1 වංශාවලිය 17:1-27

1 වංශාවලිය 17:1-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තවද දාවිත් තම ගෘහයේ පදිංචි වූ පසු දිවැසිවර නාතාන් ඇමතූ දාවිත්, “මෙන්න! මා දේවදාර ලීයෙන් කළ නිවසක වාසය කරනවා. එහෙත් ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක් ඇතුළත වාසය කෙරේ යැ” යි පැවසී ය. නාතාන්, දාවිත්ට පිළිතුරු දෙමින්, “ඔබේ සිතේ ඇති සියලු දෑ කරන්න. මන්ද දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි කී ය. එහෙත් ඒ රැයේ ම දෙවියන්වහන්සේගේ වචනය නාතාන් වෙත පැමිණියේ ය: “ගොස්, මගේ සේවක දාවිත්ට මෙසේ කියන්න. ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: වාසය පිණිස ගෘහයක් මට ගොඩ නගන්නේ ඔබ නො වෙයි. ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවේ සිට ගෙනා දවසේ පටන් අද දවස දක්වා ම මා ගෘහයක වාසය කළේ නැත. මම කූඩාරමෙන් කූඩාරමට, වාසස්ථානයෙන් වාසස්ථානයට යමින් වාසය කළෙමි. මුළු ඉශ්‍රායෙල් ජනතාව මධ්‍යයේ මා ගිය කොතැනකදී වුව, “දේවදාර ගෘහයක් නුඹ මට ඉදි නො කළේ මන්දැ?” යි මගේ ඉශ්‍රායෙල් ජනයා රැක බලා ගැනීමට මා අණ කළ ඔවුන්ගේ නායකයන්ගෙන් කිසි කෙනකුට කිසි දින මා පවසා තියේ ද?’ “එබැවින් දැන්, මගේ සේවක දාවිත්ට මෙසේ කියන්න: ‘සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක; මගේ ජනතාව වන ඉශ්‍රායෙල්ගේ අධිපතියා වන පිණිස තණ බිම් වෙතින්, බැටළුවන් පසු පස යෑමෙන් මම නුඹ ගත්තෙමි. ඔබ ආ-ගිය කොතැනකදී වුව මම ඔබ සමඟ සිටිමින්, ඔබගේ සියලු සතුරන් ඔබ ඉදිරියෙන් සිඳ දැමුවෙමි. තවද මේ පොළොවේ ශ්‍රේෂ්ඨතම මිනිසුන්ගේ නාම හා සමාන ශ්‍රේෂ්ඨ නාමයක් මම ඔබට සලසා දෙන්නෙමි. මගේ ඉශ්‍රායෙල් ජනයාට ස්ථානයක් නියම කර දී, ඔවුන් එහි පැලපදියම් කරන්නේ, තමන්ගේ ම වූ තැනක වාසය කරන්නට ඔවුන්ට හැකි වන පිණිසත්, තවදුරටත් කැලඹීම් ඇති නො වන පිණිසත් ය. දුෂ්ට මිනිසුන් ඉහතදී කළාක් මෙන්, මගේ ඉශ්‍රායෙල් ජනයාට මා විනිසුරුවන් පත් කර දුන් කාලයේ මෙන් තවත් ඔවුන්ට පීඩා නො කරනු ඇත. මම ඔබේ සියලු සතුරන් යටත් කරන්නෙමි. “ ‘තවද, ස්වාමින්වහන්සේ ඔබ උදෙසා වංශයක් ගොඩ නගන වග මම ඔබට ප්‍රකාශ කරමි: ඔබේ දවස් සම්පූර්ණ වූ කල, ඔබේ පියවරුන් සමඟ සිටිනු පිණිස ඔබ යන කල, මම ඔබෙන් පැවතෙන්නකු වන ඔබේ ම පුතකු ඔබේ තැන ගැනීමට නැගිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථාපිත කරන්නෙමි. මා උදෙසා ගෘහයක් ගොඩ නගන්නා ඔහු ය. ඔහුගේ සිංහාසනය මම සදහට ම ස්ථාපිත කරන්නෙමි. මම ඔහුගේ පියාණන් වන්නෙමි; ඔහු මගේ පුතණුවන් වන්නේ ය. මම ඔබට කලින් රජ ව සිටි තැනැත්තාගෙන් ඉවත් කර ගත් පරිදි, මගේ නොමියෙන ප්‍රේමය ඔහු වෙතින් ඉවත් නො කරන්නෙමි. මගේ ගෘහයේ ද මගේ රාජ්‍යයේ ද ඔහු සදහට ම පිහිටු වන්නෙමි. ඔහුගේ සිහසුන සදහට ම ස්ථාපිත කරනු ලබන්නේ යැ’ යි” පැවසූ සේක. මෙම සියලු