1 කොරින්ති 5:9-10
1 කොරින්ති 5:9-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ලිංගික ව අනාචාරයේ ගැලෙන්නවුන් හා ඇසුරු නො කරන ලෙස මගේ ලිපියෙන් මම ඔබට ලියා ඇත්තෙමි. ඉන් අදහස් කළේ, මේ ලෝකයේ ලිංගික අනාචාරීන් හෝ තණ්හාධිකයින් හා වංචනිකයින් හෝ පිළිම වඳින්නන් වෙතින් මුළුමනින් වෙන් ව සිටීම නො වේ. එසේ කිරීමට ඔබ මෙලොවින් ඉවත් විය යුතු වෙයි.
1 කොරින්ති 5:9-10 Sinhala Revised Old Version (SROV)
වේශ්යාකම්කරන්නන් සමඟ සමාගම් නොපවත්වන ලෙස මාගේ ලියමනෙහි නුඹලාට ලියුවෙමි; නුමුත් මේ ලෝකයෙහි වේශ්යාකම්කරන්නන්වත් ලෝභයින් හා කොල්ලකාරයන්වත් රූප වඳින්නන්වත් සමඟ කොහෙත්ම සමාගම් නොපවත්වන හැටියට නොවේය; එසේ කරන්ට නම් නුඹලා ලෝකයෙන් අහක්ව යන්ට ඕනෑය.
1 කොරින්ති 5:9-10 Sinhala New Revised Version (NRSV)
මා ඔබ වෙත එවූ ලිපියේ අනාචාරයේ හැසිරෙන මිනිසුන් ඇසුරු නොකරන ලෙස, ලීවෙමි. එයින් මා අදහස් කෙළේ මේ ලෝකයේ මිසදිටුවන් අතර සිටින, අනාචාරයේ හැසිරෙන අයගෙන් ද වස්තු තෘෂ්ණාව ඇති අයගෙන් ද කොල්ලකන අයගෙන් ද රූප වඳින අයගෙන් ද සම්පූර්ණයෙන් ම වෙන් වීම නොවේ. එසේ කිරීමට නම් ඔබ ලෝකයෙන් වෙන් විය යුතු ය.
1 කොරින්ති 5:9-10 Sinhala New Revised Version 2018 (SNRV)
මා ඔබ වෙත එවූ ලිපියේ අනාචාරයේ හැසිරෙන මිනිසුන් ඇසුරු නොකරන ලෙස, ලීවෙමි. එයින් මා අදහස් කෙළේ මේ ලෝකයේ මිසදිටුවන් අතර සිටින, අනාචාරයේ හැසිරෙන අයගෙන් ද වස්තු තෘෂ්ණාව ඇති අයගෙන් ද කොල්ලකන අයගෙන් ද රූප වඳින අයගෙන් ද සම්පූර්ණයෙන් ම වෙන් වීම නොවේ. එසේ කිරීමට නම් ඔබ ලෝකයෙන් වෙන් විය යුතු ය.
1 කොරින්ති 5:9-10 New International Version (NIV)
I wrote to you in my letter not to associate with sexually immoral people— not at all meaning the people of this world who are immoral, or the greedy and swindlers, or idolaters. In that case you would have to leave this world.