තීතස් 3:1-7

තීතස් 3:1-7 SCV

මේවා ඔවුන්ට මතක් කර දෙන්න; පාලකයින්ට හා අධිපතීනට යටත් විය යුතු බැව් ද කීකරු විය යුතු බැව් ද හැම යහපත් ක්‍රියාවකට සූදානම් ව සිටිය යුතු බැව් ද කිසිවකු ගැන නපුරක් නො කිව යුතු බැව් හා අඬදබරවලින් වැළකී, ආචාර සම්පන්න ව, හැම දෙනා ඉදිරියේ සැබවින් නිහතමානී ව සිටිය යුතු බැව් ද යන වශයෙනි. කලක් අපත් අනුවණ ව හා අකීකරු ව, මුළා වී, සියලු ආකාර ආශා හා තෘෂ්ණාවනට වහල් ව, දුෂ්ට සිතැති ව, ඊර්ෂ්‍යාවෙන් යුතු ව, පිළිකුල් සහගත ව, එකිනෙකාට ද්වේෂ කරමින් අපගේ දවස් ගත කළෙමු. එහෙත් අපගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේගේ යහ ගුණයත්, ආදර කරුණාවත් ප්‍රකාශ වූ කල, උන්වහන්සේ අප ගැලෙව්වේ, අප කළ ධර්මිෂ්ඨකම් නිසා නො ව, උන්වහන්සේගේ දයාවන් නිසා නැවත ඉපදීම නැමති සේදීම හා ශුද්ධාත්මයාණන්ගේ අලුත් කිරීම මගින් ය. උන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් අප ගැලවුම්කරුවාණන් මගින් අධික ව ශුද්ධාත්මයාණන් අප පිට වගුළේ, උන්වහන්සේගේ අනුග්‍රහයෙන් අප නිර්දෝෂ කරනු ලැබ, සදාතන ජීවන බලාපොරොත්තුවේ උරුමක්කරුවන් බවට අප පත් වන පිණිස ය.

මෙයට අදාළ වීඩියෝ

තීතස් 3:1-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය