රූත් 4:13-16

රූත් 4:13-16 SCV

බෝවස් මෙසේ, රූත් අත්කර ගත්තේ ය. ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇය හා එක් වූ කල, ඇයට ගැබ් ගන්නට ස්වාමින්වහන්සේ සැලසූ සේක. ඈ පුතකු බිහි කළා ය. එවිට කාන්තාවෝ නායොමි අමතමින්, “අද දවසේ, මිදීම සිදු කළ හැකි නෑයකු ඔබට අහිමි නො කළ ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! ඔහුගේ නාමය ඉශ්‍රායෙලය පුරා කීර්තිමත් වේවා! ඔහු, ඔබට ජීවිතය අලුත් කරන්නෙක් ද ඔබේ මහලු වියේදී ඔබ නඩත්තු කරන්නෙක් ද වේවා! මන්ද, ඔහු බිහි කරනු ලැබ ඇත්තේ, ඔබට ප්‍රේම කරන, පුතුන් හත් දෙනකුටත් වඩා ඔබට අගනා ඔබේ ලේළිය විසිනැ” යි කීහ. එවිට නායොමි දරුවා ගෙන, තම උකුළේ හොවා, ඔහුගේ ඇතිදැඩි කරන්නිය වූවා ය.

රූත් 4 කියවන්න

රූත් 4:13-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය