1 යොහන් 1:7-10
1 යොහන් 1:7-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නා සේ, අපත් ආලෝකයේ හැසිරෙනවා නම්, එකිනෙකා සමඟ සහභාගිත්වයක් අපට ඇත. උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස්වහන්සේගේ ලෙය, හැම පාපයකින් අප පවිත්‍ර කරයි. අපට පව් නැතැයි අප කියනවා නම්, අපි අප ම රවටා ගනිමු; සත්‍යය ද අප තුළ නැත. අප, අපගේ පාප, පාපොච්චාරණ කරනවා නම්, අපගේ පාප කමා කරන්නටත්, අපගේ සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසී ය; යුක්ති සහගත ය. අප පව් කර නැතැයි අපි කියමු නම්, අපි උන්වහන්සේ බොරුකාරයකු කරමු; උන්වහන්සේගේ වචනය ද අප තුළ නැත.
1 යොහන් 1:7-10 Sinhala Revised Old Version (SROV)
නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය. අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත. අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්, අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව, උන්වහන්සේගේ වචනද අප තුළ නැත.
1 යොහන් 1:7-10 Sinhala New Revised Version (NRSV)
එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය. අපට පාපයක් නැතැ යි කියමු නම්, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත. එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක. අපි පව් කර නැතැ යි කියමු නම්, අපි උන් වහන්සේ බොරුකාරයෙකු කරමු: උන් වහන්සේගේ වචනය ද අප තුළ නොපවතියි.
1 යොහන් 1:7-10 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය. අපට පාපයක් නැතැ යි කියමු නම්, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත. එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක. අපි පව් කර නැතැ යි කියමු නම්, අපි උන් වහන්සේ බොරුකාරයෙකු කරමු: උන් වහන්සේගේ වචනය ද අප තුළ නොපවතියි.
1 යොහන් 1:7-10 New International Version (NIV)
But if we walk in the light, as he is in the light, we have fellowship with one another, and the blood of Jesus, his Son, purifies us from all sin. If we claim to be without sin, we deceive ourselves and the truth is not in us. If we confess our sins, he is faithful and just and will forgive us our sins and purify us from all unrighteousness. If we claim we have not sinned, we make him out to be a liar and his word is not in us.

