සෙකරියා 4:6-10

සෙකරියා 4:6-10 SCV

එවිට ඔහු මා අමතමින්, “සෙරුබ්බාබෙල් වෙත ස්වාමින්වහන්සේගේ වචනය මෙයයි: ‘සේනා බලයෙන්වත්, සවි බලයෙන්වත් නො ව, මගේ ආත්මයාණන්ගෙනි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එම්බා මහා පර්වතය, නුඹ කවරෙක් ද? සෙරුබ්බාබෙල් ඉදිරිපිට නුඹ නිකම් සමතලා බිමක් මෙන් වනු ඇත. ‘ඊට දේවාසිරි වේවා! දේවාසිරි වේවා!’ යි නැගෙන ජය ගොස මැද්දේ ඔහු වැඩ සම්පූර්ණ කිරීමේ අවසන් ගල තබනු ඇත.” අනතුරුව, ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ කියමින්, මා වෙත පැමිණියේ ය: “සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මෙම ගෘහයේ අත්තිවාරම දැමිණි. ඔහුගේ අත් එම කාර්යය සම්පූර්ණ කෙරෙනු ඇත. සේනාංකවල ස්වාමින්වහන්සේ ම ඔබ වෙත මා එවූ වග එවිට ඔබ දැනගනු ඇත. “මන්ද කුඩා දෑහි දවස සුළුවට තැකුවේ කවුද? පොළොව මුළුල්ලේ ඔබ මොබ යන ස්වාමින්වහන්සේගේ සත් නේත්‍රයෝ සෙරුබ්බාබෙල් අත මුදුන් ගල තිබෙනු දකින විට ප්‍රීති වන්නාහ.”

මෙයට අදාළ වීඩියෝ