වචනවලට අනුකූලව, මෙම මුළු දර්ශනයට අනුකූලව නාතාන් දාවිත්ට පැවසී ය. එවිට දාවිත් රජු ඇතුළට ගොස්, ස්වාමින්වහන්සේ ඉදිරිපිට හිඳගෙන මෙසේ පැවසී ය: “අහෝ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, මේ සා දුරකට මා ගෙන එන්නට මා කවරෙක් ද? මගේ පෙළපත මොකක් ද? අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේගේ ඇස් හමුවේ එසේ කිරීමෙන් නො නැවතුණු ඔබ, ඔබගේ සේවකයාගේ වංශයේ දුර අනාගතය ගැනත් කතා කළ සේක. අහෝ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්ස, මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨතමයා හැටියට ඔබ මා සැලකූ සේක. “ඔබේ මෙහෙකරුට දැක් වූ ගෞරවයට ඔබවහන්සේට දාවිත් තව මොනවා කියන්න ද? මන්ද ඔබවහන්සේ, ඔබගේ සේවකයා දන්නා සේක. අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ඔබගේ සේවකයා උදෙසා මේ මහත් දේ කර, ඔබගේ හදවතට අනුකූලව මේ සියලු උතුම් පොරොන්දු දැනගන්නට සැලසූ සේක. “අහෝ ස්වාමින්වහන්ස, ඔබ වැනි කෙනකු තවත් නැත. අපගේ කන්වලින් අප අසා ඇති පරිදි, ඔබ හැර අන් දෙවියන්වහන්සේ කෙනකු නැත. ඔබගේ ජනයා වූ ඉශ්‍රායෙල්ට සමාන අන් කවුරු ද? තමන්ට ම වූ ජනතාවක් වශයෙන් මුදා ගන්නා පිණිසත්, තමන්ට ම නාමයක් උපදවා ගන්නා පිණිසත්, ඊජිප්තු දේශයෙන් ඔබ මුදා ගත් ඔබේ ජනතාව ඉදිරිපිටින් ජාතීන් ද ඔවුන්ගේ දෙවි-දේවතාවුන් ද පන්නා දැමීමෙන්, ශ්‍රේෂ්ඨ වූත්, භයානක වූත් හාස්කම් කරන පිණිසත් දෙවියන්වහන්සේ පිටත් ව ගිය අන් කවර ජාතියක් මේ මිහි පිට වේ ද? ඔබ, ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල්, සදහට ම ඔබට ම වූ ජනතාවක් කර ගත් සේක. ඔබ, ඔවුන්ගේ දෙවියන්වහන්සේ බවට පත් වූ සේක, අහෝ ස්වාමින්වහන්ස. “දැන් ස්වාමින්වහන්ස, ඔබගේ සේවකයා ගැන හා ඔහුගේ වංශය ගැන ඔබ කතා කළ වචනය සදහට ම ස්ථාපිත කරනු මැනවි. ඔබ කී පරිද්දෙන් කළ මැනවි. මෙසේ, ‘සේනාංකවල ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල් කෙරෙහි දෙවියන්වහන්සේ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ය’ කියනු ලැබීමෙන් ඔබගේ නාමය සදාතනික ව ඉහළින් ම වර්ණනා කෙරේ. තවද ඔබගේ සේවක දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථාපිත කරනු ලබනු ඇත. “මගේ දෙවියන්වහන්ස, ඔබගේ සේවකයාට වංශයක් ගොඩ නගන වග ඔබ ඔහුට එළිදරවු කළ සේක. එබැවින් ඔබට යාච්ඤා කරන පිණිස ඔබගේ සේවකයාට ධෛර්යය ලැබිණි. එබැවින් අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ දෙවියන්වහන්සේ ය. ඔබගේ සේවකයාට ඔබ මෙම යහපත් දෑ පොරොන්දු වූ සේක. එබැවින් දැන්, ඔබ හමුවේ සදහට පවතින පිණිස, ඔබගේ සේවකයාගේ වංශයට ආශිර්වාද කරන්නට ඔබවහන්සේ ප්‍රසන්න ව සිටින සේක. මන්ද, ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ඊට ආශිර්වාද කළ සේක. එය සදහට ම ආශිර්වාද ලබනු ඇතැ” යි පැවසී ය.

1 වංශාවලිය 17:1-27 Sinhala Revised Old Version (SROV)

තවද දාවිත් තමාගේ ගෙයි වසන කල්හි ප්‍රොපේත තැනවූ නාතාන්ට කථාකොට: මෙන්න, මම කිහිරි ලී ගෙයක වාසයකරමි, නුමුත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තිර ඇතුළෙහි වාසයකෙරේයයි කීවේය. නාතාන්ද: ඔබගේ සිතේ තිබෙන සියල්ල කළ මැනව; මක්නිසාද දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි දාවිත්ට කීය. තවද එම රාත්‍රියේ දෙවියන්වහන්සේගේ වචනය නාතාන්ට පැමිණ කියනුයේ: නුඹ ගොස් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියව–මාගේ වාසය පිණිස නුඹ ගෘහයක් ගොඩනොනගන්නෙහිය. මක්නිසාද මම ඉශ්‍රායෙල්වරුන් ගෙනා දවස පටන් අද දක්වා ගෘහයක වාසය නොකොට කූඩාරමෙන් කූඩාරමටද මණ්ඩපයෙන් මණ්ඩපයටද යමින් හැසුරුණෙමි. මාගේ සෙනඟ පාලනයකරන්ට මා විසින් අණකළ ඉශ්‍රායෙල් විනිශ්චයකාරයන්ගෙන් යමෙකුට–නුඹලා මට කිහිරි ලී ගෘහයක් ගොඩනොනැගුවේ මක්නිසාද යන වචනයක් මා සියලු ඉශ්‍රායෙල්වරුන් අතරෙහි හැසුරුණ කොයි ස්ථානයකදීවත් කීයෙම්ද? එබැවින් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියව–සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා නුඹ වෙන පිණිස තෘණබිමෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද මම නුඹ අහක්කොට ගතිමි. නුඹ ගිය හැම තැන්හිම මම නුඹ සමඟ සිට, නුඹේ සියලු සතුරන් නුඹ ඉදිරියෙන් සිඳ දැමීමි; පොළොවේ සිටින උත්තමයන්ගේ නාම මෙන් නුඹට නාමයක් උපදවන්නෙමි. මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් තමුන්ගේම ස්ථානයෙහි වාසයකොට මතු එයින් නොයන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියමකොට ඔවුන් පිහිටුවන්නෙමි; තවද මුලදී සිදුවූවාක් මෙන්ද, මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි විනිශ්චයකාරයන් පත්කළ කාලයේ සිට සිදුවූවාක් මෙන්ද දුෂ්ට මනුෂ්‍යයෝ තවත් ඔවුන් නාස්තිනොකරන්නෝය; නුඹේ සියලු සතුරන් යටත්කරන්නෙමි. ඇරත් ස්වාමීන්වහන්සේ නුඹට ගෘහයක් ගොඩනගන බව නුඹට දන්වමි. නුඹේ පියවරුන් ළඟට යාමට නුඹේ දවස් සම්පූර්ණවූ කල, මම නුඹේ පුත්‍රයෙක්වූ නුඹේම දරුවෙක් නුඹට පසුව පිහිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථිරකරන්නෙමි. ඔහු මට ගෘහයක් ගොඩනගන්නේය, ඔහුගේ සිංහාසනයද මම සදාකාලයටම ස්ථිරකරන්නෙමි. මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහුද මට පුත්‍රයෙක්වන්නේය. නුඹට පළමු සිටි තැනැත්තාගෙන් මාගේ කරුණාව පහකළාක්මෙන් මම ඔහුගෙන් පහනොකර, මාගේ ගෘහයෙහිද මාගේ රාජ්‍යයෙහිද ඔහු සදාකාලේටම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනයද සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය. මේ සියලු වචන ප්‍රකාරයටත් මේ මුළු දර්ශනයේ ප්‍රකාරයටත් නාතාන් දාවිත්ට කීවේය. එවිට දාවිත් රජ ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිඳ: දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ විසින් මෙපමණ දුරට මා ගෙනඊමට මම කවුද? මාගේ වංශය මොකක්ද? එහෙත් දෙවියන්වහන්ස, මේකත් ඔබගේ ඇස් හමුවෙහි මදිව, මතු කාලයට ඔබගේ මෙහෙකරුවාගේ වංශය ගැන ඔබ කථාකොට, දෙවිවූ ස්වාමීන්වහන්ස, උත්තම මනුෂ්‍යයෙකු හැටියට ඔබ මා සැලකූසේක. ඔබගේ මෙහෙකරුවාට කළ ගෞරවය ගැන දාවිත් ඔබට තවත් කුමක් කියන්ටද? මක්නිසාද ඔබවහන්සේ ඔබගේ මෙහෙකරුවා දන්නාසේක. ස්වාමීන්වහන්ස, ඔබ මේ මුළු මහත් දෙය කොට මේ සියලු මහත් දේ දැන්නුවේ ඔබගේ මෙහෙකරුවා උදෙසාත් ඔබගේ සිතේ හැටියටත්ය. ස්වාමීන්වහන්ස, අපේ කන්වලින් අප ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත, ඔබවහන්සේ හැර වෙන කිසි දෙවිකෙනෙක්ද නැත. ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට සමානව ඉන්නේ පොළොවේ කොයි ජාතියද? මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදාගන්න පිණිස ගොස් මිසරයෙන් මුදාගත් ඔබගේ සෙනඟ ඉදිරියෙන් ජාතීන් එළවාදමා, මහත්වූ භයානකවූ දේවල් කිරීමෙන් ඔබට නාමයක් උපදවාගත්සේක. මෙසේ ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් සදාකාලයටම ඔබට සෙනඟක් කොට තබාගෙන, ඔබම, ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වී සිටිනසේක. දැනුදු, ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාත් ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදාකාලයටම ස්ථිරවේවා, ඔබ කී ලෙසම කළ මැනව. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේව, ඉශ්‍රායෙල්වරුන් උදෙසා දෙවිකෙනෙක්ව සිටින්නේ සේනාවල ස්වාමීන්වහන්සේ යයි කීමෙන් එසේ ඔබගේ නාමය ස්ථිරව සදාකාලයටම උතුම් වේවා. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ගේ වංශයද ඔබ ඉදිරියෙහි ස්ථිරව තිබේ. මක්නිසාද, මාගේ දෙවියන්වහන්ස, ඔබගේ මෙහෙකරුවා උදෙසා ඔබ ගෘහයක් ගොඩනගන බව ඔබ ඔහුට එළිදරව් කළසේක. එබැවින් ඔබ ඉදිරියෙහි යාච්ඤාකරන්ට ඔබගේ මෙහෙකරුවාට කල්පනාවිය. දැනුදු, ස්වාමීන්වහන්ස, ඔබම දෙවියන්වහන්සේය, ඔබගේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දුවූසේක. එසේ ඔබගේ මෙහෙකරුවාගේ වංශයට ආශීර්වාදකරන්ට ඔබ ප්‍රසන්නවූයේ එය සදාකාලේටම ඔබ ඉදිරියෙහි පවතින පිණිසය. මක්නිසාද, ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ආශීර්වාදකළ බැවින් එය සදාකල්ම ආශීර්වාද ලබන්නේයයි කීයේය.

