1 වංශාවලිය 29:5-13

1 වංශාවලිය 29:5-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)

රන් වැඩට රන්, රිදී වැඩට රිදී ලෙස ශිල්පීන්ගේ අතින් කළ යුතු සියලු වැඩ ද සඳහා ය. අද දවසේ කැමැත්තෙන් තමන් ම ස්වාමින්වහන්සේට කැප කර ගන්නේ කවුරුන් දැ?” යි ඇසී ය. ඉන්පසු පියවංශ නායකයෝ ද ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ප්‍රධානීහු ද දහසේ හා සියයේ සෙන්පතීහු ද රජුගේ සේවා-කටයුතු බාර ව සිටි නිලධාරීහු ද දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩ සඳහා රන් තලෙන්ත පන්දහසක් හා රන් දරික් දස දහසක් ද රිදී තලෙන්ත දස දහසක්, ලෝකඩ තලෙන්ත දහඅට දහසක් හා යකඩ තලෙන්ත සිය දහසක් ද දුන්හ. අනර්ඝ ගල් ඇති හැම කෙනෙක් ම ඒවා ගෙර්ෂොනීය යෙහීයෙල්ගේ භාරකාරත්වය යටතේ, ස්වාමින්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාරයට දුන්හ. ඔවුහු ඒවා කැමැත්තෙන් පූජා කළ නිසා ජනයා ප්‍රීති වූහ. මන්ද ඔවුහු ස්වාමින්වහන්සේට එසේ දී තිබුණේ මුළු හදවතින් ම ය. නො මසුරු ව ය. දාවිත් රජු ද මහත් සේ ප්‍රීති වූයේ ය. එබැවින් දාවිත් මුළු ජන හමුව ඉදිරියේ ස්වාමින්වහන්සේට ආශිර්වාදය පුද කළේ ය: “අහෝ ස්වාමින්වහන්ස, අපගේ පිය වූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, සදාතනයෙන් සදාතනයට ඔබ ආශිර්වාදිත ය; අහෝ ස්වාමින්වහන්ස, උත්තම භාවය හා බලයත්, තේජෝ මහිමය, ජයග්‍රහණය හා රාජශ්‍රීයත් ඔබගේ ය. මන්ද ස්වර්ගයේ හා පොළොවේ ඇති සියල්ල ඔබගේ ය. රාජ්‍යයත් ඔබගේ ය. අහෝ ස්වාමින්වහන්ස, ඔබ හිස මෙන් සියල්ලන්ට උසස් ව සිටින සේක. වස්තුව හා ගෞරවය පැමිණෙන්නේ ඔබ වෙතින් ය. සියල්ල පාලනය කරන්නේ ඔබ ය; බලය හා පරාක්‍රමය ඔබ අතේ ය. සැමට ශ්‍රේෂ්ඨත්වය හා ශක්තිය සලසා දෙන්නේ ඔබ අතින් ය. එබැවින් අපගේ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති පුදන්නෙමු. ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසා කරන්නෙමු.

1 වංශාවලිය 29:5-13 Sinhala Revised Old Version (SROV)

ඕපීර්හි රන් තලෙන්ත තුන් දහසකුත් පවිත්‍රකළ රිදී තලෙන්ත සත්දහසකුත් එසේ දුන්නෙමි. ඉතින් අද අත්පුරා කැමැත්තෙන්ම ස්වාමීන්වහන්සේට පූජාකරන්නේ කවුදැයි කීවේය. එවිට පිය වංශවල අධිපතීහුද ඉශ්‍රායෙල් ගෝත්‍රවල අධිපතීහුද සහස්‍රාධිපතීහුද ශතාධිපතීහුද රජුගේ වැඩවල අධිපතීහුද කැමැත්තෙන්ම ඔප්පුකරමින් දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයට රන් තලෙන්ත පන්දහසක් සහ දරික් මිල දස දහසකුත් රිදී තලෙන්ත දසදහසකුත් පිත්තල තලෙන්ත දහඅට දහසකුත් යකඩ තලෙන්ත ලක්ෂයකුත් දුන්නෝය. අනර්ඝ ගල් ඇත්තෝද ගේර්ෂොනිය යෙහීයෙල් අතින් ඒවා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවට දුන්නෝය. සෙනඟ එසේ කැමැත්තෙන්ම ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීතිවුණෝය, මක්නිසාද ඔව්හු අවංක සිතකින් ස්වාමීන්වහන්සේට පූජාකළෝය. දාවිත් රජද මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණේය. දාවිත් මුළු සභාව ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරමින් කථාකොට: අපේ පියවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබට සදාකාලයටම ප්‍රශංසාවේවා; ස්වාමීන්වහන්ස, මහන්තත්ත්වයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය; රාජ්‍යයත්, ස්වාමීන්වහන්ස, ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටිනසේක. වස්තුවද ගෞරවයද පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩුකරනසේක; බලයද පරාක්‍රමයද ඔබගේ අතෙහිය; සියල්ලන් උසස්කරන්ටත් ශක්තිමත්කරන්ටත් බලය තිබෙන්නේ ඔබ අතෙහිය; එබැවින්, අපේ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුතිකරමින් ඔබගේ තේජවත් නාමය වර්ණනාකරමුව.

