“යළි හඬ නගන්න: සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක: ‘මගේ පුර නගර නැවතත් යස ඉසුරින් පිරී ඉතිරී යනු ඇත. ස්වාමින්වහන්සේ යළිත් සියොනට සහනය සලසා, යෙරුසලම තමන් තෝරාගත් නගරය කරනු ඇත.’ ” ඉන්පසු මම ඇස් ඔසවා බැලීමි. එවිට මෙන්න! මා ඉදිරියෙහි අං සතරක්! මා හා කතා කළ දේව දූතයා ඇමතූ මම, “මේ මොනවා දැ?” යි ඇසීමි. “යූදා, ඉශ්‍රායෙල් හා යෙරුසලම විසුරුවා හළ අං මේවා යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එකල ස්වාමින්වහන්සේ කර්මාන්ත ශිල්පීන් හතර දෙනකු මට පෙන් වූ සේක. “ඔවුන් එන්නේ කුමක් කරන්නට දැ?” යි මම ඇසීමි. ඔහු උත්තර දෙමින්, “කිසිවකුට හෝ හිස එසවිය නො හැකි වන සේ, ඒ අං විසින් යූදා දේශ වාසීන් විසුරුවා හළ නමුදු, මේ කර්මාන්ත ශිල්පීන් පැමිණ ඇත්තේ, ඒ පීඩකයින් භය ගැන්වීමට ය; යූදා දේශ වාසීන් විසුරුවා, ඊට එරෙහිව තමන්ගේ අං උසස් කර ගත් ජාතීන් භය ගන්වා, ඒ ජාතීන්ගේ අං බිඳ දැමීමට යැ” යි පැවසී ය.
සෙකරියා 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: සෙකරියා 1:17-21
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