සෙෆනියා 1:14-18

සෙෆනියා 1:14-18 SCV

ස්වාමින්වහන්සේගේ මහා දවස ළඟ ය; එය අත ළඟ ව ඉක්මනින් පැමිණේ. ස්වාමින්වහන්සේගේ දවසේ නාදය කටුක ය, ප්‍රබල මිනිස්සු එහිදී උස් හඬ නගා හඬති. ඒ දවස, උදහසේ දවසකි; ආපදාවේ හා සන්තාපයේ දවසකි. විපත්තියේ හා විනාශයේ ද දවසකි. අන්ධකාරයේ හා දොම්නස්භාවයේ ද දවසකි. වලාකුළෙන් බර කළුවර දවසක් ය. පවුරින් වට පුරවරවලට එරෙහි, ආරක්ෂිත කුලුනුවලට එරෙහි හොරණෑ නාදයත්, යුද්ධ ඝෝෂාවත් නැගෙන දවසක් ය. ඔවුන් අන්ධයින් මෙන් ඇවිද යන පිණිස මම මිනිස් වර්ගයා පිට විපත්තිය ගෙනෙන්නෙමි. මන්ද ඔවුන් ස්වාමින්වහන්සේට විරුද්ධ ව පව් කර ඇති බැවිනි. ඔවුන්ගේ ලේ දූවිලි සේ ද ඔවුන්ගේ බඩවැල් අශූචි සේ ද වගුරුවනු ලැබේ. ස්වාමින්වහන්සේගේ උදහසේ දවසේ, ඔවුන්ගේ රිදීවලට හෝ ඔවුන්ගේ රන්වලට ඔවුන් ගලවා ගැනීමට නුපුළුවන.

සෙෆනියා 1:14-18 සඳහා වීඩියෝව

සෙෆනියා 1:14-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය