සාලමොන්ගේ ගීතය 3:1-5

සාලමොන්ගේ ගීතය 3:1-5 SCV

මගේ යහන මත මුළු රැය පුරා මා හද ප්‍රේම කරන්නා සෙව්වෙමි; මා ඔහු සෙව් නමුදු ඔහු මට හමු වූයේ නැත. දැන් මම නැගිට, පුරවරය ඔස්සේ ඇවිදිමින්, එහි වීදි හා කඩ-මණ්ඩි අතරේ මා හද ප්‍රේම කරන්නා සොයන්නෙමි; එසේ මම ඔහු සෙව්වෙමි; එහෙත් මට ඔහු හමු වුණේ නැත. නගර සංචාරයේ යෙදෙන මුර සෙබළුනට මා හමු විණ. “දැක්ක ද නුඹලා? මා හද ප්‍රේම කරන තැනැත්තා?” මා ඔවුන් පසු කළ විගස, මා හද ප්‍රේම කරන්නා මට හමු වූ කල, මම ඔහු අල්ලාගෙන, මගේ මවගේ ගෙදරට, මා පිළිසිඳ ගත් තැනැත්තියගේ කාමරයට ඔහු පමුණු වන තෙක්, ඔහුට යන්නට නුදුන්නෙමි. එම්බා යෙරුසලමේ දූවරුනි, කුරංග මුවන් හා බැද්දේ මුව දෙනුන් නමින් මා නුඹලා දිවුරවන්නේ, නිසි අවස්ථාව එළැඹෙන තෙක් ප්‍රේමය නො පොලඹවන ලෙසයි; නො පුබුදුවන ලෙසයි.

මෙයට අදාළ වීඩියෝ