1 වංශාවලිය 14:1-17
1 වංශාවලිය 14:1-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද තීර්හි රජු වූ හීරාම්, දාවිත්ට මන්දිරයක් ඉදිකරන පිණිස, දේවදාර කොටන් ද පෙදරේරුවන් හා ලී වඩුවන් ද සමඟ පණිවුඩකරුවන් ද ඔහු වෙත එවී ය. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් කෙරෙහි රජු වශයෙන් තමා ස්ථාපිත කර ඇති වගත්, උන්වහන්සේගේ ජනතාව වන ඉශ්‍රායෙල් උදෙසා තම රාජ්‍යය ඉතා උසස් කොට ඇති වගත් දාවිත් එවිට වටහා ගත්තේ ය. යෙරුසලමෙහි දී තවත් භාර්යාවන් ලබා ගත් දාවිත්, බොහෝ පුතුන්ගේ ද දූවරුන්ගේ ද පියා බවට පත් විය. යෙරුසලමේදී ඔහුට උපන් දරුවන්ගේ නාම මෙසේ ය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන්, සාලමොන්, ඉබ්හාර්, එලිෂූවා, එල්පෙලෙත්, නොගා, නෙෆෙග්, යාෆියා, එලිෂාමා, බෙයෙලියාදා හා එලිෆෙලෙත් ය. දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජු වශයෙන් ආලේප කර ඇති වග පිලිස්තිවරුන් ඇසූ කල, ඔවුහු මුළු හමුදාව සමඟ ඔහු සොයන්නට පිටත් ව ආහ. එහෙත් දාවිත් ඒ අසා, ඔවුන්ට එරෙහිව පිටත් ව ගියේ ය. මේ අතර පිලිස්තිවරු අවුත්, රෙෆායිවරුන්ගේ මිටියාවත කොල්ලකා තිබිණි. එබැවින් දාවිත් දෙවියන්වහන්සේගෙන් විචාරමින්, “මා ගොස්, පිලිස්තිවරුන්ට පහර දෙන්න ද? ඔබවහන්සේ මා අතට ඔවුන් හසුකර දෙන සේක් දැ?” යි ඇසී ය. ස්වාමින්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “යන්න! මම ඔවුන් ඔබ අතට හසුකර දෙන්නෙමි” යි පැවසූහ. එබැවින් දාවිත් තම මිනිසුන් සමඟ බාල්-පෙරාසීම් වෙත පිටත් ව ගොස්, එහිදී ඔවුන් පැරදවී ය. ඔහු කතා කොට, “කඩා බිඳ යන ජල ප්‍රවාහයක් සේ දෙවියන්වහන්සේ මගේ අතින් මගේ සතුරන් කඩා බිඳ දැමූ සේකැ” යි කී ය. එසේ හෙයින් ඒ ස්ථානය බාල්-පෙරාසීම් යන නමින් හැඳින්විණි. පිලිස්තිවරු තම දේව පිළිම එහි අතැර දමා ගියහ; එවිට දාවිත්ගේ අණ පරිදි ඒවා ගින්නෙන් පුලුස්සා දැමිණි. යළිත් පිලිස්තිවරු පැමිණ, මිටියාවත කොල්ල කෑහ. එබැවින් දාවිත් යළි දෙවියන්වහන්සේගෙන් විමසූ කල, දෙවියන්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔවුන්ට පසුපසින් නො යා, ඔවුන් වටකර ගොස්, බාකා ගස් ඉදිරිපිටදී ඔවුන්ට පහර දෙන්න. බාකා ගස් මුදුන්හි පිය නගන හඬක් ඇසෙන කල, වහා ක්‍රියාත්මක වන්න. මන්ද ඉන් අදහස් වන්නේ පිලිස්ති හමුදාවට පහර දීමට දෙවියන්වහන්සේ ඔබට පෙරටුවෙන් ගොස් ඇති වග යැ” යි කී සේක. එබැවින් දාවිත්, දෙවියන්වහන්සේ තමාට අණ කළ පරිදි ම කළේ ය. ඔවුහු ගිබෙයොන් පටන් ගෙසෙර් දක්වා දිගට පිලිස්ති හමුදාව ගසා හෙළූහ. දාවිත්ගේ කීර්තිය හැම දේශයක ම පතළ ව ගියේ ය. ස්වාමින්වහන්සේ සියලු ජාතීන් තුළ ඔහු කෙරෙහි භය ඇති කළ සේක.
