රූත් 4:15-17
රූත් 4:15-17 SCV
ඔහු, ඔබට ජීවිතය අලුත් කරන්නෙක් ද ඔබේ මහලු වියේදී ඔබ නඩත්තු කරන්නෙක් ද වේවා! මන්ද, ඔහු බිහි කරනු ලැබ ඇත්තේ, ඔබට ප්‍රේම කරන, පුතුන් හත් දෙනකුටත් වඩා ඔබට අගනා ඔබේ ලේළිය විසිනැ” යි කීහ. එවිට නායොමි දරුවා ගෙන, තම උකුළේ හොවා, ඔහුගේ ඇතිදැඩි කරන්නිය වූවා ය. අසල්වැසි කාන්තාවෝ, “නායොමිට පුතකු ඉපදී ඇතැ” යි කියමින්, ඔහුට ඕබේද් යන නම තැබූහ. දාවිත්ගේ පියා වූ යෙස්සේගේ පියා ඔහු ය.

