1 වංශාවලිය 8:1-40

1 වංශාවලිය 8:1-40 සිංහල කාලීන පරිවර්තනය (SCV)

බෙන්යමින් තම කුලුඳුල් පුත් බෙලාගේ ද දෙවැන්නා වූ අෂ්බෙල්ගේ ද තෙවැන්නා වූ අහරාගේ ද සිවුවැන්නා වූ නෝහාගේ ද පස්වැන්නා වූ රාෆාගේ ද පියා ය. බෙලාගේ පුත්‍රයෝ: අද්දාර්, ගේරා, අබිහූද්, අබිෂූවා, නාමාන්, අහෝවා, ගේරා, ෂෙෆූෆාන් හා හූරාම් ය. ඒහුද්ගෙන් පැවත එන්නෝ මොවුහු ය: ගෙබාහි වැසියන්ගේ පියවංශවල ප්‍රධානීන් වූ ඔවුහු මානහත් වෙත පිටුවහල් කරන ලදහ. නාමාන්, අහියා හා ගේරා ය. ඔහු ඔවුන් පිටුවහල් කළේ ය. ඔහු උස්සාගේ හා අහිහුද්ගේ පියා ය. ෂහරයිම් තම භාර්යාවන් වූ බාරා ද හූෂීම් ද අත්හැරීමෙන් අනතුරුව මෝවබ්හි දී ඔහුට පුත්තු උපන්හ. ඔහුගේ බිරිඳ වූ හොදෙෂ්ගෙන් ඔහුට යෝබාබ්, සිබියා, මේෂා, මල්කාම්, යෙවූස්, සාකියා හා මිර්මා උපන්හ. ඔහුගේ පුතුන් වූ ඔවුහු පියවංශවල ප්‍රධානීන් වූහ. හූෂීම් මගින් ඔහු අබිටූබ්ගේ හා එල්පාල්ගේ පියා විය. එල්පාල්ගේ පුත්‍රයෝ: ඒබෙර්, මිෂාම්, ෂෙමෙද් (ඕනෝ ද ලොද් ද එහි අවට ගම් ද ඉදි කළේ ඔහු ය), බෙරියා හා ෂෙමා ය. අයියාලොන් වාසී පියවංශවල ප්‍රධානීන් වූ ඔවුහු ගාත් වාසීන් පන්නා දැමූහ. අහියෝ, ෂාෂාක්, යෙරේමොත්, සෙබදියා, අරාද්, එදෙර්, මිකායෙල්, ඉෂ්පා හා යෝහා බෙරියාගේ පුත්‍රයෝ ය. සෙබදියා, මෙෂුල්ලාම්, හිස්කී, හෙබෙර්, ඉෂ්මෙරයි, ඉස්ලියා හා යෝබාබ් එල්පාල්ගේ පුත්‍රයෝ ය. යාකීම්, සික්රී, සබ්දී, එලියේනයි, සිල්ලෙතයි, එලියෙල්, අදායා, බෙරායා හා ෂිම්රාත් ෂිමෙයිගේ පුත්‍රයෝ ය. ඉෂ්පාන්, ඒබෙර්, එලියෙල්, අබ්දෝන්, සික්රී, හානාන්, හනනියා, ඒලාම්, අන්තොතීයා, ඉෆ්දෙයා හා පෙනූවෙල් ෂාෂාක්ගේ පුත්‍රයෝ ය. ෂම්ෂෙරයි, ෂෙහරියා, අතලියා, යාරෙෂියා, එලියා හා සික්රී යෙරොහාම්ගේ පුත්‍රයෝ ය. ඒ සියල්ලෝ ඔවුන්ගේ පරම්පරාවලට අනුව ප්‍රධානීන් ද පියවංශ මූලිකයින් ද වූහ. ඔවුහු යෙරුසලමෙහි වාසය කළහ. ගිබෙයොන්ගේ පියා වූ යෙයීයෙල්, ගිබෙයොන්හි වාසය කළේ ය. ඔහුගේ බිරිඳගේ නම මයකා ය. ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දෝන් ය. ඊළඟට සූර්, කීෂ්, බාල්, නේර්, නාදාබ්, ගෙදෝර්, අහියෝ, සෙකෙර් හා මික්ලොත් ය. ඔහු ෂිමෙයාගේ පියා ය. ඔවුහු ද තම නෑසියන් සමඟ තම නෑසියන් අසල යෙරුසලමෙහි වාසය කළහ. නේර්, කීෂ්ගේ පියා ය. කීෂ්, සාවුල්ගේ පියා ය. සාවුල්, යොනාතාන්ගේ ද මල්කී-ෂුවාගේ ද අබිනාදාබ්ගේ ද එෂ්බාල්ගේ ද පියා ය. යොනාතාන්ගේ පුත්‍රයා: මෙරිබ්-බාල් ය. ඔහු මීකාගේ පියා ය. මීකාගේ පුත්‍රයෝ: පීතොන්, මෙලෙක්, තාරේයා හා ආහාස් ය. ආහාස්, යෙහෝවද්දාගේ පියා ය. යෙහෝවද්දා, ආලෙමෙත්ගේ ද අස්මාවෙත්ගේ ද සිම්රීගේ ද පියා ය. සිම්රී, මෝසාගේ පියා ය. මෝසා, බිනෙයාගේ පියා ය. ඔහුගේ පුත්‍රයා රාෆා ය. ඔහුගේ පුත්‍රයා එලෙයාසා ය. ඔහුගේ පුත්‍රයා ආසේල් ය. ආසේල්ට පුතුන් හයදෙනෙක් සිටියහ. ඔවුන්ගේ නාම මෙසේ ය: අස්රීකාම්, බොකෙරූ, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා හා හානාන් ය. ඒ සියල්ලෝ ම ආසේල්ගේ පුත්‍රයෝ ය. ඔහුගේ සහෝදර එෂෙක්ගේ පුත්‍රයෝ: ඌලාම්, ඔහුගේ කුලුඳුලා ය. යෙවූෂ් දෙවැන්නා ය. එලිෆෙලෙත් තුන්වැන්නා ය. ඌලාම්ගේ පුත්‍රයෝ දුන්න හසුරුවන්නට හැකි අභීත රණශූරයෝ ය. ඔවුනට බොහෝ පුත්‍රයෝ ද මුණුබුරෝ ද සිටියහ. එකසියපනස් දෙනෙක් වූ ඔවුන් සියල්ලෝ බෙන්යමින්ගෙන් පැවතෙන්නෝ ය.

1 වංශාවලිය 8:1-40 Sinhala Revised Old Version (SROV)

බෙන්යමින්ට දාව ඔහුගේ කුලුඳුලාවූ බෙලාද දෙවෙනියාවූ අෂ්බෙල්ද තුන්වෙනියාවූ අහරාද; සතරවෙනියාවූ නෝහාද පස්වෙනියාවූ රාපාද උපන්නෝය. බෙලාට පුත්‍රයෝ සිටියෝය, එනම්: අද්දාර්, ගේරා, අබිහුද්; අබිෂුවා, නාමාන්, අහෝවා; ගේරා, ෂෙපුපාන් සහ හුරාම්ය. ඒහුද්ගේ පුත්‍රයෝ මොව්හුය. මොව්හු ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝය, මොව්හු ඔවුන් මානහත්ට ගෙන ගියෝය. ඊට පසු ඔහු නාමාන් අහියා සහ ගේරා ගෙන ගියේය; ඊට පසු ඔහුට දාව උස්සාද අහිහුද්ද උපන්නෝය. ෂහරයිම් ඔවුන් හැරිය පසු මෝවබ් දේශයේදී ඔහුට දාව ඔහුගේ භාර්යාවන්වූ හුෂීම්ගෙන්ද බයරාගෙන්ද දරුවෝ උපන්නෝය. ඔහුගේ භාර්යාවවූ හොඩෙෂ්ගෙන් යෝබාබ්ද ශීබියාද මේෂාද මල්කාම්ද; යෙවුශ්ද ෂාඛියාද මිර්මාද ඔහු නිසා උපන්නෝය. මොව්හු ඔහුගේ පුත්‍රයෝව පිය වංශවල ප්‍රධානියෝව සිටියෝය. හුෂීම්ගෙන් අබිතුබ් සහ එල්පයල් ඔහු නිසා උපන්නෝය. එල්පයල්ගේ පුත්‍රයෝ නම්: ඒබෙර්, මිෂාම් සහ ෂෙමෙඩ්ය, ඔහු ඕනෝද ලොද්ද එහි ගම්ද ගොඩනැගුවේය. අයාලෝන්හි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝවූ, ගාත්හි වැසියන් පන්නාදැමුවාවූ බෙරියා සහ ෂෙමායා; අහියෝද ෂාෂාක්ද යෙරේමොත්ද; සෙබදියාද ආරාද්ද එදෙර්ද; මීකායෙල්ද, ඉෂ්පාද යෝහාද බෙරියාගේ පුත්‍රයෝය; සෙබදියාද මෙෂුල්ලාම්ද හිස්කීද හෙබෙර්ද; ඉෂ්මෙරයිද ඉස්ලියාද යෝබාබ්ද එල්පයල්ගේ පුත්‍රයෝය; යාකීම්ද සික්රීද සබ්දීද; එලියේනයිද ශිල්ලෙතයිද එලියෙල්ද; අදායාද බෙරායාද ෂිම්රාත්ද ෂිමෙයිගේ පුත්‍රයෝය; ඉෂ්පාන්ද එබෙර්ද එලියෙල්ද; අබ්දොන්ද සික්රීද හානාන්ද; හනනියාද ඒලාම්ද අන්තොතියාද; ඉප්දෙයාද පෙනූයෙල්ද ෂාෂාක්ගේ පුත්‍රයෝය; ෂම්ෂෙරයිද ෂෙහරියාද අතලියාද; යාරෙෂියාද එලියාද සික්රීද යෙරොහාම්ගේ පුත්‍රයෝය. මොව්හු තමුන්ගේ පරම්පරාවලින් පිය පෙළපත්වල මූලික ප්‍රධානියෝව සිටියෝය. මොව්හු යෙරුසලමෙහි විසුවෝය. ගිබියොන්ගේ පියවූ යෙයීයෙල් ගිබියොන්හි විසුවේය, ඔහුගේ භාර්යාවගේ නම මයකාය. ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දොන්ය, අනික් පුත්‍රයෝ ශූර්, කීෂ්, බාල්, නාදාබ්; ගෙදොර්, අහියෝ සහ සෙකෙර්ය. මික්ලොත්ට දාව ෂිමෙයා උපන්නේය. ඔව්හුද තමුන්ගේ සහෝදරයන් සමඟ තමුන්ගේ සහෝදරයන් ඉදිරිපිටින් යෙරුසලමෙහි වාසයකළෝය. නේර්ට දාව කීෂ්ද කීෂ්ට දාව සාවුල්ද සාවුල්ට දාව යොනාතාන්ද මල්කී-ෂුවාද අබිනාදාබ්ද එෂ්බාල්ද උපන්නෝය. මෙරිබ්-බාල් යොනාතාන්ගේ පුත්‍රයාය; මෙරිබ්-බාල්ට දාව මීකා උපන්නේය. මීකාගේ පුත්‍රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස්ය. ආහාස්ට දාව යෙහෝවද්දාද යෙහෝවද්දාට දාව ආලෙමෙත්ද අස්මාවෙත්ද සිම්රීද උපන්නෝය; සිම්රීට දාව මෝශාද; මෝශාට දාව බිනෙයාද උපන්නෝය; ඔහුගේ පුත්‍රයා රාපාය, ඔහුගේ පුත්‍රයා එලෙයාසාය, ඔහුගේ පුත්‍රයා ආශෙල්ය. ආශෙල්ට පුත්‍රයන් හදෙනෙක් සිටියෝය, ඔවුන්ගේ නාම මේවාය: අස්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන්ය. මේ සියල්ලෝ ආශෙල්ගේ පුත්‍රයෝය. ඔහුගේ සහෝදරවූ එෂෙක්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලාවූ ඌලාම්ය, දෙවෙනියාවූ යෙවූෂ්ය, තුන්වෙනියාවූ එලිපෙලෙත්ය. ඌලාම්ගේ පුත්‍රයෝ බලවන්ත මනුෂ්‍යයෝව දුනුකාරයෝව සිටියෝය, ඔවුන්ට පුත්‍රයෝද පුත්‍රයන්ගේ පුත්‍රයෝද බොහෝ දෙනෙක් එනම් එකසිය පනහක් සිටියෝය. මේ සියල්ලෝ බෙන්යමින්ගේ පුත්‍රයෝය.

