සෙකරියා 4:6-7
සෙකරියා 4:6-7 SCV
එවිට ඔහු මා අමතමින්, “සෙරුබ්බාබෙල් වෙත ස්වාමින්වහන්සේගේ වචනය මෙයයි: ‘සේනා බලයෙන්වත්, සවි බලයෙන්වත් නො ව, මගේ ආත්මයාණන්ගෙනි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එම්බා මහා පර්වතය, නුඹ කවරෙක් ද? සෙරුබ්බාබෙල් ඉදිරිපිට නුඹ නිකම් සමතලා බිමක් මෙන් වනු ඇත. ‘ඊට දේවාසිරි වේවා! දේවාසිරි වේවා!’ යි නැගෙන ජය ගොස මැද්දේ ඔහු වැඩ සම්පූර්ණ කිරීමේ අවසන් ගල තබනු ඇත.”

