රූත් 2:8-9
රූත් 2:8-9 SCV
එවිට බෝවස් රූත්ට කතා කොට, “මේ අහන්න මා දියණිය, කරල් අහුලන්නට වෙනත් කුඹුරකට යන්න එපා. මෙතැන අත්හැර යන්නත් එපා. හැබැයි මගේ සේවක තරුණියන්ට ළං ව සිටින්න. මිනිසුන් ගොයම් කපන්නේ කවර ලියැද්දකදැයි හොඳින් බලාගෙන, ඔවුන් පස්සෙන් ම යන්න. ඔබට අත නො තබන ලෙස තරුණයින්ට මා අණ කළා. ඔබට පිපාස දැනුනාම, තරුණයින් පුරවා ඇති ජල බඳුන්වලින් ගෙන බොන්නැ” යි කීවේ ය.

