1 වංශාවලිය 21:1-30
1 වංශාවලිය 21:1-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාතන් ඉශ්‍රායෙල්ට එරෙහිව නැගී සිට, ඉශ්‍රායෙල් සංගණනයක් ගැනීමට දාවිත් පෙලඹවී ය. එබැවින් දාවිත්, යෝවාබ් හා හමුදා ප්‍රධානීන් අමතා, “යන්න, බෙයර්ෂෙබා සිට දාන් දක්වා ඉශ්‍රායෙල්වරුන් ගණන් කොට, ඔවුන්ගේ ගණන මා දැනගන්නා පිණිස මට එය වාර්තා කරන්නැ” යි පැවසී ය. එහෙත් යෝවාබ් කතා කොට, “ස්වාමින්වහන්සේ තම ජනයා දැන් සිටිනවාට වඩා සිය ගුණයකින් වැඩි කරන සේක්වා! මගේ ස්වාමියා වන රජ්ජුරුවනි, ඔවුන් සියල්ලෝ ම මගේ ස්වාමියාගේ යටත් වැසියන් නො වෙත් ද? මෙබන්දක් කරන්නට මගේ ස්වාමියාට ඇති වුවමනාව මොකද? ඉශ්‍රායෙල් පිට වරද පමුණුවන්නේ ඇයි දැ?” යි ඇසී ය. කෙසේ වුව ද රජුගේ වචනයෙන් යෝවාබ් යටපත් කරනු ලැබිණි. එබැවින් යෝවාබ් පිටත් ව, මුළු ඉශ්‍රායෙල් දේශය පුරා ගමන් කොට, ආපසු යෙරුසලමට ආවේ ය. ගණනය කරන ලද ජන සංඛ්‍යාව යෝවාබ්, දාවිත්ට වාර්තා කළේ ය. අසිපත් දරන මුළු ඉශ්‍රායෙල් ජනයා එකොළොස් ලක්ෂයක් ය. යූදා ජන සංඛ්‍යාව හාර ලක්ෂ හැත්තෑදහසක් ය. එහෙත් රජුගේ අණ යෝවාබ්ට පිළිකුල් ව තිබූ බැවින්, ඒ ගණන් ගැනීමට ඔහු ලෙවී හා බෙන්යමින් ඇතුළත් කර තිබුණේ නැත. මෙය දෙවියන්වහන්සේට අප්‍රසන්න වූයෙන්, උන්වහන්සේ ඉශ්‍රායෙල්ට පහර දුන් සේක. එවිට දාවිත්, දෙවියන්වහන්සේ අමතමින්, “මේ දේ කිරීමෙන් මම අතිශයෙන් පව් කළෙමි. දැන් ඔබගේ මෙහෙකරුගේ අපරාධය පහ කරන මෙන් අයදිමි. මන්ද මා ක්‍රියා කළේ මහත් අනුවණකමකිනි” යි පැවසී ය. ස්වාමින්වහන්සේ, දාවිත්ගේ අනාගතවක්තෘ වූ ගාද් අමතමින්, “යන්න, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේකැයි දාවිත්ට කියන්න: ‘මම කරුණු තුනක් ඔබ ඉදිරියේ තබමි. ඔබ පිට පමුණු වන පිණිස එයින් එකක් තෝරා ගන්නැ’ යි” පැවසූ සේක. එබැවින් ගාද්, දාවිත් වෙත ගොස්, ඔහු අමතා, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබ කැමති දේ තෝරා ගන්න. තුන් අවුරුදු සාගතය හෝ ඔබේ සතුරන්ගේ කඩුවට ඔබ ගොදුරු වෙමින්, තුන් මසක් ඔබේ එදිරිවාදීන් ඔබ වනසා දැමීම හෝ ස්වාමින්වහන්සේගේ දූතයා විසින් මුළු ඉශ්‍රායෙල් පළාත ම විනාශ කර දමනු ලබන තුන් දිනක ස්වාමින්වහන්සේගේ කඩුව වන වසංගතය යන තුනෙන් එකක් තෝරා, මා එවූ තැනැන්වහන්සේට මා පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි තීරණය කරන්නැ’ යි” කීවේ ය. දාවිත් ගාද් අමතමින්, “මා බරපතළ පීඩනයකට හසු වෙලා; ස්වාමින්වහන්සේගේ හස්තයට මා හසු වේවා! මන්ද උන්වහන්සේගේ දයාව අති