රූත් 1:1-4

රූත් 1:1-4 SCV

විනිසුරුවන්ගේ පාලන සමයේ, දේශයේ සාගතයක් ඇති විය. යූදාහි බෙත්ලෙහෙම් පුර එක් මිනිසෙක්, තම බිරිඳ හා තම පුතුන් දෙදෙනා කැටිව, මද කලක් වෙසෙනු පිණිස, මෝවබ් රටට ගියේ ය. ඒ මිනිසාගේ නම වූයේ, එලීමෙලෙක් ය. ඔහුගේ බිරිඳගේ නම නායොමි ය. ඔහුගේ පුතුන් දෙදෙනාගේ නම් වූයේ, මාලොන් හා කිලියොන් ය. ඔවුහු යූදාහි බෙත්ලෙහෙමේ එෆ්‍රාත්වරු වූහ. මෝවබ් රටට ගිය ඔවුහු, එහි නැවතුණහ. එහෙත් නායොමිගේ සැමියා, එලීමෙලෙක් මළේ ය. ඇගේ පුතුන් දෙදෙනා සමඟ ඈ තනි වූවා ය. මොවුහු මෝවබිය කාන්තාවන් ආවාහ කර ගත්හ. එක තැනැත්තියකගේ නම ඔර්පා ය. අනෙක් තැනැත්තිය රූත් ය. ඔවුහු දස වසරක් පමණ එහි විසූ පසු

රූත් 1 කියවන්න

රූත් 1:1-4 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය