1 වංශාවලිය 9:1-44

1 වංශාවලිය 9:1-44 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෙසේ මුළු ඉශ්‍රායෙල් ජනයා පෙළපත් නාමාවලියෙහි ලියන ලදුව, ඉශ්‍රායෙල් රජවරුන්ගේ පොතේ ලේඛනගත කෙරිණි. යූදා ජනයා විශ්වාසය කඩ කිරීම හේතුවෙන් බබිලෝනියට අල්ලාගෙන යනු ලැබිණි. පළමුවෙන් තම උරුම ඉඩකඩම්වල ද තම නගරවල ද යළි පදිංචි වූවෝ: ඉශ්‍රායෙල්වරු, පූජකවරු, ලෙවීවරු හා දේව මාලිග සේවකයෝ ය. යූදාගෙන්, බෙන්යමින්ගෙන්, එප්‍රායිම්ගෙන් හා මනස්සේගෙන් යෙරුසලමේ විසූවෝ: ඌතයි ය; ඔහු යූදාගේ පුත්, පෙරෙස්ගේ පුතුන්ගෙන් බානීගේ පුත්, ඉම්රීගේ පුත් ඔම්රීගේ පුත්, අම්මිහුද්ගේ පුත්‍රයා ය. ෂීලෝනිවරුන්ගෙන්: කුලුඳුලා වූ අසායා හා ඔහුගේ පුත්තු ය. සෙරහිවරුන්ගෙන්: යෙයූවෙල් ය. යූදා ජනයාගෙන් හයසිය අනූදෙනෙකි. බෙන්යමින්වරුන්ගෙන්: හස්සෙනුවාගේ පුත් හෝදවියාගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත් සල්ලූ ද යෙරොහාම්ගේ පුත් ඉබ්නෙයා ද මික්රීගේ පුත් උස්සීගේ පුත් ඒලා ද ඉබ්නීයාගේ පුත් රෙවූයෙල්ගේ පුත් ෂෙෆටියාගේ පුත් මෙෂුල්ලාම් ද යන අය ය. බෙන්යමින් ජනයාගෙන් ඔවුන්ගේ පෙළපත් නාමාවලියෙහි ලේඛනගත වූ සංඛ්‍යාව නවසිය පනස් හයකි. ඒ සියල්ලෝ ම තම පියවංශවලට අනුව පියවංශවල ප්‍රධානීන් වූහ. පූජකවරුන්ගෙන්: යෙදායා, යෙහෝයාරීබ්, යාකින් ද දෙවියන්වහන්සේගේ ගෘහය බාර නිලධාරී අහිටූබ්ගේ පුත්, මෙරායොත්ගේ පුත්, සාදෝක්ගේ පුත්, මෙෂුල්ලාම්ගේ පුත්, හිල්කීයාගේ පුත් අසරියා ද මල්කීයාගේ පුත්, පෂ්හූර්ගේ පුත්, යෙරොහාම්ගේ පුත් අදායා ද ඉම්මේර්ගේ පුත්, මෙෂිල්ලේමිත්ගේ පුත්, මෙෂුල්ලාම්ගේ පුත්, යාසේරාගේ පුත්, අදීයෙල්ගේ පුත් මාසායි ද යන අය ය. පියවංශ ප්‍රධානීන් වූ පූජකයින්ගේ ගණන එක්දහස් හත්සිය හැටකි. ඔවුහු දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙය ඉටු කළ දක්ෂ මිනිසුන් වූහ. ලෙවීවරුන්ගෙන්: මෙරාරී වංශික හෂබියාගේ පුත්, අස්රීකාම්ගේ පුත්, හෂ්ෂූබ්ගේ පුත් ෂෙමායා ද බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල්, ආසාෆ්ගේ පුත්, සික්රීගේ පුත්, මීකාගේ පුත් මත්තනියා ද යෙදූතුන්ගේ පුත්, ගාලාල්ගේ පුත්, ෂෙමායාගේ පුත් ඔබදියා ද නෙටොෆාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්, ආසාගේ පුත් බෙරෙකියා ද යන අය ය. දොරටුපාලයෝ: ෂල්ලූම්, අක්කූබ්, ටල්මොන්, අහීමන් හා ඔවුන්ගේ සහෝදරයෝ ය; ඔවුන්ගේ ප්‍රධානියා ෂල්ලූම් ය. මේ දක්වා ඔවුහු නැගෙනහිර දෙසින් වූ රජුගේ දොරටුවෙහි නැවතී සිටියහ. ලෙවීවරුන්ගේ කඳවුරට අයත් දොරටුපාලයෝ ඔවුහු ය. කෝරාගේ පුත්, එබියාසාෆ්ගේ පුත්, කොරේගේ පුත් ෂල්ලූම් ද කොර්හී පියවංශයෙන් පැවතෙන ඔහුගේ සහකාර දොරටුපාලයින් ද කූඩාරම් මණ්ඩපයේ දොරකඩ මුර කිරීමෙහි වගකීම ඉසුලුවේ ඔවුන්ගේ පියවරුන් ස්වාමින්වහන්සේගේ වාසස්ථානයේ පිවිසුම මුර කිරීමෙහි නියැළුණු අයුරිනි. එලෙයාසර්ගේ පුත් පීනෙහාස් මුල් කාලයේදී දොරටුපාලයන් බාර ව සිටියේ ය. ස්වාමින්වහන්සේ ඔහු සමඟ වූ සේක. මෙෂෙලෙමියාගේ පුත් සෙකරියා හමුවීමේ කූඩාරමේ දොරකඩ දොරටුපාලයා ව සිටියේ ය. දොරකඩවල දොරටුපාලයන් වීමට තෝරා ගැනුණු මුළු ගණන දෙසීය දොළහකි. ඔවුහු තමන්ගේ ගම්වලදී පෙළපත් නාමාවලියට අනුව ලියාපදිංචි වූහ. දොරටුපාලයන් ඔවුන්ගේ නිලවලට පත් කළේ දාවිත් හා දිවැසිවර සාමුවෙල් විසිනි. ඔවුන් හා ඔවුන්ගෙන් පැවත එන්නෝ කූඩාරම් මණ්ඩපය නමින් හැඳින් වූ ස්වාමින්වහන්සේගේ ගෘහයේ දොරටු මුර කිරීම බාර ව සිටියහ. නැගෙනහිර ද බස්නාහිර ද උතුර ද දකුණ ද යන සතර පැතිවල දොරටුපාලයෝ සිටියහ. ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ නෑ සියන්ට දවස් හතක කාලයක නිල කටයුතු සඳහා මාරුවෙන් මාරුවට එන්නට නියම ව තිබිණි. ලෙවීවරුන් වූ ප්‍රධාන දොරටුපාලයින් හතර දෙනාට දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා කාමර සහ භාණ්ඩාගාර බාරකාරත්වය පැවරිණි. දෙවියන්වහන්සේගේ ගෘහය රැකවල් කිරීම ඔවුන්ට නියම ව තිබුණු බැවින්, ඔවුහු එය වටා රැඳී, රාත්‍රිය ගත කළෝ ය. මන්ද සෑම උදෑසනක ම එය විවර කිරීම ඔවුන්ට පැවරී තිබුණේ ය. ඔවුන්ගෙන් සමහරෙක් දේව මාලිග මෙහෙයයෙහි භාවිත කළ භාජන බාර ව සිටියහ. ඔවුහු ඒවා ඇතුළට ගෙනා කලත්, පිටතට ගෙන ගිය කලත් ඒවා ගණන් කළහ. සමහරෙක් බඩු මුට්ටු ද ශුද්ධස්ථානයේ අනෙකුත් සියලු උපකරණ ද සිහින් පිටි, මිදි යුෂ, තෙල්, සුගන්ධ ධූම ද්‍රව්‍ය හා සුවඳ ද්‍රව්‍ය ද රැක බලා ගැනීමට පත් කරන ලද්දෝ ය. පූජකයන්ගෙන් සමහරෙක් සුවඳ ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ කාරිය බාර ගත්හ. කොර්හී වංශික ෂල්ලූම්ගේ කුලුඳුල් පුත් මත්තිතියා නම් ලෙවීයකුට පිදුම් රොටි පිලිස්සීමේ කාරිය පැවැරිණි. කොහාත්වරුන්ගේ නෑසියන්ගෙන් සමහරෙක් හැම සබත් දවසක ම මේසය මත තබන රොටි පිළියෙල කිරීම බාර ව සිටියහ. සංගීතවේදීන් වූ ලෙවී පියවංශවල ප්‍රධානීහු දේව මාලිග කුටිවල නැවතී සිටියහ. ඔවුහු රෑ දාවල් සේවයෙහි නියැළුණු බැවින් සෙසු නිල කටයුතුවලින් නිදහස් ව සිටියහ. මොවුහු තම පෙළපත් නාමාවලියට අනුව ලෙවීවරුන්ගේ පියවංශවල ප්‍රධානියෝ ය; නායකයින් වූ ඔවුහු යෙරුසලමේ වාසය කළහ. ගිබෙයොන්ගේ පියා වූ යෙයීයෙල්, ගිබෙයොන්හි වාසය කළේ ය. ඔහුගේ බිරිඳගේ නම මයකා ය. ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දෝන් ය. ඊළඟට සූර්, කීෂ්, බාල්, නේර්, නාදාබ්, ගෙදෝර්, අහියෝ, සෙකරියා හා මික්ලොත් ය. මික්ලොත්, ෂිමෙයාම්ගේ පියා ය. ඔවුහු ද තම නෑසියන් සමඟ තම නෑසියන් අසල යෙරුසලමෙහි වාසය කළහ. නේර්, කීෂ්ගේ පියා ය. කීෂ්, සාවුල්ගේ පියා ය. සාවුල්, යොනාතාන්ගේ ද මල්කී-ෂුවාගේ ද අබිනාදාබ්ගේ ද එෂ්බාල්ගේ ද පියා ය. යොනාතාන්ගේ පුත්‍රයා: මෙරිබ්-බාල් ය. ඔහු මීකාගේ පියා ය. මීකාගේ පුත්‍රයෝ: පීතොන්, මෙලෙක්, තාරේයා හා ආහාස් ය. ආහාස්, යාරාගේ පියා ය. යාරා, ආලෙමෙත්ගේ ද අස්මාවෙත්ගේ ද සිම්රීගේ ද පියා ය. සිම්රී, මෝසාගේ පියා ය. මෝසා, බිනෙයාගේ පියා ය. ඔහුගේ පුත්‍රයා රෙෆායා ය. ඔහුගේ පුත්‍රයා එලෙයාසා ය. ඔහුගේ පුත්‍රයා ආසේල් ය. ආසේල්ට පුතුන් හයදෙනෙක් සිටියහ. ඔවුන්ගේ නාම මෙසේ ය: අස්රීකාම්, බොකෙරූ, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා හා හානාන් ය. ඔවුහු ආසේල්ගේ පුත්‍රයෝ ය.

