1 වංශාවලිය 20:1-8
1 වංශාවලිය 20:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වසරේ වසන්ත සමයේ, රජුන් යුද්ධයට පිටත් ව යන කාලයේ, යෝවාබ් හමුදාව මෙහෙයවා අම්මොන්වරුන්ගේ දේශය වනසා අවුත්, රබ්බා වැටලී ය. එහෙත් දාවිත් යෙරුසලමේ නැවතී සිටියේ ය. යෝවාබ්, රබ්බාට පහර දී, එය නාස්ති කළේ ය. දාවිත් ඔවුන්ගේ රජුගේ හිසෙන් ඔටුන්න ගත්තේ ය. එහි බර රත්රන් තලෙන්තයක් බව දැනගන්නට ලැබිණි. එහි අනර්ඝ ගලක් ඔබ්බවා තිබිණි. එම ඔටුන්න දාවිත්ගේ හිසේ තබන ලදී. ඔහු පුරවරයෙන් අති මහත් ප්‍රමාණයක කොල්ලයක් ගත්තේ ය. ඔහු එහි ජනයා පිටතට රැගෙන අවුත්, කියත්, යකඩ ගල්කටු හා පොරෝවලින් බර වැඩෙහි යෙදවී ය. දාවිත් අම්මොන්වරුන්ගේ සියලු නගරවලට එසේ කළේ ය. ඉන්පසු දාවිත් හා ඔහුගේ මුළු මහත් හමුදාව ආපසු යෙරුසලමට ආහ. කලකට පසු ගෙසෙර්හි දී පිලිස්තිවරුන් සමඟ යුද්ධයක් හට ගත්තේ ය. එකල හුෂාතීය සිබ්බෙකයි, රෙෆායිවරුන්ගෙන් පැවත එන්නකු වූ සිප්පයි මරා දැමී ය. පිලිස්තිවරු ද යටත් කරනු ලදහ. පිලිස්තිවරුන් සමඟ තවත් යුද්ධයක් විය. එහිදී යායීර්ගේ පුත් එල්හානාන්, ගිත්තීහි ගොලියත්ගේ සහෝදරයා වූ ලහමී මරා දැමී ය. ඔහුගේ හෙල්ලයේ මිට රෙදි වියන්නකුගේ දණ්ඩකට සමාන විය. ගාත්හි තවත් යුද්ධයක් විය. එක් අතක අතැඟිලි හය බැගින් හා එක් පයක පයැඟිලි හය බැගින් ඇඟිලි විසිහතරකින් යුත් මිනිසෙක් එහි සිටියේ ය. ඔහු ද රාෆාගෙන් පැවත ආයේ ය. ඔහු ඉශ්‍රායෙල්ට අවඥා කරද්දී, දාවිත්ගේ සහෝදර ෂිමෙයාගේ පුත් යොනාතාන් ඔහු මරා දැමී ය. ගාත්හි රාෆාගේ පරපුරින් පැවත ආ ඔවුහු දාවිත්ගේ ද ඔහුගේ මිනිසුන්ගේ ද අතින් මැරුම් කෑහ.
1 වංශාවලිය 20:1-8 Sinhala Revised Old Version (SROV)
තවද ඊළඟ අවුරුද්දේ රජවරුන් සටනට පිටත්ව යන කාලය පැමුණුණ විට, යෝවාබ් යුද්ධ සේනාව ගෙනගොස් අම්මොන් පුත්‍රයන්ගේ රට පාළුකොට, රබ්බාට ඇවිත් ඒක වටලාගත්තේය. නුමුත් දාවිත් යෙරුසලමෙහි නැවතී සිටියේය. යෝවාබ් රබ්බාට පහරදී එය නාස්තිකෙළේය. දාවිත් ඔවුන්ගේ රජුගේ ඔටුන්න ඔහුගේ හිසෙන් ගෙන එය රන් තලෙන්තයක බර ඇති බව දැනගත්තේය, එහි අනර්ඝ මැණික්ද තිබුණේය; එය දාවිත්ගේ හිස පිට තබනලද්දේය. ඔහු කොල්ලගත් බඩු රාශියක් නුවරින් පිටතට ගෙනාවේය. ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත්වලින්ද යකඩ දැතිපෝරුවලින්ද පොරෝවලින්ද ඔවුන් කැපුවේය. ඔහු අම්මොන් පුත්‍රයන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේය. එවිට දාවිත්ද මුළු සෙනඟද යෙරුසලමට හැරී ආවෝය. ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙසෙර්හි යුද්ධයක් හටගත්තේය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ සිප්පයි මැරුවේය. ඔව්හු යටත්කරනු ලැබුවෝය. නැවතත් පිලිස්තිවරුන් සමඟ යුද්ධයක් විය; යායිර්ගේ පුත්‍රවූ එල්හානාන් ගිත්තිය ගොලියත්ගේ සහෝදරවූ ලඃමී මැරුවේය. ඔහුගේ හෙල්ලයේ මිට වියන දණ්ඩකට සමාන විය. නැවතත් ගාත්හි යුද්ධයක් විය. එහි ඉතා උස මහත ඇති මනුෂ්‍යයෙක් සිටියේය, ඔහුට අත්පා ඇඟිලි හය හය බැගින් ඇඟිලි විසිහතරක් තිබුණේය; ඔහුද යෝධයාට දාව උපන්නේය. ඔහු ඉශ්‍රායෙල්වරුන්ට මිගාකී කල දාවිත්ගේ සහෝදරයා වන ෂීමියාගේ පුත්‍රවූ යොනාතාන් ඔහු මැරුවේය. මොව්හු ගාත්හිදී යෝධයාට දාව උපන් අයය; ඔව්හු දාවිත් අතින්ද ඔහුගේ සේවකයන් අතින්ද පැරදී වැටුණෝය.
