1 වංශාවලිය 29:1-30
1 වංශාවලිය 29:1-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු දාවිත් රජු මුළු සමූහයාට කතා කොට, “දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබූ එක ම තැනැත්තා වන මගේ පුත් සාලමොන් තරුණ ය; පලපුරුද්දෙන් අඩු ය. එහෙත් මේ කාරිය අති මහත් ය. මන්ද මේ මාලිගාව මනුෂ්‍යයා සඳහා නො ව දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ උදෙසා ය. එහෙයින් මම, මගේ දෙවියන්වහන්සේගේ ගෘහය සඳහා මට හැකි උපරිමයෙන් රන් වැඩට රන්, රිදී වැඩට රිදී, ලෝකඩ වැඩට ලෝකඩ, යකඩ වැඩට යකඩ, ලී වැඩට ලී හා ඔබ්බන පිණිස ගෝමේද, අඤ්ජන, නා නා වර්ණ මැණික්, සියලු ආකාර අනර්ඝ ගල් හා කිරිගරුඬ බොහෝ සේ සූදානම් කළෙමි. තවද මේ ශුද්ධ ගෘහය උදෙසා මා සූදානම් කළ සියල්ලට අමතරව මගේ දෙවියන්වහන්සේගේ ගෘහයට ඇති මගේ ළැදිකම නිසා මම, මගේ ම වස්තුව වන රන් හා රිදී දැන් මගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දෙන්නෙමි: ඕෆීර්හි රත්තරනින් රන් තලෙන්ත තුන්දහසක් හා පිරිපහදු රිදී තලෙන්ත හත්දහසක් ය. ඒ, ගෘහයේ බිත්ති ආලේප කිරීම සඳහා ද රන් වැඩට රන්, රිදී වැඩට රිදී ලෙස ශිල්පීන්ගේ අතින් කළ යුතු සියලු වැඩ ද සඳහා ය. අද දවසේ කැමැත්තෙන් තමන් ම ස්වාමින්වහන්සේට කැප කර ගන්නේ කවුරුන් දැ?” යි ඇසී ය. ඉන්පසු පියවංශ නායකයෝ ද ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ප්‍රධානීහු ද දහසේ හා සියයේ සෙන්පතීහු ද රජුගේ සේවා-කටයුතු බාර ව සිටි නිලධාරීහු ද දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩ සඳහා රන් තලෙන්ත පන්දහසක් හා රන් දරික් දස දහසක් ද රිදී තලෙන්ත දස දහසක්, ලෝකඩ තලෙන්ත දහඅට දහසක් හා යකඩ තලෙන්ත සිය දහසක් ද දුන්හ. අනර්ඝ ගල් ඇති හැම කෙනෙක් ම ඒවා ගෙර්ෂොනීය යෙහීයෙල්ගේ භාරකාරත්වය යටතේ, ස්වාමින්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාරයට දුන්හ. ඔවුහු ඒවා කැමැත්තෙන් පූජා කළ නිසා ජනයා ප්‍රීති වූහ. මන්ද ඔවුහු ස්වාමින්වහන්සේට එසේ දී තිබුණේ මුළු හදවතින් ම ය. නො මසුරු ව ය. දාවිත් රජු ද මහත් සේ ප්‍රීති වූයේ ය. එබැවින් දාවිත් මුළු ජන හමුව ඉදිරියේ ස්වාමින්වහන්සේට ආශිර්වාදය පුද කළේ ය: “අහෝ ස්වාමින්වහන්ස, අපගේ පිය වූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, සදාතනයෙන් සදාතනයට ඔබ ආශිර්වාදිත ය; අහෝ ස්වාමින්වහන්ස, උත්තම භාවය හා බලයත්, තේජෝ මහිමය, ජයග්‍රහණය හා රාජශ්‍රීයත් ඔබගේ ය. මන්ද ස්වර්ගයේ හා පොළොවේ ඇති සියල්ල ඔබගේ ය. රාජ්‍යයත් ඔබගේ ය. අහෝ ස්වාමින්වහන්ස, ඔබ හිස මෙන් සියල්ලන්ට උසස් ව සිටින සේක. වස්තුව හා ගෞරවය පැමිණෙන්නේ ඔබ වෙතින් ය. සියල්ල පාලනය කරන්නේ ඔබ ය; බලය හා පරාක්‍රමය ඔබ අතේ ය. සැමට ශ්‍රේෂ්ඨත්වය හා ශක්තිය සලසා දෙන්නේ ඔබ අතින් ය. එබැවින් අපගේ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති පුදන්නෙමු. ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසා කරන්නෙමු. “එහෙත් මෙසේ ත්‍යාගශීලී ව දෙන්නට හැකි වූ මා කවුරුන් ද? මගේ ජනතාව කවරහු ද? මන්ද සියල්ල පැමිණෙන්නේ ඔබ වෙතිනි. අප ඔබට දී ඇත්තේ ඔබ වෙතින් ම පැමිණෙන දෙයිනි. අපේ පියවරුන් සියල්ලන් මෙන් ඔබගේ ඇස් හමුවේ අප ආගන්තුකයින් හා තාවකාලික පදිංචිකරුවන් ය. මිහි මත අපගේ දවස් සෙවණැල්ලක් වැනි ය. දිගට ම පැවැත්මක් නැත. අහෝ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබගේ ශුද්ධ නාමය උදෙසා ඔබට ගෘහයක් තනන්නට අප සූදානම් කළ මේ සියල්ල පැමිණෙන්නේ ඔබ අතින් ය. ඒ සියල්ල ඔබගේ ය. මගේ දෙවියන්වහන්ස, ඔබ හදවත සෝදිසි කරන වගත්, අවංකකමට ප්‍රියවන වගත් මම දනිමි. මා මේ සියල්ල දුන්නේ මගේ ම කැමැත්තෙන් හා අවංකකමිනි. එසේ ම දැන් මෙහි සිටින ඔබගේ ජනයා ස්ව-කැමැත්තෙන් ඔබට දුන් වග දැන් මම ප්‍රීතියෙන් යුතු ව දුටිමි. අහෝ ස්වාමින්වහන්ස, අපගේ පියවරුන් වන ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවියන්වහන්ස, මේ අරමුණු හා සිතුවිලි ඔබගේ ජනයාගේ හදවත්වල සදහට ම තැබුව මැනව. ඔවුන්ගේ හදවත් ඔබ වෙත යොමුකරගත මැනව. මගේ පුත් සාලමොන් මුළු හදින් ම, ඔබගේ ආඥා ද ඔබගේ පනත් හා නියෝග ද රක්ෂා කරන පිණිසත්, ඒ සියල්ල පිළිපදින පිණිසත්, මා සපයා දී ඇති ලෙස එම මාලිගාව ඉදිකරන පිණිසත් ඔහුට වර දුන මැනව” යි පැවසී ය. ඉන්පසු දාවිත් රැස් වූ සමස්ත ජන සමූහයා අමතමින්, “ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්නැ” යි පැවසී ය. එසේ ඔවුන් සියල්ලෝ ම තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා කළහ. ඔවුහු ස්වාමින්වහන්සේ ද රජු ද ඉදිරියේ හිස් නමා, ගෞරව ප්‍රණාම දක්වා, ස්වාමින්වහන්සේට පූජා ඔප්පු කළහ. ඊළඟ දවසේ ඔවුහු ස්වාමින්වහන්සේට දවන යාග පූජා ලෙස ගොනුන් දහසක් ද එළුවන් දහසක් ද බැටළු පැටවුන් දහසක් ද සමඟ ඒවායේ පාන පූජා ද මුළු ඉශ්‍රායෙල් උදෙසා බොහෝ වූ යාග පූජා ද ඔප්පු කළහ. ඔවුහු ඒ දවසේ ස්වාමින්වහන්සේ ඉදිරියේ මහා ප්‍රීතියෙන් යුතු ව කෑවෝ ය; බීවෝ ය. ඉන්පසු ඔවුහු දාවිත්ගේ පුත් සාලමොන් දෙවන වරටත් රජු හැටියට පත් කොට, ඔහු පාලකයා ලෙස ද සාදෝක් පූජකයා ලෙස ද ආලේප කළහ. එවිට සාලමොන් තම පියා වූ දාවිත් වෙනුවට රජු වශයෙන් ස්වාමින්වහන්සේගේ සිංහාසනයේ හිඳ ගත්තේ ය. ඔහු සඵලවත් විය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට කීකරු වූහ. සියලු නිලධාරීහු ද බලවත් මිනිස්සු ද දාවිත් රජුගේ පුත්‍රයින් සැවොම ද සාලමොන් රජුට පක්ෂපාතීත්වය ශපථ කළහ. ස්වාමින්වහන්සේ මුළු ඉශ්‍රායෙල්ගේ ඇස් හමුවේ සාලමොන් ඉතා උසස් කොට, ඔහුට පෙර ඉශ්‍රායෙල්හි සිටි කිසි ම රජකුට නො වූ විරූ රාජශ්‍රීයක් ඔහුට පිරිනැමූ සේක. යෙස්සේගේ පුත්‍ර දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම් කළේ ය. ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි අවුරුදු හතළිහක් රජකම් කළේ ය. අවුරුදු හතක් හෙබ්‍රොන්හි ද අවුරුදු තිස්තුනක් යෙරුසලමෙහි ද ඔහු රජකම් කළේ ය. පරම ආයු විඳ, වස්තුව හා ගෞරවය භුක්ති විඳ ඔහු හොඳ මහලු වියේදී මිය ගියේ ය. ඔහුට පසු ඔහුගේ පුත් සාලමොන් ඔහු වෙනුවට රජ විය. දාවිත් රජුගේ ක්‍රියා මුල පටන් අවසානය දක්වා සියලු විස්තර අනාගතවක්තෘ සාමුවෙල්ගේ ද දිවැසිවර නාතාන්ගේ ද අනාගතවක්තෘ ගාද්ගේ ද ඉතිහාස වාර්තා පොත්වල සඳහන් ය. තවද ඔහුගේ රාජ්‍යය හා බලය පිළිබඳ සියලු කරුණු ද ඔහු පිටත්, සියලු ඉශ්‍රායෙල්වරුන් පිටත් අන් සියලු දේශවල රාජ්‍යයයන් පිටත් පැමිණි සිද්ධීන් ද එහි ඇතුළත් ය.