1 වංශාවලිය 9:1-44 Sinhala Revised Old Version (SROV)

මෙසේ මුළු ඉශ්‍රායෙල් පෙළපත් වශයෙන් ලියවුණෝය; ඒවා ඉශ්‍රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. යූදාවරු තමුන්ගේ ද්‍රෝහිකම නිසා බබිලෝනියට ගෙනයනලද්දෝය. තමුන්ගේ උරුමවලද නුවරවලද වාසයකළ පළමුවෙනි වැසියෝ නම්: ඉශ්‍රායෙල්වරුත් පූජකයොත් ලෙවීවරුත් නෙතිනිම්වරුත්ය. යූදා පුත්‍රයන්ගෙනුත් බෙන්යමින් පුත්‍රයන්ගෙනුත් එප්‍රායිම් සහ මනස්සේ පුත්‍රයන්ගෙනුත් යෙරුසලමෙහි වාසයකළ අය නම්: යූදාගේ පුත්‍රයා වන පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් බානිගේ පුත්‍රවූ ඉම්රිගේ පුත්‍රයා වන ඔම්රිගේ පුත්‍රවූ අම්මිහුද්ගේ පුත්‍රයා වන ඌතයිය. ෂිලෝනිවරුන්ගෙන් කුලුඳුලාවූ අසායා සහ ඔහුගේ පුත්‍රයෝය. සෙරාගේ පුත්‍රයන්ගෙන් යෙවුයෙල් සහ ඔවුන්ගේ සහෝදරයෝ හසිය අනූදෙනෙක්ය. බෙන්යමින් පුත්‍රයන්ගෙන් හස්සෙනුවාගේ පුත්‍රයා වන හොදවියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලුද; යෙරොහාම්ගේ පුත්‍රවූ ඉබ්නෙයාද මික්රිගේ පුත්‍රයා වන උස්සිගේ පුත්‍රවූ ඒලාද ඉබ්නියාගේ පුත්‍රයා වන රෙවුයෙල්ගේ පුත්‍රවූ ෂෙපටියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ද; ඔවුන්ගේ පරම්පරාවල හැටියට ඔවුන්ගේ සහෝදරයන් නවසිය පනස්හදෙනෙක්ද යන අයය. මේ සියලු මනුෂ්‍යයෝ තම තමුන්ගේ පිය වංශ ලෙස පිය වංශවල ප්‍රධානියෝ වූහ. පූජකයන්ගෙන් යෙදායාද යෙහෝයාරීබ්ද යාකීන්ද; දෙවියන්වහන්සේගේ ගෘහයට අධිපතියාවූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත්‍රවූ ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත්‍රවූ හිල්කියාගේ පුත්‍රයා වන අසරියාද; මල්කීයාගේ පුත්‍රයා වන පෂ්හුර්ගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන අදායාද ඉම්මේර්ගේ පුත්‍රවූ මෙෂිල්ලේමීත්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත්‍රවූ යාසේරාගේ පුත්‍රයා වන අදියෙල්ගේ පුත්‍රවූ මයසයිද; තමුන්ගේ පිය වංශවල ප්‍රධානියන්වූ දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථවූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක්ද යන අයය. ලෙවීවරුනම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අස්රිකාම්ගේ පුත්‍රවූ හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායාය; බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත්‍රවූ සික්රිගේ පුත්‍රයා වන මීකාගේ පුත්‍රවූ මත්තනියාය; යෙදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත්‍රවූ ෂෙමයියාගේ පුත්‍රයා වන ඔබදියාය, නෙටොපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත්‍රවූ බෙරෙකියාය දොරටුපාලයෝවූ ෂල්ලුම්, අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයොත්ය. ෂල්ලුම් ප්‍රධානියාය. මේ දක්වා මොව්හු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටුපාලයෝ වූහ. කොරාගේ පුත්‍රවූ එබියාසාප්ගේ පුත්‍රයා වන කෝරේගේ පුත්‍රවූ ෂල්ලුම්ද ඔහුගේ පිය වංශයට අයිති ඔහුගේ සහෝදරයෝ වන කොරහිවරුද සේවයේ කටයුතුවලට පත්වී සභාමණ්ඩප දොරටුවල රැකවල්ලු වූහ. ඔවුන්ගේ පියවරු ස්වාමීන්වහන්සේගේ කඳවුරට ඇතුල්වෙන තැන රැකවලුන්ලෙස සිටියෝය; එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් පළමු ඔවුන් කෙරෙහි අධිපතියාව