1 වංශාවලිය 28:1-21

1 වංශාවලිය 28:1-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දාවිත්, ඉශ්‍රායෙල්හි සියලු නිලධාරීන් වන ගෝත්‍ර වංශ අධිපතීන්, රජුගේ සේවා කණ්ඩායම්වල නිලධාරීන්, දහසේ අණ දෙන්නන් හා සියයේ අණ දෙන්නන්, රජුගේත්, ඔහුගේ පුත්‍රයින්ගේත් දේපළ හා සත්ව රංචු බාර ව සිටි නිලධාරීන් හා රජ මැදුරේ නිලධාරීන්, වික්‍රමාන්විත මිනිසුන් හා සියලු නිපුණ රණවිරුවන් යෙරුසලමට රැස් කරවී ය. ඉන්පසු නැගිට සිටගත් දාවිත් රජු මෙසේ පැවසී ය: “මා සහෝදරයිනි, මගේ ජනයිනි, මට සවන් දෙන්න. මගේ අභිප්‍රාය වූයේ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුවට විශ්‍රාම නිවාසස්ථානයක් වන පිණිස ද අපගේ දෙවියන්වහන්සේගේ පා පුටුව වන පිණිස ද ගෘහයක් ඉදිකිරීමයි. මම ඊට කටයුතු සූදානම් කළෙමි. එහෙත් දෙවියන්වහන්සේ මා අමතා, ‘ඔබ මා උදෙසා ගෘහයක් ඉදි කරන්නේ නැත. මන්ද ඔබ යුද්ධයේ මිනිසෙක්; ඔබ ලේ වගුරුවා ඇතැ’ යි පැවසූ සේක. “එහෙත් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මගේ මුළු පියවංශයෙන් මා තෝරා ගත්තේ, සදහට ම ඉශ්‍රායෙල්ට රජු වන පිණිසයි. මන්ද නායකයා වශයෙන් යූදා තෝරාගත් උන්වහන්සේ යූදා පෙළපතින් මගේ පියාගේ පවුල තෝරාගත් සේක. උන්වහන්සේ මගේ පියාගේ පුත්‍රයන් අතරින් මුළු ඉශ්‍රායෙල් රජකමට පත් කරන්නට මා කෙරේ ප්‍රසන්න වූ සේක. ස්වාමින්වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන් සේක. මගේ පුත්‍රයන් අතරෙන් ඉශ්‍රායෙල් කෙරේ ස්වාමින්වහන්සේගේ රාජ්‍යයේ සිංහාසනයේ හිඳගන්නට උන්වහන්සේ මගේ පුත් සාලමොන් තෝරාගත් සේක. උන්වහන්සේ මා අමතමින්, ‘මගේ ගෘහය හා මගේ ගෘහ-මළු ඉදි කරන්නේ ඔබගේ පුත් සාලමොන් ය. මන්ද මගේ පුත්‍රයා වන පිණිස මම ඔහු තෝරා ගතිමි. මම ඔහුගේ පියාණන් වන්නෙමි. දැනට කෙරෙන පරිදි, ඔහු මගේ ආඥා හා නියමයන් ඔහු දිගට ම පවත්වන්නේ නම්, මම ඔහුගේ රාජ්‍යය සදහට ම තහවුරු කරන්නෙමි’ යි කී සේක. “එබැවින්, ඔබ මේ සාරවත් දේශය හිමි කර ගෙන, ඔබෙන් පසු ඔබේ දරුවන්ට සදහට එය උරුම කර දෙන පිණිස, ස්වාමින්වහන්සේගේ සභාව වන මුළු ඉශ්‍රායෙල් ඇස් හමුවේ හා අපගේ දෙවියන්වහන්සේ අසා සිටියදී මා අවවාද කරන්නේ නම්: ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ සියලු ආඥා පවත්වන්නට හා ඒවා රක්ෂා කරන්නට වග බලා ගන්න කියා ය. “දැන් ඔබ, සාලමොන් මා පුත, ඔබේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින, මුළු හදවතින් හා ස්ව-කැමැත්තෙන් උන්වහන්සේට මෙහෙ කරන්න. මන්ද ස්වාමින්වහන්සේ හැම හදවතක් නිරීක්ෂණ කරන සේක්, හැම සලැස්මක් හා