1 වංශාවලිය 17:1-27 Sinhala New Revised Version (NRSV)

තවද, දාවිත් තමාගේ ගෙදර වසන කල්හි දිවැසිවරයා වන නාතාන්ට කතා කොට, “මෙන්න, මම කිහිරි ලී ගෙයක වාසය කරමි. එහෙත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක වියනක් යට තිබේ ය”යි කීවේ ය. නාතාන් ද කතා කොට, “ඔබේ සිතේ තිබෙන සියල්ල කළ මැනව. මන්ද, දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි දාවිත්ට කී ය. එහෙත්, එම රාත්‍රියේ ම දෙවියන් වහන්සේගේ වචනය නාතාන්ට පැමිණ කියනුයේ, “නුඹ ගොස්, ‘සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි මාගේ මෙහෙකරු වූ දාවිත්ට කියන්න; ‘මාගේ වාසය පිණිස නුඹ මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය. මන්ද, මම ඉශ්රායෙල්වරුන් ගෙනා දවස පටන් අද දක්වා මාලිගාවක වාසය නොකොට, කූඩාරමෙන් කූඩාරමට ද මණ්ඩපයෙන් මණ්ඩපයට ද යමින් හැසුරුණෙමි. මාගේ සෙනඟ පාලනය කරන්න මා විසින් අණ කරන ලද ඉශ්රායෙල් වීර නායකයන්ගෙන් යමෙකුට කතා කොට, නුඹලා මට කිහිරි ලී මාලිගාවක් ගොඩනොනැඟුවේ මක්නිසා ද යන වචනයක් සියලු ඉශ්රායෙල්වරුන් අතරෙහි මා ආ ගිය කොයි ස්ථානයක දී වත් කීවෙම් ද?’ “එබැවින් මාගේ මෙහෙකරු වන දාවිත්ට මෙසේ කියන්න; ‘සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේක: මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා නුඹ වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් රැකබලාගැනීමෙන් ද මම නුඹ වෙන් කොට ගතිමි. නුඹ ගිය හැම තැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සියලු සතුරන් නුඹ ඉදිරියෙන් පන්නා දැමීමි; පොළොවේ සිටින උත්තමයන්ගේ යසෝ කීර්තිය වැනි යසෝ කීර්තියක් නුඹට දෙන්නෙමි. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් තමන්ගේ ම දේශයෙහි වාසය කොට, මතු එයින් නොයන ලෙස මම ඔවුන්ට දේශයක් නියම කොට ඔවුන් පිහිටුවන්නෙමි; තවද, මුල දී සිදු වූ පරිදි එනම්, මා විසින් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට වීර නායකයන් පත් කරන ලද කාලයේ සිදු වූ පරිදි දුෂ්ට මනුෂ්‍යයෝ තවත් ඔවුන් නාස්ති නොකරන්නෝ ය. මම නුඹේ සියලු සතුරන් යටත් කරන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් ගොඩනඟන බව නුඹට දන්වමි, නුඹේ දවස් සම්පූර්ණ වූ කල, මම නුඹේ පුත්‍රයෙකු වන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව පිහිටුවා ඔහුගේ රාජ්‍යය ස්ථිර කරන්නෙමි. ඔහු මට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ සිංහාසනය ද මම සදහට ම ස්ථිර කරන්නෙමි. මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු ද මට පුත්‍රයෙක් වන්නේ ය. නුඹට පළමු සිටි තැනැත්තාගෙන් මාගේ කරුණාව පහ කළ ලෙස මම ඔහුගෙන් එය පහ නොකර, මාගේ මාලිගාවෙහි ද මාගේ රාජ්‍යයෙහි ද ඔහු සදහට ම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය’ “යි වදාළ සේක. මේ සියලු වචන ද මේ මුළු ප්‍රකාශනය ද නාතාන් දාවිත්ට දැන්වී ය. එවිට දාවිත් රජු කූඩාරම ඇතුළට ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වාඩි වී මෙසේ කීවේ ය: “දෙවි සමිඳාණන් වහන්ස, ඔබ විසින් මෙපමණ දුරට මා ගෙන එනු ලැබීමට මම කවරෙක් ද? මාගේ වංශය කුමක් ද? එහෙත්, දෙවියන් වහන්ස, මෙය ද ඔබේ ඇස් හමුයෙහි සුළු දෙයක් වූ ලෙස තකා, මතු කාලයට ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැන ඔබ කතා කොට, දෙවි සමිඳාණන් වහන්ස, උත්තම මනුෂ්‍යයෙකු හැටියට ඔබ මා සැලකූ සේක. ඔබේ මෙහෙකරුවාට පෙන්වූ ගෞරවය ගැන දාවිත් ඔබට තවත් කුමක් කියන්න ද? මන්ද, ඔබ වහන්සේ ඔබේ මෙහෙකරුවා දන්න සේක. සමිඳාණන් වහන්ස, ඔබේ සිතේ හැටියට ඔබේ මෙහෙකරුවා උදෙසා ඔබ මේ මහා දේ කර, ඉදිරියට වන්න යන දේ ඔබ දන්න සේක. සමිඳාණන් වහන්ස, අපේ කන්වලින් අප ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත. ඔබ වහන්සේ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත. ඔබේ ඉශ්රායෙල් සෙනඟට සමාන ව සිටින්නේ පොළොවේ කවර ජාතිය ද? මන්ද, දෙවියන් වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදා ගනු පිණිස ගොස්, මිසරයෙන් මුදා ගත් ඔබේ සෙනඟ ඉදිරියෙහි ජාතීන් එළවා දමා, මහත් වූ භයානක වූ දේවල් කිරීමෙන් ඔබට කීර්තිය හිමි කරගත් සේක. මෙසේ ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් සදහට ම ඔබට සෙනඟක් කොට තබාගෙන, ඔබ ම, සමිඳාණන් වහන්ස, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වී සිටින සේක. “දැන් ඉතින් සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාත්, ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදහට ම ස්ථිර වේ වා! ඔබ කී ලෙස ම කළ මැනව. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ වන සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ, ඉශ්රායෙල්වරුන් සඳහා වූ දෙවියන් වහන්සේ ය. මෙසේ, ඔබේ නාමය සදහට ම උතුම් වේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව පවතින්නේ ය. මන්ද, මාගේ දෙවියන් වහන්ස, ඔබේ මෙහෙකරුවා උදෙසා ඔබ වංශයක් ගොඩනඟන බව ඔබ ඔහුට එළිදරව් කළ සේක. එබැවින් ඔබ ඉදිරියෙහි යාච්ඤා කරන්න ඔබේ මෙහෙකරුවා ඉදිරිපත් විය. දැනුදු, සමිඳාණන් වහන්ස, ඔබ ම දෙවියන් වහන්සේ ය, ඔබේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දු වූ සේක. එසේ ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ඔබ ඉදිරියෙහි පවතින පිණිස ඊට ආශීර්වාද කරන්න ඔබ ප්‍රසන්න වුව මැනව. මන්ද, සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ ආශීර්වාද කළ අය සදහට ම ආශීර්වාද ලද්දෝ වෙති.”

1 වංශාවලිය 17:1-27 Sinhala New Revised Version 2018 (SNRV)

තවද, දාවිත් තමාගේ ගෙදර වසන කල්හි දිවැසිවරයා වන නාතාන්ට කතා කොට, “මෙන්න, මම කිහිරි ලී ගෙයක වාසය කරමි. එහෙත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක වියනක් යට තිබේ ය”යි කීවේ ය. නාතාන් ද කතා කොට, “ඔබේ සිතේ තිබෙන සියල්ල කළ මැනව. මන්ද, දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි දාවිත්ට කී ය. එහෙත්, එම රාත්‍රියේ ම දෙවියන් වහන්සේගේ වචනය නාතාන්ට පැමිණ කියනුයේ, “නුඹ ගොස්, ‘සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි මාගේ මෙහෙකරු වූ දාවිත්ට කියන්න; ‘මාගේ වාසය පිණිස නුඹ මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය. මන්ද, මම ඉශ්රායෙල්වරුන් ගෙනා දවස පටන් අද දක්වා මාලිගාවක වාසය නොකොට, කූඩාරමෙන් කූඩාරමට ද මණ්ඩපයෙන් මණ්ඩපයට ද යමින් හැසුරුණෙමි. මාගේ සෙනඟ පාලනය කරන්න මා විසින් අණ කරන ලද ඉශ්රායෙල් වීර නායකයන්ගෙන් යමෙකුට කතා කොට, නුඹලා මට කිහිරි ලී මාලිගාවක් ගොඩනොනැඟුවේ මක්නිසා ද යන වචනයක් සියලු ඉශ්රායෙල්වරුන් අතරෙහි මා ආ ගිය කොයි ස්ථානයක දී වත් කීවෙම් ද?’ “එබැවින් මාගේ මෙහෙකරු වන දාවිත්ට මෙසේ කියන්න; ‘සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේක: මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා නුඹ වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් රැකබලාගැනීමෙන් ද මම නුඹ වෙන් කොට ගතිමි. නුඹ ගිය හැම තැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සියලු සතුරන් නුඹ ඉදිරියෙන් පන්නා දැමීමි; පොළොවේ සිටින උත්තමයන්ගේ යසෝ කීර්තිය වැනි යසෝ කීර්තියක් නුඹට දෙන්නෙමි. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් තමන්ගේ ම දේශයෙහි වාසය කොට, මතු එයින් නොයන ලෙස මම ඔවුන්ට දේශයක් නියම කොට ඔවුන් පිහිටුවන්නෙමි; තවද, මුල දී සිදු වූ පරිදි එනම්, මා විසින් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට වීර නායකයන් පත් කරන ලද කාලයේ සිදු වූ පරිදි දුෂ්ට මනුෂ්‍යයෝ තවත් ඔවුන් නාස්ති නොකරන්නෝ ය. මම නුඹේ සියලු සතුරන් යටත් කරන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් ගොඩනඟන බව නුඹට දන්වමි, නුඹේ දවස් සම්පූර්ණ වූ කල, මම නුඹේ පුත්‍රයෙකු