සිටියේය, ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක. මෙෂෙලෙමියාගේ පුත්‍රවූ ශෙකරියා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ දොරටුපාලයාව සිටියේය. දොරකඩවල දොරටුපාලයන් කොට තෝරාගන්නාලද ඒ සියල්ලෝ දෙසිය දොළොස් දෙනෙක්ය. ඔවුන්ගේ ගම්වල හැටියට ඔව්හු ලියවුණෝය, දාවිත් සහ දර්ශනකාරයාවූ සාමුවෙල්ද ඔවුන්ගේ නිලවලට ඔවුන් පත්කළෝය. ඔව්හුද ඔවුන්ගේ පුත්‍රයෝද ගෘහ මණ්ඩපය වන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි දොරටු, වාර පිළිවෙළින් බලාගත්තෝය. නැගෙනහිරද බස්නාහිරද උතුරද දකුණද යන සතර පැතිවල දොරටුපාලයෝ සිටියෝය. ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝද සත්දවසකට වරක් ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට ආවෝය. මක්නිසාද ඒ ලෙවීවරු වන ප්‍රධාන දොරටුපාලයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඇතුල් ගෙවල්ද ගබඩාවල්ද බලාගත්තෝය. දෙවියන්වහන්සේගේ ගෘහය රැකවල්කිරීම ඔවුන්ගේ යුතුකමව තිබුණු නිසා ඔව්හු ඒ ගෘහය වටකර නැවතී සිටියෝය, උදයෙන් උදය එහි දොරවල් ඇරීම ඔවුන්ගේ බාරේ තිබුණේය. ඔවුන්ගෙන් සමහරෙක් මෙහෙයට අයිති භාජන බලාගත්තෝය; මක්නිසාද ඒවා ඇතුළට ගන්ටත් පිටතට ගන්ටත් යෙදුණේ ගණන්කරලාය. ඔවුන්ගෙන් සමහරෙක් බඩුබාහිරාදියද ශුද්ධස්ථානයේ සියලු භාජනද සිහින් පිටිද මුද්‍රික පානයද තෙල්ද තුවරලාද සුවඳ ද්‍රව්‍යද බලාගන්ට පත්කරන ලද්දෝය. පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් සුවඳ ද්‍රව්‍යවලින් තෛලය සෑදුවෝය. ලෙවීවරුන් අතරෙන් කොරහිය ෂල්ලුම්ගේ කුලුඳුලාවූ මත්තිතියා ඇතිළිවල පිසූ දේ බලාගැනීමට පත්ව සිටියේය. ඔවුන්ගේ සහෝදරයන් වන කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එක එක සබත් දවසේ පිදීමේ රොටි සූදානම්කිරීමට පත්ව සිටියෝය. මොව්හු ගීතිකාකාරයෝව, ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, ඇතුල් ගෙවල වාසයකළෝය, රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොව්හු අනික් මෙහෙවලින් නිදහස්ව සිටියෝය. මොව්හු තමුන්ගේ පරම්පරාවල ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, යෙරුසලමෙහි වාසයකළෝය. ගිබියොන්ගේ පියවූ යෙයීයෙල් ගිබියොන්හි විසුවේය, ඔහුගේ භාර්යාවගේ නම මයකාය. ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දොන්ය; අනික් පුත්‍රයෝ ශූර්, කීෂ්, බාල්, නේර්, නාදාබ්; ගෙදොර්, අහියෝ, සෙකරියා සහ මික්ලොත්ය. මික්ලොත්ට දාව ෂිමෙයාම් උපන්නේය. මොව්හු තමුන්ගේ සහෝදරයන් සමඟ තමුන්ගේ සහෝදරයන් ඉදිරිපිටින් යෙරුසලමෙහි වාසයකළෝය. නේර්ට දාව කීෂ්ද කීෂ්ට දාව සාවුල්ද සාවුල්ට දාව යොනාතාන්ද මල්කී-ෂුවාද අබිනාදාබ්ද එෂ්බාල්ද උපන්නෝය. මෙරිබ්-බාල් යොනාතාන්ගේ පුත්‍රයාය; මෙරිබ්-බාල්ට දාව මීකා උපන්නේය. මීකාගේ පුත්‍රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස්ය. ආහාස්ට දාව යයිරා උපන්නේය. යයිරාට දාව අලෙමෙත්ද අස්මාවෙත්ද සිම්රිද උපන්නෝය; සිම්රිට දාව මෝශාද; මෝශාට දාව බිනෙයාද උපන්නෝය; ඔහුගේ පුත්‍රයා රෙපායාය, ඔහුගේ පුත්‍රයා එලියාසාය, ඔහුගේ පුත්‍රයා ආශෙල්ය. ආශෙල්ට පුත්‍රයන් හදෙනෙක් සිටියෝය. ඔවුන්ගේ නාම නම්: අස්රිකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන්ය. ආශෙල්ගේ පුත්‍රයෝ මොව්හුය.