හැම සිතුවිල්ලක් වටහා ගන්නා සේක. ඔබ උන්වහන්සේ සොයනවා නම්, උන්වහන්සේ ඔබට හමුවෙනු ඇත. එහෙත් ඔබ උන්වහන්සේ අත්හරිනවා නම්, උන්වහන්සේ සදහට ම ඔබ ප්‍රතික්ෂේප කරනවා ඇත. දැන් සිතට ගන්න; ශුද්ධස්ථානයට දේව මාලිගයක් ඉදි කරන්නට ස්වාමින්වහන්සේ ඔබ තෝරා ගෙන ඇත. ශක්තිමත් ව සිට එය කරන්නැ” යි පැවසී ය. ඉන්පසු දාවිත් ගෘහයේ පිවිසුම් ශාලාවේ ද එහි ගොඩනැගිලිවල, ගබඩාවල, ඉහළ කාමරවල, ඇතුල් කුටිවල හා කරුණාසනය සඳහා වන කාමරයේ සැලසුම් තම පුත් සාලමොන්ට දුන්නේ ය. තවද තම සිතේ තිබූ සියලු දේවල සැලසුම් එනම් ස්වාමින්වහන්සේගේ ගෘහයේ මළු හා ඒ වටා තැනෙන කුටි සියල්ල, දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා හා කැප කළ ත්‍යාග සඳහා ගබඩාවල සැලසුම් ද දුන්නේ ය. තවද පූජක හා ලෙවී සේවා පන්ති ගැන ද ස්වාමින්වහන්සේගේ ගෘහයේ සේවා-කටයුතු හා ස්වාමින්වහන්සේගේ ගෘහයේ සේවා භාජන ගැන ද එක් එක් මෙහෙය සඳහා රන් භාණ්ඩ සියල්ලට අවැසි රන්වල බර හා එක් එක් මෙහෙය සඳහා රිදී භාණ්ඩ සියල්ලට අවැසි රිදී බර ද ඔහු නියම කළේ ය. ඒ ඒ සේවාවට අනුකූල රන් පහන් රුක් හා ඒවායේ පහන්වල බර ද එක් එක් රන් පහන් රුකේ හා එහි පහන්වල රන් බර ද එක් එක් පහන් රුකේ හා එහි පහන්වල රිදී බර ද පිදීමේ රොටි තබන එක් එක් මේසය සඳහා රන්වල බර හා රිදී මේසය සඳහා රිදීවල බර ද මුල්ලු, බේසම්, කුසලාන් හා රන් පාත්‍ර යන ඒ එක එක සඳහා රන් බර ද එක එක රිදී පාත්‍ර සඳහා රිදී බර ද සුවඳ දුම් පුදසුන සඳහා පිරිසිදු කළ රන්වල බර ද ඔහු නියම කළේ ය. තම විදහාගත් පියාපත්වලින් ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ආවරණය කරන රන් කෙරුබ් රථය සඳහා සැලසුම ද ඔහු ඔහුට දුන්නේ ය. “මේ සියල්ල, එනම් සැලැස්මට අනුව කළ යුතු සියලු වැඩ, ස්වාමින්වහන්සේගේ හස්තයෙන් ලිඛිත ව මට දැනුම් දී තිබේ. සියලු වැඩ ඉටු කළ යුත්තේ සැලැස්මට අනුව යැ” යි ඔහු පැවසී ය. තවද දාවිත් තම පුත් සාලමොන් අමතමින්, “ශක්තිමත් ව, ධෛර්යවත් ව එය කරන්න. භය නො වන්න; තැති නො ගන්න. මන්ද ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, මගේ දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක. ස්වාමින්වහන්සේගේ ගෘහයේ සේවාවන්වල වැඩ සියල්ල ම අවසන් වන තෙක්, උන්වහන්සේ ඔබෙන් වෙන් ව යන්නේවත්, ඔබ අත්හරින්නේවත් නැත. දෙවියන්වහන්සේගේ ගෘහයේ සියලු සේවා සඳහා පූජක පන්ති හා ලෙවී පන්ති මෙන්න! කවර සේවාවකට වුව නිපුණත්වය ද කැමැත්ත ද ඇති හැම ශිල්පියෙක් ම හැම වැඩකට ම ඔබ සමඟයි; නිලධාරීන් ද මුළු ජනතාව ද ඔබේ අණට කීකරු වනු ඇතැ” යි පැවසී ය.