මහත් ය. කෙසේ වෙතත් මිනිසුන්ගේ අත්වලට හසුවන්නට මට ඉඩ නො හරින්නැ” යි පැවසී ය. එබැවින් ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් පිටට වසංගතයක් එවූයෙන්, ඉශ්‍රායෙල් මිනිසුන් හැත්තෑදහසක් මැරුණහ. දෙවියන්වහන්සේ යෙරුසලම විනාශ කරන්නට දූතයකු යැවූ සේක. එහෙත් දූතයා එසේ කරන්නට සූදානම් වෙත් ම, ස්වාමින්වහන්සේ ඒ දැක, විපත්තිය ගැන තැවී, විනාශ කරමින් සිටි දූතයා අමතා, “ඔය ඇති! ඔබේ අත නවතා ගනු” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේගේ දූතයා යෙබූසීය ඔර්ණාන්ගේ කමත අසල සිටගෙන සිටියේ ය. දාවිත් ඇස් ඔසවා බැලූ කල, ස්වාමින්වහන්සේගේ දූතයා තම අසිපත යෙරුසලමට ඉහළින් දිගු කර ගෙන, අහසත්, පොළොවත් අතරේ සිටිනු දුටුවේ ය. එවිට ගෝණි රෙදි ඇඟ ලා සිටි දාවිත් හා වැඩිහිටියෝ මුණින් තලා වැටුණහ. දාවිත්, දෙවියන්වහන්සේ අමතා, “ජනයා ගණන් කරන්නට අණ කළේ මා නො වේ ද? පව් කළේත්, මේ මහ දුෂ්ටකම කළේත් මමයි. ඒත් මේ බැටළුවෝ කුමක් කළෝ ද? අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබගේ හස්තය මා පිටත්, මගේ පියවංශය පිටත් පතිත වේවා! එහෙත් මේ වසංගතය ඔබගේ ජනයා පිට නො වේවා!” යි කීවේ ය. එවිට ස්වාමින්වහන්සේගේ දූතයා ගාද්ට අණ කරමින්, “දාවිත්, යෙබූසීය ඔර්ණාන්ගේ කමතට ගොස්, එහි ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නැගිය යුතු යයි දාවිත්ට කියන්නැ” යි පැවසී ය. එවිට දාවිත් ස්වාමින්වහන්සේගේ නාමයෙන් ගාද් පැවසූ ඔහුගේ වචනයට අනුව පිටත් ව ගියේ ය. මේ අතර තිරිඟු මඩිමින් සිටි ඔර්ණාන් හැරුණු කල දූතයා දිටී ය. ඔහු සමඟ සිටි ඔහුගේ පුතුන් හතරදෙනා සැඟවුණහ. දාවිත්, ඔර්ණාන් වෙත ළඟා වෙද්දී ඔර්ණාන් බලා, දාවිත් දැක, කමතෙන් පිටතට අවුත්, දාවිත් ඉදිරියේ තම මුහුණ බිමට නමා වැන්දේ ය. දාවිත් ඔර්ණාන් අමතමින්, “ජනයා වෙතින් වසංගතය නවතින පිණිස, ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නගන්නට ඔබේ කමත පිහිටි භූමිය මට දෙන්න. එහි මුළු වටිනාකමට එය මට විකුණන්නැ” යි පැවසී ය. ඔර්ණාන්, දාවිත් අමතා, “ඒක ගන්න. මගේ ස්වාමි රජ්ජුරුවන්ට හොඳයයි හැඟෙන කවර දෙයක් වුව කරන්න. මෙන්න, මම දවන යාග පූජා සඳහා ගොනුන් ද දර සඳහා මඩින උපකරණ ද ආහාර පූජාව සඳහා තිරිඟු ද දෙන්නෙමි. මම ඒ සියල්ල ම දෙන්නෙමි” යි පැවසී ය. එහෙත්, දාවිත් රජු ඔර්ණාන්ට පිළිතුරු දෙමින්, “එසේ නො වේ. මම මුළු වටිනාකමට ඒවා මිලයට ගන්නෙමි. ස්වාමින්වහන්සේ උදෙසා මා, ඔබ සතු දෑ ගන්නේ නැත. මට වැය නො වන කිසි දවන යාග