1 වංශාවලිය 9:1-44 Sinhala New Revised Version (NRSV)

මෙසේ සියලු ඉශ්රායෙල්වරු පෙළපත් වශයෙන් ලියවුණෝ ය. ඒවා ඉශ්රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. ජුදාවරු තමන්ගේ ද්‍රෝහිකම් නිසා බබිලෝනියට ගෙන යන ලද්දෝ ය. ආපසු අවුත් තමන්ගේ උරුම කොටස්වල ද නගරවල ද වාසය කළ අය නම්: ඉශ්රායෙල්වරුන්ගේ පුජකයෝත්, ලෙවීවරුත්, දේව මාලිගාවේ මෙහෙකරුවන් වන නෙතිනීම්වරුත් ය. ජුදා ගෝත්‍රයෙනුත්, බෙන්ජමින් ගෝත්‍රයෙනුත්, එප්‍රායිම් සහ මනස්සේ ගෝත්‍රයෙනුත් ජෙරුසලමෙහි වාසය කළ අය නම්: ජුදාගේ පුත්‍රයා වන පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් බානිගේ පුත් ඉම්රිගේ පුත්‍රයා වන ඔම්රීගේ පුත් අම්මිහුද්ගේ පුත්‍රයා වන ඌතයි ය. ෂිලෝනිවරුන්ගෙන් කුලුඳුලා වූ අසායා සහ ඔහුගේ පුත්‍රයෝ ය. ශෙරාගේ පුත්‍රයන්ගෙන් ජෙවුයෙල් සහ ඔවුන්ගේ සහෝදරයෝ හයසිය අනූදෙනෙක් ය. බෙන්ජමින් ගෝත්‍රයෙනුත් හස්සෙනුවාගේ පුත්‍රයා වන හෝදවියාගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලු ද ජෙරොහාම්ගේ පුත් ඉබ්නෙයා ද මික්රීගේ පුත්‍රයා වන උශ්ශිගේ පුත් ඒලා ද ඉබ්නියාගේ පුත්‍රයා වන රෙවුයෙල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් ද; ඔවුන්ගේ පරම්පරාවල හැටියට ඔවුන්ගේ සහෝදරයෝ නවසිය පණස්හයදෙනෙක් ද යන අය ය. මේ සියලු මනුෂ්‍යයෝ තම තමන්ගේ පිය වංශ ලෙස පිය වංශවල ප්‍රධානියෝ වූ හ. පූජකයන්ගෙන් ජෙදායා ද ජෙහෝයාරීබ් ද ජාකීන් ද; දෙවියන් වහන්සේගේ මාලිගාවට අධිපතියා වූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත් ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් හිල්කියාගේ පුත්‍රයා වන අශරියා ද; මල්කියාගේ පුත්‍රයා වන පෂ්හුර්ගේ පුත් ජෙරොහාම්ගේ පුත්‍රයා වන අදායා ද ඉම්මේර්ගේ පුත් මෙෂිල්ලේමිත්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් ජාසේරාගේ පුත්‍රයා වන අදීයෙල්ගේ පුත් මයසයි ද; තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් වූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථ වූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක් ද යන අය වෙත්. ලෙවීවරු නම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අශ්රිකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ය; බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත් ශික්රීගේ පුත්‍රයා වන මීකාගේ පුත් මත්තනියා ය; ජෙදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත් ෂෙමෙයියාගේ පුත්‍රයා වන ඔබදියා ය; නෙටෝපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත් බෙරෙකියා ය. දොරටු පාලකයන් වූ ෂල්ලුම්, අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයෝත් ය. ෂල්ලුම් ප්‍රධානියා ය. මේ දක්වා මොවුහු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටු පාලකයෝ වූ හ. කෝරාගේ පුත් එබියාසාප්ගේ පුත්‍රයා වන කෝරේගේ පුත් වූ ෂල්ලුම් ද ඔහුගේ පිය වංශයට අයිති ඔහුගේ සහෝදරයන් වන කොරහිවරු ද සේවයේ කටයුතුවලට පත් වී සභා මණ්ඩප දොරටුවල රැකවල්ලු වූ හ. ඔවුන්ගේ පියවරු සමිඳාණන් වහන්සේගේ කඳවුරට ඇතුල් වන තැන රැකවලුන් ලෙස සිටියෝ ය. එලෙයාසර්ගේ පුත් පිනෙහාස් පළමු ව ඔවුන් කෙරෙහි අධිපතියා ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි සේක. මෙෂෙලෙමියාගේ පුත් ශෙකරියා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දොරටු පාලකයා ව සිටියේ ය. දොරකඩවල දොරටු පාලකයන් කොට තෝරාගන්න ලද ඒ සියල්ලෝ දෙසිය දොළොස්දෙනෙක් ය. ඔවුන්ගේ ගම්වල හැටියට ඔව්හු ලියාපදිංචි වූ හ. දාවිත් සහ දිවැසිවරයා වූ සාමුවෙල් ද ඔවුන්ගේ නිලවලට ඔවුන් පත් කළෝ ය. ඔව්හු ද ඔවුන්ගේ පුත්‍රයෝ ද ගෘහ මණ්ඩපය වන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටු මාරුවෙන් මාරුවට මුර කළහ. නැගෙනහිර ද බස්නාහිර ද උතුර ද දකුණ ද යන සතර පැතිවල දොරටු පාලකයෝ සිටියෝ ය. ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝ ද සත් දවසකට වරක් ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට ආවෝ ය. මන්ද, ඒ ලෙවීවරුන් වන ප්‍රධාන දොරටු පාලකයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඇතුළු ගෙවල් ද ගබඩාවල් ද බලාගත්හ. දෙවියන් වහන්සේගේ මාලිගාව රැකවල් කිරීම ඔවුන්ගේ යුතුකම ව තිබුණු නිසා ඔව්හු ඒ මාලිගාව වටකර නැවතී සිටියෝ ය. උදයෙන් උදය එහි දොරවල් ඇරීම ඔවුන්ගේ බාරේ තිබුණේ ය. ලෙවීවරුන්ගෙන් සමහරෙක් මෙහෙයට අයිති භාජන බලාගත්හ. මන්ද, ඒවා ඇතුළට ගන්නටත්, පිටතට ගන්නටත් යෙදුණේ ගණන් කළ පසු ව ය. ඔවුන්ගෙන් සමහරෙක් බඩු බාහිරාදිය ද ශුද්ධස්ථානයේ සියලු භාජන ද සිහින් පිටි ද මුද්‍රික පානය ද තෙල් ද තුවරලා ද සුවඳ ද්‍රව්‍ය ද බලාගන්නට පත් කරන ලද්දෝ ය. පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් සුවඳ ද්‍රව්‍යවලින් තෛලය සෑදුවෝ ය. ලෙවීවරුන් අතරෙන් කොරහි ෂල්ලුම්ගේ කුලුඳුලා වූ මත්තිතියා ඇතිළිවල පිසූ දේ බලාගැනීමට පත් ව සිටියේ ය. ඔවුන්ගේ සහෝදරයන් වන කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එක එක සබත් දවසේ පිදීමේ රොටි සූදානම් කිරීමට පත් ව සිටියෝ ය. මොවුහු ගීතිකාකාරයන් ව ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ඇතුළු ගෙවල වාසය කළෝ ය. රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොවුහු අනික් මෙහෙයන්වලින් නිදහස් ව සිටියෝ ය. මොවුහු තමන්ගේ පරම්පරාවල ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ජෙරුසලමෙහි වාසය කළෝ ය. ගිබියොන්ගේ පියා වූ ජෙයීයෙල් ගිබියොන්හි විසුවේ ය. ඔහුගේ භාර්යාවගේ නම මයකා ය. ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දොන් ය; අනික් පුත්‍රයෝ ශුර්, කිෂ්, බාල්, නේර්, නාදාබ්, ගෙදෝර්, අහියෝ, ශෙකරියා සහ මික්ලොත් ය. මික්ලොත්ට දාව ෂිමෙයාම් උපන්නේ ය. මොවුහු තමන්ගේ සහෝදරයන් සමඟ තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ජෙරුසලමෙහි වාසය කළෝ ය. නේර්ට දාව කිෂ් ද කිෂ්ට දාව සාවුල් ද සාවුල්ට දාව ජොනතන් ද මල්කී-ෂුවා ද අබිනාදාබ් ද එෂ්බාල් ද උපන්නෝ ය. මෙරිබ්-බාල් ජොනතන්ගේ පුත්‍රයා ය. මෙරිබ්-බාල්ට දාව මීකා උපන්නේ ය. මීකාගේ පුත්‍රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස් ය. ආහාස්ට දාව ජයිරා උපන්නේ ය. ජයිරාට දාව අල්ලෙමෙත් ද අශ්මාවෙත් ද සිම්රි ද උපන්නෝ ය. සිම්රිට දාව මෝශා ද, මෝශාට දාව බිනෙයා ද උපන්නෝ ය. ඔහුගේ පුත්‍රයා රෙපායා ය; ඔහුගේ පුත්‍රයා එලියාසා ය; ඔහුගේ පුත්‍රයා ආශෙල් ය. ආශෙල්ට පුත්‍රයෝ හයදෙනෙක් සිටියෝ ය. ඔවුන්ගේ නාම නම්: අශ්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන් ය. ආශෙල්ගේ පුත්‍රයෝ මොවුහු ය.

1 වංශාවලිය 9:1-44 Sinhala New Revised Version 2018 (SNRV)

මෙසේ සියලු ඉශ්රායෙල්වරු පෙළපත් වශයෙන් ලියවුණෝ ය. ඒවා ඉශ්රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. ජුදාවරු තමන්ගේ ද්‍රෝහිකම් නිසා බබිලෝනියට ගෙන යන ලද්දෝ ය. ආපසු අවුත් තමන්ගේ උරුම කොටස්වල ද නගරවල ද වාසය කළ අය නම්: ඉශ්රායෙල්වරුන්ගේ පුජකයෝත්, ලෙවීවරුත්, දේව මාලිගාවේ මෙහෙකරුවන් වන නෙතිනීම්වරුත් ය. ජුදා ගෝත්‍රයෙනුත්, බෙන්ජමින් ගෝත්‍රයෙනුත්, එප්‍රායිම් සහ මනස්සේ ගෝත්‍රයෙනුත් ජෙරුසලමෙහි වාසය කළ අය නම්: ජුදාගේ පුත්‍රයා වන පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් බානිගේ පුත් ඉම්රිගේ පුත්‍රයා වන ඔම්රීගේ පුත් අම්මිහුද්ගේ පුත්‍රයා වන ඌතයි ය. ෂිලෝනිවරුන්ගෙන් කුලුඳුලා වූ අසායා සහ ඔහුගේ පුත්‍රයෝ ය. ශෙරාගේ පුත්‍රයන්ගෙන් ජෙවුයෙල් සහ ඔවුන්ගේ සහෝදරයෝ හයසිය අනූදෙනෙක් ය. බෙන්ජමින් ගෝත්‍රයෙනුත් හස්සෙනුවාගේ පුත්‍රයා වන හෝදවියාගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලු ද ජෙරොහාම්ගේ පුත් ඉබ්නෙයා ද මික්රීගේ පුත්‍රයා වන උශ්ශිගේ පුත් ඒලා ද ඉබ්නියාගේ පුත්‍රයා වන රෙවුයෙල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් ද; ඔවුන්ගේ පරම්පරාවල හැටියට ඔවුන්ගේ සහෝදරයෝ නවසිය පනස්හයදෙනෙක් ද යන අය ය. මේ සියලු මනුෂ්‍යයෝ තම තමන්ගේ පිය වංශ ලෙස පිය වංශවල ප්‍රධානියෝ වූ හ. පූජකයන්ගෙන් ජෙදායා ද ජෙහෝයාරීබ් ද ජාකීන් ද; දෙවියන් වහන්සේගේ මාලිගාවට අධිපතියා වූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත් ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් හිල්කියාගේ පුත්‍රයා වන අශරියා ද; මල්කියාගේ පුත්‍රයා වන පෂ්හුර්ගේ පුත් ජෙරොහාම්ගේ පුත්‍රයා වන අදායා ද ඉම්මේර්ගේ පුත් මෙෂිල්ලේමිත්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් ජාසේරාගේ පුත්‍රයා වන අදීයෙල්ගේ පුත් මයසයි ද; තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් වූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථ වූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක් ද යන අය වෙත්. ලෙවීවරු