1 වංශාවලිය 5:1-26

1 වංශාවලිය 5:1-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉශ්‍රායෙල්ගේ කුලුඳුල් පුත් රූබෙන්ගේ පුත්‍රයෝ: ඔහු කුලුඳුලා වුව ද, තම පියාගේ යහන කිලිටි කළ නිසා, ඔහුගේ කුලුඳුල් උරුමය ඉශ්‍රායෙල්ගේ පුත් යෝසෙප්ගේ පුත්‍රයින්ට දෙන ලදී. එබැවින් කුලුඳුල් උරුමයට අනුව පෙළපත් ලේඛනයට ඔහු ඇතුළත් නො කෙරිණි. තම සහෝදරයන් අතරේ බලවතා වූයේ යූදා ය. පාලකයා පැමිණියේ ද ඔහුගෙනි. එහෙත් කුලුඳුල් උරුමය යෝසෙප්ට හිමි විය. ඉශ්‍රායෙල්ගේ කුලුඳුලා වූ රූබෙන්ගේ පුත්‍රයෝ: හනොක්, පල්ලු, හෙස්රොන් හා කර්මී ය. යෝවෙල්ගේ පුත්‍රයෝ: ඔහුගේ පුත්‍රයා ෂෙමායා ය, ඔහුගේ පුත්‍රයා ගෝග් ය, ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය, ඔහුගේ පුත්‍රයා මීකා ය, ඔහුගේ පුත්‍රයා රෙයායා ය, ඔහුගේ පුත්‍රයා බාල් ය, ඔහුගේ පුත්‍රයා බෙයේරා ය; අසිරියාවේ රජ තිල්ගත්-පිල්නෙසෙර් විසින් ඔහු පිටුවහල් කොට ගෙන යන ලදී. බෙයේරා, රූබෙන්වරුන්ගේ නායකයකු විය. ඔවුන්ගේ පරම්පරාවල පෙළපත් නාමාවලි ලේඛනවලට අනුව, පෙළපත් වශයෙන් ඔවුන්ගේ සහෝදරයෝ: ප්‍රධානියා යෙයීයෙල්, සෙකරියා හා බෙලා ය. ඔහු යෝවෙල්ගේ පුත්‍ර, ෂෙමාගේ පුත්‍ර, ආසාස්ගේ පුත්‍රයා ය. ඔවුහු අරෝයෙර් සිට නෙබෝ හා බාල්-මෙයෝන් දක්වා ප්‍රදේශයේ පදිංචි වූහ. නැගෙනහිර දෙසට ඔවුහු යුප්‍රටීස් නදියේ සිට විහිදෙන කාන්තාරයේ මායිම දක්වා ම පදිංචි වූයේ ඔවුන්ගේ සත්ව සම්පත ගිලියාද් දේශයේදී බෙහෙවින් බෝ වී තිබූ නිසා ය. සාවුල්ගේ දවස්වලදී ඔවුහු හග්රීවරුනට එරෙහිව යුද්ධ කර, ඔවුන් යටත් කර ගත්හ. ඔවුහු ගිලියාද්ට නැගෙනහිරින් පිහිටි මුළු පළාත පුරා ඔවුන්ගේ කූඩාරම්වල වාසය කළහ. ඔවුන්ට එහායින් සලෙකා දක්වා බාෂාන් පෙදෙසේ වාසය කළෝ ගාද්ගේ පුත්‍රයෝ ය. යෝවෙල් ප්‍රධානියා ය. ෂාෆාම් දෙවැන්නා ය. ඊළඟට බාෂාන්හි යානයි හා ෂාෆාට් ය. පියවංශ අනුව ඔවුන්ගේ සහෝදරයෝ: මිකායෙල්, මෙෂුල්ලාම්, ෂෙබා, යෝරයි, යාකාන්, සියා හා ඒබෙර් යන හත්දෙනා ය. ඔවුහු අබිහයිල්ගේ පුත්‍රයෝ ය. ඔහු බූස්ගේ පුත්‍ර, යාදෝගේ පුත්‍ර, යෙෂීෂයිගේ පුත්‍ර, මිකායෙල්ගේ පුත්‍ර, ගිලියාද්ගේ පුත්‍ර, යාරෝවාගේ පුත්‍ර, හූරීගේ පුත්‍රයා ය. ගුනීගේ පුත්‍ර, අබ්දියෙල්ගේ පුත්‍ර අහී, ඔවුන්ගේ පියවංශයේ ප්‍රධානියා ය. ගාද්වරු ගිලියාද්, බාෂාන් හා එහි අවට ගම්වල ද ෂාරොන්හි සියලු තණ බිම්වල සීමා දක්වා ද වාසය කළහ. ඒ සියල්ලෝ යූදාහි රජු වූ යෝතාම්ගේ හා ඉශ්‍රායෙල් රජු වූ යෙරොබොවම්ගේ රාජ සමයේ පෙළපත් නාමාවලි ලේඛනවලට ඇතුළත් කරන ලදහ. රූබෙන්වරුන්ගෙන්, ගාද්වරුන්ගෙන් හා මනස්සේ අර්ධ ගෝත්‍රයෙන් පලිහත්, කඩුවත් හසුරුවන්නට හැකි, දුන්නෙන් විදිය හැකි, යුද්ධයට දක්ෂ, වික්‍රමාන්විත මිනිස්සු හතළිස්හතර දහස් හත්සිය හැට දෙනෙක් සිටියහ. ඔවුහු හග්රීවරුන්ටත්, යෙටූර්ටත්, නාෆීෂ්ටත්, නෝදාබ්ටත් එරෙහිව යුද්ධ කළහ. සටන්වලදී මොවුනට උපකාර ලැබිණි. දෙවියන්වහන්සේ හග්රීවරුන් සහ ඔවුන් සමඟ සිටි සියල්ලන් ඔවුන්ගේ අත්වලට හසුකර දුන් සේක. මන්ද ඔවුහු සටනේදී උන්වහන්සේට මොර ගැසූහ. ඔවුහු උන්වහන්සේ කෙරේ විශ්වාසය තැබූ බැවින් උන්වහන්සේ ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු දුන් සේක. ඔවුහු ඔවුන්ගේ සත්ව සම්පත වූ ඔටුවන් පනස් දහසක් ද බැටළුවන් දෙලක්ෂ පනස් දහසක් ද බූරුවන් දෙදහසක් ද අල්ලා ගත්හ. ඔවුහු මිනිසුන් ලක්ෂයක් ද අල්ලාගෙන ගියහ. යුද්ධය දෙවියන්වහන්සේගෙන් වූ බැවින්, බොහෝ දෙනෙක් වැටී ගියහ. පිටුවහල් කරනු ලැබීම දක්වා ඔවුහු මොවුන්ගේ දේශයේ වාසය කළහ. මනස්සේ අර්ධ ගෝත්‍ර වංශික ජනයා අධික ව බාෂාන් සිට බාල්-හෙර්මොන් හෙවත් සෙනීර් (හෙර්මොන් කන්ද) දක්වා දේශයේ වාසය කළහ. ඔවුන්ගේ පියවංශවල ප්‍රධානීහු මොවුහු ය: ඒෆෙර්, ඉෂී, එලියෙල්, අස්රියෙල්, යෙරමියා, හෝදවියා හා යාදියෙල් ය. අභීත රණවිරුවන් ද කීර්තිමත් මිනිසුන් ද වූ ඔවුහු තම පියවංශවල ප්‍රධානීන් වූහ. එහෙත් ඔවුහු තම පියවරුන්ගේ දෙවියන්වහන්සේට අවිශ්වාසවන්ත වී, දෙවියන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශ කළ දේශ-වාසීන්ගේ දෙවිවරුන් හා වේශ්‍යාකම් කළහ. එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ අසිරියාවේ රජ වූ පූල් එනම් අසිරියාවේ රජ වූ තිල්ගත්-පිල්නෙසෙර්ගේ සිත පෙලඹ වූ සේක. ඔහු රූබෙන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේ අර්ධ ගෝත්‍රය ද පිටුවහල් කොට ගෙන ගියේ ය. ඔහු ඔවුන් හලා, හාබොර්, හාරා හා ගෝසාන් නදිය වෙත ගෙන ගියේ ය. ඔවුහු අද දක්වා එහි සිටිති.

1 වංශාවලිය 5:1-26 Sinhala Revised Old Version (SROV)

ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයෝ මොව්හුය. (ඔහු කුලුඳුලාව සිටිය නුමුත් තම පියාගේ යහන කිලුටුකළ නිසා ඔහුගේ කුලුඳුල්කම ඉශ්‍රායෙල්ගේ පුත්‍රවූ යෝසෙප්ගේ පුත්‍රයන්ට දෙනලද්දේය; කුලුඳුල්කමේ හැටියට පෙළපත ගණන්නොගන්නා ලද්දේය. යූදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත්වුණේය, ඔහුගෙන් අධිපතියා පැවතආයේය; නුමුත් කුලුඳුල්කම යෝසෙප්ට අයිතිය.) ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයෝ නම්: හනොක්, පල්ලූ, හෙශ්රොන් සහ කර්මිය. යෝවෙල්ගේ පුත්‍රයෝනම්: ඔහුගේ පුත්‍රයා ෂෙමායාය, ඔහුගේ පුත්‍රයා ගොග්ය, ඔහුගේ පුත්‍රයා ෂිමෙයිය; ඔහුගේ පුත්‍රයා මීකාය, ඔහුගේ පුත්‍රයා රෙයායාය, ඔහුගේ පුත්‍රයා බාල්ය; ඔහුගේ පුත්‍රයා බෙයේරාය, ඔහු අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර් විසින් වාලට ගෙනයනු ලැබුවේය. ඔහු රූබෙන්වරුන්ගේ අධිපතියාය. තමුන්ගේ පරම්පරා ලේඛනයෙහි ලියාතිබෙන තමුන්ගේ පවුල්වල හැටියට ඔහුගේ සහෝදරයෝ නම්: ප්‍රධානියාවූ යෙයීයෙල් සහ සෙකරියාය, යෝවෙල්ගේ පුත්‍රවූ ෂෙමාගේ පුත්‍රයා වන ආසාස්ගේ පුත්‍රවූ බෙලාය. ඔහු අරොයෙර්හිද නෙබෝ සහ බාල්-මෙයෝන් දක්වාද වාසයකෙළේය. නැගෙනහිරට ඔව්හු ප්‍රාත් ගංගාවේ පටන් කාන්තාරයට ඇතුල්වෙන තැන දක්වා වාසයකළෝය. මක්නිසාද ඔවුන්ගේ සිව්පාවෝ ගිලියද් දේශයෙහි බහුලව සිටියෝය. ඔව්හු සාවුල්ගේ දවස්වලදී හග්රිවරුන් සමඟ යුද්ධකොට ඔවුන් නැතිකර, ගිලියද්ට නැගෙනහිරෙන් තිබෙන දේශය මුළුල්ලෙහි ඔවුන්ගේ කූඩාරම්වල වාසයකළෝය. ගාද්ගේ පුත්‍රයෝ ඔවුන්ට ඉදිරිපිටින් බාෂාන් දේශයේ සලෙකා දක්වා වාසයකළෝය. ඔව්හු නම්: ප්‍රධානියාවූ යෝවෙල්, දෙවෙනියාවූ ෂාපාම්, යානයි සහ ෂාපාත්ය; ඔව්හු බාෂාන්හි සිටියෝය. තමුන්ගේ පිය වංශ ප්‍රකාරයට ඔවුන්ගේ සහෝදරයෝ නම්: මීකායෙල්ද මෙෂුල්ලාම්ද ෂෙබාද යෝරයිද යාකාන්ද ෂීයද එබෙර්ද යන සත් දෙනාය. මොව්හු බූස්ගේ පුත්‍රයා වන යාඩෝගේ පුත්‍රවූ යෙෂීෂයිගේ පුත්‍රයා වන මීකායෙල්ගේ පුත්‍රවූ ගිලියද්ගේ පුත්‍රයා වන යාරොවාගේ පුත්‍රවූ හූරිගේ පුත්‍රයා වන අබිහයිල්ගේ පුත්‍රයෝය; ගුනීගේ පුත්‍රවූ අබ්දියෙල්ගේ පුත්‍රයා වන අහී ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියාය. ඔව්හු ගිලියද්හිද බාෂාන්හිද එහි නුවරවලද ෂාරෝන්හි සියලු