වන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව පිහිටුවා ඔහුගේ රාජ්‍යය ස්ථිර කරන්නෙමි. ඔහු මට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ සිංහාසනය ද මම සදහට ම ස්ථිර කරන්නෙමි. මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු ද මට පුත්‍රයෙක් වන්නේ ය. නුඹට පළමු සිටි තැනැත්තාගෙන් මාගේ කරුණාව පහ කළ ලෙස මම ඔහුගෙන් එය පහ නොකර, මාගේ මාලිගාවෙහි ද මාගේ රාජ්‍යයෙහි ද ඔහු සදහට ම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය’ ”යි වදාළ සේක. මේ සියලු වචන ද මේ මුළු ප්‍රකාශනය ද නාතාන් දාවිත්ට දැන්වී ය. එවිට දාවිත් රජු කූඩාරම ඇතුළට ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වාඩි වී මෙසේ කීවේ ය: “දෙවි සමිඳාණන් වහන්ස, ඔබ විසින් මෙපමණ දුරට මා ගෙන එනු ලැබීමට මම කවරෙක් ද? මාගේ වංශය කුමක් ද? එහෙත්, දෙවියන් වහන්ස, මෙය ද ඔබේ ඇස් හමුයෙහි සුළු දෙයක් වූ ලෙස තකා, මතු කාලයට ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැන ඔබ කතා කොට, දෙවි සමිඳාණන් වහන්ස, උත්තම මනුෂ්‍යයෙකු හැටියට ඔබ මා සැලකූ සේක. ඔබේ මෙහෙකරුවාට පෙන්වූ ගෞරවය ගැන දාවිත් ඔබට තවත් කුමක් කියන්න ද? මන්ද, ඔබ වහන්සේ ඔබේ මෙහෙකරුවා දන්න සේක. සමිඳාණන් වහන්ස, ඔබේ සිතේ හැටියට ඔබේ මෙහෙකරුවා උදෙසා ඔබ මේ මහා දේ කර, ඉදිරියට වන්න යන දේ ඔබ දන්න සේක. සමිඳාණන් වහන්ස, අපේ කන්වලින් අප ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත. ඔබ වහන්සේ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත. ඔබේ ඉශ්රායෙල් සෙනඟට සමාන ව සිටින්නේ පොළොවේ කවර ජාතිය ද? මන්ද, දෙවියන් වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදා ගනු පිණිස ගොස්, මිසරයෙන් මුදා ගත් ඔබේ සෙනඟ ඉදිරියෙහි ජාතීන් එළවා දමා, මහත් වූ භයානක වූ දේවල් කිරීමෙන් ඔබට කීර්තිය හිමි කරගත් සේක. මෙසේ ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් සදහට ම ඔබට සෙනඟක් කොට තබාගෙන, ඔබ ම, සමිඳාණන් වහන්ස, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වී සිටින සේක. “දැන් ඉතින් සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාත්, ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදහට ම ස්ථිර වේ වා! ඔබ කී ලෙස ම කළ මැනව. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ වන සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ, ඉශ්රායෙල්වරුන් සඳහා වූ දෙවියන් වහන්සේ ය. මෙසේ, ඔබේ නාමය සදහට ම උතුම් වේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව පවතින්නේ ය. මන්ද, මාගේ දෙවියන් වහන්ස, ඔබේ මෙහෙකරුවා උදෙසා ඔබ වංශයක් ගොඩනඟන බව ඔබ ඔහුට එළිදරව් කළ සේක. එබැවින් ඔබ ඉදිරියෙහි යාච්ඤා කරන්න ඔබේ මෙහෙකරුවා ඉදිරිපත් විය. දැනුදු, සමිඳාණන් වහන්ස, ඔබ ම දෙවියන් වහන්සේ ය, ඔබේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දු වූ සේක. එසේ ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ඔබ ඉදිරියෙහි පවතින පිණිස ඊට ආශීර්වාද කරන්න ඔබ ප්‍රසන්න වුව මැනව. මන්ද, සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ ආශීර්වාද කළ අය සදහට ම ආශීර්වාද ලද්දෝ වෙති.”

1 වංශාවලිය 17:1-27 New International Version (NIV)

After David was settled in his palace, he said to Nathan the prophet, “Here I am, living in a house of cedar, while the ark of the covenant of the LORD is under a tent.” Nathan replied to David, “Whatever you have in mind, do it, for God is with you.” But that night the word of God came to Nathan, saying: “Go and tell my servant David, ‘This is what the LORD says: You are not the one to build me a house to dwell in. I have not dwelt in a house from the day I brought Israel up out of Egypt to this day. I have moved from one tent site to another, from