1 වංශාවලිය 8:1-40 Sinhala New Revised Version (NRSV)

බෙන්ජමින්ට දාව ඔහුගේ කුලුඳුලා වූ බෙලා ද දෙවැනියා වූ අෂ්බෙල් ද තුන්වැනියා වූ අහරා ද සතරවැනියා වූ නෝහා ද පස්වැනියා වූ රාපා ද උපන්නෝ ය. බෙලාට පුත්‍රයෝ සිටියෝ ය. එනම්: අද්දාර්, ගේරා, අබිහුද්, අබිෂුවා, නාමාන්, අහෝවා, ගේරා, ෂෙපුපාන් සහ හූරාම් ය. ඒහුද්ගේ පුත්‍රයෝ ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ය. මොවුහු මානහත්හි විප්‍රවාසයට ගෙන යන ලදහ. මොවුහු නම් නාමාන්, අහියා සහ ගේරා ය. ඔව්හු විප්‍රවාසයට ගෙන යන ලද්දේ ගේරා විසිනි. මොහුට දාව උශ්ශා ද අහිහුද් ද උපන්නෝ ය. ෂහරයිම් ඔහුගේ භාර්යාවන් වූ හුෂිම් ද, බයරා ද අත්හැරියේ ය. ඉන්පසු ඔහුට මෝවබ් රටේ දී ඔහුගේ භාර්යාව වූ හෝඩෙෂ්ගෙන් පුත්‍රයන් ලැබිණි. ඔව්හු නම්, ජෝබාබ්, ශීබියා, මේෂා, මල්කාම්, ජෙවුශ්, ෂාකියා හා මිර්මා ය. මොවුහු ඔහුගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය. හුෂිම්ගෙන් අබිතුබ් සහ එල්පයල් උපන්නෝ ය. එල්පයල්ගේ පුත්‍රයෝ නම්: ඒබෙර්, මිෂාම් සහ ෂෙමෙඩ් ය. ෂෙමෙඩ් ඕනෝ ද ලොද් ද එහි ගම් ද ගොඩනැඟුවේ ය. බෙරියා සහ ෂෙමා අයාලෝන්හි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝ වූ හ. ඔව්හු ගාත්හි වැසියන් පන්නා දැමූ හ. අහියෝ ද ෂාෂාක් ද ජෙරේමොත් ද; සෙබදියා ද ආරාද් ද එදෙර් ද, මිකායෙල් ද ඉෂ්පා ද ජෝහා ද බෙරියාගේ පුත්‍රයෝ ය. සෙබදියා ද මෙෂුල්ලාම් ද හිස්කී ද හෙබෙර් ද, ඉෂ්මෙරයි ද ඉස්ලියා ද ජෝබාබ් ද එල්පයල්ගේ පුත්‍රයෝ ය. ජාකීම් ද ශික්රී ද ශබ්දී ද, එලියේනයි ද ශිල්ලෙතයි ද එලියෙල් ද, අදායා ද බෙරායා ද ෂිම්රාත් ද ෂිමෙයිගේ පුත්‍රයෝ ය. ඉෂ්පාන් ද ඒබෙර් ද එලියෙල් ද, අබ්දොන් ද ශික්රී ද හානාන් ද, හනනියා ද ඒලාම් ද අන්තොතියා