1 වංශාවලිය 14:1-17 Sinhala Revised Old Version (SROV)
තීර්හි රජවූ හීරාම් දාවිත්ට ගෘහයක් ගොඩනැගීම පිණිස ඔහු වෙතට පණිවිඩකාරයන්ද කිහිරි ලීද ගල්වඩුවන්ද වඩුවන්ද එවුවේය. දාවිත්ද තමා ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ස්වාමීන්වහන්සේ විසින් ස්ථිරකළ බව දැනගත්තේය, මක්නිසාද උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල් උදෙසා ඔහුගේ රාජ්‍යය උසස්වී තිබුණේය. දාවිත් යෙරුසලමේදී තවත් භාර්යාවන් පාවාගත්තේය. දාවිත්ට දාව තව පුත්‍රයොත් දූවරුත් උපන්නෝය. යෙරුසලමේදී ඔහුට උපන් පුත්‍රයන්ගේ නාම මෙසේය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන් සහ සාලමොන්ය; ඉබ්හාර්, එලීෂුවා සහ එල්පෙලෙත්ය; නොගා, නෙපෙග් සහ යපියාය; එලීෂාමා, බෙයෙලියාදා සහ එලීපෙලෙත්ය. දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන් සියල්ලෝම දාවිත් සොයා ආවෝය. දාවිත් ඒ අසා ඔවුන්ට විරුද්ධව පිටතට ගියේය. පිලිස්තිවරුත් ඇවිත් රෙපායිම් මිටියාවතෙහි පැතිර කොල්ල කෑවෝය. දාවිත්: මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්ටද? ඔබවහන්සේ ඔවුන් මා අතට පාවාදෙනසේක්ද කියා දෙවියන්වහන්සේගෙන් පිළිවිසීය. ස්වාමීන්වහන්සේ ද: යව; මම ඔවුන් නුඹ අතට පාවාදෙමියි ඔහුට කීසේක. ඔව්හු බාල්-පෙරාශීම්ට ආවෝය, දාවිත් එහිදී ඔවුන්ට පහරදී: දෙවියන්වහන්සේ මා අතින් මාගේ සතුරන් ජලගැලීමක් මෙන් විසුරුවා හැරියසේකැයි කීවේය. ඒ නිසා ඒ ස්ථානයට බාල්-පෙරාශීම් යන නම තැබූහ. ඔව්හු තමුන්ගේ දේව රූප එහි අත්හැර ගියෝය; එකල දාවිත් දුන් ආඥාව ලෙස ඒවා ගින්නෙන් පුලුස්සාදමන ලද්දේය. නැවතත් පිලිස්තිවරු මිටියාවතෙහි පැතිර කොල්ල කෑවෝය. දාවිත් නැවත දෙවියන්වහන්සේගෙන් විචාළේය; දෙවියන්වහන්සේද: නුඹ ඔවුන් පස්සේ නොගොස් ඔවුන් වෙතින් හැරී වටකරගොස් ඇඹිල්ල ගස්වලට ඉස්සරහපිටින් ඔවුන් වෙතට පැමිණෙන්න. තවද ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබාගන යන ශබ්දයක් නුඹට ඇසෙන විට සටනට පිටත්ව යන්න. මක්නිසාද දෙවියන්වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහරදෙන්ට නුඹට පෙරටුවෙන් පිටත්ව යනසේකැයි ඔහුට කීසේක. දාවිත් දෙවියන්වහන්සේ අණකළ ලෙස කෙළේය. ඔව්හු ගිබියොන් සිට ගෙසෙර් දක්වා පිලිස්තිවරුන්ගේ සේනාවට පහරදුන්නෝය. දාවිත්ගේ කීර්තිය සියලු රටවල පතළවී ගියේය; ස්වාමීන්වහන්සේ සියලු ජාතීන් පිටට ඔහු කෙරෙහි භයක් පැමිණෙවුසේක.
