සෙකරියා 3:1-4

සෙකරියා 3:1-4 SCV

ඉන්පසු ඔහු මට පෙන්වූයේ යෝෂුවා උත්තම පූජකයා, ස්වාමින්වහන්සේගේ දූතයා ඉදිරිපිට සිටගෙන සිටිනු හා ඔහුට චෝදනා කරන පිණිස සාතන් දකුණු පසෙහි සිටගෙන සිටින අයුරු ය. එවිට සාතන් ඇමතූ ස්වාමින්වහන්සේ, “සාතන්, ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක! යෙරුසලම තෝරාගත් ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක! මොහු ගින්නෙන් ඉවතට ඇදගත් ගිනි පෙනෙල්ලක් නො වේ දැ?” යි කී සේක. යෝෂුවා, දේව දූතයා අබියස සිටගෙන සිටියේ කිලිටි ඇඳුමින් යුතු ව ය. දේව දූතයා තමා අබියස සිටියවුන් අමතමින්, “ඔහුගේ කිලිටි ඇඳුම් ඉවත් කරනු” යි පැවසී ය. ඉන්පසු ඔහු ඇමතූ හෙතෙම, “ඔන්න, මම ඔබේ අයුතුකම් ඔබ වෙතින් පහ කළෙමි; මම ඔබට පවිත්‍ර ඇඳුම් හඳවන්නෙමි” යි කීවේ ය.

මෙයට අදාළ වීඩියෝ