ද, ඉප්දෙයා ද පෙනූයෙල් ද ෂාෂාක්ගේ පුත්‍රයෝ ය. ෂම්ෂෙරයි ද ෂෙහරියා ද අතලියා ද, ජාරෙෂියා ද එලියා ද ශික්රී ද ජෙරොහාම්ගේ පුත්‍රයෝ ය. මොවුහු තමන්ගේ පරම්පරාවලින් පිය පෙළපත්වල මූලික ප්‍රධානියන් ව සිටියෝ ය. මොවුහු ජෙරුසලමෙහි විසුවෝ ය. ගිබියොන්ගේ පිය වූ ජෙයීයෙල් ගිබියොන්හි විසුවේ ය, ඔහුගේ භාර්යාවගේ නම මයකා ය. ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දොන් ය; අනික් පුත්‍රයෝ ශූර්, කිෂ්, බාල්, නාදාබ්, ගෙදෝර්, අහියෝ සහ සෙකෙර් ය. මික්ලොත්ට දාව ෂිමෙයා උපන්නේ ය. ඔව්හු ද තමන්ගේ සහෝදරයන් සමඟ තමන්ගේ සහෝදරයන් ඉදිරිපිටින් ජෙරුසලමෙහි වාසය කළෝ ය. නේර්ට දාව කිෂ් ද කිෂ්ට දාව සාවුල් ද සාවුල්ට දාව ජොනතන් ද මල්කී-ෂුවා ද අබිනාදාබ් ද එෂ්බාල් ද උපන්නෝ ය. මෙරිබ්-බාල් ජොනතන්ගේ පුත්‍රයා ය. මෙරිබ්-බාල්ට දාව මීකා උපන්නේ ය. මීකාගේ පුත්‍රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස් ය. ආහාස්ට දාව ජෙහෝවද්දා ද ජෙහෝවද්දාට දාව අල්ලෙමෙත් ද අශ්මාවෙත් ද සිම්රී ද උපන්නෝ ය. සිම්රීට දාව මෝශා ද මෝශාට දාව බීනෙයා ද උපන්නෝ ය. ඔහුගේ පුත්‍රයා රාපා ය. ඔහුගේ පුත්‍රයා එලෙයාසා ය. ඔහුගේ පුත්‍රයා ආශෙල් ය. ආශෙල්ට පුත්‍රයෝ හයදෙනෙක් සිටියෝ ය. ඔවුන්ගේ නම් මේවා ය: අශ්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන් ය. මේ සියල්ලෝ ආශෙල්ගේ පුත්‍රයෝ ය. ඔහුගේ සහෝදර වූ එෂෙක්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලා වූ ඌලාම් ය. දෙවැනියා වූ ජෙවූෂ් ය; තුන්වැනියා වූ එලිපෙලෙත් ය. ඌලාම්ගේ පුත්‍රයෝ බලවන්ත මනුෂ්‍යයන් ව, දුනුකාරයන් ව සිටියෝ ය. ඔවුන්ට පුත්‍රයෝ ද පුත්‍රයන්ගේ පුත්‍රයෝ ද බොහෝ දෙනෙක් එනම්, එකසියපණහක් සිටියෝ ය. මේ සියල්ලෝ බෙන්ජමින්ගේ පුත්‍රයෝ ය.

1 වංශාවලිය 8:1-40 Sinhala New Revised Version 2018 (SNRV)

1 වංශාවලිය 8:1-40 New International Version (NIV)

Benjamin was the father of Bela his firstborn, Ashbel the second son, Aharah the third, Nohah the fourth and Rapha the fifth. The sons of Bela were: Addar, Gera, Abihud, Abishua, Naaman, Ahoah, Gera, Shephuphan and Huram. These were the descendants of Ehud, who were heads of families of those living in Geba and were deported to Manahath: Naaman, Ahijah, and Gera, who deported them and who was the father of Uzza and Ahihud. Sons were born to Shaharaim in Moab after he had divorced his wives Hushim and Baara. By his wife Hodesh he had Jobab, Zibia, Mesha, Malkam, Jeuz, Sakia and Mirmah. These were his sons, heads of families. By Hushim he had Abitub and Elpaal. The sons of Elpaal: Eber, Misham, Shemed (who built Ono and Lod with its surrounding villages), and Beriah and Shema, who were heads of families of those living in Aijalon and who drove out the inhabitants of Gath. Ahio, Shashak, Jeremoth, Zebadiah, Arad, Eder, Michael, Ishpah and Joha were the sons of Beriah. Zebadiah, Meshullam, Hizki, Heber, Ishmerai, Izliah and Jobab were the sons of Elpaal. Jakim, Zikri, Zabdi, Elienai, Zillethai, Eliel, Adaiah, Beraiah and Shimrath were the sons of Shimei. Ishpan, Eber, Eliel, Abdon, Zikri, Hanan, Hananiah, Elam, Anthothijah, Iphdeiah and Penuel were the sons of Shashak. Shamsherai, Shehariah, Athaliah, Jaareshiah, Elijah and Zikri were the sons of Jeroham. All these were heads of families, chiefs as listed in their genealogy, and they lived in Jerusalem. Jeiel the father of Gibeon lived in Gibeon. His wife’s name was Maakah, and his firstborn son was Abdon, followed by Zur, Kish, Baal, Ner, Nadab, Gedor, Ahio, Zeker and Mikloth, who was the father of Shimeah. They too lived near their relatives in Jerusalem. Ner was the father of Kish, Kish the father of Saul, and Saul the father of Jonathan, Malki-Shua, Abinadab and Esh-Baal. The son of Jonathan: Merib-Baal, who was the father of Micah. The sons of Micah: Pithon, Melek, Tarea and Ahaz. Ahaz was the father of Jehoaddah, Jehoaddah was the father of Alemeth, Azmaveth and Zimri, and Zimri was the father of Moza. Moza was the father of Binea; Raphah was his son, Eleasah his son and Azel his son. Azel had six sons, and these were their names: Azrikam, Bokeru, Ishmael, Sheariah, Obadiah and Hanan. All these were the sons of Azel. The sons of his brother Eshek: Ulam his firstborn, Jeush the second son and Eliphelet the third. The sons of Ulam were brave warriors who could handle the bow. They had many sons and grandsons—150 in all. All these were the descendants of Benjamin.