1 යොහන් 3:11-15
1 යොහන් 3:11-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මුල පටන් ඔබ ඇසූ පණිවුඩය, අප එකිනෙකාට ප්‍රේම කළ යුතු ය යන්නයි. නපුරාට අයත් ව, තම සහෝදරයා මැරූ කායින්ට අප සමාන විය යුතු නැත. ඔහු එසේ මරා දැමුවේ ඇයි? ඊට හේතුව ඔහුගේ ක්‍රියා දුෂ්ට වූ නිසාත්, ඔහුගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨ වූ නිසාත් ය. සහෝදරයිනි, ලෝකයා ඔබට වෛර වන කල, පුදුම නො වන්න. අප දන්නා පරිදි අපි මරණයෙන් එතෙර ව ජීවනයට ඇතුල් ව සිටින්නෙමු; මන්ද අපි සහෝදරයනට ප්‍රේම කරන්නෙමු. ප්‍රේම නො කරන කවුරුන් වුව මරණයේ රැඳී සිටී. තම සහෝදරයාට වෛර කරන්නා මිනී මරුවෙකි; කිසි මිනී මරුවකු තුළ සදාතන ජීවනය පැවත සිටින්නේ නැති බව ඔබ දනී.
1 යොහන් 3:11-15 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද පටන්ගැන්මේ සිට නුඹලා ඇසූ පණිවිඩය නම්, අපි විසින් එකිනෙකාට ප්‍රේමකළ යුතුය යන මේය. තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු. කුමක්හෙයින් ඔහුව මැරුවේද? තමාගේ ක්‍රියා නපුරුව, තමාගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණු නිසාය. සහෝදරයෙනි, ලෝකයා නුඹලාට වෛරකරන්නේ නම් මවිත නොවෙන්න. අප සහෝදරයන්ට ප්‍රේමකරන බැවින්, අප මරණින් ජීවනයට පැමිණ සිටින බව අපි දනිමුව. ප්‍රේම නොකරන තැනැත්තේ මරණයෙහි පවතියි. තමාගේ සහෝදරයාට වෛරකරන කවරෙක් නුමුත් මිනීමරන්නෙක්ය. කිසි මිනීමරන්නෙකු තුළ සදාකාල ජීවනය නොපවතින බව නුඹලා දතීහුය.
1 යොහන් 3:11-15 Sinhala New Revised Version (NRSV)
පටන්ගැන්මේ සිට ඔබ ඇසූ පණිවුඩය නම්, අප එකිනෙකාට ප්‍රේම කළ යුතු ය යනු යි. සිය සහෝදරයා මැරූ, නපුරාට අයිති වූ කායින් මෙන් අප නොවිය යුතු ය. කායින් සිය සහෝදරයා මැරුවේ මන් ද? තමාගේ ක්‍රියා නපුරු ව ද සහෝදරයාගේ ක්‍රියා යහපත් ව ද තිබුණු බැවිනි. සහෝදරයෙනි, ලෝකයා ඔබට වෛර කරන්නේ නම් පුදුම නොවන්න. අපි සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් මරණයෙන් ජීවනයට පැමිණ සිටින බව දනිමු. ප්‍රේම නොකරන්නා මරණයෙහි පවතියි. තම සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනී මරන්නෙකි. කිසි මිනී මරන්නෙකු තුළ සදාතන ජීවනය නොමැති බව ඔබ දන්නහු ය.
1 යොහන් 3:11-15 Sinhala New Revised Version 2018 (SNRV)
පටන්ගැන්මේ සිට ඔබ ඇසූ පණිවුඩය නම්, අප එකිනෙකාට ප්‍රේම කළ යුතු ය යනු යි. සිය සහෝදරයා මැරූ, නපුරාට අයිති වූ කායින් මෙන් අප නොවිය යුතු ය. කායින් සිය සහෝදරයා මැරුවේ මන් ද? තමාගේ ක්‍රියා නපුරු ව ද සහෝදරයාගේ ක්‍රියා යහපත් ව ද තිබුණු බැවිනි. සහෝදරයෙනි, ලෝකයා ඔබට වෛර කරන්නේ නම් පුදුම නොවන්න. අපි සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් මරණයෙන් ජීවනයට පැමිණ සිටින බව දනිමු. ප්‍රේම නොකරන්නා මරණයෙහි පවතියි. තම සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනී මරන්නෙකි. කිසි මිනී මරන්නෙකු තුළ සදාතන ජීවනය නොමැති බව ඔබ දන්නහු ය.
1 යොහන් 3:11-15 New International Version (NIV)
For this is the message you heard from the beginning: We should love one another. Do not be like Cain, who belonged to the evil one and murdered his brother. And why did he murder him? Because his own actions were evil and his brother’s were righteous. Do not be surprised, my brothers and sisters, if the world hates you. We know that we have passed from death to life, because we love each other. Anyone who does not love remains in death. Anyone who hates a brother or sister is a murderer, and you know that no murderer has eternal life residing in him.