එකොළොස් වන මස, ෂෙබාට් නම් වූ මාසයේ විසිහත් වන දවසේ, දාරෙයාවෙෂ් රජුගේ දෙවන වසරේ ස්වාමින්වහන්සේගේ වචනය ඉද්දෝගේ පුත්‍ර, බෙරෙකියාගේ පුත්‍ර, දිවැසිවර සෙකරියා වෙත පැමිණියේ ය. එදින රැයේ මම දර්ශනයක් දුටිමි. මෙන්න! රතු අසකු පදවන මිනිසෙක් මා ඉදිරිපිට! දෙණියේ රට මරඳ ගස් අතරේ ඔහු සිටගෙන සිටිනු පෙනිණි. ඔහු පිටුපසින් රතු, දුඹුරු හා සුදු අශ්වයෝ වූහ. එවිට මම, “මේ කවරහු ද මැතිඳුනි?” යි ඇසීමි. මා හා කතා කළ දේව දූතයා පිළිතුරු දෙමින්, “ඔවුන් කවුරු ද කියා මම ඔබට පෙන්වන්නෙමි” යි පැවසී ය. ඉන්පසු රට මරඳ ගස් අතරේ සිටි මිනිසා පිළිතුරු දෙමින්, “පොළොව මුළුල්ලේ සැරිසරන පිණිස, ස්වාමින්වහන්සේ විසින් යවනු ලැබූවෝ මොවුහු යැ” යි පැවසී ය. එවිට ඔවුහු රට මරඳ ගස් අතරේ සිටගෙන සිටි ස්වාමින්වහන්සේගේ දූතයාට කරුණු සැල කරමින්, “අපි පොළොවේ සැරි සැරීමු; ඔන්න! පොළොව පුරා සාමකාමී පරිසරයක් ඇති බැව් දුටුවෙමු” යි පැවසූහ. එකල ස්වාමින්වහන්සේගේ දූතයා කතා කරමින්, “අහෝ සේනාංකවල ස්වාමින්වහන්ස, මේ හැත්තෑ වසරක් ම ඔබවහන්සේ උදහස පෑ යෙරුසලමටත්, යූදාහි සෙසු නගරවලටත් තව කොපමණ කල් අනුකම්පා නො කරන සේක් දැ?” යි ඇසී ය. එකල මා හා කතා කළ දේව දූතයාට ස්වාමින්වහන්සේ කාරුණික, සහනදායී වදනින් පිළිතුරු දුන් සේක. එබැවින් මා හා කතා කළ දේව දූතයා එකල මා අමතමින් මෙසේ පැවසී ය. “මෙසේ හඬ ගා කියන්න: ‘මම යෙරුසලම හා සියොන ගැන දැඩි සේ ඊර්ෂ්‍යා වන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. ‘එහෙත්, අහංකාරී නො සැලකිල්ලෙන් සිටින ජාතීන් කෙරේ මගේ කෝපය අති මහත් ය. මන්ද ඉශ්රායෙල් කෙරේ මම මදක් පමණක් කෝප වූ කල, ඔවුහු විපත්තිය බලවත් කළහ.’ “එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘දයාවෙන් යුතු ව මම යෙරුසලම වෙත හැරී එන්නෙමි. එහිදී මගේ ගෘහය යළි ගොඩ නගනු ලබනු ඇත. මිනුම් පටියක් යෙරුසලම පිට ද එලනු ලැබේ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “යළි හඬ නගන්න: සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක: ‘මගේ පුර නගර නැවතත් යස ඉසුරින් පිරී ඉතිරී යනු ඇත. ස්වාමින්වහන්සේ යළිත් සියොනට සහනය සලසා, යෙරුසලම තමන් තෝරාගත් නගරය කරනු ඇත.’ ” ඉන්පසු මම ඇස් ඔසවා බැලීමි. එවිට මෙන්න! මා ඉදිරියෙහි අං සතරක්! මා හා කතා කළ දේව දූතයා ඇමතූ මම, “මේ මොනවා දැ?” යි ඇසීමි. “යූදා, ඉශ්රායෙල් හා යෙරුසලම විසුරුවා හළ අං මේවා යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එකල ස්වාමින්වහන්සේ කර්මාන්ත ශිල්පීන් හතර දෙනකු මට පෙන් වූ සේක. “ඔවුන් එන්නේ කුමක් කරන්නට දැ?” යි මම ඇසීමි. ඔහු උත්තර දෙමින්, “කිසිවකුට හෝ හිස එසවිය නො හැකි වන සේ, ඒ අං විසින් යූදා දේශ වාසීන් විසුරුවා හළ නමුදු, මේ කර්මාන්ත ශිල්පීන් පැමිණ ඇත්තේ, ඒ පීඩකයින් භය ගැන්වීමට ය; යූදා දේශ වාසීන් විසුරුවා, ඊට එරෙහිව තමන්ගේ අං උසස් කර ගත් ජාතීන් භය ගන්වා, ඒ ජාතීන්ගේ අං බිඳ දැමීමට යැ” යි පැවසී ය.
සෙකරියා 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: සෙකරියා 1:7-21
5 Days
In this 5-day Bible study, join Melissa Spoelstra as she traverses the terrain of Scripture to learn about angels—who they are, what they do, and what they have to do with you. This Angels app plan is a call to put your hope in the God of angel armies who reigns over heaven and earth.
31 Days
Daily Bible Reading is designed to facilitate consistent interaction with Scripture. It includes background information on each day’s Scripture passage and key verse for meditation, reflection questions to help you dive deeper into Scripture, a prayer and prayer concern to help you connect to God and be of spiritual support to others. Journey with us this month as we explore the theme “God’s Life-Giving Word of Forgiveness and Mercy.”
14 Days
Like Haggai, Zechariah prophesies during the post-exilic period as Israel began resettling in the Promised Land. Zechariah encourages Israel to remain faithful and prophesies of a coming righteous King who will bring salvation to His people (Zechariah 9:10). This book reminds us that we too must be to what God has called us to, always hopefully anticipating when God Himself “will be king over all the earth” (Zechariah 14:9).
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