1 වංශාවලිය 28:1-21 Sinhala Revised Old Version (SROV)

තවද දාවිත් ඉශ්‍රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන්ද රජුට සේවයකළ පංක්තිවල අධිපතීන්ද සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තුව සහ සම්පත්වල අධිපතීන්ද ඇමතියන් සහ බලවන්තයිනුත් සියලු බලවන්ත යුද්ධකාරයිනුත් සමඟ යෙරුසලමට කැඳවාගත්තේය. එකල දාවිත් රජ නැගී සිට කථාකොට: මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තැබීමටද අපේ දෙවියන්වහන්සේගේ පාපුටුව කොටද විශ්‍රාම නිවාසයක් ගොඩනගන්ට මාගේ සිතේ තිබුණේය; ඒක ගොඩනැගීමට මා විසින් සූදානම්කරලාත් තිබුණේය. නුමුත් දෙවියන්වහන්සේ මට කථාකොට: නුඹ මාගේ නාමයට ගෘහයක් ගොඩ නොනගන්නෙහිය, මක්නිසාද නුඹ යුද්ධකාර මනුෂ්‍යයෙක, ලේ වැගිරෙවුවෙහියයි කීසේක. නුමුත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සදාකල්ම රජව සිටීමට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත්සේක. මක්නිසාද උන්වහන්සේ යූදාද යූදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුලද අධිපතිකමට තෝරාගෙන සියලු ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට මා පත්කරන්ට මාගේ පියාගේ පුත්‍රයන් අතරෙන් මා කෙරෙහි ප්‍රසන්නවූසේක. ස්වාමීන්වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන්සේක; නුමුත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ස්වාමීන්වහන්සේගේ රජකම්කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත්‍රවූ සාලමොන් තෝරාගත්සේක. උන්වහන්සේ මට කථාකොට: නුඹේ පුත්‍රවූ සාලමොන්ම මාගේ ගෘහයද මළුද සාදන්නේය. මක්නිසාද මාගේ පුත්‍රයෙක් කොට ඔහු තෝරාගතිමි, මම ඔහුට පියෙක් වන්නෙමි. අද දවසේ මෙන් ඔහු මාගේ ආඥාද විනිශ්චයවල්ද රක්ෂාකරමින් ස්ථිරව සිටියොත් ඔහුගේ රජකම සදාකාලයටම ස්ථිර කරන්නෙමියි කීසේක. ඉතින් නුඹලා මේ හොඳ දේශය භුක්තිවිඳ, නුඹලාට පසුව නුඹලාගේ පුත්‍රයන්ට ඒක සදාකාලේටම උරුමකරදෙන පිණිස, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා පවත්වමින් ඒවා සොයන්නය කියා ස්වාමීන්වහන්සේගේ සභාව වන සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිටද අපේ දෙවියන්වහන්සේට ඇසෙන ලෙසද මම නුඹලාට අවවාදකරමි. සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත. ඉතින් බලාගන්න; මක්නිසාද ශුද්ධස්ථානයක් කොට ගෘහයක් ගොඩනැගීමට ස්වාමීන්වහන්සේ නුඹ තෝරාගන සිටිනසේක. ශක්තිමත්ව සිට ඒක කරන්නැයි කීවේය. එවිට දාවිත් දේවමාලිගාවේ ද්වාරමණ්ඩපෙයත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුල් ගෙවල්වලත්, කරුණාසනයේ ගෙයිත් ආදෘශ සටහනද, තමාගේ හිතේ තිබුණු සියල්ලවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවලත්, වටකර කාමරවලත්, දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවලත්, කැපකරනලද දේ තිබූ ගබඩාවලත්, පූජකයන්ගේද ලෙවීවරුන්ගේද පංක්තිවලත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු බඩුවලත් ආදෘශයද තමාගේ පුත්‍රවූ සාලමොන්ට දුන්නේය. එක එක සේවයේ සියලු රන් බඩුවල ආදෘශයද, රන්වල බරද, සියලු රිදී බඩුවල අදෘශයද, එක එක සේවයේ සියලු බඩුවල බරද, රන් පහන් රුක් වලත් ඒවායේ රන් පහන්වලත් බරද, එක එක පහන්රුකෙත් එහි පහන්වලත් බරද, රිදී පහන් රුක්වලත් එක එක පහන්රුකේ වැඩලෙස එක ඒකේ සහ ඒවායේ පහන්වලත් බරද, පිදීමේ රොටි තබන එක එක මේසයේ රන් බරද, රිදී මේසවලට රිදී බරද, පවිත්‍ර රන් මස් කොකුවලත් තාලිවලත් පාත්‍රාවලත් රන් කුසලාන්වලත් ආදෘශයද, එක එක කුසලානේ බරද, රිදී කුසලාන්වල ආදෘශයද, එක එක කුසලානේ බරද, පවිත්‍ර රන් දුම්පූජාසනයේ ආදෘශයද බරද, පියාපත් දිගහැර ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය වසාගන්න රන් කෙරුබ් රථයේ ආදෘශයද කියාදුන්නේය. මේ සටහනේ සියලු වැඩ තේරුම්කර දුන්නාවූ ස්වාමීන්වහන්සේගේ අතින් මා ලවා සියල්ලම ලියවා තිබේයයි දාවිත් කීවේය. තවද දාවිත් තමාගේ පුත්‍රවූ සාලමොන්ට කථාකොට: නුඹ ශක්තිමත්ව සවිව සිට ඒක ඉෂ්ටකරන්න; භයනොවන්න, නොකැලඹෙන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ වන දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වනසේක; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිමවනතුරු උන්වහන්සේ නුඹෙන් ඉවත්නොවනසේක, නුඹ අත්නොහරිනසේක. ඇරත් පූජකයන්ගේද ලෙවීවරුන්ගේද පංක්තිවල අය දෙවියන්වහන්සේගේ ගෘහයේ සියලු වැඩ පිණිස සිටිති. සියලු කටයුතුවලදී සියලු ආකාර වැඩට ප්‍රඥාවද කැමැත්තද ඇති හැම දෙනාත් නුඹ සමඟ සිටිති. ඇරත් අධිපතියොත් මුළු සෙනඟත් නුඹේ අණට මුළුමනින් යටත්වන්නාහුයයි කීවේය.

1 වංශාවලිය 28:1-21 Sinhala New Revised Version (NRSV)

දාවිත් ඉශ්රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන් ද රජුට සේවය කළ පංතිවල අධිපතීන් ද සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තු සම්පත්වල අධිපතීන් ද ඇමතියන් සහ බලවන්තයනුත්, සියලු බලවන්ත යුද්ධ භටයිනුත් සමඟ ජෙරුසලමට කැඳවාගත්තේ ය. එකල දාවිත් රජු නැඟිට සිට කතා කොට, “මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට සවන් දෙන්න. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තබන පිණිස එනම්, අපේ දෙවියන් වහන්සේට වැඩ විසීම පිණිස ස්ථිර නිවාසයක් ගොඩනඟන්න මම අදහස් කෙළෙමි. එය ගොඩනැඟීමට මා විසින් සූදානම් කරනු ලැබ තිබුණේ ය. එහෙත්, දෙවියන් වහන්සේ මට කතා කොට, ‘නුඹ මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය; මන්ද, නුඹ රණකාමී මනුෂ්‍යයෙකි; නුඹ ලේ වැගිරෙවුවෙහි ය’යි වදාළ සේක. එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සදහට ම රජ කෙනෙකු ව සිටීමට ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත් සේක. මන්ද, උන් වහන්සේ ජුදා ද ජුදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුල ද අධිපතිකමට තෝරාගෙන සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට මා පත් කරන්න මාගේ පියාගේ පුත්‍රයන් අතරෙන් මා කෙරෙහි ප්‍රසන්න වූ සේක. සමිඳාණන් වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන් සේක. එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සමිඳාණන් වහන්සේගේ රජකම් කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත් සලමොන් තෝරාගත් සේක. “උන් වහන්සේ මට කතා කොට, ‘නුඹේ පුත් සලමොන් ම මාගේ මාලිගාව ද මණ්ඩපය ද සාදන්නේ ය. මන්ද, මාගේ පුත්‍රයෙකු කොට මම ඔහු තෝරා ගතිමි. මම ඔහුට පියෙක් වන්නෙමි. අද දවසේ මෙන් ඔහු මාගේ ආඥා ද විනිශ්චයයන් ද රක්ෂා කරමින් ස්ථිර ව සිටියොත්, ඔහුගේ රජකම සදහට ම ස්ථිර කරන්නෙමි’යි වදාළ සේක. “ඉතින්, ඔබ මේ හොඳ දේශය භුක්ති විඳ, ඔබට පසු ව ඔබේ පුත්‍රයන්ට එය සදහට ම උරුම කර දෙන පිණිස, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා පිළිපදිමින් ඒවා සොයන්න කියා සමිඳාණන් වහන්සේගේ සභාව වන සියලු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිට ද අපේ දෙවියන් වහන්සේට ඇසෙන ලෙස ද මම ඔබට අවවාද කරමි. “සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත. ඒ නිසා මෙය සිතට ගන්න. මන්ද, ශුද්ධස්ථානයක් වන පිණිස දේව මාලිගාවක් ගොඩනැඟීමට සමිඳාණන් වහන්සේ ඔබ තෝරාගෙන සිටින සේක. ශක්තිමත් ව සිට එය කරන්නැ”යි කී ය. එවිට දාවිත් දේව මාලිගාවේ ද්වාර මණ්ඩපයේත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුළු ගෙවලත්, කරුණාසනයේ ගෙයිත් සැලැස්ම ද, තමාගේ හිතේ තිබුණු සියල්ල වන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මණ්ඩපවලත්, වට කාමරවලත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, කැප කරන ලද දේ තිබූ ගබඩාවලත්, පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද පංතිවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු බඩුවලත් සැලැස්ම ද තමාගේ පුත් සලමොන්ට දුන්නේ ය. එක එක සේවයේ සියලු රන් බඩුවල සැලැස්ම ද රන්වල බර ද සියලු රිදී බඩුවල සැලැස්ම ද එක එක සේවයේ සියලු බඩුවල බර ද රන් පහන් රුක්වලත් ඒවායේ රන් පහන්වලත් බර ද එක එක පහන් රුකේත්, එහි පහන්වලත් බර ද රිදී පහන් රුක්වලත් එක එක පහන් රුකේ වැඩ ලෙස එක එකේ සහ ඒවායේ පහන්වලත් බර ද පිදීමේ රොටි තබන එක එක මේසයේ රන් බර ද රිදී මේසවලට රිදී බර ද පවිත්‍ර රන් මස් කොකුවලත්, තාලිවලත්, පාත්‍රවලත්, රන් කුසලාන්වලත්, සැලැස්ම ද එක එක කුසලානේ බර ද රිදී කුසලාන්වල සැලැස්ම ද එක එක කුසලානේ බර ද පවිත්‍ර රන් දුම් පූජාසනයේ සැලැස්ම ද බර ද පියාපත් දිගහැර උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව වසාගන්න රන් කෙරුබ් රථයේ සැලැස්ම ද කියා දුන්නේ ය. “මේ සටහනේ සියලු වැඩ තේරුම් කර දුන් සමිඳාණන් වහන්සේගේ අතින් මා ලවා සියල්ල ම ලියවා තිබේ ය”යි දාවිත් කීවේ ය. තවද, දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “ඔබ ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න ව සිට එය ඉෂ්ට කරන්න. බිය නොවන්න; නොකැළඹෙන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ වන දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ වසන සේක. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිම වන තුරු උන් වහන්සේ ඔබෙන් ඉවත් නොවන සේක; ඔබ අත් නොහරින සේක. ඇරත් පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද පංතිවල අය දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු වැඩ පිණිස සිටිති. සියලු කටයුතුවල දී සියලු ආකාර වැඩට දක්ෂකම ද කැමැත්ත ද ඇති හැම දෙනා ද ඔබ සමඟ සිටිති. ඇරත් අධිපතියෝත්, මුළු සෙනඟත් ඔබේ අණට මුළුමනින් යටත් වන්නෝ ය”යි කීවේ ය.

1 වංශාවලිය 28:1-21 Sinhala New Revised Version 2018 (SNRV)

දාවිත් ඉශ්රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන් ද රජුට සේවය කළ කාණ්ඩවල අධිපතීන් ද සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තු සම්පත්වල අධිපතීන් ද ඇමතියන් සහ බලවන්තයනුත්, සියලු බලවන්ත යුද්ධ භටයිනුත් සමඟ ජෙරුසලමට කැඳවාගත්තේ ය. එකල දාවිත් රජු නැඟිට සිට කතා කොට, “මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට සවන් දෙන්න. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තබන පිණිස එනම්, අපේ දෙවියන් වහන්සේට වැඩ විසීම පිණිස ස්ථිර නිවාසයක් ගොඩනඟන්න මම අදහස් කෙළෙමි. එය ගොඩනැඟීමට මා විසින් සූදානම් කරනු ලැබ තිබුණේ ය. එහෙත්, දෙවියන් වහන්සේ මට කතා කොට, ‘නුඹ මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය; මන්ද, නුඹ රණකාමී මනුෂ්‍යයෙකි; නුඹ ලේ වැගිරෙවුවෙහි ය’යි වදාළ සේක. එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සදහට ම රජ කෙනෙකු ව සිටීමට ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත් සේක. මන්ද, උන් වහන්සේ ජුදා ද ජුදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුල ද අධිපතිකමට තෝරාගෙන සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට මා පත් කරන්න මාගේ පියාගේ පුත්‍රයන් අතරෙන් මා කෙරෙහි ප්‍රසන්න වූ සේක. සමිඳාණන් වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන් සේක. එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සමිඳාණන් වහන්සේගේ රජකම් කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත් සලමොන් තෝරාගත් සේක. “උන් වහන්සේ මට කතා කොට, ‘නුඹේ පුත් සලමොන් ම මාගේ මාලිගාව ද මණ්ඩපය ද සාදන්නේ ය. මන්ද, මාගේ පුත්‍රයෙකු කොට මම ඔහු තෝරා ගතිමි. මම ඔහුට පියෙක් වන්නෙමි. අද දවසේ මෙන් ඔහු මාගේ ආඥා ද විනිශ්චයයන් ද රක්ෂා කරමින් ස්ථිර ව සිටියොත්, ඔහුගේ රජකම සදහට ම ස්ථිර කරන්නෙමි’යි වදාළ සේක. “ඉතින්, ඔබ මේ හොඳ දේශය භුක්ති විඳ, ඔබට පසු ව ඔබේ පුත්‍රයන්ට එය සදහට ම උරුම කර දෙන පිණිස, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා පිළිපදිමින් ඒවා සොයන්න කියා සමිඳාණන් වහන්සේගේ සභාව වන සියලු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිට ද අපේ දෙවියන් වහන්සේට ඇසෙන ලෙස ද මම ඔබට අවවාද කරමි. “සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත. ඒ නිසා මෙය සිතට ගන්න. මන්ද, ශුද්ධස්ථානයක් වන පිණිස දේව මාලිගාවක් ගොඩනැඟීමට සමිඳාණන් වහන්සේ ඔබ තෝරාගෙන සිටින සේක. ශක්තිමත් ව සිට එය කරන්නැ”යි කී ය. එවිට දාවිත් දේව මාලිගාවේ ද්වාර මණ්ඩපයේත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුළු ගෙවලත්, කරුණාසනයේ ගෙයිත් සැලැස්ම ද, තමාගේ හිතේ තිබුණු සියල්ල වන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මණ්ඩපවලත්, වට කාමරවලත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, කැප කරන ලද දේ තිබූ ගබඩාවලත්, පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද කාණ්ඩවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු බඩුවලත් සැලැස්ම ද තමාගේ පුත් සලමොන්ට දුන්නේ ය. එක එක සේවයේ සියලු රන් බඩුවල සැලැස්ම ද රන්වල බර ද සියලු රිදී බඩුවල සැලැස්ම ද එක එක සේවයේ සියලු බඩුවල බර ද රන් පහන් රුක්වලත් ඒවායේ රන් පහන්වලත් බර ද එක එක පහන් රුකේත්, එහි පහන්වලත් බර ද රිදී පහන් රුක්වලත් එක එක පහන් රුකේ වැඩ ලෙස එක එකේ සහ ඒවායේ පහන්වලත් බර ද පිදීමේ පූප තබන එක එක මේසයේ රන් බර ද රිදී මේසවලට රිදී බර ද පවිත්‍ර රන් මස් කොකුවලත්, තාලිවලත්, පාත්‍රවලත්, රන් කුසලාන්වලත්, සැලැස්ම ද එක එක කුසලානේ බර ද රිදී කුසලාන්වල සැලැස්ම ද එක එක කුසලානේ බර ද පවිත්‍ර රන් දුම් පූජාසනයේ සැලැස්ම ද බර ද පියාපත් දිගහැර උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව වසාගන්න රන් කෙරුබ් රථයේ සැලැස්ම ද කියා දුන්නේ ය. “මේ සටහනේ සියලු වැඩ තේරුම් කර දුන් සමිඳාණන් වහන්සේගේ අතින් මා ලවා සියල්ල ම ලියවා තිබේ ය”යි දාවිත් කීවේ ය. තවද, දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “ඔබ ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න ව සිට එය ඉෂ්ට කරන්න. බිය නොවන්න; නොකැළඹෙන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ වන දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ වසන සේක. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිම වන තුරු උන් වහන්සේ ඔබෙන් ඉවත් නොවන සේක; ඔබ අත් නොහරින සේක. ඇරත් පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද කාණ්ඩවල අය දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු වැඩ පිණිස සිටිති. සියලු කටයුතුවල දී සියලු ආකාර වැඩට දක්ෂකම ද කැමැත්ත ද ඇති හැම දෙනා ද ඔබ සමඟ සිටිති. ඇරත් අධිපතියෝත්, මුළු සෙනඟත් ඔබේ අණට මුළුමනින් යටත් වන්නෝ ය”යි කීවේ ය.

