1 කොරින්ති 1:3-4
1 කොරින්ති 1:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපගේ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද ඔබට අනුග්රහ ලැබේවා; සාමය වේවා! ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබට දෙන ලද අනුග්රහය ගැන මගේ දෙවියන්වහන්සේට මම නිරතුරු ස්තුති දෙන්නෙමි.
1 කොරින්ති 1:3-4 Sinhala Revised Old Version (SROV)
අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගෙන්ද අනුග්රහයත් සමාදානයත් නුඹලාට වේවා. ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්රහය නිසා මම නුඹලා ගැන මාගේ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරමි.
1 කොරින්ති 1:3-4 Sinhala New Revised Version (NRSV)
අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා! ක්රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබට දෙන ලද දේව වරප්රසාදය නිසා මම නිතර ම ඔබ ගැන මාගේ දෙවියන් වහන්සේට තුති පුදමි.
1 කොරින්ති 1:3-4 Sinhala New Revised Version 2018 (SNRV)