නම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අශ්රිකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ය; බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත් ශික්රීගේ පුත්‍රයා වන මීකාගේ පුත් මත්තනියා ය; ජෙදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත් ෂෙමෙයියාගේ පුත්‍රයා වන ඔබදියා ය; නෙටෝපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත් බෙරෙකියා ය. දොරටු පාලකයන් වූ ෂල්ලුම්, අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයෝත් ය. ෂල්ලුම් ප්‍රධානියා ය. මේ දක්වා මොවුහු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටු පාලකයෝ වූ හ. කෝරාගේ පුත් එබියාසාප්ගේ පුත්‍රයා වන කෝරේගේ පුත් වූ ෂල්ලුම් ද ඔහුගේ පිය වංශයට අයිති ඔහුගේ සහෝදරයන් වන කොරහිවරු ද සේවයේ කටයුතුවලට පත් වී සභා මණ්ඩප දොරටුවල රැකවල්ලු වූ හ. ඔවුන්ගේ පියවරු සමිඳාණන් වහන්සේගේ කඳවුරට ඇතුල් වන තැන රැකවලුන් ලෙස සිටියෝ ය. එලෙයාසර්ගේ පුත් පිනෙහාස් පළමු ව ඔවුන් කෙරෙහි අධිපතියා ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි සේක. මෙෂෙලෙමියාගේ පුත් ශෙකරියා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දොරටු පාලකයා ව සිටියේ ය. දොරකඩවල දොරටු පාලකයන් කොට තෝරාගන්න ලද ඒ සියල්ලෝ දෙසිය දොළොස්දෙනෙක් ය. ඔවුන්ගේ ගම්වල හැටියට ඔව්හු ලියාපදිංචි වූ හ. දාවිත් සහ දිවැසිවරයා වූ සාමුවෙල් ද ඔවුන්ගේ නිලවලට ඔවුන් පත් කළෝ ය. ඔව්හු ද ඔවුන්ගේ පුත්‍රයෝ ද ගෘහ මණ්ඩපය වන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටු මාරුවෙන් මාරුවට මුර කළහ. නැගෙනහිර ද බස්නාහිර ද උතුර ද දකුණ ද යන සතර පැතිවල දොරටු පාලකයෝ සිටියෝ ය. ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝ ද සත් දවසකට වරක් ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට ආවෝ ය. මන්ද, ඒ ලෙවීවරුන් වන ප්‍රධාන දොරටු පාලකයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඇතුළු ගෙවල් ද ගබඩාවල් ද බලාගත්හ. දෙවියන් වහන්සේගේ මාලිගාව රැකවල් කිරීම ඔවුන්ගේ යුතුකම ව තිබුණු නිසා ඔව්හු ඒ මාලිගාව වටකර නැවතී සිටියෝ ය. උදයෙන් උදය එහි දොරවල් ඇරීම ඔවුන්ගේ බාරේ තිබුණේ ය. ලෙවීවරුන්ගෙන් සමහරෙක් මෙහෙයට අයිති භාජන බලාගත්හ. මන්ද, ඒවා ඇතුළට ගන්නටත්, පිටතට ගන්නටත් යෙදුණේ ගණන් කළ පසු ව ය. ඔවුන්ගෙන් සමහරෙක් බඩු බාහිරාදිය ද ශුද්ධස්ථානයේ සියලු භාජන ද සිහින් පිටි ද මුද්‍රික පානය ද තෙල් ද තුවරලා ද සුවඳ ද්‍රව්‍ය ද බලාගන්නට පත් කරන ලද්දෝ ය. පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් සුවඳ ද්‍රව්‍යවලින් තෛලය සෑදුවෝ ය. ලෙවීවරුන් අතරෙන් කොරහි ෂල්ලුම්ගේ කුලුඳුලා වූ මත්තිතියා ඇතිළිවල පිසූ දේ බලාගැනීමට පත් ව සිටියේ ය. ඔවුන්ගේ සහෝදරයන් වන කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එක එක සබත් දවසේ පිදීමේ පූප සූදානම් කිරීමට පත් ව සිටියෝ ය. මොවුහු ගීතිකාකාරයන් ව ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ඇතුළු ගෙවල වාසය කළෝ ය. රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොවුහු අනික් මෙහෙයන්වලින් නිදහස් ව සිටියෝ ය. මොවුහු තමන්ගේ පරම්පරාවල ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ජෙරුසලමෙහි වාසය කළෝ ය. ගිබියොන්ගේ පියා වූ ජෙයීයෙල් ගිබියොන්හි විසුවේ ය. ඔහුගේ භාර්යාවගේ නම මයකා ය. ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දොන් ය; අනික් පුත්‍රයෝ ශුර්, කිෂ්, බාල්, නේර්, නාදාබ්, ගෙදෝර්, අහියෝ, ශෙකරියා සහ මික්ලොත් ය. මික්ලොත්ට දාව ෂිමෙයාම් උපන්නේ ය. මොවුහු තමන්ගේ සහෝදරයන් සමඟ තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ජෙරුසලමෙහි වාසය කළෝ ය. නේර්ට දාව කිෂ් ද කිෂ්ට දාව සාවුල් ද සාවුල්ට දාව ජොනතන් ද මල්කී-ෂුවා ද අබිනාදාබ් ද එෂ්බාල් ද උපන්නෝ ය. මෙරිබ්-බාල් ජොනතන්ගේ පුත්‍රයා ය. මෙරිබ්-බාල්ට දාව මීකා උපන්නේ ය. මීකාගේ පුත්‍රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස් ය. ආහාස්ට දාව ජයිරා උපන්නේ ය. ජයිරාට දාව අල්ලෙමෙත් ද අශ්මාවෙත් ද සිම්රි ද උපන්නෝ ය. සිම්රිට දාව මෝශා ද, මෝශාට දාව බිනෙයා ද උපන්නෝ ය. ඔහුගේ පුත්‍රයා රෙපායා ය; ඔහුගේ පුත්‍රයා එලියාසා ය; ඔහුගේ පුත්‍රයා ආශෙල් ය. ආශෙල්ට පුත්‍රයෝ හයදෙනෙක් සිටියෝ ය. ඔවුන්ගේ නාම නම්: අශ්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන් ය. ආශෙල්ගේ පුත්‍රයෝ මොවුහු ය.

