රෝම 7:21-25
රෝම 7:21-25 SCV
මෙසේ, යහපත කරන්නට මට ඕනෑ කරන හැම විට, නපුර අත ළඟ ම ලැග සිටීමේ නීතියක් ක්‍රියාත්මක බැව් මට පෙනේ. මන්ද මගේ ඇතුළාන්ත මිනිසාගෙන් මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ප්‍රමෝද වන්නෙමි. එහෙත් මගේ මනසේ නීතියට එරෙහිව මගේ ඉන්ද්‍රියයන් තුළ වෙනත් නීතියක් යුද වැද, මගේ ඉන්ද්‍රියයන් තුළ වෙසෙන පාපයේ නීතියට මා වසඟ කරවනු මට පෙනේ. අහෝ මා වැනි අභාග්‍යවත් මිනිහෙක්! මරණීය වූ මේ සිරුරින් මා මුදාලන්නේ කවුරු ද? යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් දෙවියන්වහන්සේට ස්තුති වේවා! මෙසේ මම, මගේ මනසින් සේවය කරන්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ය; එහෙත් මගේ මාංසයෙන් මා සේවය කරන්නේ පාපයේ ව්‍යවස්ථාවට ය.