1 වංශාවලිය 29:1-30 Sinhala Revised Old Version (SROV)
තවද දාවිත් රජ මුළු සභාවට කථාකොට කියනුයේ: දෙවියන්වහන්සේ විසින් තෝරාගත් එකම තැනැත්තා වන මාගේ පුත්‍රවූ සාලමොන් තවම ළාබාලය, වැඩෙත් මහත්ය. මක්නිසාද මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවිවූ ස්වාමීන්වහන්සේට ය. එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය ගැන රන් වැඩට රන්ද රිදී වැඩට රිදීද පිත්තල වැඩට පිත්තලද යකඩ වැඩට යකඩද ලී වැඩට ලීද නඛමාණික්‍යද බැඳීමට ගල්ද ඔබ්බන පිණිස ගල්ද විසිතුරු ගල්ද සියලු ආකාර අනර්ඝ ගල්ද කිරිගරුඬ ගල්ද බොහෝසෙයින්ම සූදානම්කෙළෙමි. තවද ශුද්ධවූ ගෘහයට මා විසින් සූදානම්කර තිබෙන සියල්ල හැර මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි ඇත්තාවූ මාගේ ළැදිකම නිසා මාගේම සම්පත වන රන්ද රිදීද මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දුන්නෙමි. එනම් ගෘහවල භිත්ති වසාලන පිණිසද, රන් වැඩවලටත් රිදී වැඩවලටත් කර්මාන්තකාරයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චිකරන පිණිසද, ඕපීර්හි රන් තලෙන්ත තුන් දහසකුත් පවිත්‍රකළ රිදී තලෙන්ත සත්දහසකුත් එසේ දුන්නෙමි. ඉතින් අද අත්පුරා කැමැත්තෙන්ම ස්වාමීන්වහන්සේට පූජාකරන්නේ කවුදැයි කීවේය. එවිට පිය වංශවල අධිපතීහුද ඉශ්‍රායෙල් ගෝත්‍රවල අධිපතීහුද සහස්‍රාධිපතීහුද ශතාධිපතීහුද රජුගේ වැඩවල අධිපතීහුද කැමැත්තෙන්ම ඔප්පුකරමින් දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයට රන් තලෙන්ත පන්දහසක් සහ දරික් මිල දස දහසකුත් රිදී තලෙන්ත දසදහසකුත් පිත්තල තලෙන්ත දහඅට දහසකුත් යකඩ තලෙන්ත ලක්ෂයකුත් දුන්නෝය. අනර්ඝ ගල් ඇත්තෝද ගේර්ෂොනිය යෙහීයෙල් අතින් ඒවා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවට දුන්නෝය. සෙනඟ එසේ කැමැත්තෙන්ම ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීතිවුණෝය, මක්නිසාද ඔව්හු අවංක සිතකින් ස්වාමීන්වහන්සේට පූජාකළෝය. දාවිත් රජද මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණේය. දාවිත් මුළු සභාව ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරමින් කථාකොට: අපේ පියවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබට සදාකාලයටම ප්‍රශංසාවේවා; ස්වාමීන්වහන්ස, මහන්තත්ත්වයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය; රාජ්‍යයත්, ස්වාමීන්වහන්ස, ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටිනසේක. වස්තුවද ගෞරවයද පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩුකරනසේක; බලයද පරාක්‍රමයද ඔබගේ අතෙහිය; සියල්ලන් උසස්කරන්ටත් ශක්තිමත්කරන්ටත් බලය තිබෙන්නේ ඔබ අතෙහිය; එබැවින්, අපේ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුතිකරමින් ඔබගේ තේජවත් නාමය වර්ණනාකරමුව. නුමුත් මේ ආකාරයෙන් ඔබට ඔප්පුකිරීමට පොහොසත් වූ මමත් මාගේ සෙනඟත් කවුරුද? මක්නිසාද සියල්ලම පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබගේම දෙයින් අපි ඔබට දුනිමුව. මක්නිසාද අපේ සියලු පියවරුන් මෙන් අපි ඔබ ඉදිරියෙහි ආගන්තුකයෝව ප්‍රවාසියෝව සිටිමුව. පොළොවේ අපේ දවස් සෙවණැල්ලක් මෙන්ය, පැතීමක්ද නැත්තේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ ශුද්ධවූ නාමය උදෙසා ඔබට ගෘහයක් ගොඩනැගීමට අප විසින් සූදානම්කළ මේ මහත් ද්‍රව්‍ය රාශිය පැමිණෙන්නේ ඔබගේ අතින්ය, සියල්ලම ඔබගේය. මාගේ දෙවියන්වහන්ස, ඔබ සිත සෝදිසිකරන බවත් අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබගේ සෙනඟද සතුටු සිතින් ඔබට පූජාකරන බව ප්‍රීතියෙන් දුටිමි. අපේ පියවරුන්වූ ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ අදහස හා කල්පනා ඔබගේ සෙනඟගේ සිත්වල සදාකාලේටම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙතටම නමාගතමැනව. ඔබගේ ආඥාද ශික්ෂාද පනත්ද පවත්වන්ටත්, මේ සියල්ලම ඉෂ්ටකරන්ටත්, මා විසින් සූදානම්කර තිබෙන මාලිගාව ගොඩනගන්ටත් මාගේ පුත්‍රවූ සාලමොන්ට සම්පූර්ණ සිතක් දුනමැනවයි කීවේය. එවිට දාවිත් මුළු සභාවට කථාකොට: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කීය. මුළු සභාවද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරමින්, හිස නමා ස්වාමීන්වහන්සේට ත් රජුටත් වැන්දෝය. ඒ දවසට පසුවදා ඔව්හු ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරමින්, ගොන් දහසකුත් බැටළුවන් දහසකුත් බැටළු වස්සන් දහසකුත් දවන පූජාවල් කොටද ඒවායේ පාන පූජා සමඟ වෙනත් පූජාද බොහෝසෙයින්ම සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා ස්වාමීන්වහන්සේට ඔප්පුකළෝය. ඔව්හු ඒ දවසේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මහත් සන්තෝෂයෙන් කමින් බොමින් දෙවෙනි වර දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් රජකමට පත්කළෝය, තවද ඔහු ස්වාමීන්වහන්සේ උදෙසා ප්‍රධානාධිපතියා කොටද ශාදොක් පූජකයා කොටද ආලේපකළෝය. එවිට සාලමොන් තමාගේ පියවූ දාවිත් වෙනුවට රජව ස්වාමීන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳ සඵලවුණේය; සියලු ඉශ්රායෙල්වරු ඔහුට කීකරුවූවෝය. සියලු අධිපතීහුද බලවන්තයෝද දාවිත් රජුගේ සියලු පුත්‍රයෝද සාලමොන් රජුට යටත්වුණෝය. ස්වාමීන්වහන්සේ ද මුළු ඉශ්‍රායෙල්ගේ ඇස් හමුවෙහි සාලමොන් ඉතා උසස්කොට, ඉශ්‍රායෙල්හි ඔහුට පළමුවෙන් සිටි කිසි රජෙකුට නොතිබුණු පරිද්දෙන් ඔහුට රාජෛශ්වර්යය දුන්සේක. යෙස්සේගේ පුත්‍රවූ දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කෙළේය. ඔහු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කළ කාලය නම් සතළිස් අවුරුද්දකි; ඔහු හෙබ්‍රොන්හි හත් අවුරුද්දක්ද යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක්ද රජකම්කළේය. ඔහු වයසෙන්ද වස්තුවෙන්ද ගෞරවයෙන්ද පූර්ණව හොඳ මහලු වයසේදී මළේය. ඔහුගේ පුත්‍රවූ සාලමොන් ඔහු වෙනුවට රජකම්කෙළේය. මුල පටන් අන්තිම දක්වා දාවිත් රජුගේ කාරණා එනම් ඔහුගේ මුළු රජකමද බලවන්තකම්ද ඔහුටත් ඉශ්රායෙල්වරුන්ටත් දේශවල සියලු රාජ්‍යවලටත් සිදුවූ කාරණාද යන සියල්ල දර්ශනකාර සාමුවෙල්ගේ ඉතිහාසයෙහිත්, අනාගතවක්තෘවූ නාතාන්ගේද දර්ශනකාර ගාද්ගේද ඉතිහාසයෙහිත් ලියා තිබේ.
