1 කොරින්ති 1:7-9
1 කොරින්ති 1:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසේ කර ඇත්තේ, යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ එළිදරවු වීම ඔබ මග බලා සිටින අතරේ කිසි දීමනාවකින් ඔබට හිඟයක් නො වන පිණිස ය. යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දවසේ ඔබ දෝෂයෙන් තොර ව සිටින පිණිස, උන්වහන්සේ අවසානය දක්වා ම ඔබ දරා සිටිනු ඇත. ස්වකීය පුත්රයාණන් වූ යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේ සමඟ සහභාගිත්වය තුළට ඔබ කැඳවූ දෙවියන්වහන්සේ විශ්වසනීය ය.
1 කොරින්ති 1:7-9 Sinhala Revised Old Version (SROV)
මෙසේ නුඹලා කිසි දීමනාවකින් අඩු නොව අපගේ ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නහුය. අපගේ ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගේ දවසේදී නුඹලා දෝෂ රහිතව සිටින පිණිස උන්වහන්සේ අන්තිම දක්වා නුඹලා ස්ථිර කරනසේක. ස්වකීය පුත්රවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගේ සහභාගිකමට නුඹලා කැඳවාගත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටිනසේක.
1 කොරින්ති 1:7-9 Sinhala New Revised Version (NRSV)
මෙසේ ඔබ කිසි ආත්මික දීමනාවකින් නොඅඩු ව අපගේ ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නහු ය. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ විනිශ්චය දිනයේ දී ඔබ නිදොස් ව සිටින පිණිස උන් වහන්සේ අන්තිමය දක්වා ඔබ ස්ථීර කරන සේක. ස්වකීය පුත්ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ සහභාගිකමට ඔබ කැඳවා වදාළ දෙවියන් වහන්සේ විශ්වාසවන්ත ය.
1 කොරින්ති 1:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
මෙසේ ඔබ කිසි ආත්මික දීමනාවකින් නොඅඩු ව අපගේ ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නහු ය. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ විනිශ්චය දිනයේ දී ඔබ නිදොස් ව සිටින පිණිස උන් වහන්සේ අන්තිමය දක්වා ඔබ ස්ථීර කරන සේක. ස්වකීය පුත්ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ සහභාගිකමට ඔබ කැඳවා වදාළ දෙවියන් වහන්සේ විශ්වාසවන්ත ය.
1 කොරින්ති 1:7-9 New International Version (NIV)
Therefore you do not lack any spiritual gift as you eagerly wait for our Lord Jesus Christ to be revealed. He will also keep you firm to the end, so that you will be blameless on the day of our Lord Jesus Christ. God is faithful, who has called you into fellowship with his Son, Jesus Christ our Lord.