රූත් 2:20-23

රූත් 2:20-23 SCV

එවිට නායොමි තම ලේළිය අමතමින්, “ස්වාමින්වහන්සේ ඔහුට ආශිර්වාද කරන සේක්වා! ජීවතුන්ටත්, මළවුන්ටත් උන්වහන්සේ දක්වන ආදර කරුණාව නතර කොට නැතැ” යි කීවා ය. නායොමි යළිත්, “ඒ අපේ ළඟ නෑයෙක්. අපේ මිදීම සිදු කළ හැකි නෑයින්ගෙන් කෙනෙකි” යි කීවා ය. එවිට, මෝවබිය රූත්, “එපමණක් නො වේ; ඔහු මා අමතමින්, ‘මගේ අස්වනු සියල්ල ඔවුන් නෙළා අවසන් වන තෙක්, මගේ වැඩකරුවන් සමඟ සිටින්න’ කියා ද කීවේ යැ” යි කීවා ය. එවිට නායොමි තම ලේලී වූ රූත් අමතමින්, “ඔහුගේ සේවක තරුණියන් සමඟ යෑම, ඔබට හොඳයි මගේ දූ. වෙනත් කෙනකුගේ කුඹුරකදී ඔබට අතවර විය හැකි යැ” යි පැවසුවා ය. එබැවින් ඈ, කරල් ඇහිඳිමින් යව අස්වනු නෙළීම හා තිරිඟු අස්වනු නෙළීම අවසන් වන තෙක් ම බෝවස්ගේ සේවක තරුණියන් ළඟින් ම සිටියා ය. ඇය වාසය කළේ ඇගේ නැන්දම්මා සමඟ ය.

රූත් 2 කියවන්න

රූත් 2:20-23 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය