රූත් 1:14-18

රූත් 1:14-18 SCV

මෙවිට ඔවුහු යළිත් මහ හඬින් හැඬූහ. ඉන්පසු ඔර්පා සමුගනිමින්, තම නැන්දම්මා සිප ගත්තා ය. එහෙත් රූත් ඇයට ඇලුම් ව බැඳී සිටියා ය. එවිට ඈ කතා කරමින්, “බලන්න! ඔබේ නෑනා ඇගේ ජනයා හා ඇගේ දෙවිවරුන් වෙත යනවා. ඔබේ නෑනා පස්සෙන් ආපසු යන්නැ” යි කීවා ය. එහෙත් රූත් පිළිතුරු දෙමින්, “ඔබ අත්හැර යන්නටවත්, ඔබට පිටුපා යන්නටවත් මට බල කරන්න එපා. ඔබ යන තැනක, මමත් යන්නෙමි; ඔබ නවතින තැන, මමත් නවතින්නෙමි; ඔබේ ජනයා, මගේ ජනයා ද ඔබේ දෙවියන්වහන්සේ, මගේ දෙවියන්වහන්සේ ද වන්නේ ය. ඔබ මැරෙන තැන මමත් මැරෙන්නෙමි. එහිම වළලනු ලබන්නෙමි. මරණයෙන් මිස, අන් ලෙසකින් මා ඔබෙන් වෙන් වුවහොත්, ස්වාමින්වහන්සේ ඒ සා තදබල ලෙස මට කරන සේක්වා!” යි කීවා ය. තමා හා යෑමට රූත් අදිටන් කර ඇති වග වටහා ගත් නායොමි, ඇයට පෙරැත්ත කිරීම නැවතුවා ය.

රූත් 1 කියවන්න

රූත් 1:14-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය