ඉන්පසු මම ඇස් ඔසවා බැලීමි. මෙන්න! එවිට මා ඉදිරිපිට මිනුම් පටියක් අතැතිව සිටි මිනිසෙක්! මම ඔහු අමතමින්, “ඔබ යන්නේ කොහේ දැ?” යි ඇසීමි. “යෙරුසලම මනින්නට; එය කොතෙක් දිග ද කෙතෙක් පළල දැයි බලන පිණිස යැ” යි ඔහු පිළිතුරු දිණි. එවිට මෙන්න, මා හා කතා කළ දේව දූතයා ඉදිරියට එත් ම, ඔහු හමුවීමට පැමිණි වෙනත් දේව දූතයෙක් ඔහුට කතා කොට, “දුවන්න; දුව ගොස් අර තරුණයාට මෙසේ කියන්න: ‘යෙරුසලම, එහි වෙසෙන්නට යන අධික ජනගහනය ද සතුන්-සීපාවුන් ද නිසා පවුරු නැතිව පවතිනු ඇත. මම ඇය වටා ගිනි පවුරක් වෙන්නෙමි. ඇය මධ්‍යයෙහි මම එහි තේජාලංකාරය වන්නෙමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “එනු! එනු! උතුරු දේශයෙන් පලා එනු” යි ස්වාමින්වහන්සේ පවසන සේක. “මන්ද අහසේ සතර සුළං දෙසට, රට රටවලට මම ඔබ විසුරුවා දැමුවෙමි” යි ස්වාමින්වහන්සේ පවසන සේක. “එනු! බබිලෝනි දියණිය සමඟ වෙසෙන්නෙනි, සියොන වෙත ගැලවී එනු!” මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඔබෙන් කොල්ල කෑ ජාතීන් වෙත මහිමයාණන් මා යැවූ පසු–මන්ද ඔබට අත තබන්නා, අත තබන්නේ උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට ය– “බලනු! ඔවුන්ට ඉහළින් මම මගේ අත ඔසවන්නෙමි. මන්ද ඔවුන්ට සේවය කළවුන් විසින් ම ඔවුන් කොල්ලකනු ලබනු ඇත.” එවිට සේනාංකවල ස්වාමින්වහන්සේ ම මා එවූ වග ඔබ දැනගනු ඇත. “එම්බා සියොන් දියණියෙනි, ජය ගොස නගන්න, ප්‍රීති වන්න. මෙන්න! මම එන්නෙමි. අවුත්, ඔබ අතරේ වෙසෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඒ දවසේ බොහෝ ජාතීන් ස්වාමින්වහන්සේ හා එක් වී, මගේ ජනයා බවට පත් වනු ඇත. මම ඔබ මධ්‍යයේ වෙසෙන්නෙමි.” එවිට සේනාංකවල ස්වාමින්වහන්සේ මා එවූ වග ඔබ දැනගනු ඇත. “ස්වාමින්වහන්සේ ශුද්ධ දේශයේ තමන්ගේ ම උරුම කොටස වශයෙන් යූදා-බිම උරුම කර ගන්නා සේක්, යළිත් යෙරුසලම තෝරා ගන්නා සේක.” නිශ්ශබ්ද වනු! ස්වාමින්වහන්සේ ඉදිරියෙහි සියලු මිනිසුනි, උන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානයෙන් නැගිටුණු සේක.
සෙකරියා 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: සෙකරියා 2:1-13
5 Days
As we start the new year, there are some constants of which we need to be reminded. This 5-day reflection written by Navaz DCruz helps to remind us that the love of God is a constant and a plumbline we need to live by and adjust our lives.
14 Days
Like Haggai, Zechariah prophesies during the post-exilic period as Israel began resettling in the Promised Land. Zechariah encourages Israel to remain faithful and prophesies of a coming righteous King who will bring salvation to His people (Zechariah 9:10). This book reminds us that we too must be to what God has called us to, always hopefully anticipating when God Himself “will be king over all the earth” (Zechariah 14:9).
The call for God's covenant people, in Zechariah 9:12, ‘Return to your fortress, you prisoners of hope’, is the key verse for this series. The hope that Zechariah proclaims is hope in God as King, hope that God has come to dwell with us, and hope that the covenant between God and God’s people will be restored. This is the sure hope that holds us captive.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