පිට-බිම්වලද තමුන්ගේ සීමා දක්වා වාසයකළෝය. මේ සියල්ලෝම යූදාහි රජවූ යෝතාම්ගේ දවස්වලදීද ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලදීද පෙළපත් වශයෙන් ලියවුණෝය. රූබෙන් පුත්‍රයන්ගෙන්ද ගාද්වරුන්ගෙන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද පලිහත් කඩුවත් පාවිච්චිකරන්නාවූ, දුන්නෙන් විදින්නාවූ, යුද්ධයට දක්ෂවූ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හතළිස් හාරදාස් හත්සිය හැටක් වූවෝය; ඔව්හු යුද්ධයට යන්ට පුළුවන් අයය. ඔව්හු හග්රීවරුන්ද යෙටූර්ද නාපීෂ්ද නෝදාබ්ද සමඟ යුද්ධකළෝය. ඒ අයට විරුද්ධව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරුද ඔවුන් සමඟ සිටි සියල්ලෝද ඔවුන් අතට පාවාදෙනලද්දෝය. මක්නිසාද සටනේදී ඔව්හු දෙවියන්වහන්සේට යාච්ඤාකළෝය; ඔවුන් උන්වහන්සේ කෙරෙහි විශ්වාසකළ බැවින් උන්වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන්සේක. ඔව්හු ඔවුන්ගේ සිව්පාවුන් වන ඔවුන්ගේ ඔටුවන් පනස්දහසක්ද බැටළුවන් දෙලක්ෂ පනස්දහසක්ද කොටළුවන් දෙදහසක්ද මිනිසුන් ලක්ෂයක්ද අල්ලාගෙන ගියෝය. යුද්ධය දෙවියන්වහන්සේ කෙරෙන් වූ නිසා බොහෝ දෙනෙක්ම මැරුම්කා වැටුණෝය. වාල්කමට ගෙනයාම දක්වා ඔව්හු මොවුන්ගේ ඉඩමෙහි වාසයකළෝය. මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ පුත්‍රයෝ දේශයෙහි වාසයකළෝය. ඔව්හු බාෂාන් පටන් බාල්-හෙර්මොන්ද සෙනීර්ද හෙර්මොන් කන්දද දක්වා ගණනින් වැඩිවූවෝය. ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොව්හුය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අස්‍රීයෙල්, යෙරෙමියා, හෝදවියා සහ යාදියෙල්ය. ඔව්හු බලවන්තයෝව කීර්තිමත් මනුෂ්‍යයෝ ව තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ව සිටියෝය. නුමුත් ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කොට උන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශකළ රටවැසියන්ගේ දෙවිවරුන් අනුව යාමෙන් වේශ්‍යාකම්කළෝය. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේද අෂූර්හි රජවූ පූල්ගේ සිතත් අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම් රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ගෙන ගොස්, හලාටත් හාබෝර්ටත් හාරාටත් ගෝසාන්හි ගංගාව ළඟටත් පැමිණෙවුසේක, ඔව්හු අද දක්වා එහි සිටිති.

