1 කොරින්ති 2:7-11

1 කොරින්ති 2:7-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අප කතා කරන්නේ අපගේ තේජස උදෙසා දෙවියන්වහන්සේ යුග යුගවලට කලින් නියම කරන ලද දෙවියන්වහන්සේගේ රහසිගත අබිරහස් ප්‍රඥාව ය. මේ යුගයේ බලධාරීන්ගෙන් කිසිවකු එය වටහා ගත්තේ නැත. මන්ද, ඔවුන් එය වටහා ගත්තා නම්, ඔවුන් තේජසේ ස්වාමින්වහන්සේ කුරුසිපත් කරන්නේ නැත. එහෙත් ලියවී ඇති පරිදි: “තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පිළියෙල කළ දෑ, කිසි ඇසකට නො පෙනිණි; කිසි කනකට නො ඇසිණි; කිසි සිතකට නො සිතිණි.” එහෙත් දෙවියන්වහන්සේ මේ දෑ ආත්මයාණන්වහන්සේ මගින් අපට එළිදරවු කළ සේක. මන්ද, ආත්මයාණන්වහන්සේ සියලු දේ ම, එනම් දෙවියන්වහන්සේගේ ගැඹුරු කරුණු පවා විමසන සේක. මනුෂ්‍යාගේ සිතුවිලි ඔහු තුළ ඇති ඔහුගේ ම ආත්මය මිස අන් කවරෙක් දනිත් ද? එලෙස ම දෙවියන්වහන්සේගේ සිතුවිලි උන්වහන්සේගේ ආත්මයාණන් හැර, අන් කිසිවකු දන්නේ නැත.

1 කොරින්ති 2:7-11 Sinhala Revised Old Version (SROV)

අපගේ ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම දෙවියන්වහන්සේ විසින් කලින් නියමකරනලද්දාවූ, සඟවා තුබූ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කථාකරමුව. ඒ ප්‍රඥාව මේ ලෝකයේ මුලාදෑනීන්ගෙන් කිසිවෙක් නොදනියි. දැනගන සිටියා නම් ඔවුන් මහන්තත්ත්වයේ ස්වාමීන්වහන්සේව කුරුසියෙහි ඇණගසන්නේ නැත. නුමුත් ලියා තිබෙන ලෙස: දෙවියන්වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම්කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුණේය; කනට නොඇසුණේය, මනුෂ්‍යයාගේ සිතට නොපැමින්නේය. නුමුත් දෙවියන්වහන්සේ ස්වකීය ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන අපට ඒ දේ එළිදරව්කළසේක. මක්නිසාද ආත්මයාණන්වහන්සේ සියලු දේ, එසේය, දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් විමසනසේක. මනුෂ්‍යයෙකුගේ කාරණා මනුෂ්‍යයා තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මනුෂ්‍යයන් අතරේ වෙන කවරෙක් දන්නේද? එසේම දෙවියන්වහන්සේගේ කාරණා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මිස වෙන කිසිවෙක් නොදනියි.

1 කොරින්ති 2:7-11 Sinhala New Revised Version (NRSV)

අප ප්‍රකාශ කරන්නේ අනාදියේ පටන් දෙවියන් වහන්සේ අපේ ගෞරවය සඳහා කලින් නියම කළ, උන් වහන්සේගේ අබිරහස් ප්‍රඥාව ය. ඒ ප්‍රඥාව මෙලොව අධිපතීන්ගෙන් කිසිවෙක් නොදත්හ. එය ඔවුන් දැන සිටියා නම්, මහිමාන්විත සමිඳාණන් වහන්සේ කුරුසියේ ඇණ ගසන්නේ නැත. ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට උන් වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇසින් නුදුටු, කණින් නොඇසූ, සිතින් නොසිතූ දෙයකි.” මේ දේ දෙවියන් වහන්සේ ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන අපට එළිදරව් කළ සේක. මන්ද, ආත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේ පිළිබඳ ගාම්භීර දේ ඇතුළු සියල්ල විමසන සේක. මිනිසාගේ ස්වභාවය දන්නේ මිනිසා ම තුළ වන ඔහුගේ ආධ්‍යාත්මය යි. අන් කිසිවෙක් එය නොදනිති. එමෙන් ම දෙවියන් වහන්සේගේ ස්වභාවය දන්නේ උන් වහන්සේගේ ආත්මයාණෝ ය. අන් කිසිවෙක් එය නොදනිති.

1 කොරින්ති 2:7-11 Sinhala New Revised Version 2018 (SNRV)