1 වංශාවලිය 29:4-13 Sinhala New Revised Version (NRSV)

එනම්, මාලිගාවේ බිත්ති වසාලන පිණිස ද රන් වැඩවලටත්, රිදී වැඩවලටත්, කාර්මිකයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චි කරන පිණිස ද ඕපීර්හි රන් මෙට්රික් ටොන් සියයකුත්, පවිත්‍ර කළ රිදී මෙට්රික් ටොන් දෙසිය සතළිසකුත් දුන්නෙමි. ඉතින් අද සේවය සඳහා කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේට පූජා කරන්නේ වෙන කවරෙක් දැ”යි කීවේ ය. එවිට පිය වංශවල අධිපතීහු ද ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතීහු ද සහශ්‍රාධිපතීහු ද ශතාධිපතීහු ද රාජකාරියේ අධිපතීහු ද කැමැත්තෙන් ම පඬුරු ඔප්පු කරමින් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට රන් මෙට්රික් ටොන් එකසිය හැත්තෑවට වැඩි ගණනකුත්, රිදී මෙට්රික් ටොන් තුන්සිය සතළිසකට වැඩි ගණනකුත්, ලෝකඩ මෙට්රික් ටොන් හයසිය විස්සක් පමණකුත්, යකඩ මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකට වැඩි ගණනකුත් දුන්නෝ ය. අනර්ඝ මැණික් ගල් ඇත්තෝ ද ගේර්ෂොනීය ජෙහීයෙල් අතින් ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවට දුන්නෝ ය. සෙනඟ එසේ කැමැත්තෙන් ම ඒවා ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීති වුණෝ ය. මන්ද, ඔවුන් අවංක සිතකින් සමිඳාණන් වහන්සේට ඒවා පූජා කළ බැවිනි. දාවිත් රජු ද ඉමහත් ප්‍රීතියකට පත් විය. දාවිත් මුළු සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින් කතා කොට, මෙසේ කීවේ ය: “අපේ පිය වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට සදහට ම ප්‍රශංසා වේවා. සමිඳාණන් වහන්ස, ශ්‍රේෂ්ඨත්වය ද බලපරාක්‍රමය ද තේජස ද වික්‍රමය ද මහිමය ද අයත් ඔබට ය. මන්ද, ස්වර්ගයෙහිත්, පොළොවෙහිත් ඇති සියල්ල ඔබේ ය. සමිඳාණන් වහන්ස, රාජ්‍යයත් ඔබට අයිති ය. ඔබ සියල්ල කෙරෙහි විශිෂ්ට ලෙස උසස් ව සිටින සේක. වස්තුව ද ගෞරවය ද පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබ සියල්ල පාලනය කරන සේක. බලය ද පරාක්‍රමය ද ඔබ අතෙහි ය. සියල්ලන් උසස් කරන්නටත්, ශක්තිමත් කරන්නටත්, බලය තිබෙන්නේ ඔබ අතෙහි ය. එබැවින් අපේ දෙවියන් වහන්ස, අපි ඔබට ස්තුති කරමින් ඔබේ තේජාන්විත නාමය වර්ණනා කරමු.

1 වංශාවලිය 29:4-13 Sinhala New Revised Version 2018 (SNRV)

1 වංශාවලිය 29:5-13 New International Version (NIV)

for the gold work and the silver work, and for all the work to be done by the craftsmen. Now, who is willing to consecrate themselves to the LORD today?” Then the leaders of families, the officers of the tribes of Israel, the commanders of thousands and commanders of hundreds, and the officials in charge of the king’s work gave willingly. They gave toward the work on the temple of God five thousand talents and ten thousand darics of gold, ten thousand talents of silver, eighteen thousand talents of bronze and a hundred thousand talents of iron. Anyone who had precious stones gave them to the treasury of the temple of the LORD in the custody of Jehiel the Gershonite. The people rejoiced at the willing response of their leaders, for they had given freely and wholeheartedly to the LORD. David the king also rejoiced greatly. David praised the LORD in the presence of the whole assembly, saying, “Praise be to you, LORD, the God of our father Israel, from everlasting to everlasting. Yours, LORD, is the greatness and the power and the glory and the majesty and the splendor, for everything in heaven and earth is yours. Yours, LORD, is the kingdom; you are exalted as head over all. Wealth and honor come from you; you are the ruler of all things. In your hands are strength and power to exalt and give strength to all. Now, our God, we give you thanks, and praise your glorious name.