1 වංශාවලිය 29:1-30 Sinhala New Revised Version (NRSV)
දාවිත් රජ මුළු සභාවට කතා කොට, “දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ එක ම තැනැත්තා වන මාගේ පුත් සලමොන් තව ම ළා බාල ය; කාර්යය නම් බරපතල ය. මන්ද, මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවි සමිඳාණන් වහන්සේට ය. එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන රන් වැඩට රන් ද රිදී වැඩට රිදී ද ලෝකඩ වැඩට ලෝකඩ ද යකඩ වැඩට යකඩ ද ලී වැඩට ලී ද නඛමාණික්‍ය ද බැඳීමට ගල් ද ඔබ්බනු පිණිස ගල් ද විසිතුරු ගල් ද සියලු ආකාර මැණික් ගල් ද කිරිගරුඬ ගල් ද බොහෝ සෙයින් ම සූදානම් කෙළෙමි. තවද, ශුද්ධ මාලිගාවට මා විසින් සපයනු ලැබ තිබෙන සියල්ලට අමතර ව මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව කෙරෙහි ඇති මාගේ ළැදිකම නිසා මාගේ ම සම්පත වන රන් ද රිදී ද මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දුන්නෙමි. එනම්, මාලිගාවේ බිත්ති වසාලන පිණිස ද රන් වැඩවලටත්, රිදී වැඩවලටත්, කාර්මිකයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චි කරන පිණිස ද ඕපීර්හි රන් මෙට්රික් ටොන් සියයකුත්, පවිත්‍ර කළ රිදී මෙට්රික් ටොන් දෙසිය සතළිසකුත් දුන්නෙමි. ඉතින් අද සේවය සඳහා කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේට පූජා කරන්නේ වෙන කවරෙක් දැ”යි කීවේ ය. එවිට පිය වංශවල අධිපතීහු ද ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතීහු ද සහශ්‍රාධිපතීහු ද ශතාධිපතීහු ද රාජකාරියේ අධිපතීහු ද කැමැත්තෙන් ම පඬුරු ඔප්පු කරමින් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට රන් මෙට්රික් ටොන් එකසිය හැත්තෑවට වැඩි ගණනකුත්, රිදී මෙට්රික් ටොන් තුන්සිය සතළිසකට වැඩි ගණනකුත්, ලෝකඩ මෙට්රික් ටොන් හයසිය විස්සක් පමණකුත්, යකඩ මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකට වැඩි ගණනකුත් දුන්නෝ ය. අනර්ඝ මැණික් ගල් ඇත්තෝ ද ගේර්ෂොනීය ජෙහීයෙල් අතින් ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවට දුන්නෝ ය. සෙනඟ එසේ කැමැත්තෙන් ම ඒවා ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීති වුණෝ ය. මන්ද, ඔවුන් අවංක සිතකින් සමිඳාණන් වහන්සේට ඒවා පූජා කළ බැවිනි. දාවිත් රජු ද ඉමහත් ප්‍රීතියකට පත් විය. දාවිත් මුළු සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින් කතා කොට, මෙසේ කීවේ ය: “අපේ පිය වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට සදහට ම ප්‍රශංසා වේවා. සමිඳාණන් වහන්ස, ශ්‍රේෂ්ඨත්වය ද බලපරාක්‍රමය ද තේජස ද වික්‍රමය ද මහිමය ද අයත් ඔබට ය. මන්ද, ස්වර්ගයෙහිත්, පොළොවෙහිත් ඇති සියල්ල ඔබේ ය. සමිඳාණන් වහන්ස, රාජ්‍යයත් ඔබට අයිති ය. ඔබ සියල්ල කෙරෙහි විශිෂ්ට ලෙස උසස් ව සිටින සේක. වස්තුව ද ගෞරවය ද පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබ සියල්ල පාලනය කරන සේක. බලය ද පරාක්‍රමය ද ඔබ අතෙහි ය. සියල්ලන් උසස් කරන්නටත්, ශක්තිමත් කරන්නටත්, බලය තිබෙන්නේ ඔබ අතෙහි ය. එබැවින් අපේ දෙවියන් වහන්ස, අපි ඔබට ස්තුති කරමින් ඔබේ තේජාන්විත නාමය වර්ණනා කරමු. “එහෙත්, මේ ආකාරයෙන් ඔබට මේවා ඔප්පු කිරීමට පොහොසත් වූ මමත්, මාගේ සෙනඟත් කවුරු ද? මන්ද, සියල්ල ම පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබේ ම දෙයින් අපි ඔබට දුනිමු. මන්ද, අපේ සියලු පියවරුන් මෙන් අපි ඔබ ඉදිරියෙහි ආගන්තුකයන් ව හා කලක් නේවාසිකයන් ව සිටිමු. පොළොවේ අපේ ආයු කාලය සෙවණැල්ලක් මෙන් ගෙවී යයි. බලාපොරොත්තුවක් ද අපට නැත්තේ ය. අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ ශුද්ධ නාමය උදෙසා ඔබට දේව මාලිගාවක් ගොඩනැඟීමට අප විසින් සූදානම් කරන ලද මේ මහත් ද්‍රව්‍ය රාශිය පැමිණෙන්නේ ඔබ අතින් ය. සියල්ල ම ඔබේ ය. මාගේ දෙවියන් වහන්ස, ඔබ සිත සෝදිසි කරන බවත්, අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන් ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබේ සෙනඟ ද සතුටු සිතින් ඔබට පඬුරු පූජා කරන බව ප්‍රීතියෙන් දිටිමි. අපේ පියවරුන් වූ ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස, මේ අදහස් හා කල්පනා ඔබේ සෙනඟගේ සිත්වල සදහට ම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙත ම නමාගත මැනව. ඔබේ ආඥා ද ශික්ෂා ද පණත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.” එවිට දාවිත් මුළු සභාවට