සෙෆනියා 3:14-17

සෙෆනියා 3:14-17 SCV

එම්බා සියොන් දියණිය, ගී ගයන්න! එම්බා ඉශ්‍රායෙල්, ප්‍රීති ඝෝෂා නගන්න! එම්බා යෙරුසලම් දියණිය, ඔබේ මුළු හදින් ම ප්‍රීති වන්න; ප්‍රමෝද වන්න. ස්වාමින්වහන්සේ ඔබේ දඬුවම ඉවත් කළ සේක; උන්වහන්සේ ඔබේ සතුරන් ආපසු හැරවූ සේක. ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවන් වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ ය. යළි කිසි කල කිසි ආපදාවකට ඔබ බිය නො වේ. ඒ දවසේ ඔවුන් යෙරුසලමට මෙසේ කියනු ඇත: “එම්බා සියොන, බිය නො වන්න; ඔබගේ අත් එල්ලා නො වැටේවා. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අතරෙහි ය. උන්වහන්සේ ගලවන්නට බලවත් තැනැන්වහන්සේ ය. උන්වහන්සේ ඔබ ගැන ඉමහත් ව ප්‍රමෝද වන සේක; උන්වහන්සේ තම ප්‍රේමයෙන්, ඔබට තවත් තරවටු නො කරන සේක. උන්වහන්සේ ගී ගයමින්, ඔබ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.”

මෙයට අදාළ වීඩියෝ

සෙෆනියා 3:14-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය