ඔහු රජු වශයෙන් අභිෂේක කළෝ ය. ඉන්පසු ඔව්හු එතැනින් පිටත් ව අවුත් ප්‍රීති ප්‍රමෝද වූ හ. ඝෝෂාවෙන් නුවර රැව් පිළිරැව් දිනි. ඔබ සැමට ඇසුණු ඝෝෂාව ඒක ය. තවද, සලමොන් රජ සිංහාසනය අරා හිඳින්නේ ය. ඇරත්, රාජ නිලධාරීහු අපේ ස්වාමීන් වන දාවිත් රජු හට ආශීර්වාද කරන්නට පැමිණ, ‘දෙවියන් වහන්සේ සලමොන්ගේ නාමය ඔබේ නාමයට වඩා උසස් කර, ඔහුගේ සිංහාසනය ඔබේ සිංහාසනයට වඩා සෞභාග්‍යවත් කරන සේක් වා!’යි කීවෝ‍ ය. රජ තෙම ද යහනේ සිට නැමී ආචාර කෙළේ ය. තවදුරටත් රජ තෙම කතා කරමින්, ‘මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා!’කියා කීවේ ය”යි අදොනියාට සැළ කෙළේ ය. එවිට අදොනියා සමඟ සිටි අමුත්තෝ සියල්ලෝ ම බියපත් වී, නැඟිට එකිනෙකා තමතමන් කැමැති දෙසට යන්නට ගියෝ ය. අදොනියා ද සලමොන් රජතුමාට බිය වී, නැඟිට ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය. තවද, “ ‘සලමොන් රජු තම මෙහෙකරුවා කඩුවෙන් නොමරන ලෙස අද මට දිවුරුම් දිය යුතු ය’යි කියමින්, අදොනියා පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගෙන සිටී”යයි සලමොන් රජතුමාට දන්වන ලදී. සලමොන් රජ තෙම ද, “ඔහු විශ්වාස මනුෂ්‍යයෙකු බව මට පෙනේ නම්, ඔහුගේ කෙස් ගහක් වත් බිම නොවැටෙන්නේ ය. එහෙත්, ඔහු දුෂ්ට කෙනෙකු බව පෙනේ නම්, ඔහු නසින්නේ ය”යි කීවේ ය. එවිට සලමොන් රජ මිනිසුන් යවා ඔහු පූජාසනය ළඟින් ගෙන්වී ය. අදොනියා ද අවුත් නැමී රජතුමාට වැන්දේ ය. රජ තෙම ඔහුට කතා කොට, “ඔබේ ගෙදරට යන්නැ”යි කීවේ ය.

1 රාජාවලිය 1:1-53 New International Version (NIV)

When King David was very old, he could not keep warm even when they put covers over him. So his attendants said to him, “Let us look for a young virgin to serve the king and take care of him. She can lie beside him so that our lord the king may keep warm.” Then they searched throughout Israel for a beautiful young woman and found Abishag, a Shunammite, and brought her to the king. The woman was very beautiful; she took care of the king and waited on him, but the king had no sexual relations with her. Now Adonijah, whose mother was Haggith, put himself forward and said, “I will be king.” So he got chariots and horses ready, with fifty men to run ahead of him. (His father had never rebuked him by asking, “Why do you behave as you do?” He was also very handsome and was born next after Absalom.) Adonijah conferred with Joab son of Zeruiah and with Abiathar the priest, and they gave him their support. But Zadok the priest, Benaiah son of Jehoiada, Nathan the prophet, Shimei and Rei and David’s special guard did not join Adonijah. Adonijah then sacrificed sheep, cattle and fattened calves at the Stone of Zoheleth near En Rogel. He invited all his brothers, the king’s sons, and all the royal officials of Judah, but he did not invite Nathan the prophet or Benaiah or the special guard or his brother Solomon. Then Nathan asked Bathsheba, Solomon’s mother, “Have you not heard that Adonijah, the son of Haggith, has become king, and our lord David knows nothing about it? Now then, let me advise you how you can save your own life and the life of your son Solomon. Go in to King David and say to him, ‘My lord the king, did you not swear to me your servant: “Surely Solomon your son shall be king after me, and he will sit on my throne”? Why then has Adonijah become king?’ While you are still there talking to the king, I will come in and add my word to what you have said.” So Bathsheba went to see the aged king in his room, where Abishag the Shunammite was attending him. Bathsheba bowed down, prostrating herself before the king. “What is it you want?” the king asked. She said to him, “My lord, you yourself swore to me your servant by the LORD your God: ‘Solomon your son shall be king after me, and he will sit on my throne.’ But now Adonijah has become king, and you, my lord the king, do not know about it. He has sacrificed great numbers of cattle, fattened calves, and sheep, and has invited all the king’s sons, Abiathar the priest and Joab the commander of the army, but he has not invited Solomon your servant. My lord the king, the eyes of all Israel are on you, to learn from you who will sit on the throne of my lord the king after him. Otherwise, as soon as my lord the king is laid to rest with his ancestors, I and my son Solomon will be treated as criminals.” While she was still speaking with the king, Nathan the prophet arrived. And the king was told, “Nathan the prophet is here.” So he went before the king and bowed with his face to the ground. Nathan said, “Have you, my lord the king, declared that Adonijah shall be king after you, and that he will sit on your throne? Today he has gone down and sacrificed great numbers of cattle, fattened calves, and sheep. He has invited all the king’s sons, the commanders of the army and Abiathar the priest. Right now they are eating and drinking with him and saying, ‘Long live King Adonijah!’ But me your servant, and Zadok the priest, and Benaiah son of Jehoiada, and your servant Solomon he did not invite. Is this something my lord the king has done without letting his servants know who should sit on the throne of my lord the king after him?” Then King David said, “Call in Bathsheba.” So she came into the king’s presence and stood before him. The king then took an oath: “As surely as the LORD lives, who has delivered me out of every trouble, I will surely carry out this very day what I swore to you by the LORD, the God of Israel: Solomon your son shall be king after me, and he will sit on my throne in my place.” Then Bathsheba bowed down with her face to the ground, prostrating herself before the king, and said, “May my lord King David live forever!” King David said, “Call in Zadok the priest, Nathan the prophet and Benaiah son of Jehoiada.” When they came before the king, he said to them: “Take your lord’s servants with you and have Solomon my son mount my own mule and take him down to Gihon. There have Zadok the priest and Nathan the prophet anoint him king over Israel. Blow the trumpet and shout, ‘Long live King Solomon!’ Then you are to go up with him, and he is to come and sit on my throne and reign in my place. I have appointed him ruler over Israel and Judah.” Benaiah son of Jehoiada answered the king, “Amen! May the LORD, the God of my lord the king, so declare it. As the LORD was with my lord the king, so may he be with Solomon to make his throne even greater than the throne of my lord King David!” So Zadok the priest, Nathan the prophet, Benaiah son of Jehoiada, the Kerethites and the Pelethites went down and had Solomon mount King David’s mule, and they escorted him to Gihon. Zadok the priest took the horn of oil from the sacred tent and anointed Solomon. Then they sounded the trumpet and all the people shouted, “Long live King Solomon!” And all the people went up after him, playing pipes and rejoicing greatly, so that the ground shook with the sound. Adonijah and all the guests who were with him heard it as they were finishing their feast. On hearing the sound of the trumpet, Joab asked, “What’s the meaning of all the noise in the city?” Even as he was speaking, Jonathan son of Abiathar the priest arrived. Adonijah said, “Come in. A worthy man like you must be bringing good news.” “Not at all!” Jonathan answered. “Our lord King David has made Solomon king. The king has sent with him Zadok the priest, Nathan the prophet, Benaiah son of Jehoiada, the Kerethites and the Pelethites, and they have put him on the king’s mule, and Zadok the priest and Nathan the prophet have anointed him king at Gihon. From there they have gone up cheering, and the city resounds with it. That’s the noise you hear. Moreover, Solomon has taken his seat on the royal throne. Also, the royal officials have come to congratulate our lord King David, saying, ‘May your God make Solomon’s name more famous than yours and his throne greater than yours!’ And the king bowed in worship on his bed and said, ‘Praise be to the LORD, the God of Israel, who has allowed my eyes to see a successor on my throne today.’ ” At this, all Adonijah’s guests rose in alarm and dispersed. But Adonijah, in fear of Solomon, went and took hold of the horns of the altar. Then Solomon was told, “Adonijah is afraid of King Solomon and is clinging to the horns of the altar. He says, ‘Let King Solomon swear to me today that he will not put his servant to death with the sword.’ ” Solomon replied, “If he shows himself to be worthy, not a hair of his head will fall to the ground; but if evil is found in him, he will die.” Then King Solomon sent men, and they brought him down from the altar. And Adonijah came and bowed down to King Solomon, and Solomon said, “Go to your home.”