1 වංශාවලිය 5:1-26 Sinhala New Revised Version (NRSV)

ඉශ්රායෙල්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ මොවුහු ය. ඔහු කුලුඳුලා ව සිටි නමුත්, තම පියාගේ උපභාර්යාවන් සමඟ සේවනයෙහි යෙදුණු නිසා, ඔහුගේ කුලුඳුල්කම ඉශ්රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය; කුලුඳුල්කමේ හැටියට පෙළපත ගණන් නොගන්නා ලද්දේ ය. ජුදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත් වුණේ ය. ඔහුගෙන් අධිපතියා පැවත ආයේ ය. එහෙත්, කුලුඳුල්කම ජෝසෙප්ට අයිති ය. ඉශ්රායෙල්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ නම්: හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී ය. ජෝවෙල්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රයා ෂෙමායා ය; ඔහුගේ පුත්‍රයා ගොග් ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය; ඔහුගේ පුත්‍රයා මීකා ය; ඔහුගේ පුත්‍රයා රෙයායා ය; ඔහුගේ පුත්‍රයා බාල් ය; ඔහුගේ පුත්‍රයා බෙයේරා ය; ඔහු අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර් විසින් වහල්කමට ගෙනයනු ලැබුවේ ය. ඔහු රූබන්වරුන්ගේ අධිපතියා ය. තමන්ගේ පරම්පරා ලේඛනයෙහි ලියා තිබෙන තමන්ගේ පවුල් අනුව ඔහුගේ සහෝදරයෝ නම්: ප්‍රධානියා වූ ජෙයීයෙල් සහ ශෙකරියා ය, ජෝවෙල්ගේ පුත්‍ර වූ ෂෙමාගේ පුත්‍රයා වන ආශාශ්ගේ පුත් බෙලා ය. ඔහු අරෝයෙර්හි ද නෙබෝ සහ බාල්-මෙයොන් දක්වා ද වාසය කෙළේ ය. නැගෙනහිරට ඔව්හු යුප්‍රටීස් ගංගාවේ පටන් පාළුකරයට ඇතුළු වන තැන දක්වා වාසය කළෝ ය. මන්ද, ඔවුන්ගේ සිවුපාවෝ ගිලියද් දේශයෙහි බහුල ව සිටියෝ ය. ඔව්හු සාවුල්ගේ දවස්වල දී හග්රීවරුන් සමඟ යුද්ධ කොට ඔවුන් නැතිකර, ගිලියද්ට නැගෙනහිරෙන් තිබෙන දේශය මුළුල්ලෙහි ඔවුන්ගේ කූඩාරම්වල වාසය කළෝ ය. ගාද්ගේ පුත්‍රයෝ ඔවුන්ට ඉදිරිපිටින් බාෂාන් දේශයේ සලෙකා දක්වා වාසය කළෝ ය. ඔව්හු නම්: ප්‍රධානියා වූ ජෝවෙල්, දෙවැනියා වූ ෂාපාම්, ජානයි සහ ෂාපාත් ය. ඔව්හු බාෂාන්හි සිටියෝ ය. තමන්ගේ පිය වංශ ප්‍රකාරයට ඔවුන්ගේ සහෝදරයෝ නම්: මිකායෙල් ද මෙෂුල්ලාම් ද ෂෙබා ද ජෝරයි ද ජාකාන් ද ෂිය ද ඒබෙර් ද යන සත්දෙනා ය. මොවුහු බුශ්ගේ පුත්‍රයා වන ජාඩෝගේ පුත් ජෙෂිෂයිගේ පුත්‍රයා වන මිකායෙල්ගේ පුත් ගිලියද්ගේ පුත්‍රයා වන ජාරොවාගේ පුත් හුරීගේ පුත්‍රයා වන අබිහයිල්ගේ පුත්‍රයෝ ය. ගුනීගේ පුත් අබ්දියෙල්ගේ පුත්‍රයා වන අහී ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියා ය. ඔව්හු ගිලියද්හි ද බාෂාන්හි ද එහි නුවරවල ද ෂාරොන්හි සියලු තණ බිම්වල ද තමන්ගේ සීමා දක්වා වාසය කළෝ ය. මේ සියල්ලෝ ම ජුදාහි රජ වූ ජෝතාම්ගේ දවස්වල දී ද ඉශ්රායෙල් රජ වූ ජෙරොබෝවම්ගේ දවස්වල දී ද පෙළපත් වශයෙන් ලියවුණෝ ය. රූබන්වරුන්ගෙන් ද ගාද්වරුන්ගෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද පලිහත්, කඩුවත් පාවිච්චි කරන දුන්නෙන් විදින යුද්ධයට දක්ෂ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හතළිස්හාරදාස් හත්සිය හැටක් වූවෝ ය. ඔව්හු යුද්ධයට යන්න පුළුවන් අය වෙත්. ඔව්හු හග්රීවරුන් ද ජෙටුර් ද නාපීෂ් ද නෝදාබ් ද සමඟ යුද්ධ කළෝ ය. ඒ අයට විරුද්ධ ව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරු ද ඔවුන් සමඟ සිටි සියල්ලෝ ද ඔවුන් අතට