පූජාවක් පූජා කරන්නේ නැතැ” යි කීවේ ය. දාවිත් ඉඩම සඳහා ෂෙකෙල් හයසීයක් බර රන් ඔර්ණාන්ට ගෙවී ය. දාවිත් එතැන ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නගා, දවන යාග පූජා ද ශාන්ති පූජා ද ඔප්පු කර, ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. ස්වාමින්වහන්සේ ද දවන යාග පිට අහසින් ගිනි එවා, ඔහුට පිළිතුරු දුන් සේක. තවද ස්වාමින්වහන්සේ දූතයාට අණ කළ විට ඔහු තම අසිපත යළි කොපුවේ දමා ගත්තේ ය. එකල ස්වාමින්වහන්සේ යෙබූසීය ඔර්ණාන්ගේ කමතේදී තමාට පිළිතුරු දුන් වග දුටු දාවිත්, එහිදී යාග පූජා ඔප්පු කළේ ය. මන්ද පාළුකරයේදී මෝසෙස් සෑදූ ස්වාමින්වහන්සේගේ මණ්ඩපයත්, දවන යාග පූජාසනයත් එකල තිබුණේ ගිබෙයොන්හි උස් තැන මත ය. එහෙත් දෙවියන්වහන්සේගෙන් විමසන්නට ඒ ඉදිරියට යන්නට දාවිත්ට නො හැකි වූයේ, ඔහු ස්වාමින්වහන්සේගේ දූතයාගේ අසිපතට බිය වූ නිසා ය.
1 වංශාවලිය 21:1-30 Sinhala Revised Old Version (SROV)
සාතන් ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැගිට ඔවුන් ගණන්කරන්ට දාවිත් පෙළඹවුවේය. දාවිත් යෝවාබ්ටත් සෙනඟගේ අධිපතීන්ටත් කථාකොට: මා විසින් සෙනඟගේ ගණන දැනගන්නා පිණිස නුඹලා ගොස් බෙයෙර්-ෂෙබා පටන් දාන් දක්වා ඔවුන් ගණන්කර ඔවුන්ගේ ගණන මා ළඟට ගෙනෙන්නැයි කීවේය. යෝවාබ් කථාකොට: දැන් සිටින පමණට වඩා ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සියක් ගුණයක් වැඩිකරනසේක්වා. එහෙත්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔවුන් සියල්ලෝම මාගේ ස්වාමියාගේ සේවකයෝ නොවෙද්ද? මාගේ ස්වාමියා මේක අණකර ඉශ්‍රායෙල්වරුන් පිටට වරද පමුණුවන්නේ මක්නිසාදැයි කීය. එහෙත් යෝවාබ්ගේ වචනය නොව රජුගේ වචනය ස්ථිරවිය. ඒ නිසා යෝවාබ් පිටත්වී මුළු ඉශ්රායෙල් දේශයෙහි ඇවිද, යෙරුසලමට ඇවිත්, ගණන්ගත් සෙනඟගේ මුළු ගණන දාවිත්ට දුන්නේය. කඩුව පාවිච්චිකරන ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් සියල්ලෝ එකොළොස් ලක්ෂයක්ය. කඩුව පාවිච්චිකරන යූදා මනුෂ්‍යයෝ හාරලක්ෂ සැත්තෑ දහසක්ය. නුමුත් රජුගේ වචනය යෝවාබ්ට පිළිකුල්ව තිබුණු නිසා ඔහු ලෙවීවරුන්ද බෙන්යමින්වරුන්ද ඔවුන් අතරේ ගණන්කළේ නැත. දෙවියන්වහන්සේ මේ කාරණයට අප්‍රසන්නවී ඉශ්‍රායෙල්ට පහරදුන්සේක. දාවිත් දෙවියන්වහන්සේට කථාකොට: මම මේ දේ කිරීමෙන් බොහෝකොට පව්කෙළෙමි. එහෙත් දැන් ඔබගේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව; මක්නිසාද මම බොහෝ අනුවණ ලෙස ක්‍රියාකෙළෙමියි කීවේය. ස්වාමීන්වහන්සේ දාවිත්ගේ දර්ශනකාරයාවූ ගාද්ට කථාකොට: නුඹ ගොස්–මම කාරණා තුනක් නුඹ ඉදිරියේ තබමි; මා විසින් නුඹට කරන පිණිස එයින් එකක් තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා දාවිත්ට කියන්නැයි කීසේක. ගාද් දාවිත් ළඟට ඇවිත් ඔහුට කථාකොට: තුන් අවුරුදු සාගතයක් හෝ තුන් මාසයක් නුඹේ එදිරිකාරයන්ගේ කඩුවට නුඹ අසුවී නුඹේ සතුරන් අතින් විනාශවීම හෝ තුන් දවසක් ස්වාමීන්වහන්සේගේ කඩුව වන වසංගතය දේශයට පැමිණ ස්වාමීන්වහන්සේගේ දූතයා විසින් ඉශ්රායෙල් පළාත් මුළුල්ලෙහි විනාශකිරීම හෝ තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඒ නිසා මා එවූ තැනන්වහන්සේට මා විසින් මොන උත්තරයක් දෙන්ටද කියා කල්පනාකරන්නැයි කීවේය. දාවිත්ද: මම මහත් අමාරුවකට පැමිණ සිටිමි. ඉතින් ස්වාමීන්වහන්සේ අතට අසුවන්නෙමි; මක්නිසාද උන්වහන්සේගේ අනුකම්පාව ඉතා මහත්ය. මනුෂ්‍යයාගේ අතට අසුවන්ට මට සිද්ධනොවේවයි ගාද්ට කීවේය. එබැවින් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් අතරට වසංගතයක් එවූසේක. එයින් ඉශ්‍රායෙල්වරුන්ගෙන් සැත්තෑ දහසක් මනුෂ්‍යයෝ මළෝය. දෙවියන්වහන්සේ යෙරුසලම විනාශකරන්ට දූතයෙකු යැවූසේක. ඔහු ඒක විනාශකරන්ට යන විට ස්වාමීන්වහන්සේ බලා ඒ විපත ගැන තැවී, විනාශකාර දූතයාට කථාකොට: ඉතින් ඇත; නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය ඔර්ණාන්ගේ කමත ළඟ සිටියේය. දාවිත් තමාගේ ඇස් ඔසවා ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද යෙරුසලම කෙරෙහි දිගුකරගන පොළොවටත් අහසටත් අතරේ සිටිනවා දුටුවේය. එවිට ගෝණි රෙදි ඇඳගන සිටි දාවිත්ද වැඩිමහල්ලෝද මුහුණින් වැටුණෝය. දාවිත් දෙවියන්වහන්සේට කථාකොට: සෙනඟ ගණන්කරන්ට අණකළ තැනැත්තා මම නොවෙම්ද? පව්කොට ඉතා දුෂ්ට ලෙස ක්‍රියාකළේ මමය; නුමුත් මේ බැටළුවෝ මක්කළෝද? අනේ මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, පහරදීම පිණිස ඔබගේ අත ඔබගේ සෙනඟ පිටට නොව මා පිටටත් මාගේ පිය වංශය පිටටත් පැමිණේවයි කීවේය. එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ගාද්ට කථාකොට: යෙබූසිය ඔර්ණාන්ගේ කමතේ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගන පිණිස නැගී යන ලෙස දාවිත්ට කියන්ට අණකෙළේය. දාවිත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ගාද් කී වචනය ලෙස නැගී ගියේය. තිරිඟු මඩිමින් සිටි ඔර්ණාන් පස්සට හැරී දූතයා දුටීය; ඔහු සමඟ සිටි ඔහුගේ පුත්‍රයන් සතරදෙනා සැඟවුණෝය. දාවිත් ඔර්ණාන් ළඟට ගියේය. ඔර්ණාන් බලා දාවිත් දැක, කමතෙන් පිටතට