අහෝ අධිපති දියණියනි, වහන් සහිත ඔබේ පාද කොතරම් මනහර ද! ඔබගේ වක්රාකාර කලවා, ශිල්පීය අතකින් නිම කළ ආභරණයක් වගේ ය. ඔබේ නාභිය, මිශ්‍ර මිදි යුෂ හිඟ නො වන වටකුරු පාත්‍රයක් වගේ ය; ඔබගේ උදරය, මානෙල් මලින් වට වූ තිරිඟු ගොඩක් වගේ ය. ඔබේ පියයුරු, මුව දෙනකගේ නිවුන් පැටවුන් යුගලයක් වගේ ය. ඔබගේ ගෙල, ඇත්දත් කණුවක් වගේ ය; ඔබගේ දෙනෙත, බැත්-රබ්බීම් දොරටුව පසෙක හෙෂ්බෝන් පොකුණු වගේ ය. ඔබගේ නාසය, දමස්කය පුරය දෙස බලා සිටින ලෙබනොන් කුලුන වගේ ය.
සාලමොන්ගේ ගීතය 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: සාලමොන්ගේ ගීතය 7:1-4
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