පාවා දෙන ලද්දෝ ය. මන්ද, සටනේ දී ඔව්හු දෙවියන් වහන්සේට යාච්ඤා කළෝ ය. ඔවුන් උන් වහන්සේ කෙරෙහි විශ්වාස කළ බැවින් උන් වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන් සේක. ඔව්හු ඔවුන්ගේ සිව්පාවුන් වන ඔවුන්ගේ ඔටුවන් පණස්දහසක් ද බැටළුවන් දෙලක්ෂ පණස්දහසක් ද කොටළුවන් දෙදහසක් ද මිනිසුන් ලක්ෂයක් ද අල්ලාගෙන ගියෝ ය. යුද්ධය දෙවියන් වහන්සේ කෙරෙන් වූ නිසා බොහෝ දෙනෙක් ම මැරුම්කා වැටුණෝ ය. වහල්කමට ගෙන යාම දක්වා ඔව්හු මොවුන්ගේ දේශයෙහි වාසය කළෝ ය. මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ ජනයා බාෂාන් පටන් බාල්-හෙර්මොන් ද සෙනීර් ද හෙර්මොන් කන්ද ද දක්වා දේශයෙහි වාසය කළෝ ය. ඔව්හු ගණනින් වැඩි වූවෝ ය. ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොවුහු ය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අශ්රියෙල්, ජෙරමියා, හෝදවියා සහ ජාදියෙල් ය. ඔව්හු බලවන්තයන් ව, කීර්තිමත් මනුෂ්‍යයන් ව, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය. එහෙත්, ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වී උන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශ කළ රට වැසියන්ගේ දෙවිවරුන් වැළඳ ගත්තෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ ද අසිරියාවේ රජ වූ පූල්ගේ සිතත් අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම්, රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද ගෙන ගොස්, හලාටත්, හාබෝර්ටත්, හාරාටත්, ගෝශාන්හි ගංගාව ළඟටත් පැමිණෙවු සේක. ඔව්හු අද දක්වා එහි සිටිති.

1 වංශාවලිය 5:1-26 Sinhala New Revised Version 2018 (SNRV)

ඉශ්රායෙල්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ මොවුහු ය. ඔහු කුලුඳුලා ව සිටි නමුත්, තම පියාගේ උපභාර්යාවන් සමඟ සේවනයෙහි යෙදුණු නිසා, ඔහුගේ කුලුඳුල්කම ඉශ්රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය; කුලුඳුල්කමේ හැටියට පෙළපත ගණන් නොගන්නා ලද්දේ ය. ජුදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත් වුණේ ය. ඔහුගෙන් අධිපතියා පැවත ආයේ ය. එහෙත්, කුලුඳුල්කම ජෝසෙප්ට අයිති ය. ඉශ්රායෙල්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ නම්: හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී ය. ජෝවෙල්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රයා ෂෙමායා ය; ඔහුගේ පුත්‍රයා ගොග් ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය; ඔහුගේ පුත්‍රයා මීකා ය; ඔහුගේ පුත්‍රයා රෙයායා ය; ඔහුගේ පුත්‍රයා බාල් ය; ඔහුගේ පුත්‍රයා බෙයේරා ය; ඔහු අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර් විසින් වහල්කමට ගෙනයනු ලැබුවේ ය. ඔහු රූබන්වරුන්ගේ අධිපතියා ය. තමන්ගේ පරම්පරා ලේඛනයෙහි ලියා තිබෙන තමන්ගේ පවුල් අනුව ඔහුගේ සහෝදරයෝ නම්: ප්‍රධානියා වූ ජෙයීයෙල් සහ ශෙකරියා ය, ජෝවෙල්ගේ පුත්‍ර වූ ෂෙමාගේ පුත්‍රයා වන ආශාශ්ගේ පුත් බෙලා ය. ඔහු අරෝයෙර්හි ද නෙබෝ සහ බාල්-මෙයොන් දක්වා ද වාසය කෙළේ ය. නැගෙනහිරට ඔව්හු යුප්‍රටීස් ගංගාවේ පටන් පාළුකරයට ඇතුළු වන තැන දක්වා වාසය කළෝ ය. මන්ද, ඔවුන්ගේ සිවුපාවෝ ගිලියද් දේශයෙහි බහුල ව සිටියෝ ය. ඔව්හු