1 වංශාවලිය 14:1-17 Sinhala New Revised Version (NRSV)
තීර්හි රජ වූ හීරාම් දාවිත්ට මාලිගාවක් ගොඩනැඟීම පිණිස ඔහු වෙත පණිවුඩකාරයන් ද කිහිරි ලී ද ගල් වඩුවන් ද වඩුවන් ද එවී ය. දාවිත් ද තමා ඉශ්රායෙල්වරුන්ගේ රජ කොට සමිඳාණන් වහන්සේ විසින් ස්ථිර කරන ලද බව දැනගත්තේ ය. මන්ද, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් උදෙසා ඔහුගේ රාජ්‍යය සමෘද්ධිමත් වී තිබුණේ ය. දාවිත් ජෙරුසලමේ දී තවත් භාර්යාවන් පාවාගත්තේ ය. දාවිත්ට දාව තව පුත්‍රයෝත්, දූවරුත් උපන්නෝ ය. ජෙරුසලමේ දී ඔහුට උපන් පුත්‍රයන්ගේ නාම මෙසේ ය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන් සහ සලමොන්; ඉබ්හාර්, එලිෂුවා සහ එල්පෙලෙත්; නොගා, නෙපෙග් සහ ජපියා, එලිෂාමා, බෙයෙලියාදා සහ එලීපෙලෙත් ය. දාවිත් මුළු ඉශ්රායෙල් ජාතිය කෙරෙහි රජ කොට අභිෂේක කරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල, ඔව්හු සියල්ලෝ ම දාවිත් සොයා ආවෝ ය. දාවිත් ඒ අසා ඔවුන්ට විරුද්ධ ව පිටත් ව ගියේ ය. පිලිස්තිවරු අවුත් රෙපායිම් මිටියාවතෙහි පැතිර ගොස් එය කොල්ලකෑවෝ ය. දාවිත් කතා කොට, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්න ද? ඔබ වහන්සේ ඔවුන් මා අතට පාවා දෙන සේක් ද?” කියා දෙවියන් වහන්සේගෙන් පිළිවිසී ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මම ඔවුන් නුඹේ අතට පාවා දෙමි”යි ඔහුට වදාළ සේක. ඔව්හු බාල්-පෙරාශීම්ට ආවෝ ය. දාවිත් එහි දී ඔවුන්ට පහර දී, කතා කරමින්, “දෙවියන් වහන්සේ මා අතින් මාගේ සතුරන් ජලගැල්මක් මෙන් විසුරුවා හැරිය සේකැ”යි කීවේ ය. ඒ නිසා ඒ ස්ථානයට බාල්-පෙරාශීම් යන නම තැබී ය. ඔව්හු තමන්ගේ දේව රූප එහි අත්හැර ගියෝ ය. එකල දාවිත් දුන් ආඥාව ලෙස ඒවා ගින්නෙන් පුළුස්සා දමන ලද්දේ ය. නැවතත් පිලිස්තිවරු මිටියාවතෙහි පැතිර ගොස් එය කොල්ලකෑවෝ ය. දාවිත් නැවත දෙවියන් වහන්සේගෙන් විචාළේ ය. දෙවියන් වහන්සේ ද උත්තර දෙමින්, “නුඹ ඔවුන් පස්සේ නොගොස්, ඔවුන් වෙතින් හැරී වටකරින් ගොස්, ඇඹිල්ල ගස්වලට ඉදිරිපිටින් ඔවුන් සමඟ සටනට යන්න. තවද, ඇඹිල්ල ගස් මුදුන්වල අඩි ශබ්දයක් නුඹට ඇසෙන විට සටනට පිටත් ව යන්න. මන්ද, එවිට දෙවියන් වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන්න නුඹට පෙරටුවෙන් පිටත් ව යන සේකැ”යි ඔහුට වදාළ සේක. දාවිත් දෙවියන් වහන්සේ අණ කළ ලෙස කෙළේ ය. ඔව්හු ගිබියොන් සිට ගෙශෙර් දක්වා පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දුන්නෝ ය. දාවිත්ගේ කීර්තිය සියලු රටවල පතළ වී ගියේ ය. සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් තුළ ඔහු කෙරෙහි භයක් ඇති කළ සේක.
1 වංශාවලිය 14:1-17 Sinhala New Revised Version 2018 (SNRV)

1 වංශාවලිය 14:1-17 New International Version (NIV)
Now Hiram king of Tyre sent messengers to David, along with cedar logs, stonemasons and carpenters to build a palace for him. And David knew that the LORD had established him as king over Israel and that his kingdom had been highly exalted for the sake of his people Israel. In Jerusalem David took more wives and became the father of more sons and daughters. These are the names of the children born to him there: Shammua, Shobab, Nathan, Solomon, Ibhar, Elishua, Elpelet, Nogah, Nepheg, Japhia, Elishama, Beeliada and Eliphelet. When the Philistines heard that David had been anointed king over all Israel, they went up in full force to search for him, but David heard about it and went out to meet them. Now the Philistines had come and raided the Valley of Rephaim; so David inquired of God: “Shall I go and attack the Philistines? Will you deliver them into my hands?” The LORD answered him, “Go, I will deliver them into your hands.” So David and his men went up to Baal Perazim, and there he defeated them. He said, “As waters break out, God has broken out against my enemies by my hand.” So that place was called Baal Perazim. The Philistines had abandoned their gods there, and David gave orders to burn them in the fire. Once more the Philistines raided the valley; so David inquired of God again, and God answered him, “Do not go directly after them, but circle around them and attack them in front of the poplar trees. As soon as you hear the sound of marching in the tops of the poplar trees, move out to battle, because that will mean God has gone out in front of you to strike the Philistine army.” So David did as God commanded him, and they struck down the Philistine army, all the way from Gibeon to Gezer. So David’s fame spread throughout every land, and the LORD made all the nations fear him.