ඔබ ඉගැන්විය යුත්තේ සාරවූ දහම් ඉගැන්වීමට අනුකූලව ය. වයස්ගත පිරිමි සන්සුන් ව, ගෞරවණීය ව, සංයමයෙන් යුතු ව, ඇදහිල්ලේ, ප්‍රේමයේ හා ස්ථිරත්වයේ සිටින්නන් විය යුතු ය. එලෙස ම වයස්ගත ස්ත්‍රීන් හැසිරීමෙන් ගරු කටයුතු වූ, අපහාස කතා නො කියන, අධික මිදි යුෂ පානයට ඇබ්බැහි නො වූ, එහෙත් ගුණදම් කියා දෙන තැනැත්තියන් විය යුතු ය. එවිට තරුණ ස්ත්‍රීන් පුහුණු කරන්නට ඔවුනට පුළුවන; එනම්, දෙවියන්වහන්සේගේ වචනය අපකීර්තියට පත් නො වන ලෙස ඔවුන්ගේ පුරුෂයනට හා දරුවනට ප්‍රේම කරන්නටත්, සංයමයෙන් හා පවිත්රත්වයෙන් යුතු ව, ගෙදර-දොර කටයුතු කිරීමත්, තම ස්වාමි පුරුෂයනට යටත් ව සිටීමත් යනාදි වශයෙනි. තවද තරුණ පුරුෂයන් සංයමයෙන් යුක්ත වීමට උනන්දු කරවන්න. හැම ලෙසින් ම යහපත් ක්‍රියාවන්හි ආදර්ශය, ඔබ ම පෙන්නුම් කරන්න. ඉගැන්වීමේදී ඍජු ව, ගරු සරු ව, වරදක් දැක්විය නො හැකි සාරවත් කතාවෙන් විය යුත්තේ, අප ගැන කිසි නපුරක් කියන්නට බැරි ව විරුද්ධවාදියා ලජ්ජාවට පත් වන පිණිස ය. දාසයින් හැම දේකදී ඔවුන්ගේ හාම්පුතුනට අවනත ව සිටිය යුතු ය; ඔවුන් ප්‍රසන්න කරමින්, තර්කවාදී නො වී
තීතස් 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: තීතස් 2:1-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