සාවුල්ගේ දවස්වල දී හග්රීවරුන් සමඟ යුද්ධ කොට ඔවුන් නැතිකර, ගිලියද්ට නැගෙනහිරෙන් තිබෙන දේශය මුළුල්ලෙහි ඔවුන්ගේ කූඩාරම්වල වාසය කළෝ ය. ගාද්ගේ පුත්‍රයෝ ඔවුන්ට ඉදිරිපිටින් බාෂාන් දේශයේ සලෙකා දක්වා වාසය කළෝ ය. ඔව්හු නම්: ප්‍රධානියා වූ ජෝවෙල්, දෙවැනියා වූ ෂාපාම්, ජානයි සහ ෂාපාත් ය. ඔව්හු බාෂාන්හි සිටියෝ ය. තමන්ගේ පිය වංශ ප්‍රකාරයට ඔවුන්ගේ සහෝදරයෝ නම්: මිකායෙල් ද මෙෂුල්ලාම් ද ෂෙබා ද ජෝරයි ද ජාකාන් ද ෂිය ද ඒබෙර් ද යන සත්දෙනා ය. මොවුහු බුශ්ගේ පුත්‍රයා වන ජාඩෝගේ පුත් ජෙෂිෂයිගේ පුත්‍රයා වන මිකායෙල්ගේ පුත් ගිලියද්ගේ පුත්‍රයා වන ජාරොවාගේ පුත් හුරීගේ පුත්‍රයා වන අබිහයිල්ගේ පුත්‍රයෝ ය. ගුනීගේ පුත් අබ්දියෙල්ගේ පුත්‍රයා වන අහී ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියා ය. ඔව්හු ගිලියද්හි ද බාෂාන්හි ද එහි නුවරවල ද ෂාරොන්හි සියලු තණ බිම්වල ද තමන්ගේ සීමා දක්වා වාසය කළෝ ය. මේ සියල්ලෝ ම ජුදාහි රජ වූ ජෝතාම්ගේ දවස්වල දී ද ඉශ්රායෙල් රජ වූ ජෙරොබෝවම්ගේ දවස්වල දී ද පෙළපත් වශයෙන් ලියවුණෝ ය. රූබන්වරුන්ගෙන් ද ගාද්වරුන්ගෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද පලිහත්, කඩුවත් පාවිච්චි කරන දුන්නෙන් විදින යුද්ධයට දක්ෂ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හතළිස්හාරදාස් හත්සිය හැටක් වූවෝ ය. ඔව්හු යුද්ධයට යන්න පුළුවන් අය වෙත්. ඔව්හු හග්රීවරුන් ද ජෙටුර් ද නාපීෂ් ද නෝදාබ් ද සමඟ යුද්ධ කළෝ ය. ඒ අයට විරුද්ධ ව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරු ද ඔවුන් සමඟ සිටි සියල්ලෝ ද ඔවුන් අතට පාවා දෙන ලද්දෝ ය. මන්ද, සටනේ දී ඔව්හු දෙවියන් වහන්සේට යාච්ඤා කළෝ ය. ඔවුන් උන් වහන්සේ කෙරෙහි විශ්වාස කළ බැවින් උන් වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන් සේක. ඔව්හු ඔවුන්ගේ සිව්පාවුන් වන ඔවුන්ගේ ඔටුවන් පනස්දහසක් ද බැටළුවන් දෙලක්ෂ පනස්දහසක් ද කොටළුවන් දෙදහසක් ද මිනිසුන් ලක්ෂයක් ද අල්ලාගෙන ගියෝ ය. යුද්ධය දෙවියන් වහන්සේ කෙරෙන් වූ නිසා බොහෝ දෙනෙක් ම මැරුම්කා වැටුණෝ ය. වහල්කමට ගෙන යාම දක්වා ඔව්හු මොවුන්ගේ දේශයෙහි වාසය කළෝ ය. මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ ජනයා බාෂාන් පටන් බාල්-හෙර්මොන් ද සෙනීර් ද හෙර්මොන් කන්ද ද දක්වා දේශයෙහි වාසය කළෝ ය. ඔව්හු ගණනින් වැඩි වූවෝ ය. ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොවුහු ය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අශ්රියෙල්, ජෙරමියා, හෝදවියා සහ ජාදියෙල් ය. ඔව්හු බලවන්තයන් ව, කීර්තිමත් මනුෂ්‍යයන් ව, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය. එහෙත්, ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වී උන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශ කළ රට වැසියන්ගේ දෙවිවරුන් වැළඳ ගත්තෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ ද අසිරියාවේ රජ වූ පූල්ගේ සිතත් අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම්, රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද ගෙන ගොස්, හලාටත්, හාබෝර්ටත්, හාරාටත්, ගෝශාන්හි ගංගාව ළඟටත් පැමිණෙවු සේක. ඔව්හු අද දක්වා එහි සිටිති.