1 වංශාවලිය 28:1-21 New International Version (NIV)

David summoned all the officials of Israel to assemble at Jerusalem: the officers over the tribes, the commanders of the divisions in the service of the king, the commanders of thousands and commanders of hundreds, and the officials in charge of all the property and livestock belonging to the king and his sons, together with the palace officials, the warriors and all the brave fighting men. King David rose to his feet and said: “Listen to me, my fellow Israelites, my people. I had it in my heart to build a house as a place of rest for the ark of the covenant of the LORD, for the footstool of our God, and I made plans to build it. But God said to me, ‘You are not to build a house for my Name, because you are a warrior and have shed blood.’ “Yet the LORD, the God of Israel, chose me from my whole family to be king over Israel forever. He chose Judah as leader, and from the tribe of Judah he chose my family, and from my father’s sons he was pleased to make me king over all Israel. Of all my sons—and the LORD has given me many—he has chosen my son Solomon to sit on the throne of the kingdom of the LORD over Israel. He said to me: ‘Solomon your son is the one who will build my house and my courts, for I have chosen him to be my son, and I will be his father. I will establish his kingdom forever if he is unswerving in carrying out my commands and laws, as is being done at this time.’ “So now I charge you in the sight of all Israel and of the assembly of the LORD, and in the hearing of our God: Be careful to follow all the commands of the LORD your God, that you may possess this good land and pass it on as an inheritance to your descendants forever. “And you, my son Solomon, acknowledge the God of your father, and serve him with wholehearted devotion and with a willing mind, for the LORD searches every heart and understands every desire and every thought. If you seek him, he will be found by you; but if you forsake him, he will reject you forever. Consider now, for the LORD has chosen you to build a house as the sanctuary. Be strong and do the work.” Then David gave his son Solomon the plans for the portico of the temple, its buildings, its storerooms, its upper parts, its inner rooms and the place of atonement. He gave him the plans of all that the Spirit had put in his mind for the courts of the temple of the LORD and all the surrounding rooms, for the treasuries of the temple of God and for the treasuries for the dedicated things. He gave him instructions for the divisions of the priests and Levites, and for all the work of serving in the temple of the LORD, as well as for all the articles to be used in its service. He designated the weight of gold for all the gold articles to be used in various kinds of service, and the weight of silver for all the silver articles to be used in various kinds of service: the weight of gold for the gold lampstands and their lamps, with the weight for each lampstand and its lamps; and the weight of silver for each silver lampstand and its lamps, according to the use of each lampstand; the weight of gold for each table for consecrated bread; the weight of silver for the silver tables; the weight of pure gold for the forks, sprinkling bowls and pitchers; the weight of gold for each gold dish; the weight of silver for each silver dish; and the weight of the refined gold for the altar of incense. He also gave him the plan for the chariot, that is, the cherubim of gold that spread their wings and overshadow the ark of the covenant of the LORD. “All this,” David said, “I have in writing as a result of the LORD’s hand on me, and he enabled me to understand all the details of the plan.” David also said to Solomon his son, “Be strong and courageous, and do the work. Do not be afraid or discouraged, for the LORD God, my God, is with you. He will not fail you or forsake you until all the work for the service of the temple of the LORD is finished. The divisions of the priests and Levites are ready for all the work on the temple of God, and every willing person skilled in any craft will help you in all the work. The officials and all the people will obey your every command.”