කතා කොට, “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කී ය. මුළු සභාව ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින්, හිස නමා සමිඳාණන් වහන්සේටත්, රජුටත් වැන්දෝ ය. ඒ දවසට පසු දා ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කරමින්, ගොනුන් දහසකුත්, බැටළුවන් දහසකුත්, බැටළු වස්සන් දහසකුත් දවන පූජා කොට ද ඒවා සමඟ පානීය පූජා ද වෙනත් පූජා ද බොහෝ සෙයින් ම සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා සමිඳාණන් වහන්සේට ඔප්පු කළෝ ය. ඔව්හු ඒ දවසේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉමහත් සන්තෝෂයෙන් ආහාර පාන භුක්ති වින්දාහ. ඉන්පසු දෙ වන වර දාවිත්ගේ පුත් සලමොන් රජකමට පත් කළෝ ය. තවද, ඔව්හු සමිඳාණන් වහන්සේ උදෙසා ඔහු ප්‍රධානාධිපතියා කොට ද ශාදොක් පූජකයා කොට ද ආලේප කළෝ ය. එවිට සලමොන් තමාගේ පිය වූ දාවිත් වෙනුවට රජ ව සමිඳාණන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳ සමෘද්ධිමත් විය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට කීකරු වූ හ. සියලු අධිපතීහු ද බලවන්තයෝ ද දාවිත් රජුගේ සියලු පුත්‍රයෝ ද සලමොන් රජුට පක්ෂපාතී ව සිටින්න පොරොන්දු වූ හ. සමිඳාණන් වහන්සේ ද මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි සලමොන් ඉතා උසස් කොට, ඉශ්රායෙල්හි ඔහුට පළමුවෙන් සිටි කිසි රජෙකුට නොතිබුණු පරිද්දෙන් ඔහුට රාජෛශ්වර්යය දුන් සේක. ජෙස්සේගේ පුත් දාවිත් රජු මුළු ඉශ්රායෙල් ජනයා පාලනය කෙළේ ය. ඔහු ඉශ්රායෙල්වරුන් පාලනය කළ කාලය සතළිස් අවුරුද්දකි. ඔහු හෙබ්‍රොන්හි සත් අවුරුද්දක් ද ජෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් ද රජකම් කෙළේ ය. ඔහු වයසෙන් ද වස්තුවෙන් ද ගෞරවයෙන් ද පූර්ණ ව දිගායු වළඳා මරණයට පත් විය. ඔහුගේ පුත් සලමොන් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. මුල පටන් අන්තිම දක්වා දාවිත් රජුගේ පුවත් එනම්, ඔහුගේ රාජ්‍ය පාලනය ද බලවන්තකම් ද ඔහුටත්, ඉශ්රායෙල්වරුන්ටත්, දේශවල සියලු රාජ්‍යවලටත් සිදු වූ කාරණා ද යන සියල්ල දිවැසිවර සාමුවෙල්ගේ ද දිවැසිවර නාතාන්ගේ ද දිවැසිවර ගාද්ගේ ද පුරාවෘත්ත ග්‍රන්ථවල ලියා තිබේ.
1 වංශාවලිය 29:1-30 Sinhala New Revised Version 2018 (SNRV)
දාවිත් රජ මුළු සභාවට කතා කොට, “දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ එක ම තැනැත්තා වන මාගේ පුත් සලමොන් තව ම ළා බාල ය; කාර්යය නම් බරපතල ය. මන්ද, මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවි සමිඳාණන් වහන්සේට ය. එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන රන් වැඩට රන් ද රිදී වැඩට රිදී ද ලෝකඩ වැඩට ලෝකඩ ද යකඩ වැඩට යකඩ ද ලී වැඩට ලී ද නඛමාණික්‍ය ද බැඳීමට ගල් ද ඔබ්බනු පිණිස ගල් ද විසිතුරු ගල් ද සියලු ආකාර මැණික් ගල් ද කිරිගරුඬ ගල් ද බොහෝ සෙයින් ම සූදානම් කෙළෙමි. තවද, ශුද්ධ මාලිගාවට මා විසින් සපයනු ලැබ තිබෙන සියල්ලට අමතර ව මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව කෙරෙහි ඇති මාගේ ළැදිකම නිසා මාගේ ම සම්පත වන රන් ද රිදී ද මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දුන්නෙමි. එනම්, මාලිගාවේ බිත්ති වසාලන පිණිස ද රන් වැඩවලටත්, රිදී වැඩවලටත්, කාර්මිකයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චි කරන පිණිස ද ඕපීර්හි රන් මෙට්රික් ටොන් සියයකුත්, පවිත්‍ර කළ රිදී මෙට්රික් ටොන් දෙසිය සතළිසකුත් දුන්නෙමි. ඉතින් අද සේවය සඳහා කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේට පූජා කරන්නේ වෙන කවරෙක් දැ”යි කීවේ ය. එවිට පිය වංශවල අධිපතීහු ද ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතීහු ද සහශ්‍රාධිපතීහු ද ශතාධිපතීහු ද රාජකාරියේ අධිපතීහු ද කැමැත්තෙන් ම පඬුරු ඔප්පු කරමින් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට රන් මෙට්රික් ටොන් එකසිය හැත්තෑවට වැඩි ගණනකුත්, රිදී මෙට්රික් ටොන් තුන්සිය සතළිසකට වැඩි ගණනකුත්, ලෝකඩ මෙට්රික් ටොන් හයසිය විස්සක් පමණකුත්, යකඩ මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකට වැඩි ගණනකුත් දුන්නෝ ය. අනර්ඝ මැණික් ගල් ඇත්තෝ ද ගේර්ෂොනීය ජෙහීයෙල් අතින් ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවට දුන්නෝ ය. සෙනඟ එසේ කැමැත්තෙන් ම ඒවා ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීති වුණෝ ය. මන්ද, ඔවුන් අවංක සිතකින් සමිඳාණන් වහන්සේට ඒවා පූජා කළ බැවිනි. දාවිත් රජු ද ඉමහත් ප්‍රීතියකට පත් විය. දාවිත් මුළු සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින් කතා කොට, මෙසේ කීවේ ය: “අපේ පිය වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට සදහට ම ප්‍රශංසා වේවා. සමිඳාණන් වහන්ස, ශ්‍රේෂ්ඨත්වය ද බලපරාක්‍රමය ද තේජස ද වික්‍රමය ද මහිමය ද අයත් ඔබට ය. මන්ද, ස්වර්ගයෙහිත්, පොළොවෙහිත් ඇති සියල්ල ඔබේ ය. සමිඳාණන් වහන්ස, රාජ්‍යයත් ඔබට අයිති ය. ඔබ සියල්ල කෙරෙහි විශිෂ්ට ලෙස උසස් ව සිටින සේක. වස්තුව ද ගෞරවය ද පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබ සියල්ල පාලනය කරන සේක. බලය ද පරාක්‍රමය ද ඔබ අතෙහි ය. සියල්ලන් උසස් කරන්නටත්, ශක්තිමත් කරන්නටත්, බලය තිබෙන්නේ ඔබ අතෙහි ය. එබැවින් අපේ දෙවියන් වහන්ස, අපි ඔබට ස්තුති කරමින් ඔබේ තේජාන්විත නාමය වර්ණනා කරමු. “එහෙත්, මේ ආකාරයෙන් ඔබට මේවා ඔප්පු කිරීමට පොහොසත් වූ මමත්, මාගේ සෙනඟත් කවුරු ද? මන්ද, සියල්ල ම පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබේ ම දෙයින් අපි ඔබට දුනිමු. මන්ද, අපේ සියලු පියවරුන් මෙන් අපි ඔබ ඉදිරියෙහි ආගන්තුකයන් ව හා කලක් නේවාසිකයන් ව සිටිමු. පොළොවේ අපේ ආයු කාලය සෙවණැල්ලක් මෙන් ගෙවී යයි. බලාපොරොත්තුවක් ද අපට නැත්තේ ය. අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ ශුද්ධ නාමය උදෙසා ඔබට දේව මාලිගාවක් ගොඩනැඟීමට අප විසින් සූදානම් කරන ලද මේ මහත් ද්‍රව්‍ය රාශිය පැමිණෙන්නේ ඔබ අතින් ය. සියල්ල ම ඔබේ ය. මාගේ දෙවියන් වහන්ස, ඔබ සිත සෝදිසි කරන බවත්, අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන් ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබේ සෙනඟ ද සතුටු සිතින් ඔබට පඬුරු පූජා කරන බව ප්‍රීතියෙන් දිටිමි. අපේ පියවරුන් වූ ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස, මේ අදහස් හා කල්පනා ඔබේ සෙනඟගේ සිත්වල සදහට ම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙත ම නමාගත මැනව. ඔබේ ආඥා ද ශික්ෂා ද පනත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.” එවිට දාවිත් මුළු සභාවට කතා කොට, “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කී ය. මුළු සභාව ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින්, හිස නමා සමිඳාණන් වහන්සේටත්, රජුටත් වැන්දෝ ය. ඒ දවසට පසු දා ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කරමින්, ගොනුන් දහසකුත්, බැටළුවන් දහසකුත්, බැටළු වස්සන් දහසකුත් දවන පූජා කොට ද ඒවා සමඟ පානීය පූජා ද වෙනත් පූජා ද බොහෝ සෙයින් ම සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා සමිඳාණන් වහන්සේට ඔප්පු කළෝ ය. ඔව්හු ඒ දවසේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉමහත් සන්තෝෂයෙන් ආහාර පාන භුක්ති වින්දාහ. ඉන්පසු දෙ වන වර දාවිත්ගේ පුත් සලමොන් රජකමට පත් කළෝ ය. තවද, ඔව්හු සමිඳාණන් වහන්සේ උදෙසා ඔහු ප්‍රධානාධිපතියා කොට ද ශාදොක් පූජකයා කොට ද ආලේප කළෝ ය. එවිට සලමොන් තමාගේ පිය වූ දාවිත් වෙනුවට රජ ව සමිඳාණන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳ සමෘද්ධිමත් විය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට කීකරු වූ හ. සියලු අධිපතීහු ද බලවන්තයෝ ද දාවිත් රජුගේ සියලු පුත්‍රයෝ ද සලමොන් රජුට පක්ෂපාතී ව සිටින්න පොරොන්දු වූ හ. සමිඳාණන් වහන්සේ ද මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි සලමොන් ඉතා උසස් කොට, ඉශ්රායෙල්හි ඔහුට පළමුවෙන් සිටි කිසි රජෙකුට නොතිබුණු පරිද්දෙන් ඔහුට රාජෛශ්වර්යය දුන් සේක. ජෙස්සේගේ පුත් දාවිත් රජු මුළු ඉශ්රායෙල් ජනයා පාලනය කෙළේ ය. ඔහු ඉශ්රායෙල්වරුන් පාලනය කළ කාලය සතළිස් අවුරුද්දකි. ඔහු හෙබ්‍රොන්හි සත් අවුරුද්දක් ද ජෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් ද රජකම් කෙළේ ය. ඔහු වයසෙන් ද වස්තුවෙන් ද ගෞරවයෙන් ද පූර්ණ ව දිගායු වළඳා මරණයට පත් විය. ඔහුගේ පුත් සලමොන් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. මුල පටන් අන්තිම දක්වා දාවිත් රජුගේ පුවත් එනම්, ඔහුගේ රාජ්‍ය පාලනය ද බලවන්තකම් ද ඔහුටත්, ඉශ්රායෙල්වරුන්ටත්, දේශවල සියලු රාජ්‍යවලටත් සිදු වූ කාරණා ද යන සියල්ල දිවැසිවර සාමුවෙල්ගේ ද දිවැසිවර නාතාන්ගේ ද දිවැසිවර ගාද්ගේ ද පුරාවෘත්ත ග්‍රන්ථවල ලියා තිබේ.