ඇවිත් මුහුණින් බිම වැටී, දාවිත්ට වැන්දේය. එවිට දාවිත්: සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගීමට කමතේ ඉඩම මට දෙන්න; සම්පූර්ණ මිල ගණනට ඒක මට දෙන්ට ඕනෑයයි ඔර්ණාන්ට කීවේය. ඔර්ණාන්ද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ ඒක පිළිගෙන තමන්ට හොඳව පෙනෙන දේ කෙරෙත්වා. මෙන්න, දවන පූජාවලට ගවයන්ද දර සඳහා මඩින උපකරණද ආහාර පූජාවට තිරිඟුද දෙමි; ඒ සියල්ලම දෙමියි දාවිත්ට කීවේය. දාවිත් රජද: එසේ නොවේ; සම්පූර්ණ මිල ගණනට ඒක නුඹෙන් ගන්නෙමි. මක්නිසාද නුඹට අයිති දේ මම ස්වාමීන්වහන්සේ උදෙසා නොගන්නෙමි, වියදමක් නැතුව දවන පූජා නොපුදන්නෙමියි ඔර්ණාන්ට කීවේය. මෙසේ දාවිත් ඒ ඉඩමට ෂෙකෙල් හසියයක බර රන් ඔර්ණාන්ට දුන්නේය. එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකොට, ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේද දවන පූජාසනය පිටට අහසෙන් ගිනි එවා ඔහුට උත්තරදුන්සේක. තවද ස්වාමීන්වහන්සේ දේවදූතයාට අණකළ විට ඔහු තමාගේ කඩුව නැවත කොපුවේ දමාගත්තේය. ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ යෙබූසිය ඔර්ණාන්ගේ කමතේදී තමාට උත්තරදුන් බව දාවිත් දැක එහිදී පූජා ඔප්පුකෙළේය. මක්නිසාද මෝසෙස් කාන්තාරයේදී සෑදූ ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයත් දවන පූජාසනයත් ඒ කාලයෙහි ගිබියොන්හි උස්තැන තිබුණේය. එහෙත් ස්වාමීන්වහන්සේගේ දූතයාගේ කඩුවට භයවූ නිසා දෙවියන්වහන්සේගෙන් විචාරන පිණිස ඒක ඉදිරියට යන්ට දාවිත්ට නොහැකිවිය.
1 වංශාවලිය 21:1-30 Sinhala New Revised Version (NRSV)
එවිට සාතන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් සංගණනය කරන්න දාවිත් පෙළඹ වී ය. දාවිත් ජෝවාබ්ටත්, සෙනඟගේ අධිපතීන්ටත් කතා කොට, “මට සෙනඟගේ ගණන දැනගන්න පිණිස ඔබ ගොස් බෙයර්-ෂෙබා පටන් දාන් දක්වා ඔවුන් ගණන් කර ඔවුන්ගේ සංබ්‍යාව මට දන්වන්නැ”යි කීවේ ය. ජෝවාබ් කතා කොට, “දැන් සිටින පමණට වඩා සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ සිය ගුණයක් වැඩි කරන සේක්වා. එහෙත්, මාගේ ස්වාමීන් වන රජතුමනි, ඔව්හු සියල්ලෝ ම මාගේ ස්වාමියාගේ සේවකයෝ නොවෙත් ද? මාගේ ස්වාමියා මෙය අණ කර ඉශ්රායෙල්වරුන් පිට වරද පමුණුවන්නේ කුමක් නිසා දැ”යි ඇසී ය. එහෙත්, ජෝවාබ්ගේ වචනය නොව රජුගේ වචනය ස්ථිර විය. ඒ නිසා ජෝවාබ් පිටත් වී මුළු ඉශ්රායෙල් දේශයෙහි ඇවිද, ජෙරුසලමට අවුත්, ගණන් ගත් සෙනඟගේ මුළු සංබ්‍යාව දාවිත්ට දුන්නේ ය. කඩුව පාවිච්චි