1 වංශාවලිය 20:1-8 Sinhala New Revised Version (NRSV)
තවද, ඊළඟ අවුරුද්දේ රජවරුන් සටනට පිටත් ව යන කාලය පැමිණි විට, ජෝවාබ් යුද්ධ සේනාව ගෙන ගොස් අම්මොන්වරුන්ගේ රට පාළු කොට, රබ්බා නුවරට අවුත් එය වටලාගත්තේ ය. එහෙත්, දාවිත් ජෙරුසලමෙහි නැවතී සිටියේ ය. ජෝවාබ් රබ්බාට පහර දී එය නාස්ති කෙළේ ය. දාවිත් ඔවුන්ගේ රජුගේ රන් ඔටුන්න මිල්කොම් රජුගේ හිසින් පැහැර ගෙන එය කිලෝග්‍රෑම් තිස්හතරක් බර ඇති බව දැනගත්තේ ය. එහි අනර්ඝ මැණික් ද තිබුණේ ය. එය දාවිත්ගේ හිස පිට තබන ලද්දේ ය. ඔහු ද කොල්ලකාගත් බඩු රාශියක් නුවරින් පිටතට ගෙනාවේ ය. ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත් ද යකඩ දැති පෝරු ද පොරෝ ද ඔවුන්ට දී ඔවුන්ගෙන් වැඩ ගත්තේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් ද මුළු සෙනඟ ද ජෙරුසලමට හැරී ආවෝ ය. ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙශෙර්හි යුද්ධයක් හට ගත්තේ ය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සිප්පයි මැරුවේ ය. පිල්සිතිවරු යටත් කරනු ලැබුවෝ ය. නැවතත් පිලිස්තිවරුන් සමඟ යුද්ධයක් විය. ජායිර්ගේ පුත් එල්හානාන් ගිත්තීය ජාතික ගොලියත්ගේ සහෝදර වූ ලහමි මැරුවේ ය. ඔහුගේ හෙල්ලයේ මිට වියන යන්ත්‍රයක දණ්ඩකට සමාන විය. නැවතත් ගාත්හි යුද්ධයක් විය. එහි ඉතා උස මහත ඇති මනුෂ්‍යයෙක් විය. ඔහුට අත් පා ඇඟිලි හය හය බැගින් ඇඟිලි විසිහතරක් තිබුණේ ය. ඔහු ද යෝධයාට දාව උපන් කෙනෙකි. ඔහු ඉශ්රායෙල්වරුන්ට විරෝධය දැක්වූ කල දාවිත්ගේ සහෝදරයා වන ෂිමියාගේ පුත් ජොනතන් ඔහු මැරුවේ ය. මොවුහු ගාත්හි දී යෝධයන්ට දාව උපන් අය ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද පැරදී මියගියෝ ය.
1 වංශාවලිය 20:1-8 Sinhala New Revised Version 2018 (SNRV)

1 වංශාවලිය 20:1-8 New International Version (NIV)
In the spring, at the time when kings go off to war, Joab led out the armed forces. He laid waste the land of the Ammonites and went to Rabbah and besieged it, but David remained in Jerusalem. Joab attacked Rabbah and left it in ruins. David took the crown from the head of their king—its weight was found to be a talent of gold, and it was set with precious stones—and it was placed on David’s head. He took a great quantity of plunder from the city and brought out the people who were there, consigning them to labor with saws and with iron picks and axes. David did this to all the Ammonite towns. Then David and his entire army returned to Jerusalem. In the course of time, war broke out with the Philistines, at Gezer. At that time Sibbekai the Hushathite killed Sippai, one of the descendants of the Rephaites, and the Philistines were subjugated. In another battle with the Philistines, Elhanan son of Jair killed Lahmi the brother of Goliath the Gittite, who had a spear with a shaft like a weaver’s rod. In still another battle, which took place at Gath, there was a huge man with six fingers on each hand and six toes on each foot—twenty-four in all. He also was descended from Rapha. When he taunted Israel, Jonathan son of Shimea, David’s brother, killed him. These were descendants of Rapha in Gath, and they fell at the hands of David and his men.