සෙකරියා 4:8-10
සෙකරියා 4:8-10 SCV
අනතුරුව, ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ කියමින්, මා වෙත පැමිණියේ ය: “සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මෙම ගෘහයේ අත්තිවාරම දැමිණි. ඔහුගේ අත් එම කාර්යය සම්පූර්ණ කෙරෙනු ඇත. සේනාංකවල ස්වාමින්වහන්සේ ම ඔබ වෙත මා එවූ වග එවිට ඔබ දැනගනු ඇත. “මන්ද කුඩා දෑහි දවස සුළුවට තැකුවේ කවුද? පොළොව මුළුල්ලේ ඔබ මොබ යන ස්වාමින්වහන්සේගේ සත් නේත්‍රයෝ සෙරුබ්බාබෙල් අත මුදුන් ගල තිබෙනු දකින විට ප්‍රීති වන්නාහ.”