1 වංශාවලිය 5:1-26 New International Version (NIV)

The sons of Reuben the firstborn of Israel (he was the firstborn, but when he defiled his father’s marriage bed, his rights as firstborn were given to the sons of Joseph son of Israel; so he could not be listed in the genealogical record in accordance with his birthright, and though Judah was the strongest of his brothers and a ruler came from him, the rights of the firstborn belonged to Joseph)— the sons of Reuben the firstborn of Israel: Hanok, Pallu, Hezron and Karmi. The descendants of Joel: Shemaiah his son, Gog his son, Shimei his son, Micah his son, Reaiah his son, Baal his son, and Beerah his son, whom Tiglath-Pileser king of Assyria took into exile. Beerah was a leader of the Reubenites. Their relatives by clans, listed according to their genealogical records: Jeiel the chief, Zechariah, and Bela son of Azaz, the son of Shema, the son of Joel. They settled in the area from Aroer to Nebo and Baal Meon. To the east they occupied the land up to the edge of the desert that extends to the Euphrates River, because their livestock had increased in Gilead. During Saul’s reign they waged war against the Hagrites, who were defeated at their hands; they occupied the dwellings of the Hagrites throughout the entire region east of Gilead. The Gadites lived next to them in Bashan, as far as Salekah: Joel was the chief, Shapham the second, then Janai and Shaphat, in Bashan. Their relatives, by families, were: Michael, Meshullam, Sheba, Jorai, Jakan, Zia and Eber—seven in all. These were the sons of Abihail son of Huri, the son of Jaroah, the son of Gilead, the son of Michael, the son of Jeshishai, the son of Jahdo, the son of Buz. Ahi son of Abdiel, the son of Guni, was head of their family. The Gadites lived in Gilead, in Bashan and its outlying villages, and on all the pasturelands of Sharon as far as they extended. All these were entered in the genealogical records during the reigns of Jotham king of Judah and Jeroboam king of Israel. The Reubenites, the Gadites and the half-tribe of Manasseh had 44,760 men ready for military service—able-bodied men who could handle shield and sword, who could use a bow, and who were trained for battle. They waged war against the Hagrites, Jetur, Naphish and Nodab. They were helped in fighting them, and God delivered the Hagrites and all their allies into their hands, because they cried out to him during the battle. He answered their prayers, because they trusted in him. They seized the livestock of the Hagrites—fifty thousand camels, two hundred fifty thousand sheep and two thousand donkeys. They also took one hundred thousand people captive, and many others fell slain, because the battle was God’s. And they occupied the land until the exile. The people of the half-tribe of Manasseh were numerous; they settled in the land from Bashan to Baal Hermon, that is, to Senir (Mount Hermon). These were the heads of their families: Epher, Ishi, Eliel, Azriel, Jeremiah, Hodaviah and Jahdiel. They were brave warriors, famous men, and heads of their families. But they were unfaithful to the God of their ancestors and prostituted themselves to the gods of the peoples of the land, whom God had destroyed before them. So the God of Israel stirred up the spirit of Pul king of Assyria (that is, Tiglath-Pileser king of Assyria), who took the Reubenites, the Gadites and the half-tribe of Manasseh into exile. He took them to Halah, Habor, Hara and the river of Gozan, where they are to this day.