1 වංශාවලිය 29:1-30 New International Version (NIV)
Then King David said to the whole assembly: “My son Solomon, the one whom God has chosen, is young and inexperienced. The task is great, because this palatial structure is not for man but for the LORD God. With all my resources I have provided for the temple of my God—gold for the gold work, silver for the silver, bronze for the bronze, iron for the iron and wood for the wood, as well as onyx for the settings, turquoise, stones of various colors, and all kinds of fine stone and marble—all of these in large quantities. Besides, in my devotion to the temple of my God I now give my personal treasures of gold and silver for the temple of my God, over and above everything I have provided for this holy temple: three thousand talents of gold (gold of Ophir) and seven thousand talents of refined silver, for the overlaying of the walls of the buildings, for the gold work and the silver work, and for all the work to be done by the craftsmen. Now, who is willing to consecrate themselves to the LORD today?” Then the leaders of families, the officers of the tribes of Israel, the commanders of thousands and commanders of hundreds, and the officials in charge of the king’s work gave willingly. They gave toward the work on the temple of God five thousand talents and ten thousand darics of gold, ten thousand talents of silver, eighteen thousand talents of bronze and a hundred thousand talents of iron. Anyone who had precious stones gave them to the treasury of the temple of the LORD in the custody of Jehiel the Gershonite. The people rejoiced at the willing response of their leaders, for they had given freely and wholeheartedly to the LORD. David the king also rejoiced greatly. David praised the LORD in the presence of the whole assembly, saying, “Praise be to you, LORD, the God of our father Israel, from everlasting to everlasting. Yours, LORD, is the greatness and the power and the glory and the majesty and the splendor, for everything in heaven and earth is yours. Yours, LORD, is the kingdom; you are exalted as head over all. Wealth and honor come from you; you are the ruler of all things. In your hands are strength and power to exalt and give strength to all. Now, our God, we give you thanks, and praise your glorious name. “But who am I, and who are my people, that we should be able to give as generously as this? Everything comes from you, and we have given you only what comes from your hand. We are foreigners and strangers in your sight, as were all our ancestors. Our days on earth are like a shadow, without hope. LORD our God, all this abundance that we have provided for building you a temple for your Holy Name comes from your hand, and all of it belongs to you. I know, my God, that you test the heart and are pleased with integrity. All these things I have given willingly and with honest intent. And now I have seen with joy how willingly your people who are here have given to you. LORD, the God of our fathers Abraham, Isaac and Israel, keep these desires and thoughts in the hearts of your people forever, and keep their hearts loyal to you. And give my son Solomon the wholehearted devotion to keep your commands, statutes and decrees and to do everything to build the palatial structure for which I have provided.” Then David said to the whole assembly, “Praise the LORD your God.” So they all praised the LORD, the God of their fathers; they bowed down, prostrating themselves before the LORD and the king. The next day they made sacrifices to the LORD and presented burnt offerings to him: a thousand bulls, a thousand rams and a thousand male lambs, together with their drink offerings, and other sacrifices in abundance for all Israel. They ate and drank with great joy in the presence of the LORD that day. Then they acknowledged Solomon son of David as king a second time, anointing him before the LORD to be ruler and Zadok to be priest. So Solomon sat on the throne of the LORD as king in place of his father David. He prospered and all Israel obeyed him. All the officers and warriors, as well as all of King David’s sons, pledged their submission to King Solomon. The LORD highly exalted Solomon in the sight of all Israel and bestowed on him royal splendor such as no king over Israel ever had before. David son of Jesse was king over all Israel. He ruled over Israel forty years—seven in Hebron and thirty-three in Jerusalem. He died at a good old age, having enjoyed long life, wealth and honor. His son Solomon succeeded him as king. As for the events of King David’s reign, from beginning to end, they are written in the records of Samuel the seer, the records of Nathan the prophet and the records of Gad the seer, together with the details of his reign and power, and the circumstances that surrounded him and Israel and the kingdoms of all the other lands.