රූත් 1:19-21

රූත් 1:19-21 SCV

මෙසේ ඔවුන් දෙදෙනා බෙත්ලෙහෙමට පැමිණෙන තෙක් ගමන් කළහ. ඔවුන් බෙත්ලෙහෙමට ළඟා වූ කල, මුළු නගරය ම ඔවුන් නිසා ඇවිස්සුණි. “ඇත්තෙන් ම මේ නායොමි දැ?” යි කාන්තාවෝ විස්මය පළ කළහ. එවිට ඈ, “මට නායොමි කියන්න එපා; මට මාරා කියන්න; මන්ද සර්ව පරාක්‍රමයාණන් මගේ ජීවිතය දැඩි දොම්නසට පමුණුවා ඇත. මා පිටත් ව ගියේ පූර්ණ ව ය; එහෙත් ස්වාමින්වහන්සේ මා ආපසු ගෙන අවුත් ඇත්තේ හිස් ව ය. ස්වාමින්වහන්සේ මට දුක්-විපත් ගෙන දී තිබියදී, සර්ව පරාක්‍රමයාණන් මට අභාග්‍ය ගෙන දී තිබියදී, නායොමි යැයි මා අමතන්නේ කුමට දැ?” යි කීවා ය.

රූත් 1 කියවන්න