රෝම 9:6-11

රෝම 9:6-11 SCV

එහෙත් දෙවියන්වහන්සේගේ වචනය අසමත් වූවා සේ පෙනෙනවා නො වේ; මන්ද ඉශ්‍රායෙල් වෙතින් පැවත එන සියල්ලන් ඉශ්‍රායෙල් නො වේ. ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන නිසා ම ඒ සියල්ලෝ ඔහුගේ දරුවන් නො වෙති. එහෙත්, “ඔබගේ වංශය නම් කෙරෙන්නේ ඊසාක් මගිනි.” මෙහි අදහස, දෙවියන්වහන්සේගේ දරුවන් වන්නේ මාංසයේ දරුවන් නො වන බවත්, වංශය වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුවේ දරුවන් බවත් ය. මන්ද පොරොන්දුවේ කියැවෙන්නේ මෙයයි: “ලබන වසරේ මේ කාලයට මම යළි එන්නෙමි. එකල සාරා පුතකු ලබනු ඇත” කියා ය. එපමණක් නො වේ; රෙබෙකා, එක මිනිසකු මගින්, අප ආදි පිය ඊසාක් මගින් දරුවන් පිළිසිඳ ගත් කල, ඔවුන් උපදින්නටත් පෙර, ඔවුන් හොඳක් හෝ නරකක් හෝ කරන්නට පෙර, දෙවියන්වහන්සේගේ තෝරාගැන්මේ තීරණය රඳා පවත්නේ, උන්වහන්සේගේ කැඳවීම අනුව මිස, ක්‍රියා මත නො වන වග තහවුරු වන පිණිස

රෝම 9 කියවන්න

මෙයට අදාළ වීඩියෝ