1 යොහන් 3:19-22
1 යොහන් 3:19-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අප සත්‍යයට අයත් බව දැනගන්නේත්, උන්වහන්සේ ඉදිරියේ අප හදවතේ සහතිකයක් ඇති කරගන්නේත් මෙලෙසිනි; මන්ද අප හදවත් අපට දෝෂාරෝපණ කරන කවර විටෙක වුව, දෙවියන්වහන්සේ අප හදවත්වලට වඩා උතුම් ය; උන්වහන්සේ සියලු දේ ම දන්නා සේක. ප්‍රේමණීයයනි, අප හදවත අපට දොස් පවරන්නේ නැති නම්, දෙවියන්වහන්සේ ඉදිරියේ නිසැකකමක් අපට තිබේ. එවිට අප ඉල්ලන කවර දෙයක් වුව උන්වහන්සේගෙන් අපට ලැබේ. මන්ද අප උන්වහන්සේගේ ආඥා පිළිපදින බැවින් හා උන්වහන්සේ ප්‍රිය මනාප දේ කරන බැවිනි.
1 යොහන් 3:19-22 Sinhala Revised Old Version (SROV)
මෙයින් අප සැබෑකමෙන් වන බව දැනගෙන, අපේ සිත් අපට දෝෂාරෝපණයකරන විට උන්වහන්සේ ඉදිරියෙහි අපේ සිත් සහතිකකරගන්නෙමුව; මක්නිසාද දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්න නිසාය. ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්භීතකම අපට ඇත්තේය; තවද අපි උන්වහන්සේගේ ආඥා රක්ෂාකරමින් උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නදේ කරන බැවින් අපි උන්වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමුව.
1 යොහන් 3:19-22 Sinhala New Revised Version (NRSV)
අප සත්‍යයේ පිහිටා සිටින බව දන්නේත්, ඒ ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ සිතේ සහතිකයක් අපට ඇති විය හැක්කේත් මෙසේ ය: අපේ සිත අපට දෝෂාරෝපණය කරයි නම්, දෙවියන් වහන්සේ අපේ සිතට වඩා උතුම් බවත්, උන් වහන්සේ සියල්ල දන්නා බවත් අපි දනිමු. ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරයි නම්, දෙවියන් වහන්සේ ඉදිරියේ අපට බියවීමට කරුණක් නැත. තවද, අපි උන් වහන්සේගේ ආඥා පිළිපදින නිසා ද, උන් වහන්සේට ප්‍රියමනාප දේ කරන නිසා ද, උන් වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමු.
1 යොහන් 3:19-22 Sinhala New Revised Version 2018 (SNRV)
අප සත්‍යයේ පිහිටා සිටින බව දන්නේත්, ඒ ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ සිතේ සහතිකයක් අපට ඇති විය හැක්කේත් මෙසේ ය: අපේ සිත අපට දෝෂාරෝපණය කරයි නම්, දෙවියන් වහන්සේ අපේ සිතට වඩා උතුම් බවත්, උන් වහන්සේ සියල්ල දන්නා බවත් අපි දනිමු. ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරයි නම්, දෙවියන් වහන්සේ ඉදිරියේ අපට බියවීමට කරුණක් නැත. තවද, අපි උන් වහන්සේගේ ආඥා පිළිපදින නිසා ද, උන් වහන්සේට ප්‍රියමනාප දේ කරන නිසා ද, උන් වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමු.
1 යොහන් 3:19-22 New International Version (NIV)
This is how we know that we belong to the truth and how we set our hearts at rest in his presence: If our hearts condemn us, we know that God is greater than our hearts, and he knows everything. Dear friends, if our hearts do not condemn us, we have confidence before God and receive from him anything we ask, because we keep his commands and do what pleases him.