one dwelling place to another. Wherever I have moved with all the Israelites, did I ever say to any of their leaders whom I commanded to shepherd my people, “Why have you not built me a house of cedar?” ’ “Now then, tell my servant David, ‘This is what the LORD Almighty says: I took you from the pasture, from tending the flock, and appointed you ruler over my people Israel. I have been with you wherever you have gone, and I have cut off all your enemies from before you. Now I will make your name like the names of the greatest men on earth. And I will provide a place for my people Israel and will plant them so that they can have a home of their own and no longer be disturbed. Wicked people will not oppress them anymore, as they did at the beginning and have done ever since the time I appointed leaders over my people Israel. I will also subdue all your enemies. “ ‘I declare to you that the LORD will build a house for you: When your days are over and you go to be with your ancestors, I will raise up your offspring to succeed you, one of your own sons, and I will establish his kingdom. He is the one who will build a house for me, and I will establish his throne forever. I will be his father, and he will be my son. I will never take my love away from him, as I took it away from your predecessor. I will set him over my house and my kingdom forever; his throne will be established forever.’ ” Nathan reported to David all the words of this entire revelation. Then King David went in and sat before the LORD, and he said: “Who am I, LORD God, and what is my family, that you have brought me this far? And as if this were not enough in your sight, my God, you have spoken about the future of the house of your servant. You, LORD God, have looked on me as though I were the most exalted of men. “What more can David say to you for honoring your servant? For you know your servant, LORD. For the sake of your servant and according to your will, you have done this great thing and made known all these great promises. “There is no one like you, LORD, and there is no God but you, as we have heard with our own ears. And who is like your people Israel—the one nation on earth whose God went out to redeem a people for himself, and to make a name for yourself, and to perform great and awesome wonders by driving out nations from before your people, whom you redeemed from Egypt? You made your people Israel your very own forever, and you, LORD, have become their God. “And now, LORD, let the promise you have made concerning your servant and his house be established forever. Do as you promised, so that it will be established and that your name will be great forever. Then people will say, ‘The LORD Almighty, the God over Israel, is Israel’s God!’ And the house of your servant David will be established before you. “You, my God, have revealed to your servant that you will build a house for him. So your servant has found courage to pray to you. You, LORD, are God! You have promised these good things to your servant. Now you have been pleased to bless the house of your servant, that it may continue forever in your sight; for you, LORD, have blessed it, and it will be blessed forever.”