බෝවස් කෑමෙන් බීමෙන් පසුව සිත සොම්නස් ව සිටියේ, නිදන පිණිස ධාන්‍ය ගොඩේ එහා කෙළවරට ගියේ ය. නිසොල්මනේ එහි ළඟා වූ ඈ, ඔහුගේ පා නිරාවරණ කොට, දිගා වූවා ය. රැය මැදියමේ තිගැස්සුණු ඔහු, හැරී බැලුවේ ය. එවිට මෙන්න! ස්ත්‍රියක් ඔහුගේ පාමුල! “ඔබ කවුරු දැ?” යි ඔහු ඇසී ය. ඈ උත්තර දෙමින්, “මම රූත්, ඔබේ සේවිකාව. ඔබේ සළු කෙළවර මා පිට අතුරන්න. මන්ද ඔබ, මිදීම සිදු කළ හැකි නෑයෙකි” යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා මා දියණිය. පොහොසත් හෝ දුප්පත් හෝ තරුණයින් පස්සේ නො යෑමෙන්, ඔබ දක්වා ඇත්තේ මුලින් දැක්වූවාට වඩා වැඩි පක්ෂපාතීත්වයක්. එබැවින් දැන් මා දියණියනි, භය වන්න එපා. ඔබ ඉල්ලූ සියල්ල මා ඔබට ඉටු කර දෙන්නම්. ඔබ උදාර කාන්තාවක වග මගේ සහෝදර නගර වාසී සැවොම දනිති.
රූත් 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: රූත් 3:7-11
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