සෙකරියා 14:1-5
සෙකරියා 14:1-5 SCV
මෙන්න! ස්වාමින්වහන්සේ උදෙසා දවසක් පැමිණෙයි. ඔබගෙන් කොල්ලකනු ලැබූ දෑ, එකල ඔබ ඉදිරියෙහි දී ම බෙදා දෙනු ලබනු ඇත. යෙරුසලමට එරෙහිව සටන් කරන පිණිස මම සියලු ජාතීන් එක් රැස් කරන්නෙමි. නගරය අල්ලා ගනු ලැබේ; ගෙවල් කොල්ලකනු ලැබේ; ස්ත්‍රීහු දූෂණය කෙරෙති; නගරවාසීන්ගෙන් හරි අඩක් වහල්කමට ගෙන යනු ලැබේ. එහෙත් ජනතාවගෙන් ඉතිරි කොටස නගරයෙන් පිටතට ගෙන යනු නො ලබති. එවිට ස්වාමින්වහන්සේ පිටත් ව ගොස්, සංග්‍රාම දවසේ උන්වහන්සේ සටන් වදින්නා සේ, එම ජාතීන්ට එරෙහිව සටන් කරන සේක. ඒ දවසේ උන්වහන්සේගේ පා යෙරුසලමට ඉදිරිපිටින් පෙරදිගට පිහිටි ඔලීව කන්ද මත සිටගනු ඇත. එකල ඔලීව කන්ද නැගෙනහිර සිට බස්නාහිර දක්වා දෙකඩ වී, කන්දෙන් අඩක් උතුරු දෙසටත්, අනෙක් අඩ දකුණු දෙසටත් වෙන් ව යන සේ, මහත් මිටියාවතකින් දෙකඩ වන්නේ ය. මගේ කඳු මිටියාවත මැදින් ඔබ පලා යනු ඇත. එම මිටියාවත ආසල් දක්වා ම දිවෙනු ඇත. යූදාහි රජ වූ උස්සියාගේ දවස්හි දී වූ භූමිකම්පාවෙන් ඔබ පලා ගිය අයුරින් ම ඔබ පලා යනු ඇත. එකල මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තමන් සමඟ සියලු ශුද්ධවතුන් ද ගෙන පැමිණෙන සේක.