1 වංශාවලිය 9:1-44 New International Version (NIV)

All Israel was listed in the genealogies recorded in the book of the kings of Israel and Judah. They were taken captive to Babylon because of their unfaithfulness. Now the first to resettle on their own property in their own towns were some Israelites, priests, Levites and temple servants. Those from Judah, from Benjamin, and from Ephraim and Manasseh who lived in Jerusalem were: Uthai son of Ammihud, the son of Omri, the son of Imri, the son of Bani, a descendant of Perez son of Judah. Of the Shelanites: Asaiah the firstborn and his sons. Of the Zerahites: Jeuel. The people from Judah numbered 690. Of the Benjamites: Sallu son of Meshullam, the son of Hodaviah, the son of Hassenuah; Ibneiah son of Jeroham; Elah son of Uzzi, the son of Mikri; and Meshullam son of Shephatiah, the son of Reuel, the son of Ibnijah. The people from Benjamin, as listed in their genealogy, numbered 956. All these men were heads of their families. Of the priests: Jedaiah; Jehoiarib; Jakin; Azariah son of Hilkiah, the son of Meshullam, the son of Zadok, the son of Meraioth, the son of Ahitub, the official in charge of the house of God; Adaiah son of Jeroham, the son of Pashhur, the son of Malkijah; and Maasai son of Adiel, the son of Jahzerah, the son of Meshullam, the son of Meshillemith, the son of Immer. The priests, who were heads of families, numbered 1,760. They were able men, responsible for ministering in the house of God. Of the Levites: Shemaiah son of Hasshub, the son of Azrikam, the son of Hashabiah, a Merarite; Bakbakkar, Heresh, Galal and Mattaniah son of Mika, the son of Zikri, the son of Asaph; Obadiah son of Shemaiah, the son of Galal, the son of Jeduthun; and Berekiah son of Asa, the son of Elkanah, who lived in the villages of the Netophathites. The gatekeepers: Shallum, Akkub, Talmon, Ahiman and their fellow Levites, Shallum their chief being stationed at the King’s Gate on the east, up to the present time. These were the gatekeepers belonging to the camp of the Levites. Shallum son of Kore, the son of Ebiasaph, the son of Korah, and his fellow gatekeepers from his family (the Korahites) were responsible for guarding the thresholds of the tent just as their ancestors had been responsible for guarding the entrance to the dwelling of the LORD. In earlier times Phinehas son of Eleazar was the official in charge of the gatekeepers, and the LORD was with him. Zechariah son of Meshelemiah was the gatekeeper at the entrance to the tent of meeting. Altogether, those chosen to be gatekeepers at the thresholds numbered 212. They were registered by genealogy in their villages. The gatekeepers had been assigned to their positions of trust by David and Samuel the seer. They and their descendants were in charge of guarding the gates of the house of the LORD—the house called the tent of meeting. The gatekeepers were on the four sides: east, west, north and south. Their fellow Levites in their villages had to come from time to time and share their duties for seven-day periods. But the four principal gatekeepers, who were Levites, were entrusted with the responsibility for the rooms and treasuries in the house of God. They would spend the night stationed around the house of God, because they had to guard it; and they had charge of the key for opening it each morning. Some of them were in charge of the articles used in the temple service; they counted them when they were brought in and when they were taken out. Others were assigned to take care of the furnishings and all the other articles of the sanctuary, as well as the special flour and wine, and the olive oil, incense and spices. But some of the priests took care of mixing the spices. A Levite named Mattithiah, the firstborn son of Shallum the Korahite, was entrusted with the responsibility for baking the offering bread. Some of the Kohathites, their fellow Levites, were in charge of preparing for every Sabbath the bread set out on the table. Those who were musicians, heads of Levite families, stayed in the rooms of the temple and were exempt from other duties because they were responsible for the work day and night. All these were heads of Levite families, chiefs as listed in their genealogy, and they lived in Jerusalem. Jeiel the father of Gibeon lived in Gibeon. His wife’s name was Maakah, and his firstborn son was Abdon, followed by Zur, Kish, Baal, Ner, Nadab, Gedor, Ahio, Zechariah and Mikloth. Mikloth was the father of Shimeam. They too lived near their relatives in Jerusalem. Ner was the father of Kish, Kish the father of Saul, and Saul the father of Jonathan, Malki-Shua, Abinadab and Esh-Baal. The son of Jonathan: Merib-Baal, who was the father of Micah. The sons of Micah: Pithon, Melek, Tahrea and Ahaz. Ahaz was the father of Jadah, Jadah was the father of Alemeth, Azmaveth and Zimri, and Zimri was the father of Moza. Moza was the father of Binea; Rephaiah was his son, Eleasah his son and Azel his son. Azel had six sons, and these were their names: Azrikam, Bokeru, Ishmael, Sheariah, Obadiah and Hanan. These were the sons of Azel.