කිරීමට සමත් ඉශ්රායෙල්වරු සියල්ලෝ එකොළොස්ලක්ෂයක් ය. කඩුව පාවිච්චි කිරීමට සමත් ජුදාහි මනුෂ්‍යයෝ හාරලක්ෂ සැත්තෑදහසක් ය. එහෙත්, රජුගේ වචනය ජෝවාබ් ට පිළිකුල් ව තිබුණු නිසා ඔහු ලෙවීවරුන් ද බෙන්ජමින්වරුන් ද ඔවුන් අතරේ ගණන් කෙළේ නැත. දෙවියන් වහන්සේ මේ කාරණය ගැන අප්‍රසන්න වී ඉශ්රායෙල්වරුන්ට පහර දුන් සේක. දාවිත් දෙවියන් වහන්සේට කතා කොට, “මම මේ දේ කිරීමෙන් බොහෝ සේ පව් කෙළෙමි. එහෙත්, දැන් ඔබේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව. මන්ද, මම බොහෝ අනුවණ ලෙස ක්‍රියා කෙළෙමි”යි කීවේ ය. සමිඳාණන් වහන්සේ දාවිත්ගේ දර්ශකයා වූ ගාද්ට කතා කොට, “නුඹ ගොස්, මෙය කියන්න, ‘මම කාරණා තුනක් නුඹ ඉදිරියේ තබමි. මා විසින් නුඹට කරනු ලබනු පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා දාවිත්ට කියන්නැ”යි වදාළ සේක. ගාද් දාවිත් ළඟට අවුත් ඔහුට කතා කොට, “ ‘තුන් අවුරුදු සාගතයක් හෝ තුන් මාසයක් නුඹේ එදිරිකාරයන්ගේ කඩුවට නුඹ අසු වී, නුඹේ සතුරන් අතින් විනාශ වීම හෝ තුන් දවසක් සමිඳාණන් වහන්සේගේ කඩුව වන වසංගතය දේශයට පැමිණ උන් වහන්සේගේ දූතයා විසින් ඉශ්රායෙල් පළාත් මුළුල්ල විනාශ කරනු ලැබීම හෝ යන තුනෙන් එකක් තෝරාගන්නැ’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. ඒ නිසා මා එවූ තැනැන් වහන්සේට මා මොන උත්තරයක් දෙන්න ද කියා කල්පනා කරන්නැ”යි කීවේ ය. දාවිත් උත්තර දෙමින්, “මම ලොකු ප්‍රශ්නයකට මූණ පා සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අසු වන්නෙමි. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මනුෂ්‍යයාගේ අතට අසු වන්න මට සිද්ධ නොවේවා”යි ගාද්ට කීවේ ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් අතරට වසංගතයක් එවූ සේක. එයින් ඉශ්රායෙල්වරුන්ගෙන් සැත්තෑදහසක් මනුෂ්‍යයෝ මළෝ ය. දෙවියන් වහන්සේ ජෙරුසලම විනාශ කරන්න දූතයෙකු යැවූ සේක. ඔහු එය විනාශ කරන්න යන විට සමිඳාණන් වහන්සේ බලා ඒ විපත ගැන තැවී, විනාශකාර දූතයාට කතා කොට, “ඉතින් ඇත. නුඹේ අත නවත්වන්නැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේගේ දූතයා ජෙබුසි ජාතික ඔර්ණාන්ගේ කමත ළඟ සිටියේ ය. දාවිත් තමාගේ හිස ඔසවා සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද ජෙරුසලම් කෙරෙහි දිගු කරගෙන පොළොවටත් අහසටත් අතරේ සිටිනු දුටුවේ ය. එවිට ගෝණි රෙදි ඇඳගෙන සිටි දාවිත් ද ප්‍රජා මූලිකයෝ ද මුණින්තළා වැටුණෝ ය. දාවිත් දෙවියන් වහන්සේට කතා කොට, “සෙනඟ ගණන් කරන්න අණ කළ තැනැත්තා මම නොවෙම් ද? පව් කොට ඉතා දුෂ්ට ලෙස ක්‍රියා කෙළේ මම ය. එහෙත්, මේ බැටළුවෝ කුමක් කළෝ ද? අනේ! මාගේ දෙවි සමිඳාණන් වහන්ස, පහර දීම පිණිස ඔබේ හස්තය ඔබේ සෙනඟ පිට නොව මා පිටත්, මාගේ පිය වංශය පිටත් පැමිණේවා”යි කීවේ ය. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ගාද්ට කතා කොට, “ජෙබුසිය ඔර්ණාන්ගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන පිණිස නැඟී යන ලෙස දාවිත්ට කියන්නැ”යි අණ කෙළේ ය. දාවිත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ගාද් කී වචනය ලෙස නැඟිට ගියේ ය. තිරිඟු මඩිමින් සිටි ඔර්ණාන් පස්සට හැරී දූතයා දැක ඔහු ද ඔහු සමඟ සිටි ඔහුගේ පුත්‍රයෝ සතරදෙනා ද සැඟවුණෝ ය. දාවිත් ඔර්ණාන් ළඟට ගියේ ය. ඔර්ණාන් බලා දාවිත් දැක, කමතෙන් පිටතට අවුත් මුණින්තළා වී දාවිත්ට වැන්දේ ය. එවිට දාවිත් කතා කොට, “සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීමට කමතේ ඉඩම මට දෙන්න. එහි මුළු වටිනාකම අනුව එය මට දෙන්න ඕනෑ ය”යි ඔර්ණාන්ට කීවේ ය. ඔර්ණාන් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ තුමාණෝ එය පිළිගෙන තමන්ට හොඳ යයි හිතෙන දේ කරත්වා. මෙන්න, දවන යාග පූජාවලට ගවයන් ද දර සඳහා මඩින උපකරණ ද ආහාර පූජාවට තිරිඟු ද දෙමි; ඒ සියල්ල ම දෙමි”යි දාවිත්ට කීවේ ය. දාවිත් රජ ද පිළිතුරු දෙමින්, “එසේ නොවේ, එහි මුළු වටිනාකම අනුව එය මම ඔබෙන් ගන්නෙමි. මන්ද, ඔබට අයිති දේ මම සමිඳාණන් වහන්සේ උදෙසා නොගන්නෙමි. වියදමක් නැති ව දවන යාග පූජා නොපුදන්නෙමි”යි ඔර්ණාන්ට කීවේ ය. මෙසේ දාවිත් ඒ ඉඩමට රන් කාසි හයසියයක බර රන්, ඔර්ණාන්ට දුන්නේ ය. දාවිත් සමිඳාණන් වහන්සේට පූජාසනයක් එහි ගොඩනඟා, දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කොට, සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද දවන පූජාසනය පිට අහසෙන් ගිනි එවා ඔහුට උත්තර දුන් සේක. තවද, සමිඳාණන් වහන්සේ දේව දූතයාට අණ කළ විට, ඔහු තමාගේ කඩුව නැවත කොපුවේ දමාගත්තේ ය. ඒ කාලයෙහි සමිඳාණන් වහන්සේ ජෙබුසිය ඔර්ණාන්ගේ කමතේ දී තමාට උත්තර දුන් බව දාවිත් දැක එහි දී පූජා ඔප්පු කෙළේ ය. මන්ද, මෝසෙස් පාළුකරයේ දී සෑදූ සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයත්, දවන පූජාසනයත් ඒ කාලයෙහි ගිබියොන්හි ගිරිකුළක තිබුණේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේගේ දූතයාගේ කඩුවට බිය වූ නිසා දෙවියන් වහන්සේගෙන් විචාරණ පිණිස එය ඉදිරියට යන්න දාවිත්ට නොහැකි විය.
