රූත් 3:13-17

රූත් 3:13-17 SCV

මේ රැය මෙහි ගත කරන්න. හෙට උදෑසන, මිදීම සිදු කළ හැකි නෑයාගේ වගකීම ඉටු කරන්නට ඔහු කැමති වුණොත් හොඳයි. ඔහු එසේ කළා වේ! එහෙත් ඔහු මිදීම සිදු කරන්නට අකමැති නම්, ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මම මිදීම ඉටු කරන්නෙමි. පහන් වන තුරු හාන්සි වී සිටින්නැ” යි කීවේ ය. එබැවින් පහන් වන තෙක් ඔහුගේ පා අද්දර වැතිර සිටි ඈ, කෙනකුට කෙනෙක් හැඳිනගත හැකි වන්නට පළමු නැගිටුණා ය. “ස්ත්‍රියක් කමතට ආ වග දැනගන්නට නො ලැබේවා” යි ඔහු පැවසී ය. ඔහු යළි කතා කරමින්, “ඔබ හැඳ සිටින සළුව ගෙනත් අල්ලන්නැ” යි කීවේ ය. ඇය එසේ ඇල්ලූ කල, ඔහු යව හය පංගුවක් මැන, එය ඇගේ කර මත තැබී ය. ඉන්පසු ඈ නගරයට ගියා ය. ඇය තම නැන්දම්මා වෙත ආ කල, “කොහොම ද, මොකද වුණේ මගේ දුවේ?” යි ඈ ඇසුවා ය. එවිට, ඒ මිනිසා ඇය උදෙසා කළ සියල්ල ගැන ඇයට පැවසූ ඈ, “ ‘ඔබේ නැන්දම්මා වෙත හිස් අතින් යන්න එපා යැ’ යි කියමින්, ඔහු මේ යව හය පංගුවක් මට දුන්නේ යැ” යි කීවා ය.

රූත් 3 කියවන්න