1 වංශාවලිය 21:1-30 Sinhala New Revised Version 2018 (SNRV)

1 වංශාවලිය 21:1-30 New International Version (NIV)
Satan rose up against Israel and incited David to take a census of Israel. So David said to Joab and the commanders of the troops, “Go and count the Israelites from Beersheba to Dan. Then report back to me so that I may know how many there are.” But Joab replied, “May the LORD multiply his troops a hundred times over. My lord the king, are they not all my lord’s subjects? Why does my lord want to do this? Why should he bring guilt on Israel?” The king’s word, however, overruled Joab; so Joab left and went throughout Israel and then came back to Jerusalem. Joab reported the number of the fighting men to David: In all Israel there were one million one hundred thousand men who could handle a sword, including four hundred and seventy thousand in Judah. But Joab did not include Levi and Benjamin in the numbering, because the king’s command was repulsive to him. This command was also evil in the sight of God; so he punished Israel. Then David said to God, “I have sinned greatly by doing this. Now, I beg you, take away the guilt of your servant. I have done a very foolish thing.” The LORD said to Gad, David’s seer, “Go and tell David, ‘This is what the LORD says: I am giving you three options. Choose one of them for me to carry out against you.’ ” So Gad went to David and said to him, “This is what the LORD says: ‘Take your choice: three years of famine, three months of being swept away before your enemies, with their swords overtaking you, or three days of the sword of the LORD—days of plague in the land, with the angel of the LORD ravaging every part of Israel.’ Now then, decide how I should answer the one who sent me.” David said to Gad, “I am in deep distress. Let me fall into the hands of the LORD, for his mercy is very great; but do not let me fall into human hands.” So the LORD sent a plague on Israel, and seventy thousand men of Israel fell dead. And God sent an angel to destroy Jerusalem. But as the angel was doing so, the LORD saw it and relented concerning the disaster and said to the angel who was destroying the people, “Enough! Withdraw your hand.” The angel of the LORD was then standing at the threshing floor of Araunah the Jebusite. David looked up and saw the angel of the LORD standing between heaven and earth, with a drawn sword in his hand extended over Jerusalem. Then David and the elders, clothed in sackcloth, fell facedown. David said to God, “Was it not I who ordered the fighting men to be counted? I, the shepherd, have sinned and done wrong. These are but sheep. What have they done? LORD my God, let your hand fall on me and my family, but do not let this plague remain on your people.” Then the angel of the LORD ordered Gad to tell David to go up and build an altar to the LORD on the threshing floor of Araunah the Jebusite. So David went up in obedience to the word that Gad had spoken in the name of the LORD. While Araunah was threshing wheat, he turned and saw the angel; his four sons who were with him hid themselves. Then David approached, and when Araunah looked and saw him, he left the threshing floor and bowed down before David with his face to the ground. David said to him, “Let me have the site of your threshing floor so I can build an altar to the LORD, that the plague on the people may be stopped. Sell it to me at the full price.” Araunah said to David, “Take it! Let my lord the king do whatever pleases him. Look, I will give the oxen for the burnt offerings, the threshing sledges for the wood, and the wheat for the grain offering. I will give all this.” But King David replied to Araunah, “No, I insist on paying the full price. I will not take for the LORD what is yours, or sacrifice a burnt offering that costs me nothing.” So David paid Araunah six hundred shekels of gold for the site. David built an altar to the LORD there and sacrificed burnt offerings and fellowship offerings. He called on the LORD, and the LORD answered him with fire from heaven on the altar of burnt offering. Then the LORD spoke to the angel, and he put his sword back into its sheath. At that time, when David saw that the LORD had answered him on the threshing floor of Araunah the Jebusite, he offered sacrifices there. The tabernacle of the LORD, which Moses had made in the wilderness, and the altar of burnt offering were at that time on the high place at Gibeon. But David could not go before it to inquire of God, because he was afraid of the sword of the angel of the LORD.